11. ජතුකණ්ණීමාණව පුච්ඡා
11. ජතුකණ්ණීමාණව පුච්ඡා
11. ජතුකණ්ණී මාණව පෘච්ඡා
11-1 සුත්වාන’හං වීරමකාමකාමිං (ඉච්චායස්මා ජතුකණ්ණී) ඔඝාතිගං පුට්ඨුමකාමමාගමං සන්තිපදං බ්රූහි සහජනෙත්ත යථාතච්ඡං භගවා බ්රූහි මෙතං,
11-1. (ආයුෂ්මත් ජතුකණ්ණීමාණවක මෙසේ විචාරයි:) වීරයන් වහන්ස, මම් මුඹ වහන්සේ (කාමයන් නො කැමැති හෙයින්) අකාමකාමී වූ ඕඝය ඉක්ම වූ කෙනෙකැ යි අසා නිෂකාම වූ භාග්‍යවතුන් පුළුවුස්නට ආයෙමි. සහජාත වූ ඥානචක්‍ෂුස ඇතියාණෙනි ශාන්තිය හා ශාන්තිපදය (නිවන) හා වදාළ මැනැව. භාග්‍යවතුන් වහන්ස, තෙල කරුණ තථ්‍ය වූ පරිදි වදාළ මැනැවි.
11-2 භගවා හි කාමෙ අභිභුය්ය ඉරීයති ආදිච්චොව පඨවිං තෙජී තෙජසා පරිත්තපඤ්ඤස්ස මෙ භූරිපඤ්ඤ ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං ජාතිජරාය ඉධ විප්පහානං.
11-2. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ තෙද ඇති හිරු තෙදින් පෘථිවිය සෙයින් කාමයන් මැඬලා වාසය කරන සේක් ද, එහෙයින් මහාප්රාඥයන් වහන්ස, මෙහි මැ ජාතිජරාවගේ ප්රහාණය වූ යම් දහමක් මම් දැනගන්නෙම් නම් ඒ දහම මඳ නුවණැති වූ මට වදාළ මැනව.
11-3 කාමෙසු විනය ගෙධං (ජතුකණ්ණීති භගවා) නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො උග්ගහිතං නිරත්ථං වා මා තෙ විජ්ජිත්ථ කිඤ්චනං.
11-3. (බුදුහු මෙසේ වදාළහ. ජතුකණ්ණී මාණවකය,) නෛෂ්ක්‍රම්‍යය ක්ෂේම වශයෙන් දැක වස්තුකාම ක්ලේශකාමයෙහි තෘෂ්ණාව දුරු කරව, තෘෂ්ණාදෘෂ්ටි විසින් ගන්නා ලද්දෙක් හෝ හළයුත්තෙක් හෝ (රාගාදි) කිඤ්චනයෙක් හෝ නහමක් තොපට වේවා.
11-4 යං පුබ්බෙ තං විසොසෙහි පච්ඡා තෙ මාහු කිඤ්චනං මජ්ඣෙ චෙ නො ගහෙස්සසි උපසන්තො චරිස්සසි.
11-4. අතීතයෙහි යම් සංස්කාරයෙක් වී නම් එය වියළව, අනාගත සංස්කාරයට තට නහමක් කිඤ්චන (පලිබොධ) වේවා, ඉදින් ප්‍රත්‍යුත්පන්න සංස්කාරයන් (තෘෂ්ණා දෘෂ්ටි විසින්) නො ගන්නෙහි නම් නිවුණෙක් වැ හැසිරෙන්නෙහි.
11-5 සබ්බසො නාම රූපස්මිං වීතගෙධස්ස බ්‍රාහ්මණ ආසවා’ස්ස න විජ්ජන්ති යෙහි මච්චුවසං වජෙති.
11-5. බමුණ, සර්වප්රකාරයෙන් නාමරූපයෙහි පහකරන ලද තෘෂ්ණා ඇති ඒ රහත්හට යම් ආස්‍රව කෙනකුන් කරණ කොට මාරයාගේ වශයට යා නම්, ඒ ආස්‍රවයෝ නැත්තාහ’යි.
ජතුකණ්ණීමාණව පුච්ඡා-නිට්ඨිතා.
ජතුකණ්ණී මාණව පෘච්ඡා නිමි.