11. 2
11. 2.
11. 2.
භගවා හි කාමෙ අභිභුය්ය ඉරීයති ආදිච්චොව පඨවිං තෙජි තෙජසා, පරිත්තපඤ්ඤස්ස මෙ භූරිපඤ්ඤ, ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං ජාතිජරාය ඉධ විප්පහානං.
යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ තෙද ඇති හිරු තෙදින් පෘථිවිය සෙයින් කාමයන් මැඩලා වාසය කරන සේක් ද, එහෙයින් මහාප්රාඥයන් වහන්ස, මෙහි මැ ජාතිජරාවගේ ප්රහාණය වූ යම් දහමක් මම් දැන ගන්නෙම් නම් ඒ දහම මඳ නුවණැති වූ මට වදාළ මැනැව.
භගවා හි කාමෙ අභිභුය්ය ඉරීයතීති: ‘භගවා’ති ගාරවාධිවචනං -පෙ- සච්ඡිකාපඤ්ඤත්ති යදිදං භගවාති. කාමාති: උද්දානතො ද්වෙ කාමා: වත්ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච්චන්ති වත්ථුකාමා -පෙ- ඉමෙ වුච්චන්ති කිලෙසකාමා. භගවා වත්ථුකාමෙ පරිජානිත්වා කිලෙසකාමෙ පහාය අභිභුය්ය අභිභවිත්වා අජ්ඣොත්ථරිත්වා පරියාදියිත්වා මද්දිත්වා චරති විහරති ඉරීයති වත්තෙති පාලෙති යපෙති යාපෙතීති ‘භගවා හි කාමෙ අභිභුය්ය ඉරීයති.’
භගවා හි කාමෙ අභිභූය්‍ය ඉරීයති- ‘භගවා’ යනු: ගෞරවනාම යැ... මේ ‘භගවා’ යනු සාක්ෂාත් ප්රඥප්ති යැ. කාමා යනු: විස්තර විසින් වස්තුකාම ද ක්ලේශකාම දැ යි කාම දෙකෙකි... මොහු වස්තුකාමයෝ යි කියනු ලැබෙති ... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. බුදුහු වස්තු කාමයන් පිරිසිඳ දැන ක්ලේශකාමයන් දුරු කොට මැඩ මැඩලා ගෙවා මර්දනය කොට සරති වෙසෙති ඉරියවු පවත්වති වැටෙති පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත් නුයි ‘භගවා හි කාමෙ අභිභූය්‍ය ඉරීයති’ යනු වේ.
ආදිච්චොව පඨවිං තෙජි තෙජසාතී: ‘ආදිච්චො’ වුච්චති සුරියො, පඨවී වුච්චති ජගති, යථා සුරියො තෙජී තෙජෙන සමන්නාගතො පඨවිං අභිභුය්ය අභිභවිත්වා අජ්ඣොත්ථරිත්වා පරියාදියිත්වා සන්තාපයිත්වා සබ්බං ආකාසගතං තමගතං අභිවිහච්ච අන්ධකාරං විධමෙත්වා ආලොකං දස්සයිත්වා ආකාසෙ අන්තලික්ඛෙ ගගනපථෙ වෙගෙන ගච්ඡති එවමෙව භගවා ඤාණතෙජී ඤාණතෙජෙන සමන්නාගතො සබ්බං අභිසංඛාරසමුදයං -පෙ- කිලෙසතමං අවිජ්ජන්ධකාරං විධමිත්වා ඤාණාලොකං දස්සෙත්වා වත්ථුකාමෙ පරිජානිත්වා කිලෙසකාමෙ පහාය අභිභුය්ය අභිභවිත්වා අජ්ඣොත්ථරිත්වා පරියාදියිත්වා මද්දිත්වා චරති විහරති ඉරීයති වත්තෙති පාලෙති යපෙති යාපෙතීති ආදිච්චොව පඨවිං තෙජී තෙජසා.
ආදිච්චොව පඨවිං තෙජි තෙජසා - ‘ආදිච්ච’ යි සූර්‍ය්‍යයා කියනු ලැබෙයි. ‘පඨවී’ යි පොළොව කියනු ලැබෙයි. යම්සේ තේජස් ඇති සූර්ය්ය තෙම තේජසින් සමන්වාගත වූයේ පොළොව මැඩ අභිභවනය කොට යට කොට ගෙන හාත්පසින් මැඩගෙන තවා ආකාශගත වූ සියලු තමස නසා අන්ධකාරය විධමනය කොට ආලොකය දක්වා අහස්හි අන්තරීක්ෂයෙහි ගුවන්මඟ වේගයෙන් යේ ද එසෙයින් මැ බුදුහු ඥානතෙජස් ඇත්තාහු ඥාන තේජසින් සමන්වාගත වූවාහු හැම අභිසංස්කාර සමුදය ... කෙලෙස් තමස අවිද්යාන්ධකාරය විධමනය කොට ඥානාලෝකය දක්වා වස්තු කාමයන් පිරිසිඳ දැන ක්ලේශකාමයන් දුරු කොට මැඩ අභිභවනය කොට යට කොට හාත්පසින් මැඩගෙන මර්දනය කොට සරති වෙසෙති ඉරියවු පවත්වති වැටෙති පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත් නුයි ‘ආදිච්චොව පඨවිං තෙජි තෙජසා’ යනු වේ.
පරිත්තපඤ්ඤස්ස මෙ භූරිපඤ්ඤාති: අහමස්මි පරිත්තපඤ්ඤො ඔමකපඤ්ඤො ලාමකපඤ්ඤො ඡත්තකපඤ්ඤො, ත්වම්පි මහාපඤ්ඤො පුථුපඤ්ඤො හාසුපඤ්ඤො ජවනපඤ්ඤො තික්ඛපඤ්ඤො නිබ්බෙධිකපඤ්ඤො. භූරී වුච්චති පඨවී, භගවා තාය පඨවියා සමාය පඤ්ඤාය විපුලාය විත්ථතාය සමන්නාගතොති පරිත්තපඤ්ඤස්ස මෙ භූරිපඤ්ඤ.
පරිත්තපඤ්ඤස්ස මෙ භූරිපඤ්ඤ යනු: මම් මඳ නුවණ ඇතියෙමි පහත් නුවණ ඇතියෙමි ලාමක ප්‍රඥා ඇතියෙමි බොළඳ නැණ ඇතියෙමි, මුඹ වහන්සේ වැළිත් මහනුවණ ඇතියව්හු පුළුල්නුවණ ඇතියව්හු වහා වැටහෙන නුවණ ඇතියව්හු දිවෙන නුවණ ඇතියව්හු තියුණු නුවණ ඇතියව්හු විනිවිද දක්නා නුවණ ඇතියව්හු යැ. ‘භූරි’ යි පෘථිවිය කියනු ලැබෙයි. බුදුහු ඒ පෘථිවි සම වූ විපුල වූ විස්තෘත වූ ප්‍රඥායෙන් සමන්වාගතහ’යි ‘පරිත්තපඤ්ඤස්ස මෙ භූරිපඤ්ඤ’ යනු වේ.
ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤන්ති: ‘ධම්මන්ති’: ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චත්තාරො සතිපට්ඨානෙ -පෙ- නිබ්බාන නිබ්බාඤ්චානගාමිනිඤ්ච පටිපදං ආචික්ඛාහි දෙසෙහි පඤ්ඤපෙහි පට්ඨපෙහි විවරාහි විභජාහි උත්තානීකරොහි පකාසෙහීති. යමහං විජඤ්ඤන්ති: යමහං ජානෙය්යං ආජානෙය්යං විජානෙය්යං පටිජානෙය්යං පටිවිජ්ඣෙය්යං අධිගච්ඡෙය්යං පස්සෙය්යං සච්ඡිකරෙය්යන්ති ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං.
ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං - ‘ධම්මං’ යනු: ආදියෙහි කල්‍යාණ වූ මධ්‍යයෙහි කල්‍යාණ වූ අවසානයෙහි කල්‍යාණ වූ (අර්ත්ථසම්පත්තියෙන්) සාර්ත්ථ වූ (බ්‍යඤ්ජන සම්පත්තියෙන්) සව්‍යඤ්ජන වූ සියල්ල පරිපූර්ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යාව ද සතර සතිපට්ඨානයන් ද ... නිර්වාණය ද නිර්වාණගාමීප්රතිපදාව ද වදාළ මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවරණය කළ මැනැව විභාග කළ මැනැව පාළ කළ මැනැව ප්‍රකාශ කළ මැනැව. යමහං විජඤ්ඤං යනු: යම් දහමක් මම් දැනගන්නෙම් නම් වෙසෙසින් දැනගන්නෙම් නම් ප්රකර්ෂයෙන් දැනගන්නෙම් නම් මොනොවට දැනගන්නෙම් නම් ප්‍රතිවේධ කරන්නෙම් නම් අධිගම කරන්නෙම් නම් දක්නෙම් නම් ප්රත්යක්ෂ කරන්නෙම් නම් නුයි “ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං” යනු වේ.
ජාති ජරාය ඉධ විප්පහානන්ති-ඉධෙව ජාති ජරාය මරණස්ස පහානං වූපසමං පටිනිස්සග්ගං පටිපස්සද්ධිං අමතං නිබ්බානන්ති ‘ජාති ජරාය ඉධ විප්පහානං’.
ජාතිජරාය ඉධ විප්පහානං යනු: මෙ අත්බැව්හි මැ ජාතිජරාවගේ මරණයා ගේ ප්රහාණය සන්හිඳීම දුරැලීම ප්‍රතිප්‍රශ්‍රබ්ධිය අමාමහනිවන නුයි “ජාතිජරාය ඉධ විප්පහානං” යනු වේ.
තෙනාහ සො බ්රාහ්මණො:
එයින් කී යැ එ බමුණු:
“භගවා හි කාමෙ අභිභුය්ය ඉරීයති ආදිච්චොව පඨවිං තෙජී තෙජසා පරිත්තපඤ්ඤස්ස මෙ භූරිපඤ්ඤ ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං ජාතිජරාය ඉධ විප්පහාන”න්ති.
“භගවා හි කාමෙ -පෙ- ජාතිජරාය ඉධ විප්පහානං” යි.