යෙදුමෙන් කියවන්න

11. 3

11. 3.

11. 3.

කාමෙසු විනය ගෙධං (ජතුකණ‍්ණීති භගවා) නෙක‍්ඛම‍්මං දට‍්ඨු ඛෙමතො, උග‍්ගහිතං නිරත‍්තං වා මා තෙ විජ‍්ජිත්‍ථ කිඤ‍්චනං.

(බුදුහු මෙසේ වදාළහ: ජතුකණ්ණි මාණවකය,) නෛෂ්ක්‍රම්‍යය ක්‍ෂේම වශයෙන් දැක වස්තුකාම ක්ලේශකාමයෙහි තෘෂ්ණාව දුරු කරව, තෘෂ්ණා දෘෂ්ටි විසින් ගන්නා ලද්දෙක් හෝ හළ යුත්තෙක් හෝ (රාගාදි) කිඤ්චනයෙක් හෝ නහමක් තොපට වේවා.

කාමෙසු විනය ගෙධන‍්ති: ‘කාමා’ති: උද‍්දානතො ද‍්වෙ කාමා: වත්‍ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච‍්චන‍්ති වත්‍ථුකාමා -පෙ- ඉමෙ වුච‍්චන‍්ති කිලෙසකාමා. ’ගෙධො වුච‍්චති තණ‍්හා යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං. කාමෙසු විනය ගෙධන‍්ති: කාමෙසු ගෙධං විනය පටිවිනය පජහ විනොදෙහි බ්‍යන‍්තීකරොහි අනභාවං ගමෙහීති කාමෙසු විනය ගෙධං. ජතුකණ‍්ණීති භගවාති: තං බ්‍රාහ‍්මණං ගොත‍්තෙන ආලපති. භගවාති: ගාරවාධිවචනමෙතං -පෙ- සච‍්ඡිකාපඤ‍්ඤත‍්ති යදිදං භගවාති ‘ජතුකණ‍්ණීති භගවා.’

කාමෙසු විනය ගෙධං - ‘කාමා’ යනු: විස්තර විසින් කාම දෙකෙකි: වස්තුකාමයෝ ද ක්ලේශකාමයෝ දැ’ යි ... මොහු වස්තුකාමයෝ යි කියනු ලැබෙති ... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. ‘ගේධ’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක්... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. කාමෙසු විනය ගෙධං යනු: කාමයෙහි තෘෂ්ණාව දුරු කරව වෙසෙසින් දුරු කරව හැර පියව විනෝදනය කරව විගතාන්ත කරව අනු අභාවයට පමුණුව යි ‘කාමෙසු විනය ගෙධං’ යනු වේ. ජතුකණ්ණීති භගවා - ‘ජතුකණ්ණි’ යනු: බුදුහු එ බමුණු ගෝත්‍රයෙන් අමතති. භගවා යනු: තෙල ගෞරවනාම යැ ... මේ ‘භගවා’ යනු අර්‍හත්ඵල ප්‍රත්‍යක්‍ෂයෙන් උපන් ප්‍රඥප්තියෙක් නුයි ‘ජතුකණ්ණී’ ති භගවා’ යනු වේ.

නෙක‍්ඛම‍්මං දට‍්ඨු ඛෙමතොති: ‘නෙක‍්ඛම‍්මන‍්ති’: සම‍්මා පටිපදං අනුලොමපටිපදං අපච‍්චනීකපටිපදං අන්‍වත්‍ථපටිපදං ධම‍්මානුධම‍්මපටිපදං සීලෙසු පරිපූරකාරිතං ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතං භොජනෙ මත‍්තඤ‍්ඤුතං ජාගරියානුයොගං සතිසම‍්පජඤ‍්ඤං චත‍්තාරො සතිපට‍්ඨානෙ චත‍්තාරො සම‍්මප‍්පධානෙ චත‍්තාරො ඉද‍්ධිපාදෙ පඤ‍්චින්‍ද්‍රියානි පඤ‍්ච බලානි සත‍්තබොජ‍්ඣඞ‍්ගෙ අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං නිබ‍්බානඤ‍්ච නිබ‍්බානගාමිනිඤ‍්ච පටිපදං ඛෙමතො තාණතො ලෙනතො සරණතො අභයතො අච‍්චුතතො අමතතො නිබ‍්බානතො දට‍්ඨුං පස‍්සිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වාති ‘නෙක‍්ඛම‍්මං දට‍්ඨු ඛෙමතො.’

නෙක්‍ඛම්මං දට්ඨු ඛෙමතො- ‘නෙක්ඛම්මං’ යනු: සම්‍යක් ප්‍රතිපදාව අනුලෝම ප්‍රතිපදාව අවිරුද්ධ ප්‍රතිපදාව අන්වර්ත්ථ ප්‍රතිපදාව ධර්‍මානුධර්‍ම ප්‍රතිපදාව ශීලයන්හි සපුරා කරන බව ඉන්‍ද්‍රියයන්හි පියන ලද දොර ඇති බව වැළඳීමෙහි පමණ දන්නා බව ජාගර්‍ය්‍යානුයෝගය ස්මෘති සම්ප්‍රජන්‍යය සතර සතිපට්ඨානයන් සතර සම්‍යක් ප්‍රධානයන් සතර ඍද්ධිපාදයන් පඤ්චේන්‍ද්‍රියයන් පඤ්චබලයන් සප්තබෝධ්‍යඞ්ගයන් ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය නිර්‍වාණය ද නිර්‍වාණගාමී ප්‍රතිපදාව ද ක්‍ෂේම හෙයින් ත්‍රාණ හෙයින් ලෙන හෙයින් සරණ හෙයින් අභය හෙයින් අච්‍යුත හෙයින් අමෘත හෙයින් නිර්‍වාණ හෙයින්, දට්ඨුං - දැක තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්‍රකට කොට නුයි ‘නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො’ යනු වේ.

උග‍්ගහිතං නිරත‍්තං වාති: ‘උග‍්ගභිත’න‍්ති: තණ‍්හාවසෙන දිට‍්ඨිවසෙන ගහිතං පරාමට‍්ඨං අභිනිවිට‍්ඨං අජ‍්ඣොසිතං අධිමුත‍්තං. නිරත‍්තං වාති: නිරස‍්සිතබ‍්බං මුඤ‍්චිතබ‍්බං පජහිතබ‍්බං විනොදෙතබ‍්බං බ්‍යන‍්තිකාතබ‍්බං අනභාවං ගමෙතබ‍්බන‍්ති උග‍්ගහිතං නිරත‍්තංවා.

උග්ගහිතං නිරත්තං වා - ‘උග්ගහිතං’ යනු: තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් ගන්නා ලද පරාමර්‍ශනය කරන ලද ඇතුළත පිවිසුණු ගිලගන්නා ලද අධිමුක්ත වූ, නිරත්තං වා යනු දුරු කළ යුතු මුදා හළ යුතු පරිත්‍යාග කළ යුතු විනෝදනය කළ (දැමිය) යුතු විගතාන්ත කළ යුතු අනු අභාවයට පැමිණවිය යුතු නුයි ‘උග්ගහිතං නිරත්තං වා’ යනු වේ.

මා තෙ විජ‍්ජිත්‍ථ කිඤ‍්චනන‍්ති රාගකිඤ‍්චනං දොසකිඤ‍්චනං මොහකිඤ‍්චනං මානකිඤ‍්චනං දිට‍්ඨිකිඤ‍්චනං කිලෙසකිඤ‍්චනං දුච‍්චරිතකිඤ‍්චනං. ඉදං කිඤ‍්චනං තුය‍්හං මා විජ‍්ජිත්‍ථ, මා සංවිජ‍්ජිත්‍ථ, පජහ විනොදෙහි බ්‍යන‍්තීකරොහි අනභාවං ගමෙහීති ‘මා තෙ විජ‍්ජිත්‍ථ කිඤ‍්චනං’

මා තෙ විජ්ජිත්‍ථ කිඤ්චනං යනු: රාග කිඤ්චනය ද්වේෂ කිඤ්චනය මෝහ කිඤ්චනය මාන කිඤ්චනය දෘෂ්ටි කිඤ්චනය ක්ලෙශකිඤ්චනය දුශ්චරිත කිඤ්චනය යන මේ කිඤ්චනය (පළිබෝධය) නහමක් තට වේවා! නහමක් මොනොවට වේවා! හැරපියව දුරලව විගතාන්ත කරව අනුඅභාවයට පමුණුව නුයි ‘මා තෙ විජ්ජිත්‍ථ කිඤ්චනං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“කාමෙසු විනය ගෙධං (ජතුකණ‍්ණීති භගවා) නෙක‍්ඛම‍්මං දට‍්ඨු ඛෙමතො, උග‍්ගහිතං නිරත‍්තං වා මා තෙ විජ‍්ජිත්‍ථ කිඤ‍්චන”න‍්ති.

“කාමෙසු විනය ගෙධං -පෙ- මා තෙ විජ්ජිත්‍ථ කිඤ්චනං” යි.