යෙදුමෙන් කියවන්න

12. 3

12. 3.

12. 3.

ආදාන තණ‍්හං විනයෙථ සබ‍්බං (භද්‍රාවුධාති භගවා) උද‍්ධං අධො තිරියඤ‍්චාපි මජ‍්ඣෙ, යං යං හි ලොකස‍්මිං උපාදියන‍්ති තෙනෙව මාරො අන්‍වෙති ජන‍්තුං.

(බුදුහු මෙසේ වදාළහ: භද්‍රාවුධය,) අතීතානාගතවර්‍තමානයෙහි වූ හැම ආදානතෘෂ්ණාව (තෘෂ්ණොපාදානය) දුරු කරවු, යම් හෙයකින් ලොවැ (අතීතරූපාදි) යම් යම් වස්තුවක් දැඩි කොට ගනිත් ද එහෙයින් මැ ස්කන්‍ධමාර තෙම සත්ත්‍වයා අනු වැ යේ.

ආදානතණ‍්හං විනයෙථ සබ‍්බන‍්ති: ‘ආදානතණ‍්හා වුච‍්චති රූපතණ‍්හා -පෙ- ආදානතණ‍්හාති කිං කාරණා වුච‍්චති ආදානතණ‍්හා: තාය තණ‍්හාය රූපං ආදියන‍්ති උපාදියන‍්ති ගණ‍්හන‍්ති පරාමසන‍්ති අභිනිවිසන‍්ති, වෙදනං-සඤ‍්ඤං-සංඛාරෙ-විඤ‍්ඤාණං-ගතිං-උප‍්පත‍්තිං-පටිසන්‍ධිං-භවං-සංසාරං-වට‍්ටං-ආදියන‍්ති උපාදියන‍්ති ගණ‍්හන‍්ති පරාමසන‍්ති අභිනිවිසන‍්ති තංකාරණා වුච‍්චති ආදානතණ‍්හා. විනයෙථ සබ‍්බන‍්ති: සබ‍්බං ආදානතණ‍්හං විනයෙය්‍ය පටිවිනෙය්‍ය පජහෙය්‍ය විනොදෙය්‍ය බ්‍යන‍්තීකරෙය්‍ය අනභාවං ගමෙය්‍යාති ‘ආදානතණ‍්හං විනයෙථ සබ‍්බං. භද්‍රාවුධා’ති භගවා -පෙ-

ආදානතණ්හං විනයෙථ සබ්බං - ‘ආදානතණ්හා’ යි රූපතෘෂ්ණාව කියනු ලැබෙයි .. ආදාන තණ්හා - යි කවර කරුණෙකින් ‘ආදානතණ්හා’ යි කියනු ලැබේ ද යත්: ඒ තෘෂ්ණායෙන් රූපය ආදානය කෙරෙති උපාදානය කෙරෙති ගනිති පරාමර්‍ශය කෙරෙති අභිනිවේශය කෙරෙත්. වේදනාව- සංඥාව- සංස්කාරයන් - විඥානය - ගතිය - උත්පත්තිය - ප්‍රතිසන්‍ධිය - භවය - සංසාරය වර්‍තය ආදානය උපාදානය ග්‍රහණය පරාමර්‍ශය අභිනිවේශය කෙරෙත්. එ කරුණෙන් ‘ආදානතණ්හා’ යි කියනු ලැබේ. විනයෙථ සබ්බං - සියලු ආදානතෘෂ්ණාව හරනේ යැ වෙසෙසින් හරනේ යැ දුරු කරන්නේ යැ බැහැර කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනු අභාවයට පමුණු වන්නේ නුයි ‘ආදානතණ්හං විනයෙථ සබ්බං’ යනු වේ. භද්‍රාවුධා’ ති භගවා......

උද‍්ධං අධො තිරියඤ‍්චාපි මජ‍්ඣෙති: ‘උද‍්ධං’ වුච‍්චති අනාගතං, අධො වුච‍්චති අතීතං, තිරියං චාපි මජ‍්ඣෙති පච‍්චුප‍්පන‍්නං. උද‍්ධන‍්ති දෙවලොකො, අධොති නිරයලොකො, තිරියඤ‍්චාපි මජ‍්ඣෙති මනුස‍්සා ලොකො. උද‍්ධන‍්ති කුසලා ධම‍්මා, අධොති අකුසලා ධම‍්මා, තිරියඤ‍්චාපි මජ‍්ඣෙති අව්‍යාකතා ධම‍්මා, උද‍්ධන‍්ති සුඛා වෙදනා, අධොති දුක‍්ඛා වෙදනා තිරියඤ‍්චාපි මජ‍්ඣෙති අදුක‍්ඛමසුඛා වෙදනා. උද‍්ධන‍්ති අරූපධාතු අධොති කාමධාතු, තිරියඤ‍්චාපි මජ‍්ඣෙති රූපධාතු. උද‍්ධන‍්ති උද‍්ධං පාදතලා, අධොති අධො කෙසමත්‍ථකා, තිරියඤ‍්චාපි මජ‍්ඣෙති වෙමජ‍්ඣෙති ‘උද‍්ධං අධො තිරියඤ‍්චාපි මජ‍්ඣෙ.’

උද්ධං අධෝ තිරියඤ්චා’පි මජ්ඣෙ- ‘උද්ධං’ යි අනාගතය කියනු ලැබෙයි, අධෝ යි අතීතය කියනු ලැබෙයි, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු වර්තමානය යි. උද්ධං යනු දේවලෝක යැ, අධෝ යනු නිරයලෝක යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු මනුෂ්‍යලෝක යි. උද්ධං යනු කුශලධර්‍මයෝ යැ, අධෝ යනු අකුශලධර්‍මයෝ යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු අව්‍යාකෘත ධර්‍මයෝ යි. උද්ධං යනු සුඛවේදනා යැ, අධෝ යනු දුඃඛවේදනා යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු උපෙක්ෂා වේදනා යි. උද්ධං යනු අරූපධාතු යැ, අධෝ යනු කාමධාතු යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු රූපධාතු යි. උද්ධං යනු පාදතලයෙන් උඩ යැ, අධෝ යනු කේශමස්තකයෙන් යට යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු වෙමධ්‍යයෙහි නුයි ‘උද්ධං අධෝ තිරියඤ්චා’පි මජ්ඣෙ’ යනු වේ.

යං යං හි ලොකස‍්මිං උපාදියන‍්තීති: යං යං රූපගතං වෙදනාගතං සඤ‍්ඤාගතං සඞ‍්ඛාරගතං විඤ‍්ඤාණගතං ආදියන‍්ති උපාදියන‍්ති ගණ‍්හන‍්ති පරාමසන‍්ති අභිනිවිසන‍්ති. ලොකස‍්මින‍්ති: අපායලොකෙ -පෙ- ආයතනලොකෙති ‘යං යං හි ලොකස‍්මිං උපාදියන‍්ති.’

යං යං හි ලෝකස්මිං උපාදියන්ති- යම් යම් රූපගතයක් වෙදනාගතයක් සංඥාගතයක් සංස්කාරගතයක් විඥානගතයක් ආදානය උපාදානය ග්‍රහණය පරාමර්‍ශය අභිනිවෙෂය කෙරෙත් ද, ලෝකස්මිං යනු: අපායලෝකයෙහි ... ආයතනලෝකයෙහි නුයි ‘යං යං හි ලෝකස්මිං උපාදියන්ති’ යනු වේ.

තෙනෙව මාරො අන්‍වෙති ජන‍්තුන‍්ති: තෙනෙව කම‍්මාභිසඞ‍්ඛාරවසෙන පටිසන්‍ධිකො ඛන්‍ධමාරො ධාතුමාරො ආයතනමාරො ගතිමාරො උප‍්පත‍්තිමාරො පටිසන්‍ධිමාරො භවමාරො සංසාරමාරො වට‍්ටමාරො අන්‍වෙති අනුගච‍්ඡති අන්‍වායිකො හොති. ජන‍්තුන‍්ති සත‍්තං නරං මාණවං පොසං පුග‍්ගලං ජීවං ජාගුං ජන‍්තුං ඉන්‍දගුං (හින්‍දගුං) මනුජන‍්ති තෙනෙව මාරො අන්‍වෙති ජන‍්තුං.

තෙනෙව මාරො අන්වෙති ජන්තුං- එ මැ (උපාදාන ප්‍රත්‍යයෙන් උපන්) කර්මාභිසංස්කාරයන්ගේ වශයෙන් ප්‍රතිසන්ධික වූ ස්කන්ධමාර ධාතුමාර ආයතනමාර ගතිමාර උපපත්තිමාර ප්‍රතිසන්ධිමාර භවමාර සංසාරමාර වෘත්තමාර තෙමේ අනු වැ යෙයි අනුගමනය කෙරෙයි අනු වැ යන්නේ වේ. ජන්තු යනු: සත්ත්‍ව- නර- මාණව- පුරුෂ- පුද්ගල- ජීව- ජාගු- ජන්තු- ඉන්දගු- (හින්දගු) මනුජයා නුයි ‘තෙනෙව මාරො අන්වෙති ජන්තුං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“ආදානතණ‍්හං විනයෙථ සබ‍්බං (භද්‍රාවුධාති භගවා) උද‍්ධං අධො තිරියඤ‍්චාපි මජ‍්ඣෙ, යං යං හි ලොකස‍්මිං උපාදියන‍්ති තෙනෙව මාරො අන්‍වෙති ජන‍්තුන‍්ති.

“ආදානතණ්හං -පෙ- තෙනෙව මාරො අන්වෙති ජන්තුං” යි.