යෙදුමෙන් කියවන්න

10. 4

10. 4.

10. 4.

එතදඤ‍්ඤාය යෙ සතා-දිට‍්ඨධම‍්මාභිනිබ‍්බුතා න තෙ මාරවසානුගා-න තෙ මාරස‍්ස පද‍්ධගූ.

ස්මෘතිමත් වූ දක්නා ලද (අනිත්‍යාදි) දහම් ඇති යම් රහත් කෙනෙක් තෙල නිවන දැන (ක්ලේශපරිනිර්‍වාණයෙන්) පිරිනිවියාහු වෙත් ද, ඔහු මාරවශයට ගියාහු නො වෙති. ඔහු මාරයාගේ මඟ යන්නාහු (පරිචාරකයෝ) නො වෙත්.

එතදඤ‍්ඤාය යෙ සතාති: ‘එත’න‍්ති: අමතං නිබ‍්බානං “යො සො සබ‍්බසංඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානං. “අඤ‍්ඤායාති: අඤ‍්ඤාය ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා. සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා’ති -පෙ- ‘යං කිඤ‍්චි සමුයදධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්මන‍්ති අඤ‍්ඤාය ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා. යෙති අරහන‍්තො ඛීණාසවා සතාති: චතූහි කාරණෙහි සතා: කායෙ කායානුපස‍්සනාසතිපට‍්ඨානං භාවිතත‍්තා සතා -පෙ- තෙ වුච‍්චන‍්ති ‘සතා’ති ‘එතදඤ‍්ඤාය යෙ සතා.’

එතදඤ්ඤාය යෙ සතා- ‘එතං’ යනු: අමාමහනිවන යි. යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිවීමෙක් වේ ද එය යි. අඤ්ඤාය යනු: දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්‍රකට කොට ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි ... යම්කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එහැම නිරෝධ ස්වභාවය ඇතැ’යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට. යෙ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රවයෝ. සතා යනු: සතර කරුණෙකින් ස්මෘතිමත් වූවාහු: කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය භාවිත බැවින් ස්මෘතිමත් වූවාහු ... ඔහු ‘සතා’යි කියනු ලැබෙත් නුයි ‘එතදඤ්ඤාය යෙ සතා’ යනු වේ.

දිට‍්ඨධම‍්මාභිනිබ‍්බුතාති: ‘දිට‍්ඨධම‍්මා’ති: දිට‍්ඨධම‍්මා ඤාතධම‍්මා තුලිතධම‍්මා තීරිතධම‍්මා විභූතධම‍්මා විභාවිතධම‍්මා. අභිනිබ‍්බුතාති: රාගස‍්ස නිබ‍්බාපිතත‍්තා නිබ‍්බුතා, දොසස‍්ස -පෙ- සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරානං සන‍්තත‍්තා සමිතත‍්තා වූපසමිතත‍්තා විජ‍්ඣාතත‍්තා නිබ‍්බුතත‍්තා විගතත‍්තා පටිප‍්පස‍්සද‍්ධත‍්තා සන‍්තා උපසන‍්තා වූපසන‍්තා නිබ‍්බුතා පටිප‍්පස‍්සද‍්ධාති ‘දිට‍්ඨධම‍්මාභිනිබ‍්බුතා.’

දිට්ඨධම්මාභිනිබ්බුතා - ‘දිට්ඨධම්මා’ යනු දක්නාලද දහම් ඇතියාහු දන්නා ලද දහම් ඇතියාහු තුලනය කළ දහම් ඇතියාහු තීරණය කළ දහම් ඇතියාහු පාළ කළ දහම් ඇතියාහු විභාවන කළ දහම් ඇතියාහු. අභිනිබ්බුතා යනු: රාගය නිවනලද බැවින් නිවියාහු ද්වේෂය... හැම අකුශලසංස්කාරයන් සන්හුන් වන බැවින් සන්හිඳුවන ලද බැවින් ව්‍යුපශමනය කරන ලද බැවින් නිවනලද බැවින් නිර්‍වෘත බැවින් පහවූ බැවින් ප්‍රතිප්‍රශ්‍රබ්ධ බැවින් ශාන්ත උපශාන්ත ව්‍යුපශාන්ත නිර්‍වෘත ප්‍රතිප්‍රශ්‍රබ්ධ වූවාහු නුයි ‘දිට්ඨධම්මාභිනිබ්බුතා’ යනු වේ.

න තෙ මාරවසානුගතාති: ‘මාරො’ති: “යො සො මාරො කණ‍්හො අධිපති අන‍්තගූ නමුචි පමත‍්තබන්‍ධු. න තෙ මාරවසානුගතාති: න තෙ මාරස‍්ස වසෙ වත‍්තන‍්ති, නපි මාරො තෙසු වසං වත‍්තෙති තෙ මාරං ච මාරපක‍්ඛං ච මාරපාසං ච මාරබලිසං ච මාරාමිසං ච මාරවිසයං ච මාරනිවාපං ච මාරගොචරං ච මාරබන්‍ධනං ච අභිභුය්‍ය අභිභවිත්‍වා අජ‍්ඣොත්‍ථරිත්‍වා පරියාදියිත්‍වා මද‍්දිත්‍වා චරන‍්ති විහරන‍්ති ඉරීයන‍්ති වත‍්තෙන‍්ති පාලෙන‍්ති යපෙන‍්ති යාපෙන‍්තීති ‘න තෙ මාරවසානුගා.’

න තෙ මාරවසානුගා - ‘මාරො’ යනු: යම් (මහජනයා අනර්‍ත්‍ථයෙහි යොදා මරන) මාරයෙක් (අකුශලකර්මයෙහි නියුක්ත බැවින්) තෘෂ්ණායෙක් (කාමාවචරයට අධිපති බැවින්, අධිපතියෙක් (මරණයට පමුණුවන) අන්තකයෙක් (පාපජනයා නො මුදන) නමුචියෙක් (ප්‍රමත්තයනට ඥාති වූ) ප්‍රමත්තබන්ධුයෙක් වේ ද හේ යැ. න තෙ මාරවසානුගා යනු: ඔහු මාරයාගේ වශයෙහි නො පවතිත්. මාර තෙම ඔවුන් කෙරෙහි අධිපතිභාවය නො පවත්වයි: ඔහු මරහු ද මාරපක්ෂය ද මාරපාශය ද මාරබිලිය ද මාරාමිෂය ද මාරවිෂය ද මාරනිවාපය (ගොදුර) ද මාරගොචරය ද මාරබන්‍ධනය ද මැඩ අභිභවනය කොට වතුරුවාගෙන හාත්පසින් මැඩගෙන මර්දනය කොට සරති වෙසෙති ඉරියවු පවත්වති වැටෙති පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත් නුයි ‘න තෙ මාරවසානුගා’ යනු වේ.

න තෙ මාරස‍්ස පද‍්ධගූති: න තෙ මාරස‍්ස පද‍්ධා පද‍්ධචරා පරිචාරිකා සිස‍්සා බුද‍්ධස‍්ස තෙ භගවතො පද‍්ධා පද‍්ධචරා පරිචාරිකා සිස‍්සාති ‘න තෙ මාරස‍්ස පද‍්ධගූති.

න තෙ මාරස්ස පද්ධගූ යනු: ඔහු මාරයාගේ කොටසෙහි වූවාහු පක්‍ෂයෙහි හැසිරෙන්නාහු සෙවක වූවාහු ශිෂ්‍ය වූවාහු නො වෙති. ඔහු භාග්‍යවත් බුදුන්ගේ කොටසෙහි වූවාහු පක්‍ෂයෙහි හැසිරෙන්නාහු සෙවක වූවාහු ශිෂ්‍ය වූවාහු වෙත් නුයි ‘න තෙ මාරස්ස පද්ධගූ’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“එතදඤ‍්ඤාය යෙ සතා දිට‍්ඨධම‍්මාභිනිබ‍්බුතා, න තෙ මාරවසානුගා න තෙ මාරස‍්ස පද‍්ධගූති.

“එතදඤ්ඤාය යෙ සතා -පෙ- න තෙ මාරස්ස පද්ධගූ” යී.

සහ ගාථාපරියොසානා -පෙ- සත්‍ථා මෙ භන‍්තෙ භගවා සාවකො හමස‍්මී’ති.

ගාථා පර්‍ය්‍යවසානය හා සමග ... වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෲහ, මම් ශ්‍රාවකයෙමී.

කප‍්ප සුත‍්තනිද‍්දෙසො සමත‍්තො.

කප්ප සූත්‍රනිර්දේශය නිමි.