යෙදුමෙන් කියවන්න

10. 3

10. 3.

10. 3.

අකිඤ‍්චනං අනාදානං-එතං දීපං අනාපරං නිබ‍්බානං ඉති නං බ්‍රූමි-ජරාමච‍්චුපරික‍්ඛයං.

අපර ප්‍රතිෂ්ඨා රහිත වූ තෙල ප්‍රතිෂ්ඨාව (රාගාදි) කිඤ්චන- (පලිබොධ) රහිත යැ ආදාන (තෘෂ්ණා) රහිත යැ ජරාමරණ ව්‍යුපශමය වූ එය ‘නිවනැ’යි කියමි.

අකිඤ‍්චනං අනාදානන‍්ති: ‘කිඤ‍්චන’න‍්ති: රාගකිඤ‍්චනං දොසකිඤ‍්චනං මොහකිඤ‍්චනං මානකිඤ‍්චනං දිට‍්ඨිකිඤ‍්චනං කිලෙසකිඤ‍්චනං දුච‍්චරිතකිඤ‍්චනං කිඤ‍්චනප‍්පහානං කිඤ‍්චනවූපසමො කිඤ‍්චනපටිනිස‍්සග‍්ගො කිඤ‍්චනපටිප‍්පස‍්සද‍්ධි අමතං නිබ‍්බානන‍්ති අකිඤ‍්චනං. අනාදානන‍්ති: ‘ආදානං වුච‍්චති තණ‍්හා: යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං ආදානප‍්පහානං ආදානවූපසමො ආදානපටිනිස‍්සග‍්ගො ආදානපටිප‍්පස‍්සද‍්ධි අමතං නිබ‍්බානන‍්ති “අකිඤ‍්චනං අනාදානං”

අකිඤ්චනං අනාදානං- ‘කිඤ්චනං’ යනු: රාගකිඤ්චන යැ ද්වේෂකිඤ්චන යැ මෝහකිඤ්චන යැ මානකිඤ්චන යැ දෘෂ්ටිකිඤ්චන යැ ක්ලෙශකිඤ්චන යැ දුශ්චරිතකිඤ්චන යි. කිඤ්චනප්‍රහාණය කිඤ්චනව්‍යූපශමය කිඤ්චන දුරැලීම කිඤ්චන සන්හිඳීම අමාමහනිවන නුයි ‘අකිඤ්චන’ නම් වෙයි. අනාදානං යනු ‘ආදාන’යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක්... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද, එය යි. ආදානප්‍රහාණය ආදාන ව්‍යුපශමය ආදාන දුරැලීම ආදාන සන්හිඳීම අමාමහ නිවන නුයි ‘අකිඤ්චනං අනාදානං’ යනු වේ.

එතං දීපං අනාපරන‍්ති: එතං දීපං තාණං ලෙනං සරණං ගති පරායනං. අනාපරන‍්ති: තම‍්හා පරො අඤ‍්ඤො දීපො නත්‍ථි, අථ ඛො සො යෙව දීපො අග‍්ගො ච සෙට‍්ඨො ච විසෙට‍්ඨො ච පාමොක‍්ඛො ච උත‍්තමො ච පවරො චාති ‘එතං දීපං අනාපරං’.

එතං දීපං අනාපරං යනු: තෙල ප්‍රතිෂ්ඨා යැ රක්‍ෂාස්ථාන යැ නිලීනස්ථාන යැ ශරණ යැ ගති යැ පිහිට යි. අනාපරං යනු: එයින් මතු අන්‍ය ප්‍රතිෂ්ඨායෙක් නැති. වැළිත් එ මැ අග්‍ර වූත් ශ්‍රේෂ්ඨ වූත් අතිශයින් ශ්‍රේෂ්ඨ වූත් ප්‍රමුඛ වූත් උත්තම වූත් ප්‍රවර වූත් ප්‍රතිෂ්ඨා වේ නුයි ‘එතං දීපං අනාපරං’ යනු වේ.

නිබ‍්බානං ඉති නං බ්‍රූමීති: ‘වානං’ වුච‍්චති තණ‍්හා, “යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං. “ වානප‍්පහානං වානවූපසමො වානපටිනිස‍්සග‍්ගො වානපටිප‍්පස‍්සද‍්ධි අමතං නිබ‍්බානං. ඉතීති: පදසන්‍ධි පදසංසග‍්ගො පදපාරිපූරි අක‍්ඛරසමවායො බ්‍යඤ‍්ජනසිලිට‍්ඨතා පදානුපුබ‍්බතා පෙතං ඉතීති: බ්‍රූමීති බ්‍රූමි ආචික‍්ඛාමි දෙසෙමි පඤ‍්ඤපෙමි පට‍්ඨපෙමි විවරාමි විභජාමි උත‍්තානීකරොමි පකාසෙමීති ‘නිබ‍්බානං ඉති නං බ්‍රූමි. ‘

නිබ්බානං ඉති නං බ්‍රෑමි- ‘වාන’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. වානප්‍රහාණය වානව්‍යුපශමය වාන දුරැලීම වාන සන්හිඳීම, අමාමහනිවන ඉති යනු: පදසන්ධි යැ පදසංසර්ග යැ පදපරිපූර්ණභාව යැ- අක්ෂරසමවාය යැ ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ තෙල ‘ඉති’ යනු පදයන්ගේ අනුපූර්වතා ද වෙයි. බ්‍රෑමි යනු: බ්‍රෑමි- කියමි දෙසමි පනවමි පිහිටුවමි විවරණය කෙරෙමි විභාග කෙරෙමි පාළ කෙරෙමි ප්‍රකාශ කෙරෙම් නුයි ‘නිබ්බානං ඉති නං බ්‍රෑමි’ යනු වේ.

ජරාමච‍්චු පරික‍්ඛයන‍්ති: ජරාමරණස‍්ස පහානං වූපසමො පටිනිස‍්සග‍්ගො පටිප‍්පස‍්සද‍්ධි අමතං නිබ‍්බානන‍්ති ‘ජරාමච‍්චුපරික‍්ඛයං’

ජරාමච්චු පරික්ඛයං යනු: ජරාමරණයාගේ ප්‍රහාණය ව්‍යුපශමය දුරැලීම සන්හිඳීම අමාමහනිවන නුයි ‘ජරාමච්චු පරික්ඛයං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“අකිඤ‍්චනං අනාදානං, එතං දීපං අනාපරං නිබ‍්බානං ඉති නං බ්‍රූමි ජරාමච‍්චුපරික‍්ඛය”න‍්ති

“අකිඤ්චනං අනාදානං -පෙ- ජරාමච්චු පරික්ඛයං” යී.