යෙදුමෙන් කියවන්න

1. 2

1. 2.

1. 2.

අවිජ‍්ජාය නිවුතො ලොකො (අජිතාති භගවා) විවිච‍්ඡා පමාදා නප‍්පකාසති ජප‍්පාභිලෙපනං බ්‍රූමි දුක‍්ඛමස‍්ස මහබ‍්භයං.

(බුදුහු මෙසේ වදාළහ: අජිතය,) ලෝවැසි තෙම අවිද්‍යායෙන් නිවෘත යැ මසුරු හෙයින් ප්‍රමාද හෙයින් ප්‍රකාශ නො වෙයි, ඔහට තෘෂ්ණාව අභිලේපන යැ යි කියමි. දුක මහද්භය වෙයි.

අවිජ‍්ජාය නිවුතො ලොකොති: අවිජ‍්ජාති: දුක‍්ඛෙ අඤ‍්ඤාණං දුක‍්ඛසමුදයෙ අඤ‍්ඤාණං දුක‍්ඛනිරොධෙ අඤ‍්ඤාණං දුක‍්ඛනිරොධගාමිනියා-පටිපදාය අඤ‍්ඤාණං පුබ‍්බන‍්තෙ අඤ‍්ඤාණං අපරන‍්තෙ අඤ‍්ඤාණං පුබ‍්බන‍්තාපරන‍්තෙ අඤ‍්ඤාණං ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු අඤ‍්ඤාණං යං එවරූපං අඤ‍්ඤාණං අදස‍්සනං අනභිසමයො අනනුබොධො අසම‍්බොධො අප‍්පටිවෙධො අසඞ‍්ගාහනා අපරියොගාහනා අසමපෙක‍්ඛනා අපච‍්චවෙක‍්ඛනා අපච‍්චක‍්ඛකම‍්මං දුම‍්මෙජ‍්ඣං බාල්‍යං අසම‍්පජඤ‍්ඤං මොහො පමොහො සම‍්පමොහො අවිජ‍්ජා අවිජ‍්ජොඝො අවිජ‍්ජායොගො අවිජ‍්ජානුසයො අවිජ‍්ජාපරියුට‍්ඨානං අවිජ‍්ජාලඞ‍්ගී මොහො අකුසලමූලං, අයං වුච‍්චති අවිජ‍්ජා.

අවිජ්ජාය නිවුතො ලෝකෝ යනු “අවිජ්ජා” යනු: දුඃඛසත්‍යයෙහි නො දැනීම දුඃඛසමුදයසත්‍යයෙහි නො දැනීම දුඃඛනිරෝධසත්‍යයෙහි නො දැනීම දුඃඛනිරොධගාමීනිප්‍රතිපදාසත්‍යයෙහි නො දැනීම පූර්‍වාන්තයෙහි නො දැනීම අපරාන්තයෙහි නො දැනීම පූර්වාන්තා- පරාන්තයෙහි නො දැනීම ඉදංප්‍රත්‍යයභාව සඞ්ඛ්‍යාත ප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයන්හි නො දැනීම යැ. මෙ බඳු යම් නො දැන්මෙක් නො දැක්මෙක් අනවබෝධයෙක් අනනුබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවෙධයෙක් (රූපාදිය අනිත්‍යාදි සාමාන්‍යයෙන්) සඞ්ග්‍රහ නො කිරීමෙක් (අනිත්‍යාදීන්) නො බැසැගැන්මෙක් සම වැ නො බැලීමෙක් ප්‍රත්‍යවෙක්ෂා නො කිරීමෙක් ප්‍රත්‍යක්ෂ නො කිරීමෙක් දුර්මේධ්‍යයෙක් බාල බවෙක් සම්‍යක් ඥාන රහිත බවෙක් මුළායෙක් බලවත් මුළායෙක් හාත්පසින් මුළායෙක් අවිද්‍යායෙක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් (සිත මැඩලන) අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යී කියනු ලැබේ.

ලොකොති: නිරයලොකො තිරච‍්ඡානලොකො පෙත‍්තිවිසයලොකො මනුස‍්සලොකො දෙවලොකො ඛන්‍ධලොකො ධාතුලොකො ආයතනලොකො, අයං ලොකො පරොලොකො බ්‍රහ‍්මලොකො දෙවලොකො, අයං වුච‍්චති ‘ලොකො’. අයං ලොකො ඉමාය අවිජ‍්ජාය ආවුතො නිවුතො ඔවුතො පිහිතො පටිච‍්ඡන‍්නො පටිකුජ‍්ජිතො’ති ‘අවිජ‍්ජාය නිවුතො ලොකො’. අජිතාති: භගවා තං බ්‍රාහ‍්මණං නාමෙන ආලපති.

ලෝකෝ යනු: නිරයලෝක යැ තිර්‍ය්‍යක්ලෝක යැ ප්‍රේතවිෂය ලෝක යැ මනුෂ්‍යලෝක යැ දිව්‍යලෝක යැ ස්කන්ධලෝක යැ ධාතුලෝක යැ ආයතනලෝක යැ මෙලෝ යැ පරලෝ යැ බඹලෝ යැ දෙව්ලෝ යැ යි මේ ‘ලෝක’ යි කියනු ලැබේ. මේ ලෝකය මේ අවිද්‍යායෙන් ඇවුරුණේ වැසුණේ යටින් වැසුණේ උඩින් වැසුණේ පිළිසන් වූයේ යටිහුරු කරන ලද්දේ නුයි “අවිජ්ජාය නිවුතො ලෝකෝ” යනු වේ. අජිත යනු බුදුහු ඒ බමුණු නමින් අමතති.

භගවාති: ගාරවාධිවචනං, අපිච භග‍්ගරාගොති භගවා, භග‍්ගදොසොති භගවා, භග‍්ගමොහොති භගවා, භග‍්ගමානොති භගවා, භග‍්ගදිට‍්ඨීති භගවා, භග‍්ගකණ‍්ඨකොති භගවා, භග‍්ගකිලෙසොති භගවා, භජි විභජි පවිභජි ධම‍්මරතනන‍්ති භගවා, භවානං අන‍්තකරොති භගවා, භාවිතකායො භාවිතසීලො භාවිතචිත‍්තො භාවිතපඤ‍්ඤොති භගවා. භජී වා භගවා අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි අප‍්පසද‍්දානි අප‍්පනිග‍්ඝොසානි විජනවාතානි මනුස‍්සරාහසෙය්‍යාකානි පටිසල‍්ලානසාරුප‍්පානීති භගවා, භාගී වා භගවා චීවර-පිණ‍්ඩපාත-සෙනාසන-ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානන‍්ති භගවා, භාගී වා භගවා අත්‍ථරසස‍්ස ධම‍්මරසස‍්ස විමුත‍්තිරසස‍්ස අධිසීලස‍්ස අධිචිත‍්තස‍්ස අධිපඤ‍්ඤායාති භගවා,

භගවා යනු: ගෞරව නමෙකි, තව ද බිඳහළ රාග ඇත් නුයි භගවත් යැ නැසූ ද්වේෂ ඇත්නුයි- නැසූ මෝහ ඇත් නුයි- නැසූ මාන ඇත් නුයි-නැසූ දෘෂ්ටි ඇත්නුයි- නැසූ කෙලෙස්කටු ඇත්නුයි- නැසූ කෙලෙස් ඇත්නුයි- දහම්රුවන් භාග- විභාග- ප්‍රතිවිභාග කෙළේ නුයි භගවත් යැ, භවයන් කෙළවර කෙළේ නුයි- භාවිතකාය- භාවිත ශීල-භාවිතචිත්ත- භාවිත ප්‍රඥා ඇත් නුයි භගවත් යැ නොහොත් බුදුහු අල්ප ශබ්ද වූ අල්පනිර්ඝෝෂ වූ ජනවාත රහිත වූ මනුෂ්‍යයන්ගේ රහස්‍යයට නිසි වූ විවේකයට යෝග්‍ය වූ වන සෙනසුන් වෙනෙහි දුර සෙනසුන් වන කෙළවර සෙනසුන් භජනය කළාහු නුයි භගවත් යැ, බුදුහු චීවර පිණ්ඩපාත සේනාසන-ගිලානප්පච්චය භේසජ්ජ පරික්ඛාරය නට හිමි වූවාහු නුයි භගවත් යැ,බුදුහු අර්ථරසයට ධර්‍මරසයට විමුක්ති රසයට අධිශීලයට අධිචිත්තයට අධිප්‍රඥාවට හිමි වූවාහු නුයි භගවත් යැ,

භාගී වා භගවා චතුන‍්නං ඣානානං චතුන‍්නං අප‍්පමඤ‍්ඤානං චතුන‍්නං ආරුප‍්පසමාපත‍්තීනන‍්ති භගවා භාගී, වා භගවා අට‍්ඨන‍්නං විමොක‍්ඛානං අට‍්ඨන‍්නං අභිභායතනානං නවන‍්නං අනුපුබ‍්බසමාපත‍්තීනන‍්ති භගවා, භාගී වා භගවා දසන‍්නං සඤ‍්ඤාභාවනානං දසන‍්නං කසිණසමාපත‍්තීනං ආනාපානසතිසමාධිස‍්ස අසුභසමාපත‍්තියාති භගවා, භාගී වා භගවා චතුන‍්නං සතිපට‍්ඨානානං චතුන‍්නං සම‍්මප‍්පධානානං චතුන‍්නං ඉද‍්ධිපාදානං පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං පඤ‍්චන‍්නං බලානං සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්සාති භගවා, භාගී වා භගවා දසන‍්නං තථාගතබලානං චතුන‍්නං වෙසාරජ‍්ජානං චතුන‍්නං පටිසම‍්භිදානං ඡන‍්නං අභිඤ‍්ඤානං ඡන‍්නං බුද‍්ධධම‍්මානන‍්ති භගවා, භගවාති නෙතං නාමං මාතරා කතං න පිතරා කතං න භාතරා කතං න භගිනියා කතං න මිත‍්තාමච‍්චෙහි කතං න ඤාතිසාලොහිතෙහි කතං න සමණබ්‍රාහ‍්මණෙහි කතං න දෙවතාහි කතං විමොක‍්ඛන‍්තිකමෙතං බුද‍්ධානං භගවන‍්තානං බොධියා මූලෙ සහ සබ‍්බඤ‍්ඤුතඤාණස‍්ස පටිලාභා සච‍්ඡිකාපඤ‍්ඤත‍්ති යදිදං භගවාති.

බුදුහු සතර ධ්‍යානයන්ට සතර අප්‍රාමාණ්‍යයන්ට සතර අරූපසමාපත්තීන්ට හිමි වූවාහු නුයි හෝ භගවත් යැ, බුදුහු අෂ්ටවිමොක්ෂයන්ට අෂ්ට අභිභායතනයන්ට නව අනුපූර්‍වවිහාරසමාපත්තීන්ට හිමි වූවාහු නුයි- බුදුහු දශ සංඥාභාවනාවන්ට දසකසිණසමාපත්තීන්ට ආනාපානසති සමාධියට අසුභ සමාපත්තියට හිමි වූවාහු නුයි- බුදුහු සතර සතිපටිඨානයන්ට සතරසම්‍යක්ප්‍රධානයන්ට සතර සෘද්ධිපාදයන්ට පඤ්චෙන්ද්‍රීයයන්ට පඤ්චබලයන්ට සප්තබොධ්‍යඞ්ගයන්ට ආර්‍ය අෂ්ටාඞ්ගිකමාර්ගයට හිමි වූවාහු නුයි- බුදුහු දශ තථාගත බලයන්ට චතුර්වෛශාරද්‍යයන්ට සතර ප්‍රතිසංවිද් ධර්‍මයන්ට ෂඩ්භිඥාවන්ට ෂඩ්බුද්ධධර්මයන්ට හිමි වූවාහු නුයි හෝ ‘භගවත්’ නමි. තෙල ‘භගවත්’ යන නාමය මෑණියන් විසින් නොකරන ලද, පියාණන් විසින්- බෑයකු විසින්- බූනක විසින්-සගයහළුවන් විසින්- නෑ සහලේ නෑයන් විසින්- මහණබමුණන් විසින්- දේවතාවන් විසින් නො කරන ලද, මේ ‘භගවත්’යන තෙල නාමය භාග්‍යවත් බුදුවරයන්ට අර්‍හන්මාර්‍ගයාගේ අන්තයෙහි බෝමුල දී සර්වඥතා ඥානයා ගේ ප්‍රතිලාභය සමග රහත්ඵලය ප්‍රක්‍යක්ෂ කිරීමෙන් හෝ සර්‍වධර්‍මයන් ප්‍රත්‍යක්ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියකි.

විවිච‍්ඡා පමාදා නප‍්පකාසතීති: විවිච‍්ඡා වුච‍්චති පඤ‍්ච මච‍්ඡරියානි ආවාසමච‍්ඡරියං කුලමච‍්ඡරියං ලාභමච‍්ඡරියං වණ‍්ණමච‍්ඡරියං ධම‍්මමච‍්ඡරියං යං එවරූපං මච‍්ඡෙරං මච‍්ඡරායනා මච‍්ඡරායිතත‍්තං වෙවිච‍්ඡං කදරියං කටුකඤ‍්චුකතා අග‍්ගහිතත‍්තං චිත‍්තස‍්ස ඉදං වුච‍්චති මච‍්ඡරියං. අපි ච ඛන්‍ධමච‍්ඡරියම‍්පි මච‍්ඡරියං. ධාතුමච‍්ඡරියම‍්පි මච‍්ඡරියං. ආයතනමච‍්ඡරියම‍්පි මච‍්ඡරියං. ගාහො වුච‍්චති මච‍්ඡරියං.

විවිච්ජා පමාදා නප්පකාසති යනු: පඤ්ච මාත්සර්‍ය්‍යයෝ ‘විවිච්ජා’ යි කියනු ලැබෙත්: ආවාසමාත්සර්‍ය්‍යයැ කුලමාත්සර්‍ය්‍ය යැ ලාභමාත්සර්‍ය්‍ය යැ වර්‍ණමාත්සර්‍ය්‍ය යැ ධර්‍මමාත්සර්‍ය්‍ය යැ යි. යම් මෙ බඳු මසුරු බවෙක් මසුරු අයුරෙක් මාත්සර්‍ය්‍යසමඞ්ගී බවෙක්(ස්වකීය සම්පත්)ව්‍යාප්ත කරනු කැමැති බවෙක් අනාර්‍ය්‍ය බවෙක්(තද මසුරු කමෙක්) කටුක බැවින් සිත හකුළන බවෙක් සිත් නො ගත් බවෙක් වේ ද මේ ‘මාත්සර්‍ය්‍ය’ යි කියනු ලැබේ. තව ද පඤ්චස්කන්‍ධයෙහි මසුරු බව ද ‘මච්ඡරිය’ නම, ධාතුමාත්සර්‍ය්‍ය ද ආයතනමාත්සර්‍ය්‍යය ද ‘මච්ඡරිය’නම, ග්‍රාහය මාත්සර්‍ය්‍ය යයි කියනු ලැබේ.

පමාදො වත‍්තබ‍්බො: කායදුච‍්චරිතෙ වා වචීදුච‍්චරිතෙ වා මනොදුච‍්චරිතෙ වා පඤ‍්චසු වා කාමගුණෙසු චිත‍්තස‍්ස වොස‍්සග‍්ගො වොස‍්සග‍්ගානුප‍්පදානං කුසලානං වා ධම‍්මානං භාවනාය අසක‍්කච‍්චකිරියතා අසාතච‍්චකිරියතා අනට‍්ඨිතකිරියතා ඔලීනවුත‍්තිතා නික‍්ඛිත‍්තඡන්‍දතා නික‍්ඛිත‍්තධුරතා අනාසෙවනා අභාවනා අබහුලීකම‍්මං අනධිට‍්ඨානං අනනුයොගො පමාදො, යො එවරූපො පමාදො පමජ‍්ජනා පමජ‍්ජිතත‍්තං අයං වුච‍්චති පමාදො.

ප්‍රමාදය කිය යුත්තේ යැ: කායදුශ්චරිතයෙහි හෝ වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පඤ්චකාම ගුණයෙහි හෝ චිත්තයාගේ ව්‍යවසර්‍ගය (සිත හැරපීම) ව්‍යවසර්ගානුප්‍රදානය දශකුශලධර්මයන්ගේ හෝ භාවනායෙහි නො සකස් වැ කරන බව සතතයෙන් නො කරන බව නො නිමි ක්‍රියා ඇති බව හැකුළුණු පැවැතුම් ඇති බව බහාලූ ඡන්‍ද ඇති බව බහාලූ ධූර (වීර්‍ය්‍ය) ඇති බව ආසේවන නො කිරීම භාවනා නො කිරීම පුනපුනා නො කිරීම (කුසල්දහම්හි) නො සිටීම නො යෙදීම ප්‍රමාද නම. යම් මෙ බඳු ප්‍රමාදයෙක් ප්‍රමාද අයුරෙක් ප්‍රමත්ත බවෙක් වේ ද මේ ‘පමාද’ යී කියනු ලැබේ.

විවිච‍්ඡා පමාදා නප‍්පකාසතීති: ඉමිනා ච මච‍්ඡරියෙන ඉමිනා ච පමාදෙන ලොකො නප‍්පකාසති න භාසති න තපති න විරොචති න ඤායති න පඤ‍්ඤායතීති “විවිච‍්ඡා පමාදා නප‍්පකාසති”.

විවිච්ඡා පමාදා නප්පකාසති යනු: මේ මාත්සර්‍ය්‍යයෙනුදු මේ ප්‍රමාදයෙනුදු ලෝවැසියා ප්‍රකාශ නො වෙයි ඥානප්‍රහාස නො කෙරෙයි ඥානප්‍රතාප නො කෙරෙයි නො බබළයි ප්‍රකට නො වෙයි නො පැනේ නුයි ‘විවිච්ඡා පමාදා නප්පකාසති’ යනු වේ.

ජප‍්පාභිලෙපනං බ්‍රූමීති: ජප‍්පා වුච‍්චති තණ‍්හා යො රාගො සාරාගො අනුනයො අනුරොධො නන්‍දි නන්‍දිරාගො චිත‍්තස‍්ස සාරාගො ඉච‍්ඡා මුච‍්ඡා අජ‍්ඣොසානං ගෙධො පළිගෙධො සඞ‍්ගො පඞ‍්කො එජා මායා ජනිකා සඤ‍්ජනනී සිබ‍්බනී ජාලිනී සරිතා විසත‍්තිකා සුත‍්තං විසටා ආයූහනී දුතියා පණිධි භවනෙත‍්ති වනං වනථො සන්‍ථවො සිනෙහො අපෙක‍්ඛො පටිබන්‍ධු ආසා ආසිංසනා ආසිංසිතත‍්තං රූපාසා සද‍්දාසා ගන්‍ධාසා රසාසා ඵොට‍්ඨබ‍්බාසා ලාභාසා ධනාසා පුත‍්තාසා ජීවිතාසා ජප‍්පා පජප‍්පා අභිජප‍්පා ජප‍්පනා ජප‍්පිතත‍්තං ලොලුප‍්පං ලොලුප‍්පායනා ලොලුප‍්පායි තත‍්තං පුච‍්ඡඤ‍්චිකතා සාදුකම්‍යතා අධම‍්මරාගො විසමලොභො නිකන‍්ති නිකාමනා පත්‍ථනා පිහනා සම‍්පත්‍ථනා කාමතණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හා රූපතණ‍්හා අරූපතණ‍්හා නිරොධතණ‍්හා රූපතණ‍්හා සද‍්දතණ‍්හා ගන්‍ධතණ‍්හා රසතණ‍්හා ඵොට‍්ඨබ‍්බතණ‍්හා ධම‍්මතණ‍්හා ඔඝො යොගො ගන්‍ථො උපාදානං ආවරණං නීවරණං ඡදනං බන්‍ධනං උපක‍්කිලෙසො අනුසයො පරියුට‍්ඨානං ලතා වෙවිච‍්ඡං දුක‍්ඛමූලං දුක‍්ඛනිදානං දුක‍්ඛප‍්පභවො මාරපාසො මාරබලිසං මාරාමිසං මාරවිසයො මාරනිවාසො මාරගොචරො මාරබන්‍ධනං තණ‍්හානදී තණ‍්හාජාලං තණ‍්හාගද‍්දුලා තණ‍්හාසමුද‍්දො අභිජ‍්ඣා ලොභො අකුසලමූලං අයං වුච‍්චති ජප‍්පා, ලොකස‍්ස ලෙපනං ලග‍්ගනං බන්‍ධනං උපක‍්කිලෙසො ඉමාය ජප‍්පාය ලොකො ලිත‍්තො සංලිත‍්තො උපලිත‍්තො කිලිට‍්ඨො සංකිලිට‍්ඨො මක‍්ඛිතො සංසට‍්ඨො ලග‍්ගො ලග‍්ගිතො පලිබුද‍්ධොති බ්‍රූමි ආචික‍්ඛාමි දෙසෙමි පඤ‍්ඤපෙමි පට‍්ඨපෙමි විවරාමි විභජාමි උත‍්තානීකරොමි පකාසෙමීති ‘ජප‍්පාභිලෙපනං බ්‍රූමි.’

ජප්පාභිලෙපනං බ්‍රෑමි යනු: ‘ජප්පා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක් (පුනපුනා පමුණුවන හෙයින්) අනුනයෙක් අනුරෝධයෙක් නන්‍දියෙක් නන්‍දිරාගයෙක් චිත්තයාගේ සංරාගයෙක් ඊප්සායෙක් (බොල් කෙලෙස් බැවින් මුසපත් කරන) මූර්ඡායෙක් අධ්‍යවසානයෙක් ගිජු බවෙක් හාත්පසින් ගිජු බවෙක් (අරමුණෙහි ලැගෙන) සඞ්ගයෙක් (ගැලෙන හෙයින්) පඞ්කයෙක් (ඒ ඒ භවයට ආකර්‍ෂණ කරන හෙයින්) එජාවෙක් (රවටන හෙයින් මායාවෙක්)(සසරවට උපදවන හෙයින්) ජනිකායේක් (දුක හා සංයොග කෙරෙමින් උපදවන හෙයින්) සංජනතියෙක් (හිවන බැවින්) සිබ්බනියෙක් ජාලිනියෙක් (සරිත් සදෘශ වැ ආකර්‍ෂණ කරන හෙයින්) නදියෙක් වෙසෙසින් ඇලීමෙක් (බඳනා හෙයින්) හුයෙක් (විස්තෘත වන හෙයින්) විසතායෙක් ආයූහනියෙක් (සහාය වන හෙයින්) ද්විතීයාවක් ප්‍රණිධියෙක් භවනෙත්තියෙක් වනයෙක් (බලවත් බැවින්) වනථයෙක් සන්ථායෙක් ස්නේහයෙක් අපේක්ෂායෙක් ප්‍රතිබන්ධුයෙක් ආශායෙක් ආශංසායෙක් ආශංසිත බවෙක්, රූපයෙහි ආශායෙක් ශබ්දාශායෙක් ගන්‍ධාශායෙක් රසාශායෙක් ස්පර්ශාශායෙක් ධනාශායෙක් පුත්‍රාශායෙක් ජීවිතාශායෙක් (ජල්පන කරන හෙයින්) ජල්පායෙක් ප්‍රජල්පායෙක් අභිජල්පායෙක් ජල්පනයෙක් ජල්පිත බවෙක් (පුනපුනා අරමුණෙහි අදනා බැවින්) ලෝලුප බවෙක් ලොලුපාකාරයෙක් ලෝලුපායිත බවෙක් නඟුට සලන බවෙක් මධුර අරමුණු කැමැති වන බවෙක් අධර්‍මරාගයෙක් විෂමලොභයෙක් නිකාන්තියෙක් නිකාමනයෙක් ප්‍රාර්‍ත්‍ථනායෙක් පිහායෙක් සම්ප්‍රාර්‍ත්‍ථනායෙක්, කාමතෘෂ්ණායෙක් භවතෘෂ්ණායෙක් විභවතෘෂ්ණායෙක් රූපතෘෂ්ණායෙක් අරූපතෘෂ්ණායෙක් නිරෝධ තෘෂ්ණායෙක් ශබ්දතෘෂ්ණායෙක් ගන්‍ධතෘෂ්ණායෙක් රසතෘෂ්ණායෙක් සපර්ශතෘෂ්ණායෙක් ධර්‍මතෘෂ්ණායෙක් ඕඝයෙක් යෝගයෙක් ග්‍රන්ථයෙක් උපාදානයෙක් ආවරණයෙක් නීවරණයෙක් (කුසල් දහම් වසන හෙයින්) ඡදනයෙක් බන්‍ධනයෙක් උපක්ලේශයෙක් අනුශයයෙක් (උපදනා කුශලාචාර ගන්නා) පරියුට්ඨානයෙක් (පරිවෙෂ්ටන කරන හෙයින්) ලතායෙක් විවිධ වීප්සායෙක් දුඃඛමූලයෙක් දුඃඛනිදානයෙක් දුඃඛප්‍රභවයෙක් මාරපාශයෙක් මාරබඩිශයෙක් මාරවිෂයයෙක් තෘෂ්ණා නදියෙක් තෘෂ්ණා සඞ්ඛ්‍යාත ජාලයෙක් තෘෂ්ණා සඞ්ඛ්‍යාත ගර්දුල (ශූනකබන්ධන) යෙක් තෘෂ්ණා සමූදායෙක්, අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද මේ ලෝවැසියාට ජප්පා යැ ලේපන යැ ලග්ගන යැ බන්‍ධන යැ උපක්කිලේස’ යි කියනු ලැබේ. මේ ජල්පායෙන් ලෝවැසියා ඇලුණේ වෙසෙසින් ඇලුණේ මොනොවට ඇලුණේ කිලිටි වූයේ වෙසෙසින් කිලිටි වූයේ තැවැරුණේ හැනුණේ ලැගුණේ ලග්නා ලද්දේ ඇවුණේ යි බ්‍රෑමි කියමි දෙසමි පනවමි පිහිටුවමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි නො ගැඹුරු කෙරෙමි ප්‍රකාශ කෙරෙමී ‘ජප්පාභිලෙපනං බ්‍රෑමි’ යනු වේ.

දුක‍්ඛමස‍්ස මහබ‍්භයන‍්ති: දුක‍්ඛන‍්ති ජාතිදුක‍්ඛං ජරාදුක‍්ඛං ව්‍යාධිදුක‍්ඛං මරණදුක‍්ඛං සොකපරිදෙවදුක‍්ඛං දොමනස‍්සුපායාසදුක‍්ඛං නෙරයිකං දුක‍්ඛං තිරච‍්ඡානයොනිකං දුක‍්ඛං පෙත‍්තිවිසයිකං දුක‍්ඛං මානුසකං දුක‍්ඛං ගබ‍්භොක‍්කන‍්තිමූලකං දුක‍්ඛං ගබ‍්භට‍්ඨිතිමූලකං දුක‍්ඛං ගබ‍්භවුට‍්ඨානමූලකං දුක‍්ඛං ජාතස‍්ස උපනිබන්‍ධකං දුක‍්ඛං ජාතස‍්ස පරාධෙය්‍යකං දුක‍්ඛං අත‍්තූපක‍්කමදුක‍්ඛං පරූපක‍්කමදුක‍්ඛං සඞ‍්ඛාරදුක‍්ඛං විපරිණාමදුක‍්ඛං චක‍්ඛුරොගො සොතරොගො ඝානරොගො ජිව‍්හාරොගො කායරොගො සීසරොගො කණ‍්ණරොගො මුඛරොගො දන‍්තරොගො කාසො සාසො පිනාසො ඩහො ජරො කුච‍්ඡිරොගො මුච‍්ඡා පක‍්ඛන්‍දිකා සූලා විසූචිකා කුට‍්ඨං ගණ‍්ඩො කිලාසො සොසො අපමාරො දද‍්දු කණ‍්ඩු කච‍්ඡු රඛසා විතච‍්ඡිකා ලොහිතපිත‍්තං මධුමෙහො අංසා පිළකා භගන්‍දලා පිත‍්තසමුට‍්ඨානා ආබාධා සෙම‍්හසමුට‍්ඨානා ආබාධා වාතසමුට‍්ඨානා ආබාධා සන‍්නිපාතිකා ආබාධා උතුපරිනාමජා ආබාධා විසමපරිහාරජා ආබාධා ඔපක‍්කමිකා ආබාධා කම‍්මවිපාකජා ආබාධා සීතං උණ‍්හං ජිඝච‍්ඡා පිපාසා උච‍්චාරො පස‍්සාවො ඩංස-මකස-වාතා-තප-සිරිංසප-සම‍්ඵස‍්සං දුක‍්ඛං මාතුමරණං දුක‍්ඛං පිතුමරණං දුක‍්ඛං භාතුමරණං දුක‍්ඛං භගිනීමරණං දුක‍්ඛං පුත‍්තමරණං දුක‍්ඛං ධීතුමරණං දුක‍්ඛං ඤාතිව්‍යසනං දුක‍්ඛං භොගව්‍යසනං දුක‍්ඛං සීලව්‍යසනං දුක‍්ඛං දිට‍්ඨිව්‍යසනං දුක‍්ඛං යෙසං ධම‍්මානං ආදිතො සමුදාගමනං පඤ‍්ඤායති අත්‍ථංගමතො නිරොධො පඤ‍්ඤායති කම‍්මසන‍්නිස‍්සිතො විපාකො විපාකසන‍්නිස‍්සිතං කම‍්මං නාමසන‍්නිස‍්සිතං රූපං රූපසන‍්නිස‍්සිතං නාමං ජාතියා අනුගතං ජරාය අනුසටං බ්‍යාධිනා අභිභූතං මරණෙන අබ‍්භාහතං දුක‍්ඛෙ පතිට‍්ඨිතං අතාණං අලෙණං අසරණං අසරණීභූතං, ඉදං වුච‍්චති දුක‍්ඛං. ඉදං දුක‍්ඛං ලොකස‍්ස භයං මහබ‍්භයං පීළනං ඝටනං උපද‍්දවො උපසග‍්ගොති “දුක‍්ඛමස‍්සමහබ‍්භයං”

දුක්ඛමස්ස මහබ්භයං යනු: දුක්ඛං යනු ජාති දුක යැ ජරා දුක යැ ව්‍යාධි දුක යැ මරණ දුක යැ සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස දුක යැ නිරෑහි වූ දුක යැ තිරිසන්යොන්හි වූ දුක යැ ප්‍රේතවිෂයයෙහි වූ දුක යැ මිනිසුන් පිළිබඳ දුක යැ ගර්‍භාවක්‍රාන්තිය මුල් කොට ඇති දුක යැ ගර්භස්ථිතිය මුල් කොට ඇති දුක යැ ගර්භව්‍යුත්ථානය මුල් කොට ඇති දුක යැ උපන්නහු පිළිදග්නා දුක යැ උපන්නහු පරා අයත් බැව්හි දුක යැ ආත්මොප ක්‍රම දුක යැ පරොපක්‍රම දුක යැ සංස්කාර දුක යැ විපරිණාම දුක යැ චක්ෂුරොග යැ ශ්‍රෝත්‍රරෝග යැ ඝ්‍රාණරොග යැ ජිහ්වාරෝග යැ කායරොග යැ ශීර්ෂරොග යැ කරණරොග යැ මුඛරොග යැ දන්තරෝග යැ කාස යැ ශ්වාස යැ පීනස යැ දාහ යැ ජ්වර යැ කුක්ෂිරොග යැ මූර්ඡා යැ ප්‍රස්කන්දිකා (රක්තාතීසාර) යැ ශුල යැ විසූවිකා යැ කුෂ්ට යැ ගණ්ඩ යැ කිලාස යැ ක්‍ෂය යැ අපස්මාර යැ දද්දු (දද) යැ කණ්ඩුති යැ කච්ඡූ යැ රඛසා (නියපහරින් වන වණ) යැ විතච්ඡිකා (හොරි) යැ රක්තපිත්ත යැ මධුමේහ යැ අර්ශස් යැ පිඞ්කා (පොළ) යැ භගන්දර යැ පිතින් උපදන් ආබාධ යැ සෙමින් උපදනා ආබාධ යැ වයින් උපදනා ආබාධ යැ සාන්නිපාතික ආබාධ යැ සෘතුපරිණාමයෙන් උපදනා අබාධ යැ විෂමපරිහාරයෙන් උපදනා ආබාධ යැ ඖපක්‍රමික ආබාධ යැ කර්‍මවිපාකයෙන් උපදනා ආබාධ යැ ශීත-උෂ්ණ සා-පවස් යැ මල-මූ පහ කිරීම යැ මැසි මදුරු-වා-අව්-දිග්දෑ පහසින් වූ දුක යැ මාතෘමරණයෙන් වූ දුක යැ පිතෘමරණයෙන් වූ දුක යැ භ්‍රාතෘමරණයෙන් වූ දුක යැ භගිනී මරණයෙන් වූ දුක යැ පුත්‍රමරණයෙන් වූ දුක යැ දුහිතෘමරණයෙන් වූ දුක යැ ඥාතිව්‍යසනයෙන් වූ දුක යැ භොගව්‍යසන දුක යැ ශීලව්‍යසන දුක යැ දෘෂ්ටිව්‍යසන දුක යි.(රූපාදි) යම් ධර්‍ම කෙනෙකුන් ගේ ආදියෙහි (පළමු) ඉපදීම පැනේ ද අස්තඞ්ගම (භවඞ්ග) යෙන් නිරුද්ධ වීම පැනේ ද, (කුශලාකුශල) විපාකය තෙමේ කර්‍මය ඇසුරු කෙළේ ද (කුශලාකුශල) කර්‍මය තෙමේ විපාකය ඇසුරු කෙළේ ද, (පඤ්චවෝකාරයෙහි) රූපය නාමය ඇසුරු කෙළේ ද නාමය රූපය ඇසුරු කෙළේ ද, (යම් දහමක්) ජාතිය විසින් ලුහු බඳනා ලද ජරාව විසින් අනුව හැසිරෙන ලද ව්‍යාධි විසින් මඩනා ලද මරණය විසින් නස්නා ලද වේ ද, දුකෙහි පිහිටියේ ද, ත්‍රාණ-ලෙන-සරණ රහිත ද අසරණ වූයේ ද මේ ‘දුක්’ යයි කියනු ලැබේ. මේ දුක ලෝ වැසියාහට භය-මහද්භය-පීඩන-ඝටන-උපද්‍රව-උපසර්‍ග වේ නුයි ‘දුක්ඛමස්ස මහබ්භයං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

අවිජ‍්ජා නිවුතො ලොකො (අජිතාති භගවා) විවිච‍්ඡා පමාදා නප‍්පකාසති ජප‍්පාභිලෙපනං බ්‍රූමි දුක‍්ඛමස‍්ස මහබ‍්භයන‍්ති.

“අවිජ්ජා නිවුතො ලෝකෝ -පෙ- දුක්ඛමස්ස මහබ්භයං” යී.