යෙදුමෙන් කියවන්න

8. හෙමකමාණව පුච‍්ඡා

සම්පූර්ණ පරිච්ඡේදය

8. හෙමකමාණව පුච‍්ඡා

8. හේමක මාණව පෘච්ඡා

8-1 යෙ මෙ පුබ‍්බෙ ව්‍යාකංසු (ඉච‍්චායස‍්මා හෙමකො) හුරං ගොතමසාසනා ඉච‍්චාසි ඉති භවිස‍්සති සබ‍්බං තං ඉතිහීතිහං සබ‍්බං තං තක‍්කවඩ‍්ඪනං නාහං තත්‍ථ අභිරමිං.

8-1. (ආයුෂ්මත් හේමක මාණවක මෙසේ කී:) භාග්‍යවතුන් වහන්ස, පෙර (බාවරී බ්‍රාහ්මණා දි යම් කෙනෙක් ගෞතම ශාසනයෙන් පළමු ‘මෙසේ වී ල’ ‘මෙසේ වන්නේ ල’ යි (යම් දහමක් මට ප්‍රකාශ කළාහු ද එ හැම ‘මෙසේ මෙසේ යැ’යි උපන් කථායෙක. එ හැම (කාමවිතර්‍කාදි) තර්‍ක වඩනාසුලු යැ. මම් එහි නො ඇලුණෙමි.

8-2 ත්‍වං ච මෙ ධම‍්මමක‍්ඛාහි තණ‍්හා නිග‍්ඝාතනං මුනි යං විදිත්‍වා සතො චරං තරෙ ලොකෙ විසත‍්තිකං.

8-2. මුනීන්‍ද්‍රයන් වහන්ස, යම් දහමක් දැන සිහි ඇති වැ හැසිරෙනුයේ ලොවැ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කරන්නේ නම් එබඳු වූ, තෘෂ්ණාව වනසන දහමක් මුඹ වහන්සේ මට වදාළ මැනව.

8-3 ඉධ දිට‍්ඨ-සුත-මුත- විඤ‍්ඤාතෙසු පියරූපෙසු හෙමක ඡන්‍දරාගවිනොදනං නිබ‍්බානපදමච‍්චුතං.

8-3. හේමක මාණවකය, මෙලො වැ රූපායතන ශබ්දායතන ගන්‍ධ-රස-ස්ප්‍රෂ්ටව්‍යායතන ධර්‍මායතන සඞ්ඛ්‍යාත වූ ප්‍රිය ස්වභාවයන්හි ඡන්‍දරාගය දුරු කිරීම ව්‍යුති රහිත වූ නිර්‍වාණපදය වෙයි.

8-4 එතදඤ‍්ඤාය යෙ සතා දිට‍්ඨධම‍්මාභිනිබ‍්බුතා උපසන‍්තා ච තෙ සදා තිණ‍්ණා ලොකෙ විසත‍්තිකන‍්ති.

8-4. ස්මෘතිමත් වූ දක්නාලද (අනිත්‍යාදි) දහම් ඇති යම් රහත් කෙනෙක් තෙල අමාමහනිවන (මාර්‍ගඥානයෙන්) දැන (ක්ලේශ පරිනිර්‍වාණයෙන් පිරිනිවියාහු සන්හිඳුණාහු ද වෙත් නම් ඔහු හැම කල්හි ලොවැ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කළාහු වෙත්.

හෙමකමාණව පුච‍්ඡා-නිට‍්ඨිතා.

හේමක මාණව පෘච්ඡා නිමි.

9. තොදෙය්‍යමාණව පුච‍්ඡා

9. තෝදෙය්‍ය මාණව පෘච්ඡා

9-1 යස‍්මිං කාමා න වසන‍්ති (ඉච‍්චායස‍්මා තොදෙය්‍යො) තණ‍්හා යස‍්ස න විජ‍්ජති කථංකථා ච යො තිණ‍්ණො විමොක‍්ඛො තස‍්ස කීදිසො.

9-1. (ආයුෂ්මත් තෝදෙය්‍ය මාණවක මෙසේ විචාරයි:) යමක්හු කෙරෙහි කාමයෝ නො ලගිත් ද, යමක්හට තෘෂ්ණාව නැද්ද, යමෙක් විචිකිත්සාවත් තරණය කෙළේ ද, ඔහු ගේ විමෝක්‍ෂය කෙබඳු ද?

9-2 යස‍්මිං කාමා න වසන‍්ති (තොදෙය්‍යාති භගවා) තණ‍්හා යස‍්ස න විජ‍්ජති කථංකථා ච යො තිණ‍්ණො විමොක‍්ඛො තස‍්ස නාපරො.

9-2. (බුදුහු මෙසේ වදාළහ: තෝදෙය්‍ය මාණවකය,) යමක්හු කෙරෙහි කාමයෝ නො ලගිත් ද, යමක්හට තෘෂ්ණාව නැද්ද, යමෙක් විචිකිත්සාවත් තරණය කෙළේ ද, ඔහට අන්‍ය විමෝක්‍ෂයෙක් නැති.

9-3 නිරාසසො සො උද ආසසානො (ඉච‍්චායස‍්මා තොදෙය්‍යො) පඤ‍්ඤාණ වා සො උද පඤ‍්ඤකප‍්පී මුනිං අහං සක‍්ක යථා විජඤ‍්ඤං තං මෙ වියාචික‍්ඛ සමන‍්තචක‍්ඛු.

9-3. ඒ මුනි තෙම තෘෂ්ණා රහිත වූයේ ද නොහොත් තෘෂ්ණා සහිත වූයේ ද, හේ ප්‍රඥා ඇතියේ ද නොහොත් (සමාපත්ති ආදි) ඥානයෙන් තෘෂ්ණා කල්ප දෘෂ්ටිකල්ප කරනුයේ ද, ශාක්‍යයන් වහන්ස, යම්සේ මම් මුනිහු දැනගන්නෙම් නම් සමන්තචක්ෂු වූ භාග්‍යවතුන් වහන්ස, එසෙයින් එකරුණ මට ප්‍රකාශ කළ මැනැව.

9-4 නිරාසාසො සො න සො ආසසානො පඤ‍්ඤාණවා සො න ච පඤ‍්ඤකප‍්පී එවම‍්පි තොදෙය්‍ය මුනිං විජාන අකිඤ‍්චනං කාමභවෙ අසත‍්තන‍්ති.

9-4. ඒ මුනි තෙම තෘෂ්ණා රහිත වෙයි, හේ තෘෂ්ණා සහිත වූයේ නො වෙයි. හේ ප්‍රඥා ඇත්තේ යැ නො ද (සමාපත්ති ආදි) ඥානයෙන් තෘෂ්ණාකල්ප දෘෂ්ටිකල්ප කරනුයේ වෙයි. තෝදෙය්‍ය මාණවකය, මෙසේ (තෙපි) කාමයෙහි ද භවයෙහි ද නො ඇලුණු පලිබොධ නැතියහු ‘මුනි’ යැ යි දැනගනුව’ යි.

තොදෙය්‍යමාණව පුච‍්ඡා-නිට‍්ඨිතා.

තෝදෙය්‍යමාණව පෘච්ඡා නිමි.

10. කප‍්පමාණව පුච‍්ඡා

10. කප්ප මාණව පෘච්ඡා

10-1 මජ‍්ඣෙ සරස‍්මිං තිට‍්ඨතං (ඉච‍්චායස‍්මා කප‍්පො) ඔඝෙ ජාතෙ මහබ‍්භයෙ ජරාමච‍්චුපරෙතානං දීපං පබ්‍රූහි මාරිස ත්‍වං ච මෙ දීපමක‍්ඛාහි යථයිදං නාපරං සියා.

10-1. (ආයුෂ්මත් කප්පමාණවක මෙසේ විචාරයි:) නිදුකාණන් වහන්ස, (පෙර-පර කෙළවරරහිත බැවින්) මධ්‍ය වූ සංසාරයෙහි සිටුනා වූ ජරායෙන් හා මරණයෙන් හා මඬනා ලද්දවුනට (ජාත්‍යාදි) මහද්භය ඇති (කාමාදි) ඕඝය උපන් කල්හි ප්‍රතිෂ්ඨාව වදාළ මැනැව. මුඹ වහන්සේ වැළිත් යම්සේ මෙ දුක යළි නො වන්නේ නම් එසෙයින් මට ප්‍රතිෂ්ඨාව වදාළ මැනැවි.

10-2 මජ‍්ඣෙ සරස‍්මිං තිට‍්ඨිතං (කප‍්පාති භගවා) ඔඝෙ ජාතෙ මහබ‍්භයෙ ජරාමච‍්චුපරෙතානං දීපං පබ්‍රූමි කප‍්ප තෙ.

10-2. (බුදුහු මෙසේ වදාළහ: කප්පමාණවකය,) මධ්‍ය වූ සසරැ සිටුනා වූ ජරායෙන් හා මරණයෙන් හා මඩනා ලද්දවුනට (ජාත්‍යාදි) මහද්භය ඇති (කාමාදි) ඕඝය උපන් කල්හි ප්‍රතිෂ්ඨාව කප්පය තොපට කියමි.

10-3 අකිඤ‍්චනං අනාදානං එතං දීපං අනාපරං නිබ‍්බානං ඉති නං බ්‍රූමි ජරාමච‍්චුපරික‍්ඛයං.

10-3. අපර ප්‍රතිෂ්ඨා රහිත වූ තෙල ප්‍රතිෂ්ඨාව (රාගාදි) කිඤ්චන (පලිබොධ) රහිත යැ, ආදාන (තෘෂ්ණා) රහිත යැ, ජරා මරණ ව්‍යුපශමය වූ එය ‘නිවනැ’ යි කියමි.

10-4 එත දඤ‍්ඤාය යෙ සතා දිට‍්ඨධම‍්මාභිනිබ‍්බුතා න තෙ මාරවසානුගා න තෙ මාරස‍්ස පද‍්ධගූති.

10-4. ස්මෘතිමත්වූ දක්නා ලද (අනිත්‍යාදි) දහම් ඇති යම් රහත් කෙනෙක් තෙල නිවන දැන (ක්ලේශපරිනිර්‍වාණයෙන්) පිරිනිවියාහු වෙද්ද, ඔහු මාරවශයට ගියාහු නො වෙති. ඔහු මාරයාගේ මඟ යන්නාහු (පරිවාරකයෝ) නො වෙත් යයි.

කප‍්පමාණව පුච‍්ඡා-නිට‍්ඨිතා

කප්ප මාණව පෘච්ඡා නිමි.