13. උදයමාණව පුච්ඡා
13. උදයමාණව පුච්ඡා
13. උදය මාණව පෘච්ඡා
13-1 ඣායිං විරජමාසීනං (ඉච්චායස්මා උදයො) කතකිච්චං අනාසවං පාරගුං සබ්බධම්මානං අත්ථි පඤ්හෙන ආගමං අඤ්ඤාවිමොක්ඛං පබ්රූහි අවිජ්ජාය පභෙදනං.
13-1. (ආයුෂ්මත් උදය මෙසේ විචාරයි:) ධ්‍යාන කරනසුලු වූ විගත රජස් ඇති වැ වැඩහුන් සිව්මඟින් කළ (සොළොස් වැදෑරුම්) කිස ඇති අනාස්‍රව වූ සියලු ධර්මයන්ගේ පරතෙර පැමිණි භාග්‍යවතුන් වහන්සේ කරා ප්‍රශ්නයෙන් අර්ත්‍ථී වැ ආයෙමි. අවිද්‍යාව බිඳුනා අඤ්ඤා විමොක්ඛ සඞ්ඛ්‍යාත නිවන වදාළ මැනැව.
13-2 පහානං කාම ච්ඡන්දානං (උදයාති භගවා) දොමනස්සාන චූභයං ථීනස්ස ච පනූදනං කුක්කුච්චානං නිවාරණං
13-2. (බුදුහු මෙසේ වදාළහ: උදය,) කාමච්ඡන්දයන් ගේ ද දෞර්මනස්යයන්ගේ ද යන දෙදෙනාගේ ප්රහාණය ද ථීනමිද්ධයා ගේ දුරැලීම ද කෞකෘත්‍යයා ගේ වැළකීම ද ඇති-
13-3 උපෙක්ඛා සති සංසුද්ධං ධම්මතක්කපුරෙජවං අඤ්ඤාවිමොක්ඛං පබ්රූමි අවිජ්ජාය පභෙදනං.
13-3. චතුර්ත්ථධ්‍යානොපෙක්‍ෂා-ස්මෘති දෙකින් සංශුද්ධිය ඇති ධර්මතර්ක සඞ්ඛ්‍යාත සම්‍යක්සංකල්පය පෙරටු කොට ඇති අර්හත්ඵල විමෝක්ෂය අවිද්‍යාව ගේ බිඳීම යැ යි ප්‍රකාශ කරමි.
13-4 කිං සු සංයොජනො ලොකො (ඉච්චායස්මා උදයො) කිං සු තස්ස විචාරණං කිස්සස්ස විප්පහානෙන නිබ්බානමිති වුච්චති.
13-4. (ආයුෂ්මත් උදය මෙසේ විචාරයි:) ලෝවැසි තෙම කුමක් සංයෝජන කොට ඇත්තේ ද? ඒ ලෝවැසියා ගේ විචාරණය (හැසිරීමට කරුණ) කිම? කිනම් දහමක්හු ගේ ප්‍රහාණයෙන් ‘නිවනැ’යි කියනු ලැබේද?
13-5 නන්දිසංයොජනො ලොකො (උදයාති භගවා) විතක්කස්ස විචාරණා තණ්හාය විප්පහානෙන නිබ්බානං ඉති වුච්චති.
13-5. ලෝවැසි තෙම තෘෂ්ණාව සංයෝජන කොට ඇත්තේ යැ, විතර්කය ඔහුට විචාරණය වෙයි. තෘෂ්ණාව ගේ ප්‍රහාණයෙන් ‘නිවනැ’යි කියනු ලැබේ.
13-6 කථං සතස්ස චරතො (ඉච්චායස්මා උදයො) විඤ්ඤාණං උපරුජ්ඣති භගවන්තං පුට්ඨුමාගම්ම තං සුණොම වචො තව.
13-6. (ආයුෂ්මත් උදය මෙසේ විචාරයි:) ස්මෘති සම්පන්න වැ වාසය කරන්නහු ගේ විඥානය කිසෙයින් නිරුද්ධ වේ ද? භාග්‍යවතුන් වහන්සේ පුළුවුස්නා සඳහා පැමිණියම්හ, මුඹ වහන්සේ ගේ ඒ වචනය අසම්හ.
13-7 අජ්ඣත්තං ච බහිද්ධා ච වෙදනං නාභිනන්දතො එවං සතස්ස චරතො විඤ්ඤාණං උපරුජ්ඣතීති.
13-7. අධ්‍යාත්මාලම්බනයෙහි ද බහිරාලම්බනයෙහි ද උපදනා වේදනාව නො පතන ස්මෘතිමත් වැ හැසිරෙනුවහු ගේ විඥානය මෙසේ නිරුද්ධ වේ යයි.
උදයමාණවපුච්ඡා-නිට්ඨිතා
උදය මාණව පෘච්ඡා නිමි.