යෙදුමෙන් කියවන්න

1. 5

1. 5.

1. 5.

පඤ‍්ඤා චෙව සතී චාපි (ඉච‍්චායස‍්මා අජිතො). නාමරූපඤ‍්ච මාරිස එතං මෙ පුට‍්ඨො පබ්‍රූහි කත්‍ථෙතං උපරුජ‍්ඣති.

(ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්.) ප්‍රඥාව ද ස්මෘතිය ද (තදවශේෂ) නාමරූපය ද යන සියල්ල කොහි නිරුද්ධ වේ ද?නිදුකාණෙනි, මා විසින් පුළුවුස්නාලද මුඹ වහන්සේ තෙල කරුණ මට වදාළ මැනැව.

පඤ‍්ඤාචෙව සතීචාපීති: පඤ‍්ඤා’ති යා පඤ‍්ඤා පජානනා විචයො පවිචයො ධම‍්මවිචයො සල‍්ලක‍්ඛණා උපලක‍්ඛණා පච‍්චුපලක‍්ඛණා පණ‍්ඩිච‍්චං කොසල‍්ලං නෙපුඤ‍්ඤං වෙභව්‍යා චින‍්තා උපරික‍්ඛා භූරී මෙධා පරිණායිකා විපස‍්සනා සම‍්පජඤ‍්ඤං පතොදො පඤ‍්ඤා පඤ‍්ඤින්‍ද්‍රියං පඤ‍්ඤාබලං පඤ‍්ඤාසත්‍ථං පඤ‍්ඤාපාසාදො පඤ‍්ඤාආලොකො පඤ‍්ඤාඔභාසො පඤ‍්ඤාපජ‍්ජොතො පඤ‍්ඤාරතනං අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි. සතීති යා සති අනුස‍්සති -පෙ- සම‍්මාසතීති “පඤ‍්ඤා චෙව සතී චාපි”. ඉච‍්චායස‍්මා අජිතො. -පෙ- අභිලාපො’ති ඉච‍්චායස‍්මා අජිතො’

පඤ්ඤා චෙව සතීචාපි යන්නෙහි ‘පඤ්ඤා’ යනු: යම් ප්‍රඥායෙක් ප්‍රජනනාකාරයෙක් විමසීමෙක් ප්‍රකර්ෂයෙන් විමසීමෙක් දහම් විමසීමෙක් සංලක්‍ෂණයෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්ෂණයෙක් පණ්ඩිත බවෙක් කෞශල්‍යයෙක් නිපුණ බවෙක් විභාවනයෙක් චින්තායෙක් (අනිත්‍යාදීන් පිරික්සන) උපපරීක්‍ෂායෙක් (පෘථිවිය වැනි හෙයින්) භූරීප්‍රඥායෙක් (කෙලෙසුන් නසන) මේධායෙක් (සම්ප්‍රයුක්තධර්මයන් මෙහෙයන) පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග් ඥානයෙක් (සිත වීථියට නඟන) පතෝද ප්‍රඥායෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලොකයෙක් ප්‍රඥාඅවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද එය යි. සති යනු: යම් ස්මෘතියෙක් අනුස්මෘතියෙක් ... සම්‍යක්ස්මෘතියෙක් වේ දැ’ යි “පඤ්ඤා චෙව සතී චාපි” යනු වේ. ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්.

නාමරූපඤ‍්ච මාරිසාති ‘නාම’න‍්ති චත‍්තාරො අරූපිනො ඛන්‍ධා. “රූපන‍්ති චත‍්තාරො ච මහාභූතා චතුන‍්නං ච මහාභූතානං උපාදායරූපං ‘මාරිසා’ති පියවචනං ගරුවචනං සගාරවසප‍්පතිස‍්සාධිවචනමෙතං ‘මාරිසාති’. “නාමරූපං ච මාරිස”.

නාමරූපඤ්ච මාරිස යන්නෙහි: “නාමං” යනු: සතර අරූප ස්කන්‍ධයෝ යැ, රූපං යනු සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද වෙති. මාරිස යනු: තෙල මාරිස යනු ප්‍රියවචන යැ ගරුවචන යැ සගෞරව වචන යැ සප්‍රතිශ්‍රයට නමෙක් නුයි “නාමරූපඤ්ච මාරිස” යනු වේ.

එතං මෙ පුට‍්ඨො පබ්‍රූහීති ‘එතං මෙ’ති යං පුච‍්ඡාමි යං යාචාමි යං අජ‍්ඣෙසාමි යං පසාදෙමි. පුට‍්ඨොති පුච‍්ඡිතො යාචිතො අජ‍්ඣෙසිතො පසාදිතො. පබ්‍රූහීති බ්‍රූහි ආචික‍්ඛාහි දෙසෙහි පඤ‍්ඤාපෙහි පට‍්ඨපෙහි විවරාහි විභජාහි උත‍්තානීකරොහි පකාසෙහීති. “එතං මෙ පුට‍්ඨො පබ්‍රූහි”.

එතං මෙ පුට්ඨො පබ්‍රෑහි යනු: “එතං මෙ” යනු යමක් පුළුවුසීම් ද යමක් අයදීම් ද යමක් අධ්‍යෙෂණ කෙරෙම් ද යම් කරුණකට පහදවම් ද (තෙල කරුණ) පුට්ඨො යනු: පුළුවුස්නා ලදහු අයදනා ලදහු අධ්‍යෙෂණ කරන ලදහු පහදවන ලදහු, (මුඹ වහන්සේ) පබ්‍රෑහි යනු: කිව මැනැව පැවැසුව මැනැව දෙසුව මැනැව පැනවුව මැනැව පිහිටුව මැනැව විවෘත කළ මැනැව විභාග කළ මැනැව නො ගැඹුරු කළ මැනැව ප්‍රකාශ කළ මැනැව යි “එතං මෙ පුට්ඨො පබ්‍රෑහි” යනු වේ.

කත්‍ථෙතං උපරුජ‍්ඣතීති කත්‍ථෙතං නිරුජ‍්ඣති වූපසම‍්මති අත්‍ථංගච‍්ඡති පටිප‍්පස‍්සම‍්භතීති “කත්‍ථෙතං උපරුජ‍්ඣති”

කත්‍ථේතං උපරුජ්ඣති යනු: තෙල නාමරූපය කොහි නිරුද්ධ වේ ද නිවේ ද අභාවයට යේ ද සන්හිඳේ දැ යි “කත්‍ථේතං උපරුජ්ඣති”යනු වේ.

තෙනාහ සො බ්‍රාහ‍්මණො:

එයින් කී යැ ඒ බමුණු:

“පඤ‍්ඤාචෙව සතී චාපි (ඉච‍්චායස‍්මා අජිතො) නාමරූපඤ‍්ච මාරිස එතං මෙ පුට‍්ඨො පබ්‍රූහි කත්‍ථෙතං උපරුජ‍්ඣතී”ති.

“පඤ්ඤා චෙව සතී චාපි -පෙ- කත්‍ථේතං උපරුජ්ඣති” යි.