1. 8
1. 8.
1. 8.
“කාමෙසු නාභිගිජ‍්ඣෙය්‍ය-මනසා නාවිලො සියා කුසලො සබ‍්බධම‍්මානං-සතො භික‍්ඛු පරිබ‍්බජෙ.”
කාමයෙහි ගිජු නො වන්නේ යැ සිතින් නො කැළඹුණෙක් වන්නේ යැ සියලු දහම්හි දක්‍ෂ වූ මහණ තෙම ස්මෘතිමත් වැ හැසිරෙන්නේ යි.
කාමෙසු නාභිගිජ‍්ඣෙය්‍යාති: ‘කාමා’ති උද‍්දානතො ද‍්වෙ කාමා: වත්‍ථුකාමා ච කිලෙස කාමා ච. කතමෙ වත්‍ථුකාමා: මනාපිකා රූපා මනාපිකා සද‍්දා මනාපිකා ගන්‍ධා මනාපිකා රසා මනාපිකා ඵොට‍්ඨබ‍්බා අත්‍ථරණා පාපුරණා දාසිදාසා අජෙළකා කුක‍්කුටසූකරා හත්‍ථිගවාස‍්සවළවා ඛෙත‍්තං වත්‍ථුං හිරඤ‍්ඤං සුවණ‍්ණං ගාමනිගමරාජධානියො රට‍්ඨං ච ජනපදො ච කොසො ච කොට‍්ඨාගාරනං ච යං කිඤ‍්චි රජනීයං වත්‍ථු, වත්‍ථුකාමා.
කාමෙසු නාභිගිජ්ඣෙය්‍ය යනු: ‘කාමා’ යි විස්තර විසින් වස්තුකාමයෝ යැ ක්ලේශකාමයෝ යැ යි කාමයෝ දෙදෙනෙක් වෙති. වස්තු කාමයෝ කවරහ යත්: මනවඩන රූපයෝ යැ මනවඩන ශබ්දයෝ යැ මන වඩන ගන්‍ධයෝ යැ මනවඩන රසයෝ යැ මනවඩන ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ අතුරුණු යැ පොරෝන යැ දැසි දස්හු යැ එළු බැටෙළු යැ හූරු කුකුළු යැ ඇත් අස් ගව වෙළඹහු යැ කෙත් යැ වතු යැ කහවණු යැ රන් යැ ගම් නියම්ගම් රජදහන්හු යැ රට යැ දනවු යැ කොෂ යැ කොටුගෙ යැ යම් කිසි ඇලුම් කටයුතු වස්තු යැ (යන) මොහු වස්තුකාමයෝ යැ.
අපි ච අතීතා කාමා අනාගතා කාමා පච‍්චුප‍්පන‍්නා කාමා අජ‍්ඣත‍්තා කාමා බහිද‍්ධා කාමා අජ‍්ඣත‍්තබහිද‍්ධා කාමා හීනා කාමා මජ‍්ඣිමා කාමා පණීතා කාමා ආපායිකා කාමා මානුසිකා කාමා දිබ‍්බා කාමා පච‍්චුපට‍්ඨිතා කාමා නිම‍්මිතා කාමා පරනිම‍්මිතා කාමා අනිම‍්මිතා කාමා පරිග‍්ගහිතා කාමා අපරිග‍්ගහිතා කාමා මමායිතා කාමා අමමායිතා කාමා සබ‍්බෙපි කාමාවචරා ධම‍්මා සබ‍්බෙපි රූපාවචරා ධම‍්මා සබ‍්බෙපි අරූපාවචරා ධම‍්මා තණ‍්හාවත්‍ථුකා තණ‍්හාරම‍්මණා කමනීයට‍්ඨෙන රජනීයට‍්ඨෙන මදනීයට‍්ඨෙන කාමා. ඉමෙ වුච‍්චන‍්ති වත්‍ථුකාමා.
තවද, අතීත කාමයෝ යැ අනාගත කාමයෝ යැ වර්තමානකාමයෝ යැ අධ්‍යාත්ම කාමයෝ යැ බාහ්‍ය කාමයෝ යැ අධ්‍යාත්මබාහ්‍ය කාමයෝ යැ හීන කාමයෝ යැ මධ්‍යම කාමයෝ යැ ප්‍රණීත කාමයෝ යැ සතර අපායෙහි වූ කාමයෝ යැ මිනිස් ලොවැ වූ කාමයෝ යැ දෙව්ලොවැ වූ කාමයෝ යැ එළඹ සිටි කාමයෝ යැ (අරමුණු මවා රමණය කරන) නිර්මිත කාමයෝ යැ පරනිර්මිත කාමයෝ යැ අනිර්මිත (පියවින් පිළියෙල වූ) කාමයෝ යැ (මේ මාගේ යැයි) පිළිගත් කාමයෝ යැ (එසෙයින්) නො පිළිගත් කාමයෝ යැ මේ මාගේ යැ යි ගත් කාමයෝ යැ (එසේ නො ගත්) අමමායිත කාමයෝ යැ සියලු මැ කාමාවචර ධර්‍මයෝ යැ සියලු මැ රූපාවචර ධර්‍මයෝ යැ සියලු මැ අරූපාවචර ධර්‍මයෝ යැ තෘෂ්ණාවට කරුණු වූ තෘෂ්ණාවට අරමුණු වූ (ධර්‍මයෝ) ප්‍රාර්‍ත්‍ථනා කළයුතු අර්‍ත්‍ථයෙන් ඇලීමට යොග්‍යාර්ත්ථ යෙන් (කුලමදාදි) මද ඉපැදවියයුතු අර්‍ත්‍ථයෙන් කාමයෝ යි, මොහු වස්තුතාමයෝ යි කියනු ලැබෙත්.
කතමෙ කිලෙසකාමා: ඡන්‍දො කාමො රාගො කාමො ඡන්‍දරාගො කාමො සඞ‍්කප‍්පො කාමො රාගො කාමො සඞ‍්කප‍්පරාගො කාමො, යො කාමෙසු කාමච‍්ඡන්‍දො කාමරාගො කාමනන්‍දි කාමතණ‍්හා කාමසිනෙහො කාමපිපාසා කාමපරිළාහො කාමගෙධො කාමමුච‍්ඡා කාමජ‍්ඣොසානං කාමොඝො කාමයොගො කාමූපාදානං කාමච‍්ඡන්‍දනීවරණං.
ක්ලේශකාමයෝ කවරහ යත්: ඡන්‍දය කාම යැ රාගය කාම යැ ඡන්‍දරාගය කාම යැ සංකල්පය කාම යැ රාගය කාම යැ සංකල්පරාගය කාම යැ පඤ්චකාමගුණයෙහි යම් කාමසඞ්ඛ්‍යාත ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණායෙක් කාමස්නේහයෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් කාමගෙධයෙක් (කාමයෙහි ගිජු බවෙක්) කාමමූර්ඡායෙක් කාමයන්හි ඇතුළු වීමෙක් කාමසඞ්ඛ්‍යාත ඕඝයෙක් කාමයෝගයෙක් කාමෝපාදානයෙක් කාමච්ඡන්‍දනීවරණයෙක් වේ ද.
2. අද‍්දසං කාම, තෙ මූලං-සංකප‍්පා කාම, ජායසි න තං සංකප‍්පයිස‍්සාමි-එවං කාම, න හෙහිසී ති.
2. කාමය, තා ගේ මුල දිටිමි, තෝ සංකල්පය හේතු කොට ගෙන උපදනෙහි, (දැන් මම) තා නො පතමි, කාමය මෙසෙයින් තෝ නූපදනෙහියැ යි.
ඉමෙ වුච‍්චන‍්ති කිලෙසකාමා.
මොහු ක්ලේශකාමයෝ යී කියනු ලැබෙත්.
ගෙධො වුච‍්චති තණ‍්හා යො රාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං.
ගේධ යී තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක්, බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද එය යි.
කාමෙසු නාභිගිජ‍්ඣෙය්‍යාති කිලෙසකාමෙන වත්‍ථුකාමෙන නාභිගිජ‍්ඣෙය්‍ය න පළිබුද‍්ධෙය්‍ය අගිද‍්ධො අස‍්ස අගථිතො අමුච‍්ඡිතො අනජ‍්ඣාපන‍්නො වීතගෙධො විගතගෙධො චත‍්තගෙධො වන‍්තගෙධො මුත‍්තගෙධො පහීනගෙධො පටිනිස‍්සට‍්ඨගෙධො වීතරාගො විගතරාගො චත‍්තරාගො වන‍්තරාගො මුත‍්තරාගො පහීනරාගො පටිනිස‍්සට‍්ඨරාගො නිච‍්ඡාතො නිබ‍්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්‍රහ‍්මභූතෙන අත‍්තනා විහරෙය්‍යාති. “කාමෙසු නාභිගිජ‍්ඣෙය්‍ය”.
කාමෙසු නාභිගිජ්ඣෙය්‍ය යනු: ක්ලේශකාමයෙන් වස්තුකාමයෙහි ගිජු නො වන්නේ යැ, ලෝභ නො කරන්නේ යැ, ගිජු නො වූයෙක් නො ගෙතුණෙක් මුසපත් නො වූයෙක් නො වතුළෙක් වන්නේ යැ, දුරු කළ ගේධ ඇතියෙක් පහ වූ ගේධ ඇතියෙක් හරන ලද ගේධ ඇතියෙක් වමාළ ගේධ ඇතියෙක් මුදාලු ගේධ ඇතියෙක් ප්‍රහීණ වූ ගේධ ඇතියෙක් දුරැලූ ගේධ ඇතියෙක් වන්නේ යැ,දුරු කළ රාග ඇතියෙක් පහ වූ රාග ඇතියෙක් හරන ලද රාග ඇතියෙක් වමාළ රාග ඇතියෙක් මුදාලූ රාග ඇතියෙක් පුහුන් රාග ඇතියෙක් දුරැලූ රාග ඇතියෙක් තෘෂ්ණා රහිතයෙක් (තෘෂ්ණා සියන් නැතියෙක් හෝ) නිවියෙක් සිහිල් වූයෙක් (කායිකචෛතසික) සුව විඳුනා සුල්ලෙක් වන්නේ යැ, උත්තම ස්වභාවය ඇති සිතින් යුතු වැ වාසය කරන්නේ යැ නුයි ‘කාමෙසු නාභිගිජ්ඣෙය්‍ය’ යනු වේ.
මනසා නාවිලො සියා’ති: මනො’ති යං චිත‍්තං මනො මානසං පණ‍්ඩරං මනො මනායතනං මනින්‍ද්‍රියං විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතු. කායදුච‍්චරිතෙන චිත‍්තං ආවිලං හොති ලුලිතං එරිතං ඝට‍්ටිතං චලිතං භන‍්තං අවුපසන‍්තං වචීදුච‍්චරිතෙන -පෙ- මනොදුච‍්චරිතෙන -පෙ- රාගෙන -පෙ- දොසෙන -පෙ- මොහෙන -පෙ- කොධෙන -පෙ- උපනාහෙන -පෙ- මක‍්ඛෙන -පෙ- පලාසෙන -පෙ- ඉස‍්සාය -පෙ- මච‍්ඡරියෙන -පෙ- මායාය -පෙ- සාඨෙය්‍යෙන -පෙ- ථම‍්භෙන -පෙ- සාරම‍්භෙන -පෙ- මානෙන -පෙ- අතිමානෙන -පෙ- මදෙන -පෙ- පමාදෙන -පෙ- සබ‍්බකිලෙසෙහි -පෙ- සබ‍්බදුච‍්චරිතෙහි -පෙ- සබ‍්බදරථෙහි
මනසා නාවිලො සියා යනු: ‘මනෝ’ යනු: යම් සිතෙක් මනසෙක් මානසයෙක්, හෘදයයෙක් පණ්ඩර වූ භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූපමනොවිඥාන ධාතුයෙක් වේ ද එය යි. කායදුශ්චරිතයෙන් සිත නො පහන් වූයේ කැළඹුණේ කම්පිත වූයේ (අරමුණෙහි) ගැටුණේ සැලුණේ භ්‍රාන්ත වූයේ නො සන් හිඳුණේ වෙයි. වාග්දුශ්චරිතයෙන් ... මනෝදුශ්චරිතයෙන් ... රාගයෙන් ... ද්වේෂයෙන් ... මෝහයෙන් ... ක්‍රෝධයෙන් ... උපනාහයෙන් ... මකු බැවින් ... පලාසයෙන් ... ඊර්‍ෂ්‍යායෙන් ... මාත්සර්‍ය්‍යයෙන් ... සඨ බැවින් ... ස්තම්භයෙන් ... සාරම්භයෙන් ... මානයෙන් ... අතිමානයෙන් ... මදයෙන් ... ප්‍රමාදයෙන් ... හැම කෙලෙසුන් ගෙන් ... හැම දුසිරිතින් ... හැම දරථයෙන් ...
සබ‍්බපරිළාහෙහි -පෙ- සබ‍්බසන‍්තාපෙහි -පෙ- සබ‍්බාකුසලාහි සඞ‍්ඛාරෙහි චිත‍්තං ආවිලං හොති ලුලිතං එරිතං ඝට‍්ටිතං චලිතං භන‍්තං අවුපසන‍්තං, මනසා නාවිලොසියා’ති චිත‍්තෙන අනාවිලොසියා අලුලිතො අනෙරිතො අඝට‍්ටිතො අචලිතො අභන‍්තො වූපසන‍්තො ආවිලකරෙ කිලෙසෙ ජහෙය්‍ය පජහෙය්‍ය විනොදෙය්‍ය බ්‍යන‍්තීකරෙය්‍ය අනභාවං ගමෙය්‍ය ආවිලකරෙහි කිලෙසෙහි ච ආරතො අස‍්ස විරතො පටිවිරතො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරෙය්‍යාති “මනසා නාවිලොසියා”.
හැම පරිදාහයන්ගෙන් ... හැම සන්තාපයන්ගෙන් ... හැම අකුශලාභිසංස්කාරයන්ගෙන් සිත නො පහන් වූයේ කැළඹුණේ කම්පිත වූයේ ගැටුණේ සැලුණේ බැමුණේ නො සන්හිඳුණේ වෙයි. මනසා නාවිලො සිය යනු සිතින් නො පහන් වූයෙක් නො කැළඹුණෙක් කම්පිත නො වූයෙක් නො ගැටුණෙක් නො සැලුණෙක් නො බැමුණෙක් සන්හිඳුණෙක් වන්නේ යැ, නො පහන් බව කරන කෙලෙසුන් හැරපියන්නේ යැ, බැහැර කරන්නේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්නේ යැ, අනු අභාවයට පමුණු වන්නේ යැ. තවද, නො පහන් බව කරන කෙලෙසුන් කෙරෙන් දුරින් දුරුවූයේ නො ඇලුණේ සියලු ලෙසින් වෙන් වූයේ නික්මුණේ වෙන් වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ (එක් වැ නො යෙදුණු) සිතින් යුක්ත වැ වාසය කරන්නේ නුයි ‘මනසා නාවිලො සියා’ යනු වේ.
කුසලො සබ‍්බධම‍්මානන‍්ති. “සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා”ති කුසලො සබ‍්බධම‍්මානං, “සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛා”ති කුසලො සබ‍්බධම‍්මානං, “සබ‍්බෙ ධම‍්මා අනත‍්තා’ති කුසලො සබ‍්බධම‍්මානං, ‘අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා’ති කුසලො සබ‍්බධම‍්මානං -පෙ- යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්මන‍්ති කුසලො සබ‍්බධම‍්මානං, එවම‍්පි කුසලො සබ‍්බධම‍්මානං.
කුසලො සබ්බධම්මානං යනු: ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි හැම දහම්හි දක්‍ෂ වූයේ, ‘හැම සංස්කාරයෝ දුඃඛයහ’ යි හැම දහම්හි දක්‍ෂ වූයේ, ‘හැම සංස්කාරයෝ අනාත්මයහ’ යි හැම දහම්හි දක්‍ෂ වූයේ, ‘අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙතී’ හැම දහම්හි දක්‍ෂ වූයේ, ... සමුදය ස්වභාව ඇති යම් කිසිවක් වේ නම් එ හැම නිරෝධස්වභාව ඇත්තේ යයි හැම දහම්හි දක්‍ෂ වූයේ නුයි මෙසේ ත් ‘තුසලො සබ්බධම්මානං’ යනු වේ.
අථවා අනිච‍්චතො කුසලො සබ‍්බධම‍්මානං, දුක‍්ඛතො -පෙ- රොගතො-ගණ‍්ඩතො- සල‍්ලතො- අඝතො- ආබාධතො- පරතො- පලොකතො- ඊතිතො- උපද‍්දවතො- භයතො- උපසග‍්ගතො- චලතො- පභඞ‍්ගුතො- අද‍්ධුවතො- අතාණතො- අලෙනතො- අසරණතො- අසරණීභූතතො- රිත‍්තතො- තුච‍්ඡතො- සුඤ‍්ඤතො- අනත‍්තතො- ආදීනවතො- විපරිණාමධම‍්මතො- අසාරකතො- අඝමූලතො- වධකතො- විභවතො- සාසවතො- සංඛතතො- මාරාමිසතො- ජාතිධම‍්මතො- ජරාධම‍්මතො- ව්‍යාධිධම‍්මතො- මරණතො-සොකපරිදෙව-දුක‍්ඛදොමනස‍්සුපායාසධම‍්මතො - සංකිලෙසිකධම‍්මතො- සමුදයතො- අත්‍ථංගමතො- අස‍්සාදතො- ආදීනවතො- නිස‍්සරණතො- කුසලො සබ‍්බධම‍්මානං, එවම‍්පි කුසලො සබ‍්බධම‍්මානං.
නොහොත් අනිත්‍ය හෙයින් හැම දහම්හි දක්‍ෂ වූයේ දුක් හෙයින් ... රෝග හෙයින් ... ගණ්ඩ හෙයින් ... ශල්‍ය හෙයින් ... අඝ (දුක්) හෙයින් ... ආබාධ හෙයින් ... පර (අවසඟ) හෙයින් ... බිඳෙන හෙයින් ... ව්‍යසන හෙයින් ... උපද්‍රව හෙයින් ... භය හෙයින් ... උපසර්‍ග හෙයින් ... චල හෙයින්- බිඳෙන සුලු හෙයින් ... අධ්‍රැව හෙයින් ... අත්‍රාණ හෙයින් ... අලෙන හෙයින් ... අශරණ හෙයින් ... අශරණී භූත හෙයින් ... සිස් .. තුච්ඡ ... ශූන්‍ය ... අනාත්ම ... ආදීනව ... විපරිනාමස්වාභාව ... අසාර ... අඝමූල ... වධක ... විභව ... සාස්‍රව ... හෙතුප්‍රත්‍යයාභිසංස්කෘත ... මාරාමිෂ ... ජාතිධර්‍ම ... ජරාධර්‍ම ... ව්‍යාධිධර්‍ම ... මරණධර්‍ම ... ශොකපරිදෙවදුඃඛදෞර්මනස්ස්‍යොපායාසධර්ම ... සාංක්ලෙශිකධර්ම ... සමුදයධර්‍ම ... අස්තඞ්ගම ... ආස්වාද ... ආදීනව ... නිස්සසරණ හෙයින් හැම දහම්හි දක්‍ෂ වූයේ නුයි මෙසේ ත් ‘කුසලො සබ්බධම්මානං’ යනු වේ.
අථවා ඛන්‍ධකුසලො ධාතුකුසලො ආයතනකුසලො පටිච‍්චසමුප‍්පාදකුසලො සතිපට‍්ඨානකුසලො සම‍්මප‍්පධානකුසලො ඉද‍්ධිපාදකුසලො ඉන්‍ද්‍රියකුසලො බලකුසලො බොජ‍්ඣඞ‍්ගකුසලො මග‍්ගකුසලො ඵලකුසලො නිබ‍්බානකුසලො එවම‍්පි කුසලො සබ‍්බධම‍්මානං,
නොහොත් ස්කන්‍ධයන්හි නිපුණ වූයේ ධාතු... ආයාතන... ප්‍රතීත්‍යය සමූත්පාද... ස්මෘතීප්‍රස්ථාන... සම්‍යක් ප්‍රධාන... ඍද්ධිපාද... ඉන්‍ද්‍රිය... බල... බොද්ධ්‍යඞ්ග... මාර්‍ග... ඵල... නිර්‍වාණයෙහි නිපුණ වූයේ නුයි මෙසේත් ‘කුසලො සබ්බධම්මානං’ යනු වේ.
අථ වා සබ‍්බධම‍්මා වුච‍්චන‍්ති ද‍්වාදසායතනානි. චක‍්ඛුං චෙව රූපා ච සොතා ච සද‍්දා ච ඝානං ච ගන්‍ධා ච ජිව‍්හා ච රසා ච කායො ච ඵොට‍්ඨබ‍්බා ච මනො ච ධම‍්මා ච. යතො ච ඛො අජ‍්ඣත‍්තිකබාහිරෙසු ආයතනෙසු ඡන්‍දරාගො පහීනො ච හොති උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො, එත‍්තාවතාපි කුසලො සබ‍්බධම‍්මානන‍්ති ‘කුසලො සබ‍්බධම‍්මානං’.
නොහොත් ‘සබ්බධම්මා’ යි දොළොස් ආයතනයෝ කියනු ලැබෙති: චක්‍ෂුස ද රූපයෝ ද ශ්‍රොත්‍රය ද ශබ්දයෝ ද ඝ්‍රාණය ද ගන්‍ධයෝ ද ජිහ්වාව ද රසයෝ ද කය ද ස්ප්‍රෂ්ටව්‍යයෝ ද මනස ද ධර්‍මයෝ දැ යි. යම් කලෙකැ ආධ්‍යාත්මිකබාහිර ආයතනයන්හි ඡන්‍දරාගය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇත්තේ (උසුන්මුල් ඇති) තල්වත්තක් මෙන් කරන ලද්දේ අනු අභාවය කරන ලද්දේ මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තේ වේ ද මෙතෙකිනුදු හැම දහම්හි නිපුණ වේ නුයි ‘කුසලො සබ්බධම්මානං’ යනු වේ.
සතො භික‍්ඛු පරිබ‍්බජෙති: ‘සතො’ති චතූහි කාරෙණෙහි සතො: කායෙ කායානුපස‍්සනාසතිපට‍්ඨානං භාවෙන‍්තො සතො, වෙදනාසු වෙදනානුපස‍්සනාසතිපට‍්ඨානං භාවෙන‍්තො සතො, චිත‍්තෙ චිත‍්තානුපස‍්සනාසතිපට‍්ඨානං භාවෙන‍්තො සතො, ධම‍්මෙසු ධම‍්මානුපස‍්සනාසතිපට‍්ඨානං භාවෙන‍්තො සතො.
සතෝ භික්ඛු පරිබ්බජෙ යනු: ‘සතෝ’ යනු සතර කරුණෙකින් සිහි ඇත්තේ කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇත්තේ, වේදනාවන්හි වේදනානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇත්තේ, සිතෙහි චිත්තානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇත්තේ, දහම්හි ධම්මානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇත්තේ යි.
අපරෙහි’පි චතූහි කාරණෙහි සතො: අසතිපරිවජ‍්ජනාය සතො, සතිකරණීයානං ධම‍්මානං කතත‍්තා සතො, සතිපටිපක‍්ඛානං ධම‍්මානං හතත‍්තා සතො, සතිනිමිත‍්තානං ධම‍්මානං අපම‍්මුට‍්ඨත‍්තා සතො.
අන්‍ය වූ ද සතර කරුණෙකින් සිහි ඇත්තේ: නො සිහිය හාත්පසින් දුරැලීමෙන් සිහි ඇත්තේ, සිහියෙන් කළයුතු දහම් කළ බැවින් සිහි ඇත්තේ, සීපිළිවත් දහම නැසූ බැවින් සිහි ඇත්තේ, සිහියෙන් කළ යුතු (කායාදී) අරමුණු නො නසන ලද බැවින් සිහි ඇත්තේ යි.
අපරෙහි’පි චතූහි කාරණෙහි සතො: සතියා සමන‍්නාගතත‍්තා සතො, සතියා වසිත‍්තා සතො, සතියා පාගුඤ‍්ඤෙන සමන‍්නාගතත‍්තා සතො, සතියා අපච‍්චොරොහණතාය සතො.
අන්‍ය වූ ද සතර කරුණෙකින් සිහි ඇත්තේ: සිහියෙන් සමන්‍වාගත බැවින් සිහි ඇත්තේ, සිහියෙන් වශීභාවයට පැමිණ බැවින් සිහි ඇත්තේ, ස්මෘතියගේ ප්‍රගුණභාවයෙන් සමන්‍වාගත බැවින් සිහි ඇත්තේ, සිහිය නො පසුබස්නා බැවින් සිහි ඇත්තේ යි.
අපරෙහි’පි චතූහි කාරණෙහි සතො: සත‍්තත‍්තා සතො, සන‍්තත‍්තා සතො, සමිතත‍්තා සතො, සන‍්තධම‍්මසමන‍්නාගතත‍්තා සතො, බුද‍්ධානුස‍්සතියා සතො, ධම‍්මානුස‍්සතියා සතො, සඞ‍්ඝානුස‍්සතියා සතො, සීලානුස‍්සතියා සතො, චාගානුස‍්සතියා සතො, දෙවතානුස‍්සතියා සතො, ආනාපානසතියා සතො, මරණසතියා සතො, කායගතාසතියා සතො, උපසමානුස‍්සතියා සතො. යා සති අනුස‍්සති -පෙ- සම‍්මාසති සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො එකායනමග‍්ගො. අයං වුච‍්චති සති. ඉමාය සතියා උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උප‍්පන‍්නො සමුප‍්පන‍්නො සමන‍්නාගතො අයං වුච‍්චති සතො.
අන්‍ය වූ ද සතර කරුණෙකින් සිහි ඇත්තේ: සත්තව (ස්වභාවයෙන් විද්‍යමාන) වන බැවින් සිහි ඇත්තේ, ශාන්ත (නිවුණ) වන බැවින් සිහි ඇත්තේ, (කෙලෙස්) සන්හිඳුවන ලද බැවින් සිහි ඇත්තේ, සත්පුරුෂ ධර්‍මයෙන් සමන්‍වාගත වන බැවින් සිහි ඇත්තේ, බුද්ධානුස්මෘතියෙන් සිහි ඇත්තේ, ධර්මානුස්මෘතියෙන් සිහි ඇත්තේ, සඞ්ඝානුස්මෘතියෙන් සිහි ඇත්තේ, ශීලානුස්මෘතියෙන් සිහි ඇත්තේ, ත්‍යාගානුස්මෘතියෙන් සිහි ඇත්තේ, දෙවතානුස්මෘතියෙන් සිහි ඇත්තේ, ආනාපානස්මෘතියෙන් සිහි ඇත්තේ, මරණානුස්මෘතියෙන් සිහි ඇත්තේ, කයගතානු ස්මෘතියෙන් සිහි ඇත්තේ, උපශමානුස්මෘතියෙන් සිහි ඇත්තේ යි. යම් සිහියෙක් පුනපුනා සිහි කිරීමෙක් ... සම්‍යක් ස්මෘතියෙක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් එකායන මාර්‍ගයෙක් වේ ද, මේ ‘සති’ යයි කියනු ලැබෙයි. මේ සතියෙන් යුක්ත වූයේ සමුපේත වූයේ උපගත වූයේ සමුපගත වූයේ නො වෙන් වූයේ පරිපූර්‍ණ වූයේ සමන්‍වාගත වූයේ වේ. මේ සිහි ඇත්තේ යි කියනු ලැබේ.
භික‍්ඛූති සත‍්තන‍්නං ධම‍්මානං භින‍්නත‍්තා භික‍්ඛු: සක‍්කායදිට‍්ඨි භින‍්නා, හොති, විචිකිච‍්ඡා භින‍්නා හොති, සීලබ‍්බතපරාමාසො භින‍්නො හොති, රාගො භින‍්නො හොති, දොසො භින‍්නො හොති, මොහො භින‍්නො හොති, මානො භින‍්නො හොති, භින‍්නා හොන‍්ති පාපකා අකුසලා ධම‍්මා සංකිලෙසිකා පොනොභවිකා සදරා දුක‍්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා.
භික්ඛූ යනු: සප්ත ධර්‍මයන් භින්න වන බැවින් භික්ඛු නම: සත්කායදෘෂ්ටිය බිඳුණේ වෙයි, විචිකිත්සාව ... ශීලව්‍රතපරාමර්ශය ... රාගය ... ද්වේෂය ... මෝහය ... මානය ... බිඳුණේ වෙයි. ඔහු විසින් ක්ලෙශප්‍රත්‍යය වූ පුනර්‍භවය කරන්නා වූ ක්ලේශදරථ සහිත වූ දුඃඛවිපාක වූ ආයති ජරාමරණයන්ට කාරණ වූ ලාමක වූ අකුශල ධර්‍මයෝ බිඳුනා ලදහු වෙත්.
3. “පජ‍්ජෙන කතෙන අත‍්තනා-(සභියාති භගවා) පරිනිබ‍්බා න ගතො විතිණ‍්ණකඞ‍්ඛො විභවඤ‍්ච භවඤ‍්ච විප‍්පහාය වුසිතවා ඛීණපුනබ‍්භවො ස භික‍්ඛූ”ති සතො භික‍්ඛු
3.යමෙක් තමා විසින් වැඩූ මාර්‍ගයෙන් ක්ලේශ පරිනිර්වාණයට ගියේ ද, එහෙයින් මැ තරණය කළ සැක ඇත්තේ ද, විපත්ති සම්පත්ති ආදි භේද ඇති විභවය ත් භවයන් දුරු කොට මාර්ගවාස වැස නිම වූ ක්‍ෂය කළ පුනර්‍භව ඇති හෙතෙම භික්‍ෂූ නම් වේ නුයි “සතෝ භික්ඛු” යනු වේ.
සතො භික‍්ඛු පරිබ‍්බජෙති සතො භික‍්ඛු පරිබ‍්බජෙ: සතො ගච‍්ඡෙය්‍ය, සතො තිට‍්ඨෙය්‍ය, සතො නිසීදෙය්‍ය, සතො සෙය්‍යං කප‍්පෙය්‍ය, සතො අභික‍්කමෙය්‍ය, සතො පටික‍්කමෙය්‍ය, සතො ආලොකෙය්‍ය, සතො විලොකෙය්‍ය, සතො සම‍්මිඤ‍්ජෙය්‍ය, සතො පසාරෙය්‍ය, සතො සඞ‍්ඝාටිපත‍්තචීවරං ධාරෙය්‍ය, සතො චරෙය්‍ය, විහරෙය්‍ය ඉරීයෙය්‍ය වත‍්තෙය්‍ය පාලෙය්‍ය යපෙය්‍ය යාපෙය්‍යා’ති “සතො භික‍්ඛු පරිබ‍්බජෙ”
සතෝ භික්ඛු පරිබ්බජෙ යනු: මහණ සිහි ඇති වැ හැසිරෙන්නේ යැ, සිහි ඇති වැ යන්නේ යැ, සිහි ඇති වැ සිටුනේ යැ, සිහි ඇති වැ හිඳුනේ යැ, සිහි ඇති වැ හෝනේ යැ, සිහි ඇති වැ ඉදිරියට යන්නේ යැ, සිහි ඇති වැ පෙරළා එන්නේ යැ, සිහි ඇති වැ ඉදිරි බලන්නේ යැ, සිහි ඇති වැ අවට බලන්නේ යැ, සිහි ඇති යැ අත්පා හකුළුවන්නේ යැ, සිහි ඇති වැ අත්පා දිගු කරන්නේ යැ, සිහි ඇති වැ සඟළ-පා-සිවුරු දරන්නේ යැ, සිහි ඇති වැ හැසිරෙන්නේ යැ, වාසය කරන්නේ යැ ඉරියව් පවත්වන්නේ යැ පවත්නේ යැ පාලනය කරන්නේ යැ යැපෙන්නේ යැ යාපනය කරන්නේ යැ නුයි, “සතෝ භික්ඛු පරිබ්බජෙ” යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
කාමෙසු නාභිගිජ‍්ඣෙය්‍ය-මනසා නාවිලො සියා කුසලො සබ‍්බධම‍්මානං-සතො භික‍්ඛු පරිබ‍්බජෙ’ති.
“කාමෙසු නාභිගිජ්ඣෙය්‍ය -පෙ- සතෝ භික්ඛු පරිබ්බජෙ” යී.
සහ ගාථාපරියොසානා යෙ තෙ බ්‍රාහ‍්මණෙන සද‍්ධිං එකච‍්ඡන්‍දා එකපයොගා එකාධිප‍්පායා එකවාසනවාසිතා තෙසං අනෙකපාණසහස‍්සානං විරජං වීතමලං ධම‍්මචක‍්ඛුං උදපාදි, යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්මන‍්ති. තස‍්ස ච පන බ්‍රාහ‍්මණස‍්ස අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චි. සහ අරහත‍්තප‍්පත‍්තා අජිනජටාවාකචීරතිදණ‍්ඩකමණ‍්ඩලුකෙසා ච මස‍්සු ච අන‍්තරහිතා, අජිතො භණ‍්ඩුකාසායවත්‍ථවසනො සඞ‍්ඝාටිවත‍්තචීවරධරො අන්‍වත්‍ථපටිපත‍්තියා පඤ‍්ජලිකො භගවන‍්තං නමස‍්සමානො නිසින‍්නො හොති: සත්‍ථා මෙ භන‍්තෙ, භගවා සාවකො ‘හමස‍්මීති.
ගාථාවසානය හා මැ බමුණු හා සමග සමානච්ඡන්ද ඇති සමාන වූ (කායාදි) ප්‍රයෝග ඇති සමාන අදහස් ඇති සමාන වූ (කුශල) වාසනායෙන් වාසිත වූ (ඉකුත් බුදුසසුන්හි වඩනාලද බවුන් ඇති) යම් කෙනෙක් වූහු නම් ඒ නොයෙක් දහස්ගණන් දෙව්මිනිස් සත්නට“ යම් කිසි සමුදය ධර්‍මයක් ඇද්ද එහැම නිරුද්ධ වන සුලු යැ” යි (රාගාදි) රජස් රහිත වූ (රාගාදි) මල රහිත වූ (ශ්‍රෝතාපත්ති මාර්‍ග සඞ්ඛ්‍යාත) ධර්‍මචක්‍ෂුස පහළ විය. ඒ (අජිත) බමුණුහට වැළිත් (තෘෂ්ණාදීන්) උපාදාන නො කොට (කාමාදි) ආස්‍රවයන් කෙරෙන් සිත මිදිණ. රහත් බවට පැමිණීම හා මැ අඳුන්දිවිසම් දළ මඬුලු වැහැරි තිදණ්ඩ කමඬලා ද කෙස් ද දැළිරවූළු ද අතුරුදහන් විය. අජිත තෙමේ මුඬුහිස් ඇත්තේ හන්පෙරෙවි කහවත් ඇත්තේ සඟළ-පා-සිවුරු ධරනුයේ අන්‍වර්ථ ප්‍රතිපත්ති (ඉෂ්ටාර්ත්ථලාභ) යෙන් බදැඳිලි වැ “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට ශාස්තෘ වන සේක, මම් ශ්‍රාවකයෙමී” භාග්‍යවතුන් නමදිමින් හුන්නේ යි.
අජිත සුත‍්තනිද‍්දෙසො සමත‍්තො.
අජිත සූත්‍රනිර්දේශය නිමි.