යෙදුමෙන් කියවන්න

14. පොසාලමාණව පුච‍්ඡා

සම්පූර්ණ පරිච්ඡේදය

14. පොසාලමාණව පුච‍්ඡා

14. පෝසාල මාණව පෘච්ඡා

14-1 යො අතීතං ආදිසති (ඉච‍්චායස‍්මා පොසාලො) අනෙජො ඡින‍්නසංසයො පාරගුං සබ‍්බධම‍්මානං අත්‍ථි පඤ‍්හෙන ආගමං.

14-1. (ආයුෂ්මත් පෝසාල මෙසේ විචාරයි:) තෘෂ්ණා රහිත වූ සිඳුනාලද සැක ඇති යම් සර්‍වඥ කෙනෙක් ස්වකීය වූ ද පරකීය වූ ද අතීතය (පූර්‍වනිවාසානුස්මෘතිඥානයෙන්) ප්‍රකාශ කෙරෙත් ද, සියලු ධර්‍මයන් ගේ පරතෙරට ගිය ඒ සර්‍වඥයන් කරා ප්‍රශ්නයෙන් අර්ත්‍ථී වැ ආයෙමි.

14-2 විභූතරූපසඤ‍්ඤිස‍්ස සබ‍්බකායප‍්පහායිනො අජ‍්ඣත‍්තං ච බහිද‍්ධා ච නත්‍ථි කිඤ‍්චීති පස‍්සතො ඤාණං සක‍්කානු පුච‍්ඡාමි කථං නෙය්‍යො තථාවිධො.

14-2. ශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්ස, ඉක්මවන ලද රූපසංඥා ඇති තදඞ්ගවිෂ්කම්භණ විසින් සියලු රූපකාය ප්‍රහාණය කරන සුලු වූ අධ්‍යාත්මයෙහිද බාහ්‍යයෙහිද කිසිවක් නැතැයි දක්නහු (ආකිඤ්චඤ්ඤායතනලාභීහුගේ ඥානය) පුළුවුස්මි. එබඳු වූ පුද්ගල තෙම කිසෙයින් (මත්තෙහි ඥානයට) පැමිණවිය යුත්තේ ද?

14-3 විඤ‍්ඤාණට‍්ඨිතියො සබ‍්බා (පොසාලාති භගවා) අභිජානං තථාගතො තිට‍්ඨන‍්තමෙනං ජානාති ධිමුත‍්තං තප‍්පරායණං.

14-3. (බුදුහු මෙසේ වදාළහ: පොසාලය,) හැම විඥානස්ථිතීන් වෙසෙසින් දන්නා වූ තථාගත තෙමේ ආකිඤ්චඤ්ඤායතනයෙහි අධිමුක්ත වූ එය පරායණ කොට ඇති වැ සිටුනා මේ පුඟුලා දනී.

14-4 ආකිඤ‍්චඤ‍්ඤා සම‍්භවං ඤත්‍වා නන්‍දි සංයොජනං ඉති එවමෙතං අභිඤ‍්ඤාය තතො තත්‍ථ විපස‍්සති එතං ඤාණං තථා තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස වුසීමතො’ති.

14-4. ආකිඤ්චඤ්ඤායතනයෙහි උපදවන අරූපරාග සඞ්ඛ්‍යාත නන්‍දිය “සංයෝජනයෙකැ”යි දැන තෙල මෙසේ ම විශිෂ්ටඥානයෙන් දැන ඉක්බිති එහි (අනිත්‍යාදි විසින්) විදර්‍ශනා කෙරෙයි. වැස නිමවූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යවාස ඇති බාහිතපාපී වූ ඒ රහත්හු ගේ තෙල අර්හත්මාර්‍ගඥානය ද විපරීත වේ යයි.

පොසාලමාණව පුච‍්ඡා-නිට‍්ඨිතා.

පෝසාල මාණව පෘච්ඡා නිමි.

15. මොඝරාජමාණව පුච‍්ඡා

15. මෝඝරාජ මාණව පෘච්ඡා

15-1 ද‍්වාහං සක‍්කං අපුච‍්ඡිස‍්සං (ඉච‍්චායස‍්මා මොඝරාජා) න මෙ ව්‍යාකාසි චක‍්ඛුමා යාව තතියං ච දෙවීසි ව්‍යාකරොතීති මෙ සුතං.

15-1. (ආයුෂ්මත් මෝඝරාජ මෙසේ විචාරයි:) මම් දෙවරක් ශක්‍ය මුනිහු විචාළෙමි. චක්‍ෂුෂ්මත්හු ප්‍රකාශ නො කළහ. දෙවර්ෂීහු තුන්වනවට දක්වා විචාරනලද්දාහු ප්‍රකාශ කරන සේකැ යි මා විසින් අසනලද.

15-2 අයං ලොකො පරො ලොකො බ්‍රහ‍්මලොකො සදෙවකො දිට‍්ඨින‍්තෙ නාභිජානාති ගොතමස‍්ස යසස‍්සිනො.

15-2. මේ මිනිස්ලෝවැසි ද අන් ලෝවැසි ද දෙවියන් සහිත වූ බඹලෝවැසි ද යශස්වී වූ ගෞතමගෝත්‍ර ඇති මුඹ වහන්සේ ගේ දෘෂ්ටිය නො දනිත්.

15-3 එවං අභික‍්කන‍්තදස‍්සාවිං අත්‍ථි පඤ‍්හෙන ආගමං කථං ලොකං අවෙක‍්ඛන‍්තං මච‍්චුරාජා න පස‍්සති.

15-3. මෙසේ පරමදර්ශී වූ සර්‍වඥයන් කරා පැන පුළුවුස්නෙන් අර්ත්‍ථී වැ ආයෙමි, මෘත්‍යුරාජ ලොව කිසෙයින් බලන්නහු නො දකී ද?

15-4 සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛස‍්සු මොඝරාජ සදා සතො අත‍්තානුදිට‍්ඨිං ඌහච‍්ච එවං මච‍්චුතරො සියා එවං ලොකං අවෙක‍්ඛන‍්තං මච‍්චුරාජා න පස‍්සතීති.

15-4. මෝඝරාජය, හැම කල්හි ස්මෘතිමත් වැ සත්කායදෘෂ්ටිය දුරු කොට ලොව ශුන්‍ය තා විසින් බලව, මෙසෙයින් මෘත්‍යුහු ඉක්මවන්නෙහි, මෙසෙයින් ලොව බලන්නහු මෘත්‍යුරාජ නො දක්නේ යි.

මොඝරාජමාණව පුච‍්ඡා-නිට‍්ඨිතා

මෝඝරාජ මාණව පෘච්ඡා නිමි.