යෙදුමෙන් කියවන්න

10. 2

10. 2.

10. 2.

මජ‍්ඣෙ සරස‍්මිං තිට‍්ඨතං (කප‍්පාති භගවා) ඔඝෙ ජාතෙ මහබ‍්භයෙ ජරාමච‍්චුපරෙතානං දීපං පබ්‍රූමි කප‍්ප තෙ.

(බුදුහු මෙසේ වදාළහ: කප්පමාණවකය,) මධ්‍ය වූ සසරැ සිටුනා වූ ජරායෙන් හා මරණයෙන් හා මඩනා ලද්දවුනට (ජාත්‍යාදි) මහද්භය ඇති (කාමාදි) ඕඝය උපන් කල්හි ප්‍රතිෂ්ඨාව කප්පය, තොපට කියමි.

මජ‍්ඣෙ සරස‍්මිං තිට‍්ඨන‍්ති: ‘සරො’ වුච‍්චති සංසාරො. ආගමනං ගමනං ගමනාගමනං කාලං ගති භවාභවො චුති ච උප‍්පත‍්ති ච නිබ‍්බත‍්ති ච භෙදො ච ජාති ච ජරා ච මරණඤ‍්ච. සංසාරස‍්ස පුරිමා කොටි න පඤ‍්ඤායති පච‍්ඡිමාපි කොටි න පඤ‍්ඤායති -පෙ- මජ‍්ඣෙව සංසාරෙ සත‍්තා ඨිතා පතිට‍්ඨිතා අල‍්ලීනා උපගතා අජ‍්ඣොසිතා අධිමුත‍්තා. කථං සංසාරස‍්ස පුරිමා කොටි න පඤ‍්ඤායති -පෙ- එවං සංසාරස‍්ස පුරිමා කොටි න පඤ‍්ඤායති. කථං සංසාරස‍්ස පච‍්ඡිමා කොටි න පඤ‍්ඤායති -පෙ- එවං සංසාරස‍්ස පච‍්ඡිමා කොටි න පඤ‍්ඤායති. එවං සංසාරස‍්ස පුරිමා කොටි න පඤ‍්ඤායති. පච‍්ඡිමාපි කොටි න පඤ‍්ඤායති. මජ‍්ඣෙ ව සංසාරෙ සත‍්තා ඨිතා පතිට‍්ඨිතා අල‍්ලීනා උපගතා අජ‍්ඣොසිතා අධිමුත‍්තාති ‘මජ‍්ඣෙ සරස‍්මිං තිට‍්ඨතං’ කප‍්පාති භගවාති. -පෙ-

මජ්ඣෙ සරස්මිං තිට්ඨතං යනු: ‘සරො’ යි සංසාරය කියනු ලැබෙයි: පෙර භවයෙන් මෙහි ඊම මෙයින් පරලොවට යෑම භවයෙන් භවයට යෑමඊම මරණය ගතිය භවයෙන් භවය ච්‍යුතිය ද උපප්‍රාප්තිය ද නිර්‍වෘතිය ද ස්කන්‍ධයන් ගේ භේදය යද ඉපදීම ද දිරීම ද මරණය දැ යි සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි, පශ්චිම කෙළවර ද නො පැනෙයි. මැද සසර මැ සත්ත්‍වයෝ සිටියාහු පිහිටියාහු ඇලුණාහු එළඹියාහු බැසගත්තාහු අධිමුක්ත වූවාහු වෙත්. කිසෙයින් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනේ ද යත්: ... මෙසේ සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි. කිසෙයින් සංසාරයාගේ පශ්චිම කෙළවර නො පැනේ ද යත් ... මෙසෙයින් සංසාරයාගේ පශ්චිම කෙළවර නො පැනෙයි. මෙසෙයින් සංසාරයාගේ පූර්ව කෙළවර නො පැනෙයි, පශ්චිම කෙළවර ද නො පැනේ. මැද සසර මැ සත්ත්‍වයෝ සිටියාහු පිහිටියාහු ඇලුණාහු එළැඹියාහු බැසගත්තාහු අධිමුක්ත වූවාහු නුයි “මජ්ඣෙ සරස්මිං තිට්ඨතං” යනු වේ. කප්පාති භගවා යනු...

ඔඝෙ ජාතෙ මහබ‍්භයෙති: කාමොඝෙ භවොඝෙ දිට‍්ඨොඝො අවිජ‍්ජොඝෙ ජාතෙ සංජාතෙ නිබ‍්බත‍්තෙ අභිනිබ‍්බත‍්තෙ පාතුභූතෙ. මහබ‍්භයෙති: ජාතිභයෙ ජරාභයෙ ව්‍යාධිභයෙ මරණභයෙති ‘ඔඝෙ ජාතෙ මහබ‍්භයෙ’

ඔඝෙ ජාතෙ මහබ්භයෙ යනු: කාමෝඝය භවෝඝය දිට්ඨෝඝය අවිජ්ජෝඝය උපන් කල්හි හටගත් කල්හි නිපන් කල්හි වෙසෙසින් නිපන් කල්හි පහළ වූ කල්හි. මහබ්භයෙ යනු: ජාතිභය ජරාභය ව්‍යාධිභය මරණභය ඇති කල්හි නුයි ‘ඔඝෙ ජාතෙ මහබ්භයෙ’ යනු වේ.

ජරාමච‍්චු පරෙතානන‍්ති: ජරාය ඵුට‍්ඨානං පරෙතානං සමොහිතානං සමන‍්නාගතානං මච‍්චුනා ඵුට‍්ඨානං පරෙතානං සමොහිතානං සමන‍්නාගතානං ජාතියා අනුගතානං ජරාය අනුසටානං බ්‍යාධිනා අභිභූතානං මරණෙන අබ‍්භාහතානං අතාණානං අලෙනානං අසරණානං අසරණීභූතානන‍්ති ‘ජරාමච‍්චුපරෙතානං’

ජරාමච්චු පරෙතානං යනු: ජරායෙන් පහස්නා ලදුවනට මඩනා ලදුවනට යුක්තයනට සමන්වාගතයනට මරණයෙන් පහස්නා ලදුවනට මඩනා ලදුවනට යුක්තයනට සමන්වාගතයනට ජාතියෙන් අනුගියවුනට ජරාව විසින් ලුහුබඳනා ලදුවනට ව්‍යාධියෙන් මඩනා ලදුවනට මරණයෙන් පහරන ලදුවනට රක්‍ෂාස්ථාන රහිතයනට නිලීනස්ථාන රහිතයනට අශරණයනට අශරණීභූතයනට නුයි ‘ජරාමච්චු පරෙතානං යනු වේ.

දීපං පබ්‍රූමි කප‍්ප තෙති: දීපං තාණං ලෙනං සරණං ගතිං පරායනං බ්‍රූමි ආචික‍්ඛාමි දෙසෙමි පඤ‍්ඤපෙමි පට‍්ඨපෙමි විවරාමි විභජාමි උත‍්තානීකරොමි පකාසෙමීති ‘දීපං පබ්‍රූමි කප‍්ප තෙ’

දීපං පබ්‍රෑමි කප්ප තෙ යනු: ප්‍රතිෂ්ඨාව රක්ෂාස්ථානය නිලීනස්ථානය ශරණය ගතිය පිහිට බ්‍රෑමි- කියමි දෙසමි පනවමි පිහිටුවමි විවරණය කෙරෙමි විභාග කෙරෙමි පාළ කෙරෙමි ප්‍රකාශ කෙරෙම් නුයි “දීපං පබ්‍රෑමි කප්ප තෙ” යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“මජ‍්ඣෙ සරස‍්මිං තිට‍්ඨිතං (කප‍්පාති භගවා) ඔඝෙ ජාතෙ මහබ‍්භයෙ, ජරාමච‍්චුපරෙතානං දීපං පබ්‍රූමි කප‍්ප තෙ”ති.

“මජ්ඣෙ සරස්මිං -පෙ- දීපං පබ්‍රෑමි කප්ප තෙ” යී.