1. 7
1. 7.
1. 7.
යෙ ච සඞ්ඛාතධම්මා සෙ-යෙ ච සෙඛා පුථූ ඉධ තෙසං මෙ නිපකො ඉරියං-පුට්ඨො පබ්රූහි මාරිස.
නිදුකාණෙනි,මෙ ලොවැ (අනිත්‍යාදි විසින්) විමසන ලද ධර්ම ඇති යම් (රහත්) කෙනෙකුත් වෙත් ද, බොහෝ වූ යම් ශෛක්ෂ කෙනෙකුත් වෙත් ද මා විසින් පුළුවුස්නා ලද (ශෛක්‍ෂාශෛක්‍ෂධර්‍මයෙහි) පණ්ඩිත වූ මුඹ වහන්සේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය මට වදාළ මැනැව.
යෙ ච සඞ්ඛාතධම්මා සෙ’ති: “සඞ්ඛාතධම්මා” වුච්චන්ති අරහන්තො ඛීණාසවා, කිංකාරණා සඞ්ඛාතධම්මා වුච්චන්ති අරහන්තො ඛීණාසවා. තෙ සඞ්ඛාතධම්මා ඤාතධම්මා තුලිතධම්මා තීරිතධම්මා විභූතධම්මා විභාවිතධම්මා ‘සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති සඞ්ඛාතධම්මා ඤාතධම්මා තුලිතධම්මා තීරිතධම්මා විභූතධම්මා විභාවිතධම්මා ‘සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති සඞ්ඛාතධම්මා -පෙ- ‘සබ්බෙ ධම්මා අනත්තා’ති සඞ්ඛාතධම්මා -පෙ- අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති සඞ්ඛාතධම්මා -පෙ- යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති සඞ්ඛාතධම්මා ඤාතධම්මා තුලිතධම්මා තීරිතධම්මා විභූතධම්මා විභාවිතධම්මා. අථ වා තෙසං ඛන්ධා සඞ්ඛතා ධාතුයො සඞ්ඛාතා ආයතනානි සඞ්ඛාතානි ගතියො සඞ්ඛාතා උප්පත්තියො සඞ්ඛාතා පටිසන්ධි සඞ්ඛාතා භවා සඞ්ඛාතා සංසාරා සඞ්ඛාතා වට්ටා සඞ්ඛාතා අථවා තෙ ඛන්ධපරියන්තෙ ඨිතා ධාතුපරියන්තෙ ඨිතා ආයතනපරියන්තෙ ඨිතා ගතිපරියන්තෙ ඨිතා උප්පත්තිපරියන්තෙ ඨිතා පටිසන්ධිපරියන්තෙ ඨිතා භවපරියන්තෙ ඨිතා සංසාරපරියන්තෙ ඨිතා වට්ටපරියන්තෙ ඨිතා අන්තිමෙ භවෙ ඨිතා අන්තිමෙ සමුස්සයෙ ඨිතා අන්තිමදෙහධරා අරහන්තො.
යෙ ව සඞ්ඛාතධම්මා සෙ යනු: “සඞ්ඛාතධම්මා” යි (අනිත්‍යාදි විසින් විමසූ දහම් ඇති) අර්හත් ක්ෂීණාස්රවයෝ කියනු ලැබෙති. කවර කරුණින් අර්හත් ක්ෂීණාස්රවයෝ “සඞ්ඛ්යාතධර්ම” යි කියනු ලැබෙත් ද යත්: ඔහු විමසූ දහම් ඇතියහ, දන්නා ලද දහම් ඇතියහ, තුලනය කරන ලද දහම් ඇතියහ, තීරණය කරන ලද දහම් ඇතියහ, ප්‍රකට කළ දහම් ඇතියහ, විභාවනය කරන ලද දහම් ඇතියහ, “හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි විමසූ දහම් ඇතියහ, දන්නා ලද දහම් ඇතියහ, තුලනය කරන ලද දහම් ඇතියහ, තීරණය කරන ලද දහම් ඇතියහ, ප්‍රකට කළ දහම් ඇතියහ, විභාවන කරන ලද දහම් ඇතියහ. ‘හැම සංස්කාරයෝ දුඃඛහ’ යි විමසූ දහම් ඇතියහ ... ‘හැම සංස්කාරයෝ අනාත්මහ’ යි විමසූ දහම් ඇතියහ ... ‘අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙත්’ යයි විමසූ දහම් ඇතියහ ... ‘සමුදය ස්වභාවය ඇති යම් කිසිවක් වේ නම් එහැම නිරෝධ ස්වභාවය ඇත්තේ යැ’ යි විමසූ දහම් දන්නා ලද දහම් තුලනය කරන ලද දහම් තීරණය කරන ලද දහම් ප්‍රකට කරන ලද දහම් විභාවනය කරනලද දහම් ඇතියහ, නොහොත් ඔවුන් විසින් ස්කන්ධයෝ ප්‍රකාශ කරන ලදහ, ධාතූහු ප්‍රකාශ කරන ලදහ, ආයතනයෝ ප්‍රකාශ කරන ලදහ, ගතීහු ප්‍රකාශ කරන ලදහ, උත්පත්තීහු ප්‍රකාශ කරන ලදහ, ප්රතිසන්ධිය ප්‍රකාශ කරන ලද යැ, භවයෝ ප්‍රකාශ කරන ලදහ, සංසාරයෝ ප්‍රකාශ කරන ලදහ, වෘත්තයෝ ප්‍රකාශ කරන ලදහ, නොහොත් ඔහු ස්කන්ධපර්ය්යන්තයෙහි සිටියහ, ධාතු පර්‍ය්‍යන්තයෙහි- ආයතන පර්‍ය්‍යන්තයෙහි- ගතිපර්‍ය්‍යන්තයෙහි- උත්පත්තිපර්‍ය්‍යන්තයෙහි- ප්රතිසන්ධි පර්‍ය්‍යන්තයෙහි- භව පර්‍ය්‍යන්තයෙහි-සංසාර පර්‍ය්‍යන්තයෙහි- වෘත්ත පර්‍ය්‍යන්තයෙහි- අන්තිමභවයෙ හි- අන්තිම ශරීරයෙහි සිටියහ, රහත් හු අන්ති ම දෙහධරයෝ යි.
1. ‘තෙසා’යං පච්ඡිමකොටි චරිමො’යං සමුස්සයො ජාතිමරණසංසාරො නත්ථි තෙසං පුනබ්භවො’ති.
1. “ඔවුන්ගේ මේ පශ්චිම කොටිය (කෙළවර) වෙයි, මේ පශ්චිම ශරීරය යි, ජාතිමරණ සංසාරය, පුනර්භවය ඔවුනට නැතැ’ යි”.
තං කාරණා සඞ්ඛාතධම්මා වුච්චන්ති අරහන්තො ඛීණාසවාති. ‘යෙ ච සඞ්ඛාතධම්මා සෙ’.
එ කරුණින් අර්හත් ක්ෂීණාස්රයෝ ‘සඞ්ඛ්යාතධර්ම’ යි කියනු ලැබෙති ‘යෙ ච සඞ්ඛාතධම්මාසෙ’ යනු වේ.
යෙ ච සෙඛා පුථු ඉධාති: සෙඛාති කිං කාරණා වුච්චන්ති සෙඛා සික්ඛන්තීති සෙඛා. කිඤ්ච සික්ඛන්ති: අධිසීලම්පි සික්ඛන්ති අධිචිත්තම්පි සික්ඛන්ති අධිපඤ්ඤම්පි සික්ඛන්ති. කතමා අධිසීලසික්ඛා: ඉධ භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, ඛුද්දකො’පි සීලක්ඛන්ධො මහන්තො’පි සීලක්ඛන්ධො සීලං පතිට්ඨා ආදි චරණං සංයමො සංවරො මුඛං පමුඛං කුසලානං ධම්මානං සමාපත්තියා. අයං අධිසීලසික්ඛා.
යෙ ච සෙඛා පුථූ ඉධ යනු: ‘සෙඛා’ යි කවර කරුණින් ‘ශෛක්ෂයෝ’ යි කියනු ලැබෙති යත්: හික්මෙත් (ශික්ෂාගනිත්) නුයි ශෛක්ෂ නම් වෙත්. කුමක් හික්මෙති යත්. අධිශීලය (අධිශීලයෙහි) ද හික්මෙති, අධිචිත්තය ද හික්මෙති, අධිප්‍රඥාව ද හික්මෙත්. අධිශීලක්ෂා කවරැ යත්: මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ප්රාතිමොක්ෂ සංවරයෙන් සමන්වාගත වූයේ ආචාර ගෝචර සම්පන්න වැ අල්පමාත්‍ර වූ අකුශල ධර්මයෙහි භය දක්නා සුලු වැ වාස කෙරෙයි, (ඒ ඒ ශික්ෂාපදය) මනාකොට ගෙන (සමාදන් වැ) ශික්ෂා කොට්ඨාසයෙහි හික්මෙයි, ක්ෂුද්‍ර වූ ශීලස්කන්ධය ද මහත් වූ ශීලස්කන්ධය ද ශීල යැ කුශල ධර්මයන්ගේ ප්‍රතිලාභයට ප්‍රතිෂ්ඨා යැ ආදි යැ පාද යැ සංයම යැ සංවර යැ මුඛ (ප්‍රධාන) යැ ප්රමුඛ යි. මේ ‘අධිශීලශික්‍ෂා’ යි.
කතමා අධිචිත්තසික්ඛා: ඉධ භික්ඛු විවිච්චෙවකාමෙහි -පෙ- පඨමං ඣානං-දුතියං ඣානං- තතියං ඣානං-චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං අධිචිත්තසික්ඛා.
අධිචිත්තශික්ෂා කවරැ යත්: මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ ... ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාස කෙරේ. මේ අධිචිත්තශික්ෂා යි.
කතමා අධිපඤ්ඤාසික්ඛා: ඉධ භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති -පෙ- අයං දුක්ඛනිරොධොති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනීපටිපදා’ති යථාභූතං පජානාති, ඉමෙ ආසවාති -පෙ- අයං ආසවසමුදයො’ති -පෙ- අයං ආසවනිරොධොති -පෙ- අයං ආසවනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති. අයං අධිපඤ්ඤාසික්ඛා.
අධිප්රඥාශික්ෂා කවරැ යත්: මෙ සස්නෙහි මහණ උදයව්‍යය ගාමිනී වූ ආර්ය (නිර්දෝෂ) වූ නිර්වේද පක්ෂයෙහි වූ මනාසේ නිවනට පමුණුවන්නා වූ නුවණින් පරිපූර්ණ වූයේ ප්‍රඥාවත් වෙයි, හෙතෙම ‘මේ දුකැ’ යි තතු සේ දැනගනියි. මේ ‘දුක්සමුදය’ යි ... මේ දුක්නිරොධ යයි ... මේ ‘දුක් නිරෝධයට පමුණුවන පිළිවෙතැ’ යි තතු සේ දැනගනී. මොහු ‘ආස්‍රවයහ’ යි ... මේ ‘ආස්‍රවසමුදය’ යි ... මේ ‘ආස්‍රවනිරොධ’ යි ... මේ ආස්‍රවනිරොධයට පමුණුවන පිළිවෙතැ’ යි තතු සේ දැනගනී. මේ අධිප්රඥාශික්ෂා යි.
ඉමා තිස්සො සික්ඛායො ආවජ්ජන්ති සික්ඛන්ති, ජානන්තා සික්ඛන්ති, පස්සන්තා සික්ඛන්ති, පච්චවෙක්ඛන්තා සික්ඛන්ති චිත්තං අධිට්ඨහන්තා සික්ඛන්ති, සද්ධාය අධිමුච්චන්තා සික්ඛන්ති, විරියං පග්ගණ්හන්තා සික්ඛන්ති, සතිං උපට්ඨපෙන්තා සික්ඛන්ති, චිත්තං සමාදහන්තා සික්ඛන්ති, පඤ්ඤාය පජානන්තා සික්ඛන්ති, අභිඤ්ඤෙය්යං අභිජානන්තා සික්ඛන්ති, පරිඤ්ඤෙය්යං පරිජානන්තා සික්ඛන්ති, පහාතබ්බං පජහන්තා සික්ඛන්ති, භාවෙතබ්බං භාවෙන්තා සික්ඛන්ති, සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තා සික්ඛන්ති, ආචරන්ති සමාචරන්ති සමාදාය වත්තන්ති. තංකාරණා වුච්චන්ති සෙඛා.
මේ තුන් ශික්ෂාවන් ආවර්ජනා කෙරෙමින් හික්මෙති, දනිමින් හික්මෙති දකිමින් හික්මෙති, ප්රත්යවේක්ෂා කෙරෙමින් හික්මෙති, සිත පිහිටුවමින් හික්මෙති, සැදැහැයෙන් ඇලෙමින් හික්මෙති, වීර්‍ය්‍යය දැඩි වැ ගනිමින් හික්මෙති, සිහි එළවමින් හික්මෙති, සිත එකඟ කෙරෙමින් හික්මෙති, ප්‍රඥායෙන් දැනගනිමින් හික්මෙති, ස්වභාව ලක්ෂණාවබෝධයෙන් දතයුත්ත ස්වභාවලක්‍ෂණාවබෝධයෙන් දනිමින් හික්මෙති, සාමාන්‍ය ලක්ෂණවබොධයෙන් දතයුත්ත සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන් දනිමින් හික්මෙති, හළයුතු සමුදය හැරපියමින් හික්මෙති, වැඩියයුතු මඟ වඩමින් හික්මෙති, පසක් කළයුතු නිවන පසක් කෙරෙමින් හික්මෙති, හැසිරෙති, මොනොවට හැසිරෙති, මොනොවට ගෙන පවතිත්. එකරුණින් ‘ශෛක්ෂහ’ යි කියනු ලැබෙත්.
පුථූ’ති: බහුකා. එතෙ සෙඛා සොතාපන්නා ච පටිපන්නා ච සකාදාගාමිනො ච පටිපන්නා ච අනාගාමිනො ච පටිපන්නා ච අරහන්තො ච පටිපන්නා ච.
පුථූ යනු: බොහෝ වූ තෙල ශෛක්ෂයෝ සෝවන්හු ද එමඟට පිළිපන්හු ද සෙදගැමිහු ද එමඟට පිළිපන්හු ද අනගැමිහු ද එමඟට පිළිපන්හු ද රහත්මඟට පැමිණියාහු ද එමඟට පිළිපන්හු ද,
ඉධා’ති: ඉමිස්සා දිට්ඨියා ඉමිස්සා ඛන්තියා ඉමිස්සා රුචියා ඉමස්මිං ආදායෙ ඉමස්මිං ධම්මෙ ඉමස්මිං විනයෙ ඉමස්මිං ධම්මවිනයෙ ඉමස්මිං පාවචනෙ ඉමස්මිං බ්රහ්මචරියෙ ඉමස්මිං සත්ථුසාසනෙ ඉමස්මිං අත්තභාවෙ ඉමස්මිං මනුස්සලොකෙ’ති. “යෙ ච සෙඛා පුථූ ඉධ”.
ඉධ යනු: මේ දෘෂ්ටියෙහි මේ ක්ෂාන්තියෙහි මේ රුචියෙහි මේ ග්රහණයෙහි මේ ධර්මයෙහි මේ විනයෙහි මේ ධර්මවිනයෙහි මේ ප්‍රවචනයෙහි මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි මේ ශාස්තෘශාසනයෙහි මේ අත්බව්හි මේ මිනිස්ලොවැ නුයි ‘යෙ ච සෙඛා පුථූ ඉධ’ යනු වේ.
තෙසං මෙ නිපකො ඉරියං පුට්ඨො පබ්රූහි මාරිසාති ත්වං හි නිපකො පණ්ඩිතො පඤ්ඤවා බුද්ධිමා ඤාණී විභාවී මෙධාවී. තෙසං සඞ්ඛාතධම්මානං ච සෙඛානං ච. ඉරියං’ති: චරියං වුත්තිං පවත්තිං ආචාරං ගොචරං විහාරං පටිපදං පුට්ඨො’ති: පුච්ඡිතො යාචිතො අජ්ඣෙසිතො පසාදිතො. පබ්රූහීති බ්රූහි ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානීකරොහි පකාසෙහි. මාරිසාති පියවචනං ගරුවචනං සගාරවසප්පතිස්සාධිවචනමෙතං මාරිසාති. “තෙසං මෙ නිපකො ඉරියං පුට්ඨො පබ්රූහි මාරිස”
තෙසං මේ නිපකො ඉරියං පුට්ඨො පබ්‍රෑහි මාරිස යනු: යම් හෙයකින් මුඹ වහන්සේ නිපුණ ද පණ්ඩිත ද පැනැති සේක් ද බුද්ධිමත් සේක් ද නැණැති සේක් ද ගූඪාර්ථ ප්‍රකට කොට දන්නාසේක් ද තුලිතඥාන ඇති සේක් ද (එහෙයින්) තෙසං: ඒ රහතුන්ගේ ද ශෛක්ෂයන්ගේ ද ඉරියං යනු: චර්‍ය්‍යාව වෘත්තිය පැවැත්ම ආචාරය ගෝචරය විහරණය ප්‍රතිපදාව, පුට්ඨො යනු: පුළුවුස්නා ලදහු විචාරන ලදහු අයදනා ලදහු අධ්‍යෙෂණ කරන ලදහු පහදවන ලදහු, පබ්‍රෑහි යනු කිව මැනැව පැවැසුව මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවෘත කළ මැනැව විභාග කළ මැනැව නො ගැඹුරු කළ මැනැව ප්‍රකාශ කළ මැනැව. මාරිස යනු: ප්‍රියවචන යැ ගරුවචන යැ සගෞරවවචන යැ, තෙල මාරිස යනු සප්‍රතිශ්‍රයට නමෙක් නුයි, ‘තෙසං මෙ නිපකො ඉරියං පුට්ඨො පබ්‍රෑහි මාරිස’ යනු වේ.
තෙනාහ සො බ්රාහ්මණො:
එයින් කී යැ ඒ බමුණු:
‘යෙ ච සඞ්ඛාතධම්මා සෙ-යෙ ච සෙඛා පුථූ ඉධ තෙසං මෙ නිපකො ඉරියං-පුට්ඨො පබ්රූහි මාරිසා’ති.
“යෙ ච සඞ්ඛාතධම්මා සෙ -පෙ- පුට්ඨො පබ්‍රෑහි මාරිස” යි.