යෙදුමෙන් කියවන්න

1. 1

1. 1.

1. 1.

කෙනස‍්සු නිවුතො ලොකො (ඉච‍්චායස‍්මා අජිතො) කෙනස‍්සු නප‍්පකාසති කිස‍්සාභිලෙපනං බ්‍රූසි කිං සු තස‍්ස මහබ‍්භයං.

(ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්) ලෝවැසි තෙම කිමෙකින් නිවෘත (වැසුණේ)ද? කවර හෙයින් නො පැනේ ද? කිමෙක් ඹහට අභිලේපන යැ යි වදාරන සේක් ද?කිමෙක් ඔහට මහද්භය වේ ද?

කෙනස‍්සු නිවුතො ලොකොති: නිරයලොකො තිරච‍්ඡාන ලොකො පෙත‍්තිවිසයලොකො මනුස‍්සලොකො දෙවලොකො ඛන්‍ධලොකො ධාතුලොකො ආයතනලොකො අයං ලොකො පරො ලොකො බ්‍රහ‍්මලොකො දෙවලොකො අයං වුච‍්චති ලොකො, අයං ලොකො කෙන ආවුතො නිවුතො ඔවුතො පිහිතො පටිච‍්ඡන‍්නො පටිකුජ‍්ජිතොති ‘කෙනස‍්සු නිවුතො ලොකො’.

කෙනස්සු නිවුතො ලෝකෝ යනු: නිරයලොක යැ තිර්‍ය්‍යක්ලොක යැ ප්‍රෙතලොක යැ මනුෂ්‍යලොක යැ දිව්‍යලොක යැ සකන්ධලෝක යැ ධාතුලොක යැ ආයතනලෝක යැ මෙලෝ යැ පරලෝ යැ බඹලෝ යැ දෙව්ලෝ යැ යන මේ ‘ලෝක’ යි කියනු ලැබේ. මෙලොව කිමෙකින් අවුරන ලද්දේ වසන ලද්දේ යටින් වසන ලද්දේ උඩින් වසන ලද්දේ පිළිසන් වූයේ යටිහුරු කරන ලද්දේ දැ? යි ‘කෙනස්සු නිවුතො ලෝකෝ’ යනු වේ.

ඉච‍්චායස‍්මා අජිතොති: ඉච‍්චාති: පදසන්‍ධි පදසංසග‍්ගො පදපාරිපූරි අක‍්ඛරසමවායො බ්‍යඤ‍්ජනසිලිට‍්ඨතා පදානුපුබ‍්බතාපෙතං ‘ඉච‍්චාති’. ආයස‍්මා’ති: පියවචනං ගරුවචනං සගාරවසප‍්පතිස‍්සාධිවචනමෙතං ‘ආයස‍්මා’ති. අජිතොති: තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස නාමං සඞ‍්ඛා සමඤ‍්ඤා පඤ‍්ඤත‍්ති වොහාරො නාමං නාමකම‍්මං නාමධෙය්‍යං නිරුත‍්තිබ්‍යඤ‍්ජනං අභිලාපොති ‘ඉච‍්චායස‍්මා අජිතො’.

ඉච්චායස්මා අජිතො යනු: ‘ඉච්ච’ යනු පදසන්ධි යැ,පදසංසර්ග යැ පදපූර්ණ යැ අක්ෂරසමවාය යැ ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ තෙල ‘ඉච්ච’ යනු පදයන්ගේ අනුපූර්වතා යි. ආයස්මා යනු: තෙල ‘ආයස්මා’ යනු ප්‍රියයවචන යැ ගරු වචනයැ සගෞරවවචනය යැ සප්‍රතිශ්‍රයට නමෙකි. ‘අජිතො’ යනු: ඒ බමුණුගේ නම යැ සංඛ්‍යා යැ සංඥා යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර යැ නාම යැ, නාමකර්ම යැ නාමධෙය්‍ය යැ නිරුක්ති යැ ව්‍යඤ්ජන යැ අභිලාප යැ නු’ යි ‘ඉච්චායස්මා අජිතො’ යනු වේ.

කෙනස‍්සු නප‍්පකාසතීති: කෙන ලොකො නප‍්පකාසති න භාසති න තපති න විරොචති න ඤායති න පඤ‍්ඤායතීති ‘කෙනස‍්සුනප‍්පකාසතීති’.

කෙනස්සු නප්පකාසති යනු: කවර කරුණෙකින් ලෝකය ප්‍රකාශ නො කෙරේ ද ඥාන ප්‍රභාෂ නො කෙරේ ද ඥානප්‍රතාප නො කෙරේ ද දීප්ත නො වේ ද නො දන්නේ ද නො පැනේ දැ?යි ‘කෙනස්සු නප්පකාසති’ යනු වේ.

කිස‍්සාභිලෙපනං බ්‍රූසීති: කිං ලොකස‍්ස ලෙපනං ලග‍්ගනං බන්‍ධනං උපක‍්කිලෙසො. කෙන ලොකො ලිත‍්තො සංලිත‍්තො උපලිත‍්තො කිලිට‍්ඨො සංකිලිට‍්ඨො මක‍්ඛිතො සංසට‍්ඨො ලග‍්ගො ලග‍්ගිතො පළිබුද‍්ධො. බ්‍රූසි: ආචික‍්ඛසි දෙසෙසි පඤ‍්ඤපෙසි පට‍්ඨපෙසි විවරසි විභජසි උත‍්තානීකරොසි පකාසෙසීති ‘කිස‍්සාභිලෙපනං බ්‍රූසි’.

කිස්සාභිලොපනං බ්‍රෑසි යනු: කිමෙක් ලෝකයාගේ ඇලීම ලැගීම බැඳීම උපක්ලේශය වේ ද, කිමෙකින් ලෝකයා ඇලුණේ වෙසෙසින් ඇලුණේ මොනොවට ඇලුණේ කිලිටි වූයේ වෙසෙසින් කිලිටි වූයේ මැකුණේ හැනුණේ ලැගුණේ ලග්නා ලද්දේ ඇවුරුණේ යි. බ්‍රෑසි කියන සේක් ද දෙසන සේක් ද පනවන සේක් ද පිහිටුවන සේක් ද විවරණය කරන සේක් ද විභාග කරනසේක් ද නො ගැඹුරු කරන සේක් ද ප්‍රකාශ කරන සේක් දැ?යි ‘කිස්සාභිලෙපනං බ්‍රෑසි’ යනු වේ.

කිංසු තස‍්ස මහබ‍්භයන‍්ති: කිං ලොකස‍්ස භයං මහබ‍්භයං පීළනං ඝට‍්ටනං උපද‍්දවො උපසග‍්ගොති. ‘කිංසු තස‍්ස මහබ‍්භයං’.

කිංසු තස්ස මහබ්භයං යනු: කිමෙක් ලෝකයාට භය මහද්භය පීඩා ඝට්ටන උපද්‍රව උපසර්‍ග වේ දැ?යි ‘කිංසු තස්ස මහබ්භයං’ යනු වේ.

තෙනාහ සො බ්‍රාහ‍්මණො-

එයින් කී යැ ඒ බමුණු:

කෙනස‍්සු නිවුතො ලොකො කෙනස‍්සු නප‍්පකාසති කිස‍්සාභිලෙපනං බ්‍රූසි කිංසු තස‍්ස මහබ‍්භයන‍්ති.

“කෙනස්සු -පෙ- මහබ්භයං” යි.