12. 2
12. 2.
12. 2.
නානා ජනා ජනපදෙහි සඞ‍්ගතා තව වීර වාක්‍යං අභිකඞ‍්ඛමානා තෙසං තුවං සාධු වියාකරොහි තථා හි තෙ විදිතො එස ධම‍්මො.
වීරයන් වහන්ස, මුඹ වහන්සේගේ වදන් කැමැති වූ නානාජනයෝ අඞ්ගාදි ජනපදයෙන් රැස්වූහු යැ, මුඹ වහන්සේ ඔවුන්ට දහම් දෙසුව මැනැවැ, යම් හෙයෙකින් තෙල දහම් මුඹ වහන්සේ විසින් දන්නා ලද ද එහෙයිනි.
නානා ජනා ජනපදෙහි සඞ‍්ගතාති: ‘නානා ජනා’ති: ඛත‍්තියා ච බ්‍රාහ‍්මණා ච වෙස‍්සා ච සුද‍්දා ච ගහට‍්ඨා ච පබ‍්බජිතා ච දෙවා ච මනුස‍්සා ච. ජනපදෙහි සඞ‍්ගතාති: අඞ‍්ගා ච මගධා ච කලිඞ‍්ගා ච කාසියා ච කොසලා ච වජ‍්ජියා ච මල‍්ලා ච චෙතියම‍්හා ච වංසා ච කුරුම‍්හා ච පඤ‍්චාලා ච මච‍්ඡා ච සූරසෙනා ච අස‍්සකා ච අවන‍්තියා ච යොනා ච කම‍්බොජා ච. සඞ‍්ගතාති: සඞ‍්ගතා සමාගතා සමොහිතා සන‍්නිපතිතාති ‘නානා ජනා ජනපදෙහි සඞ්ගතා.’
නානා ජනා ජනපදෙහි සඞ්ගතා - ‘නානා ජනා’ යනු: ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දෙවියෝ ද මනුෂ්‍යයෝ ද, ජනපදෙහි සඞ්ගතා - අඟු රටින් ද මගද රටින් ද කලිඟු රටින් ද කසී රටින් ද කොසොල් රටින් ද වැදෑරටින් ද, මල්‍ය රටින් ද චේතිය රටින් ද වත්ස රටින් ද කුරුරටින් ද පඤ්චාල රටින් ද මත්ස්‍ය ජනපදයෙන් ද සූරසේන ජනපදයෙන් ද අස්සක රටින් ද අවන්ති රටින් ද යොන් රටින් ද කාම්බෝජ රටින් ද, සඞ්ගතා යනු: එක් වූවාහු රැස්වූවාහු මුළු වූවාහු එක්රැස් වූවාහු නු යි ‘නානා ජනා ජනපදෙහි සඞ්ගතා’ යනු වේ.
තව වීර වාක්‍යං අභිකඞ‍්ඛමානාති: ‘වීරා’ති වීරො භගවා, විරියවා සොති වීරො, පහූති වීරො, විසවීති වීරො, අලමත‍්තොති වීරො -පෙ- විගතලොමහංසොති වීරො.
තව වීර වාක්‍යං අභිකඞ්ඛමානා - ‘වීර’ යනු: බුදුහු වීරයහ වීර්‍ය්‍යවත් නුයි වීරයහ ප්‍රභූවූවාහු නුයි වීරයහ විවිධගුණ වහනය කෙරෙත් නුයි වීරයහ සමර්ත්ථ සිත් ඇත්තාහු නුයි වීරයහ ... විගතලොමහර්ෂ ඇත්තාහු නුයි වීරයහ.
1. “විරතො ඉධ සබ‍්බපාපකෙහි නිරයදුක‍්ඛමතිච‍්ච විරියවා සො, සො විරියවා පධානවා වීරො තාදී පවුච‍්චතෙ තථත‍්තා”ති.
1. මෙලොව්හි හැම පාපයන්ගෙන් වෙන් වූයේ (එහෙයින් මැ) නිරෑදුක් ඉක්මසිටී, වීර්‍ය්‍යයට නිවාස වූ, ඒ ක්‍ෂීණාස්‍රව තෙම වීර්‍ය්‍ය ඇත්තේ වෙයි. එබඳු වූයේ ප්‍රධන්වීර්‍ය්‍ය ඇත්තේ යැ වීර යැ (නිර්විකාර බැවින්) තාදී යැ යි කියනු ලැබේ.
තව වීර වාක්‍යං අභිකඞ‍්ඛමානාති: තුය‍්හං වචනං බ්‍යප‍්පථං දෙසනං අනුසිට‍්ඨිං. අභිකඞ‍්ඛමානාති: අභිකඞ‍්ඛමානා ඉච‍්ඡමානා සාදියමානා පත්‍ථයමානා පිහයමානා අභිජප‍්පමානාති ‘තව වීර වාක්‍යං අභිකඞ‍්ඛමානා. ‘
තව වීර වාක්‍යං අභිකඞ්ඛමානා - මුඹ වහන්සේ ගේ වචනය වාඞ්මාර්‍ගය දේශනාව අනුශාසනාව, අභිකඞ්ඛමානා - කැමැති වන්නාහු ඉස්නාහු ආස්වාද කරන්නාහු ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු රුස්නාහු අභිජල්පනය කරන්නාහු නුයි ‘තව වීර වාක්‍යං අභිකඞ්ඛමානා’ යනු වේ.
තෙසං තුවං සාධු වියාකරොහීති: ‘තෙස’න‍්ති තෙසං ඛත‍්තියානං බ්‍රාහ‍්මණානං වෙස‍්සානං සුද‍්දානං ගහට‍්ඨානං පබ‍්බජිතානං දෙවානං මනුස‍්සානං. තුවන‍්ති: භගවන‍්තං භණති. සාධු වියාකරොහීති: සාධු ආචික‍්ඛාහි දෙසෙහි පඤ‍්ඤපෙහි පට‍්ඨපෙහි විවරාහි විභජාහි උත‍්තානීකරොහි පකාසෙහීති ‘තෙසං තුවං සාධු වියාකරොහි.’
තෙසං තුවං සාධු වියාකරොහි - ‘තෙසං’ යනු: ඒ ක්‍ෂත්‍රියයන්ගේ බ්‍රාහ්මණයන්ගේ වෛශ්‍යයන් ගේ ශුද්‍රයන් ගේ ගිහියන් ගේ පැවිද්දන්ගේ දෙවියන්ගේ මිනිසුන්ගේ, ‘තුවං’ යි භාග්‍යවතුන් (සඳහා) බෙණෙයි. සාධු වියාකරොහි - මැනැවින් වදාළ මැනැව දෙසනු මැනැව පනවනු මැනැව පිහිටුවනු මැනැව විවරණ කළ මැනැව විභාග කළ මැනැව ප්‍රකට කළ මැනැව ප්‍රකාශ කළ මැනැවැ යි ‘තෙසං තුවං සාධු වියාකරොහි’ යනු වේ.
තථා හි තෙ විදිතො එස ධම‍්මොති: ‘තථා හි තෙ විදිතො තුලිතො තීරිතො විභූතො විභාවිතො එස ධම‍්මොති ‘තථා හි තෙ විදිතො එස ධම‍්මො.’
තථා හි තෙ විදිතො එස ධම්මෝ - යම් හෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දහම එපරිද්දෙන් දන්නාලද ද තුලනය කරනලද ද තීරණය කරන ලද ද ප්‍රකට කරන ලද ද විභාවන කරන ලද ද එහෙයිනැ යි.
තෙනාහ සො බ්‍රාහ‍්මණො:
එයින් කී යැ එ බමුණු:
“නානා ජනා ජනපදෙහි සඞ‍්ගතා තව වීර වාක්‍යං අභිකඞ‍්ඛමානා, තෙසං තුවං සාධු වියාකරොහි තථා හි තෙ විදිතො එස ධම‍්මො”ති.
“නානා ජනා ජනපදෙහි -පෙ- තථා හි තෙ විදිතො එස ධම්මෝ” යි.