යෙදුමෙන් කියවන්න

12. භද්‍රාවුධමාණව පුච‍්ඡා

12. භද්‍රාවුධමාණව පුච‍්ඡා

12. භද්‍රාවුධ මාණව පෘච්ඡා

12-1 ඔකං ජහං තණ‍්හච‍්ඡිදං අනෙජං (ඉච‍්චායස‍්මා භද්‍රාවුධො) නන්‍දිං ජහං ඔඝතිණ‍්ණං විමුත‍්තං කප‍්පං ජහං අභියාචෙ සුමෙධං සුත්‍වාන නාගස‍්ස අපනමිස‍්සන‍්ති ඉතො.

12-1. (ආයුෂ්මත් භද්‍රාවුධ මෙසේ විචාරයි:) ආලය සඞ්ඛ්‍යාත ඕකය දුරැලූ ෂඩ්විධ තෘෂ්ණාකාය සිඳැලූ, අටලෝදහම්හි නො සැලෙන, අනාගත ප්‍රාර්‍ත්‍ථනා සඞ්ඛ්‍යාත නන්‍දිය දුරැලූ චතුරෝඝය තරණය කළා වූ කෙලෙසුන් කෙරෙන් මිදුණු, තෘෂ්ණා-දෘෂ්ටිකල්ප දුරැලූ, ශෝභන ප්‍රඥා ඇති බුදුරදුන් වෙසෙසින් අයදිමි. නාග වූ මුඹ වහන්සේ ගේ වදන් අසා (බොහෝ ජනයෝ) මේ පහණ සෑයෙන් නික්ම යෙත්.

12-2 නානා ජනා ජනපදෙහි සඞ‍්ගතා තව වීර වාක්‍යං අභිකඞ‍්ඛමානා තෙසං තුවං සාධු වියාකරොහි තථා හි තෙ විදිතො එස ධම‍්මො.

12-2. වීරයන් වහන්ස, මුඹ වහන්සේ ගේ වදන් කැමැති වූ නානා ජනයෝ අඞ්ගාදි ජනපදයෙන් රැස් වූහු යැ. මුඹ වහන්සේ ඔවුනට දහම් දෙසුව මැනැව. යම් හෙයකින් තෙල දහම් මුඹ වහන්සේ විසින් දන්නා ලද ද එහෙයිනි.

12-3 ආදානතණ‍්හං විනයෙථ සබ‍්බං (භද්‍රාවුධාති භගවා) උද‍්ධං අධො තිරියං චාපි මජ‍්ඣෙ යං යං හි ලොකස‍්මිං උපාදියන‍්ති තෙනෙව මාරො අන්‍වෙති ජන‍්තුං.

12-3. (බුදුහු මෙසේ වදාළහ: භද්‍රාවුධය,) අතීතානාගතවර්‍තමානයෙහි වූ හැම ආදාන තෘෂ්ණාව (තෘෂ්ණොපාදානය) දුරු කරවු, යම් හෙයකින් ලොවැ (අතීතරූපාදි) යම් යම් වස්තුවක් දැඩි කොට ගනිත් ද, එහෙයින් මැ ස්කන්‍ධමාර තෙම සත්ත්‍වයා අනුවැ යෙයි.

12-4 තස‍්මා පජානං න උපාදියෙථ භික‍්ඛු සතො කිඤ‍්චනං සබ‍්බලොකෙ ආදානසත‍්තෙ ඉති පෙක‍්ඛමානො පජං ඉමං මච‍්චුධෙය්‍යෙ විසත‍්තන‍්ති.

12-4. එහෙයින් ස්මෘතිමත් වූ (සංස්කාරයන් අනිත්‍යාදි වශයෙන්) දන්නා වූ මහණ තෙම මේ ප්‍රජාව ‘මෘත්‍යුධෙයයෙහි ඇලිණැ’යි දක්මින් (රූපාදි) ආදානයෙහි ඇලුණු සියලු ලොවැ (රූපාදි) කිසිවක් නො ගන්නේ යැ යි.

භද්‍රාවුධමාණව පුච‍්ඡා-නිට‍්ඨිතා.

භද්‍රාවුධ මාණව පෘච්ඡා නිමි.