16. පිඞ්ගියමාණව පුච්ඡා
16. පිඞ්ගියමාණව පුච්ඡා
16. පිඞ්ගිය මාණව පෘච්ඡා
16-1 ජිණ්ණො’හමස්මි අබලො වීතවණ්ණො (ඉච්චායස්මා පිඞ්ගියො) නෙත්තා න සුද්ධා සවණං න ඵාසු මාහං නස්සං මොමුහො අන්තරා’ව ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං ජාතිජරාය ඉධ විප්පහානං.
16-1. (ආයුෂ්මත් පිඞ්ගිය මෙසේ විචාරයි:) මම් ජීර්ණයෙමි, දුර්වලයෙමි, විවර්ණයෙමි, (මාගේ) නේත්‍රයෝ ශුද්ධ නො වෙති. ශ්‍රවණය පහසු නො වෙයි. මම් (මුඹ වහන්සේ ගේ දහම් පසක් නො කොට) අතුරෙහි මැ මුළා වූයෙම් නහමක් නැසෙම්වා, මේ පහණ සෑ වෙහෙරෙහි දී මැ ජාතිජරාව ගේ ප්රහාණය වූ යම් දහමක් මම් දැනගන්නෙම් නම් ඒ දහම වදාළ මැනැව.
16-2 දිස්වාන රූපෙසු විහඤ්ඤමානෙ (පිඞ්ගියාති භගවා) රුප්පන්ති රූපෙසු ජනා පමත්තා තස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො ජහස්සු රූපං අපුනබ්භවාය.
16-2. (බුදුහු මෙසේ වදාළහ: පිඞ්ගිය,) රූපනිමිතින් නැසෙනවුන් දැක (කුශල ධර්මයෙහි) ප්‍රමත්ත ජනයෝ රූපනිමිතින් පෙළෙති. එහෙයින් පිඞ්ගිය, තෙපි (කුශලධර්මයෙහි) අප්‍රමත්ත වැ පුනර්භවය නො වනු පිණිස රූපය දුරු කරව.
16-3 දිසා චතස්සො විදිසා චතස්සො (ඉච්චායස්මා පිඞ්ගියො) උද්ධං අධො දසදිසා ඉමායො න තුය්හං අදිට්ඨං අසුතං අමුතං අථො අවිඤ්ඤාතං කිඤ්චි නත්ථි ලොකෙ ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං ජාතිජරාය ඉධ විප්පහානං.
16-3. සතර දිග යැ සතර අනුදිග යැ උඩ යැ යට යැ යන මේ දසදික් කෙනෙක් වෙත් ද, ලොවැ මෙ හැම තන්හි මුඹවහන්සේ විසින් නො දක්නා ලද නො අසන ලද ආඝ්රාණ ස්වාදන ස්පර්ශන නො කරන ලද යළි නො දන්නා ලද කිසිවක් නැති. මේ පහණසෑවෙහෙරෙහි දී මැ ජාතිජරාවගේ ප්රහාණය වූ යම් (නිර්වාණ) දහමක් මම් දැනගන්නෙම් නම් ඒ දහම වදාළ මැනැව.
16-4 තණ්හාධිපන්නෙ මනුජෙ පෙක්ඛමානො (පිඞ්ගියාති භගවා) සන්තාපජාතෙ ජරසා පරෙතෙ තස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො ජහස්සු තණ්හං අපුනබ්භවායාති.
16-4. (බුදුහු මෙසේ වදාළහ: පිඞ්ගිය, යම් හෙයෙකින් තෙපි) තෘෂ්ණායෙහි ගැලී සිටි සත්ත්වයන් හටගත් සිත්තැවුලි ඇතියන් ජරායෙන් මඩන ලද්දවුන් වැ දක්න වු ද, එහෙයින් පිඞ්ගිය තෙපි අප්‍රමත්ත වැ පුනර්භවය නොවනු පිණිස තෘෂ්ණාව දුරු කරවයි.
පිඞ්ගියමාණව පුච්ඡා-නිට්ඨිතා
පිඞ්ගිය මාණව පෘච්ඡා නිමි.
ඉදමවොච භගවා මගධෙසු විහරන්තො පාසාණකෙ චෙතියෙ පරිචාරකසොළසානං බ්රාහ්මණානං අජ්ඣිට්ඨො පුට්ඨො පුට්ඨො පඤ්හං ව්යාකාසි, එකමෙකස්ස චෙපි පඤ්හස්ස අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං පටිපජ්ජෙය්ය ගච්ඡෙය්යෙව ජරාමරණස්ස පාරං. පාරං ගමනීයා ඉමෙ ධම්මා ති තස්මා ඉමස්ස ධම්මපරියායස්ස පාරායනංත්වෙව අධිවචනං.
භාග්‍යවතුන් වහන්සේ මගධරටැ පහණසෑ නම් වෙහෙරෙහි වැඩවසනසේක් (බාවරී තවුසන්ගේ) පරිවාරක (පිඞ්ගිය) හා සමඟ සොළොස් බමුණන් විසින් අයදනා ලදහු පුන පුනා පුළුවුස්නා ලදහු, පැන විසඳුසේක. ඉදින් යමෙක් එකෙකි පැනයෙකැ පෙළ ඇරුත් දැන පෙළදහම් දැන ධර්මානුධර්ම ප්රතිපත්තියෙහි පිළිපදනේ නම් හේ ජරාමරණයා ගේ පරතෙරට යන්නේ මැ යැ. යම් හෙයෙකින් මේ ධර්මයෝ (නිර්වාණ) පාරගමනාර්හ වෙත් ද එහෙයින් මේ ධර්මපර්ය්යාය ‘පාරායණ’යි මැ නම් වී.
1. අජිතො තිස්ස මෙත්තෙය්යො-පුණ්ණකො අථ මෙත්තගු ධොතකො උපසීවො ච-නන්දො ච අථ හෙමකො
1. අජිත යැ තිස්සමෙත්තෙය්‍ය යැ පුණ්ණක යැ යළි මෙත්තගූ ය ධෝතක යැ උපසීව යැ නන්ද යැ යළි හේමක යැ,
2. තොදෙය්යකප්පා දුභයො-ජතුකණ්ණී ච පණ්ඩිතො භද්රාවුධො උදයො ච-පොසාලො චාපි බ්රාහ්මණො මොඝරාජා ච මෙධාවී-පිඞ්ගියො ච මහාඉසී
2. තෝදෙය්‍ය-කප්ප දෙදෙනා යැ පණ්ඩිත වූ ජතුකණ්ණී යැ භද්‍රාවුධ යැ උදය යැ පෝසාල බ්‍රාහ්මණ යැ නුවණැති මෝඝරාජ යැ මහර්ෂී වූ පිඞ්ගිය යැ යන-
3. එතෙ බුද්ධං උපාගඤ්ඡුං-සම්පන්නචරණං ඉසිං පුච්ඡන්තා නිපුණෙ පඤ්හෙ-බුද්ධසෙට්ඨං උපාගමුං.
3. මොහු සමෘද්ධ වූ පසළොස් චරණධර්ම ඇති ඍෂි වූ බුදුන් කරා පැමිණියහ, සියුම් ප්රශ්නයන් පුළුවුස්නාහු බුද්ධශ්‍රේෂ්ඨයන් කරා පැමිණියාහ.
4. තෙසං බුද්ධො ව්යාකාසි-පඤ්හෙ පුට්ඨො යථාතථං පඤ්හානං වෙය්යාකරණෙන-තොසෙසි බ්රාහ්මණෙ මුනී.
4. පැන පුළුවුස්නා ලද බුදුහු ඔවුනට ඇතිසැටියෙන් ප්‍රකාශ කළහ, සර්වඥමුනීහු පැන විසඳීමෙන් බමුණන් තුටු කළහ.
5. තෙ තොසිතා චක්ඛුමතා-බුද්ධෙනාදිච්චබන්ධුනා බ්රහ්මචරියමචරිංසු-වරපඤ්ඤස්ස සන්තිකෙ.
5. ඔහු පසැස් ඇති සූර්ය්යබන්ධු වූ බුදුරජුන් විසින් තුටු කරන ලද්දාහු උත්තම ප්‍රාඥ වූ සර්වඥයන් වහන්සේ වෙත බඹසරවස් වුසූහ.
6. එකමෙකස්ස පඤ්හස්ස-යථා බුද්ධෙන දෙසිතං තථා යො පටිපජ්ජෙය්ය-ගච්ඡෙ පාරං අපාරතො
6. එකෙකි පැනයට යම්සේ බුදුරජුන් විසින් වදාළ විසැඳුම් වේ ද, යමෙක් එසේ පිළිපදනේ නම් හෙ තෙම අපාර සඞ්ඛ්‍යාත සසරින් පරතෙරට යන්නේ යැ.
7. අපාරා පාරං ගච්ඡෙය්ය-භාවෙන්තො මග්ගමුත්තමං මග්ගො සො පාරං ගමනාය-තස්මා පාරායනං ඉති.
7. උතුම් වූ ආර්ය්යමාර්ගය වඩනුයේ අපාර සඞ්ඛ්‍යාත සසරින් පර තෙරට යන්නේ යැ. පාරගමනයට හේ මාර්ග වෙයි. එහෙයින් ‘පාරායණ’ නම් වී යයි.
8. පාරායනමනුගායිස්සං (ඉච්චායස්මා පිඞ්ගියො) යථා අද්දක්ඛි තථා අක්ඛාසි විමලො භූරි මෙධසො නික්කාමො නිබ්බනො නාගො කිස්ස හෙතු මුසා භණෙ.
8. (ආයුෂ්මත් පිඞ්ගිය බාවරීහට මෙසේ පැවැසී) පාරායණය බුදුන් වදාළ සෙයින් කියනෙම්, (බුදුහු) යම්සේ (සත්‍යාභිසම්බෝධයෙන්) දුටු සේක් නම් එසේ වදාළහ, නිර්මල වූ විපුලප්‍රඥා ඇති ප්‍රහීණ වූ කාම ඇති කෙලෙස් වල් හෝ තෘෂ්ණා විරහිත බුද්ධනාග තෙමේ කුමක් හෙයින් මුසවා කියන්නේ ද?
9. පහීනමලමොහස්ස මානමක්ඛප්පහායිනො හන්දාහං කිත්තයිස්සාමි ගිරං වණ්ණූපසංහිතං.
9. ප්‍රහීණ වූ මල හා මෝහය හා ඇති මානය හා මකුබව හා දුරැලූ උන් වහන්සේ ගේ ගුණෝපසංහිත වූ වචනය මම එකත්නෙන් කීර්තනය කරනෙම්.
10. තමොනුදො බුද්ධො සමන්තචක්ඛු ලොකන්තගූ සබ්බභවාතිවත්තො අනාසවො සබ්බදුක්ඛප්පහීනො සච්චව්හයො බ්රහ්මෙ උපාසිතො මෙ.
10. බමුණාණෙනි, අවිදු අඳුර දුරැලූ සමතැස් ඇති ලෝකාන්තයට ගිය හැම භවයන් ඉක්ම වූ ආස්‍රව රහිත වූ සියලු දුක් දුරැලූ සත්‍යනාම ඇති බුදුහු මා විසින් උපාශ්‍රිතයහ.
11. ද්විජො යථා කුබ්බනකං පහාය බහුප්ඵලං කානනමාවසෙය්ය එවං පහං අප්පදස්සෙ පහාය මහොදධිං හංසරිවජ්ඣපත්තො.
11. යම්සේ පක්ෂි තෙම කුඩා වනය හැරපියා බොහෝ පලවැළ ඇති වනයකට පැමිණ වසන්නේ ද, එසෙයින් මම් ද (බාවරී ආදි) මඳ නුවණැතියන් හැරපියා (අනවතප්තාදි) මහවිලකට හංසයකු සෙයින් පැමිණියෙමි.
12. යෙ මෙ පුබ්බෙ වියාකංසු හුරං ගොතම සාසනා ඉච්චාසීති භවිස්සති සබ්බං තං ඉතිහීතිහං සබ්බං තං තක්කවඩ්ඪනං.
12. පෙර (බාවරී ආදි) යම් කෙනෙක් ගෞතම ශාසනයෙන් පළමු ‘මෙසේ වී ල’ ‘මෙසේ වන්නේ ල’යි (යම් දහමක්) මට ප්‍රකාශ කළාහු ද එ හැම ‘මෙසේ මෙසේ යැ’යි උපන් කථායෙක, එ හැම (කාමවිතර්කාදි) තර්ක වඩනාසුලු යැ.
13. එකො තමනුදාසීනො ජුතිමා සො පභඞ්කරො ගොතමො භූරිපඤ්ඤාණො ගොතමො භූරිමෙධසො.
13-14. යම් කෙනෙක් මට තමා විසින් දැක්ක යුතු ඵල ඇති නො ද කාලාන්තරයෙහි ලැබිය යුතු ඵල ඇති තෘෂ්ණාක්ෂය වූ කෙලෙස් උවදුරු නැති දහම් දෙසූ සේක්ද, යම් කෙනකුන්හට කිසි තැනෙක්හි උපමා නැත්ද ඒ ගෞතමයන් වහන්සේ අසහාය වැ අවිදු අඳුර දුරැලා වැඩ හුන්සේක, ද්‍යුතිමත්හ, ප්‍රභාකරයහ, ඥානධ්වජ ඇති සේක, විපුල ප්‍රඥා ඇති සේකැ’යි.
14. යො මෙ ධම්මමදෙසෙසි සන්දිට්ඨිකමකාලිකං තණ්හක්ඛයමනීතිකං යස්ස නත්ථි උපමා ක්වචි.
15. කින්නු තම්හා විප්පවස්සි මුහුත්තම්පි පිඞ්ගිය ගොතමා භූරිපඤ්ඤාණා ගොතමා භූරිමෙධසා.
15-16. පිඞ්ගිය, යම් කෙනෙක් තොපට තමා විසින් දැක්කයුතු ඵල ඇති නො ද කාලාන්තරයෙහි ලැබිය යුතු ඵල ඇති තෘෂ්ණාක්ෂය වූ කෙලෙස් උවදුරු නැති දහම් දෙසූහු ද යම් කෙනකුන්හට කිසි තැනෙක්හි උපමා නැත් ද, ඒ ඥානධ්වජ ඇති ගෞතමයන් කෙරෙන් විපුල ප්‍රඥා ඇති ගෞතමයන් කෙරෙන් මොහොතකුදු කිම තෙපි වෙන් වැ වසවු දැ?යි. (බාවරී කී යැ.)
16. යො තෙ ධම්මමදෙසෙසි සන්දිට්ඨිකමකාලිකං තණ්හක්ඛයමනීතිකං යස්ස නත්ථි උපමා ක්වචි.
17. නාහං තම්හා විප්පවසාමි මුහුත්තම්පි බ්‍රාහ්මණ ගොතමා භූරිපඤ්ඤාණා ගොතමා භූරිමෙධසා.
17-18. බමුණාණෙනි, යම් කෙනෙක් මට තමා විසින් දැක්කයුතු ඵල ඇති නො ද කාලාන්තරයෙහි ලැබිය යුතු ඵල ඇති තෘෂ්ණාක්ෂය වූ කෙලෙස් උවදුරු නැති දහම් දෙසූහු ද, යම් කෙනකුන්හට කිසි තැනෙක්හි උපමා නැද්ද ඒ ඥානධ්වජ ඇති ගෞතමයන් කෙරෙන් විපුලප්‍රඥා ඇති ගෞතමයන් කෙරෙන් මොහොතකුදු මම් වෙන් වැ නො වෙසෙමි.
18. යො මෙ ධම්මමදෙසෙසි සන්දිට්ඨිකමකාලිකං තණ්හක්ඛයමනීතිකං යස්ස නත්ථි උපමා ක්වචි.
19. පස්සාමි නං මනසා චක්ඛුනා ව රත්තිං දිවං බ්‍රාහ්මණ අප්පමත්තො නමස්සමානො ‘විවසෙමි රත්තිං තෙනෙව මඤ්ඤාමි අවිප්පවාසං.
19. බ්‍රාහ්මණයෙනි, (මම්) අප්‍රමත්ත වූයෙම් දිවරැය ඇසින් මෙන් මනසින් ඒ ගෞතම බුදුන් දක්මි, නමස්කාර කෙරෙමින් මැ රැය ඉක්මවමි, එයින් මැ අවිප්‍රවාසය හඟිමි.
20. සද්ධා ච පීතී ච මනො සතී ච නාපෙන්ති මෙ ගොතමසාසනම්හා යං යං දිසං වජති භූරිපඤ්ඤො ස තෙන තෙනෙව නතො’හමස්මි.
20. මාගේ ශ්‍රද්ධාව ද ප්‍රීතිය ද මනස ද ස්මෘතිය ද ගෞතමශාසනයෙන් පහවැ නො යෙයි, විපුල ප්‍රඥා ඇති උන් වහන්සේ යම් යම් දසකට වඩනාසේක් ද, ඒ ඒ දසට මැ මම් නම්ර වූයෙම් වෙමි.
21. ජිණ්ණස්ස මෙ දුබ්බලථාමකස්ස තෙනෙව කායො න පලෙති තත්ථ සංකප්පයත්තාය වජාමි නිච්චං. මනොහි මෙ බ්‍රාහ්මණ තෙන යුත්තො.
21. ජීර්ණ වූ (එහෙයින් මැ) අල්පවීර්‍ය්‍ය ඇති මාගේ කය එකරුණින් මැ එහි නො යෙයි, සංකල්ප ගමනින් එක්වන් යෙමි. එහෙයින් බ්‍රාහ්මණයෙනි, මාගේ සිත ඒ බුදුන් ඇති තැන්හි යෙදුණේ වෙයි.
22. පඞ්කෙ සයානො පරිඵන්දමානො දීපා දීපං උප්පලවිං අථද්දසාසිං සම්බුද්ධං ඔඝතිණ්ණමනාසවං.
22. කාමපඞ්කයෙහි (මඩෙහි) හෝනෙම් හාත්පසින් සැලෙනුයෙම් ශාස්තෘ සඞ්ඛ්‍යාත ද්වීපයෙන් ද්වීපයට පා වැ ගියෙමි. ඉක්බිති (පහණ සෑ වෙහෙරෙහි දී) චතුරෝඝය තරණය කළ ආස්‍රව රහිත වූ සම්බුදුන් දිටිමි.
23. යථා අහු වක්කලි මුත්තසද්ධො භද්රාවුධො ආළවි ගොතමො ච එවමෙව ත්වම්පි පමුඤ්චස්සු සද්ධං ගමිස්සසි ත්වං පිඞ්ගිය මච්චුධෙය්යස්ස පාරං.
23. මුක්ත ශ්‍රද්ධා ඇති වක්කලී ස්ථවිර යැ භද්‍රාවුධ යැ ආළවිගෝතම යැ යන මොහු යම් බඳු වූහු ද එසෙයින් මැ තෙපි දු ශ්‍රද්ධායෙහි අධිමුක්ත වව, පිඞ්ගිය, තෙපි මෘත්‍යුධෙය සඞ්ඛ්‍යාත සංසාරයාගේ පාරයට යව.
24. එස භීයො පසීදාමි සුත්වාන මුනිනො වචො විවත්තච්ඡද්දො සම්බුද්ධො අඛිලො පටිභානවා.
24. තෙල මම් මුනීන් වහන්සේ ගේ වචනය අසා බෙහෙවින් පහදිමි, සම්බුදුහු පෙරළු (රාගාදි) සියන් ඇතියහ, (රාගාදි) ඛිල රහිතයහ. ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන ඇතියහ.
25. අධිදෙවෙ අභිඤ්ඤාය සබ්බං වෙදි පරොවරං පඤ්හානන්තකරො සත්ථා කඞ්ඛීනං පටිජානතං.
25. අධිදේවකර ධර්මයන් ප්රත්යක්ෂයෙන් දැන හීන-ප්‍රණීත වූ (හෝ, තමාත් මෙරමාත් පිළිබඳ වූ) අධිදේවත්වකර සියලු ධර්‍මජාතය දතුවහ, ශාස්තෘහු සැක ඇති වැ මැ “නිසැකයම්හ”යි පිළින කරනුවන් ගේ ප්‍රශ්න කෙළවර කරනුවහ.
26. අසංහීරං අසංකුප්පං යස්ස නත්ථි උපමා ක්වචි අද්ධා ගමිස්සාමි න මෙත්ථ කඞ්ඛා එවං මං ධාරෙහි අධිමුත්තචිත්තන්ති.
26. යම් නිවනකට කිසි තැනෙක්හි උපමා නැද්ද, (රාගාදියෙන්) ගෙන යා නො හැකි අකෝප්‍ය වූ නිවන එකත්නෙන් අධිගම කරනෙම්, මෙහි ලා මට සැකයෙක් නැති. මෙසෙයින් පිඞ්ගිය තෙපි මා ශ්‍රද්ධායෙහි අධිමුක්තසිත් ඇතියකු කොට ධරව යි.
පිඞ්ගියසුත්තන්තං සොළසි පාරායනවග්ගො නිට්ඨිතො
පාරායණ වර්ගය නිමි.