යෙදුමෙන් කියවන්න

12. 4

12. 4.

12. 4.

තස‍්මා පජානං න උපාදියෙථ භික‍්ඛු සතො කිඤ‍්චනං සබ‍්බලොකෙ, ආදානසත‍්තෙ ඉති පෙක‍්ඛමානො පජං ඉමං මච‍්චුධෙය්‍යෙ විසත‍්තං.

එහෙයින් ස්මෘතිමත් වූ (සංස්කාරයන් අනිත්‍යාදි වශයෙන්) දන්නා වූ මහණ තෙම මේ ප්‍රජාව මෘත්‍යුධෙයයෙහි ඇලිනැ’යි දක්මින් (රූපාදි) ආදානයෙහි ඇලුණු සියලු ලොවැ (රූපාදි) කිසිවක් නො ගන්නේ යැ’ යි.

තස‍්මා පජානං න උපාදියෙථාති: ‘තස‍්මා’ති: තස‍්මා තංකාරණා තංහෙතු තංපච‍්චයා තන‍්නිදානා, එතං ආදීනවං සම‍්පස‍්සමානො ආදානතණ‍්හායා’ති ‘තස‍්මා’. පජානන‍්ති: ජානන‍්තො පජානන‍්තො ආජානන‍්තො විජානන‍්තො පටිවිජානන‍්තො පටිවිජ‍්ඣන‍්තො, සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා’ති ජානන‍්තො පජානන‍්තො ආජානන‍්තො විජානන‍්තො පටිවිජානන‍්තො පටිවිජ‍්ඣන‍්තො, ‘සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛා’ති -පෙ- ‘යං කිඤ‍්චි සමුයදධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්ම’න‍්ති ජානන‍්තො පජානන‍්තො ආජානන‍්තො විජානන‍්තො පටිවිජානන‍්තො පටිවිජ‍්ඣන‍්තො. න උපාදියෙථාති රූපං නාදියෙය්‍ය න උපාදියෙය්‍ය න ගණ‍්හෙය්‍ය න පරාමසෙය්‍ය නාභිනිවිසෙය්‍ය වෙදනං-සඤ‍්ඤං-සඞ‍්ඛාරෙ-විඤ‍්ඤාණං-ගතිං-උප‍්පත‍්තිං-පටිසන්‍ධිං-භවං-සංසාරං-වට‍්ටං නාදියෙය්‍ය න උපාදියෙය්‍ය න ගණ‍්හෙය්‍ය න පරාමසෙය්‍ය නාභිනිවිසෙය්‍යා ති ‘තස‍්මා පජානං න උපාදියෙථ.’

තස්මා පජානං න උපාදියෙථ- ‘තස්මා’ යනු: එහෙයින් එ කරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් ආදානතෘෂ්ණාව පිළිබඳ වූ තෙල ආදීනවය දක්නේ නුයි ‘තස්මා’ යනු වේ. පජානං යනු දන්නේ ප්‍රකර්‍ෂයෙන් දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ ප්‍රතිජානනය කරන්නේ ප්‍රතිවේධ කරනුයේ, සියලු සංස්කාරයෝ අනිත්‍යහ’යි දන්නේ ප්‍රකර්‍ෂයෙන් දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ ප්‍රතිජානනය කරන්නේ ප්‍රතිවේධ කරනුයේ, සියලු සංස්කාරයෝ දුඃඛහ’යි ... යම් කිසි සමුදය ධර්‍මයෙක් වේ නම් එ හැම නිරුද්ධ වන ස්වභාවය ඇතැ’යි දන්නේ ප්‍රකර්‍ෂයෙන් දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ ප්‍රතිජානනය කරන්නේ ප්‍රතිවේධ කරනුයේ, න උපාදියෙථ යනු: රූපය නො ගන්නේ යැ උපාදානය නො කරන්නේ යැ ග්‍රහණය නො කරන්නේ යැ අභිනිවේශය නො කරන්නේ යැ, වේදනාව- සංඥාව- සංස්කාරයන්- විඥානය- ගතිය- උපප්‍රාප්තිය- ප්‍රතිසන්‍ධිය- භවය- සංසාරය- වර්ත්තය- ආදානය නො කරන්නේ යැ උපාදානය- ග්‍රහණය- පරාමර්‍ශය- අභිනිවේශය නො කරන්නේ නුයි ‘තස්මා පජානං න උපාදියෙථ’ යනු වේ.

භික‍්ඛු සතො කිඤ‍්චනං සබ‍්බලොකෙති: භික‍්ඛූති පුථුජ‍්ජනකල්‍යාණකො වා භික‍්ඛු සෙඛො වා භික‍්ඛු. සතොති චතූහි කාරණෙහි සතො: කායෙ කායානුපස‍්සනා සතිපට‍්ඨානං භාවෙන‍්තො සතො -පෙ- සො වුච‍්චති සතොති ‘භික‍්ඛු සතො’. කිඤ‍්චනන‍්ති: කිඤ‍්චි රූපගතං වෙදනාගතං සඤ‍්ඤාගතං සඞ‍්ඛාරගතං විඤ‍්ඤාණගතං. සබ‍්බලොකෙති: සබ‍්බඅපායලොකෙ සබ‍්බමනුස‍්සලොකෙ සබ‍්බදෙවලොකෙ සබ‍්බඛන්‍ධලොකෙ සබ‍්බධාතුලොකෙ සබ‍්බආයතනලොකෙති ‘භික‍්ඛුසතො කිඤ‍්චනං සබ‍්බලොකෙ.’

භික්ඛු සතෝ කිඤ්චනං සබ්බලොකෙ- ‘භික්ඛු’ යනු: පෘථග්ජන කල්‍යාණ භික්‍ෂු හෝ ශෛක්‍ෂ භික්‍ෂු හෝ යැ. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ කයෙහි කායානුපස්සනාව සීවටන් වඩමින් සිහි ඇතියේ... හේ සිහි ඇතියේ යැ යි කියනු ලැබේනුයි ‘භික්ඛු සතෝ’ යනු වේ. ‘කිඤ්චනං’ යනු: කිසි රූපගතයක් වෙදනාගතයක් සංඥාගතයක් සංස්කාරගතයක් විඥානගතයක්. ‘සබ්බලොකෙ’ යනු: සියලු අපාය ලෝකයෙහු සියලු මනුෂ්‍යලෝකයෙහි සියලු දේවලෝකයෙහි සියලු ස්කන්‍ධලෝකයෙහි සියලු ධාතුලෝකයෙහි සියලු ආයතනලෝකයෙහි නුයි ‘භික්ඛු සතෝ කිඤ්චනං සබ්බලොකෙ’ යනු වේ.

ආදානසත‍්තෙ ඉති පෙක‍්ඛමානොති: ‘ආදානසත‍්තා’ වුච‍්චන‍්ති යෙ රූපං ආදියන‍්ති උපාදියන‍්ති ගණ‍්හන‍්ති පරාමසන‍්ති අභිනිවිසන‍්ති, වෙදනං-සඤ‍්ඤං-සංඛාරෙ-විඤ‍්ඤාණං-ගතිං-උප‍්පත‍්තිං-පටිසන්‍ධිං-භවං-සංසාරං-වට‍්ටං ආදියන‍්ති උපාදියන‍්ති ගණ‍්හන‍්ති පරාමසන‍්ති අභිනිවිසන‍්ති. ඉතීති පදසන්‍ධි -පෙ- පදානුපුබ‍්බතා මෙතං ඉතීති. පෙක‍්ඛමානොති දක‍්ඛමානො දිස‍්සමානො පස‍්සමානො ඔලොකියමානො නිජ‍්ඣායමානො උපනිජ‍්ඣායමානො උපපරික‍්ඛමානොති ‘ආදානසත‍්තෙ ඉති පෙක‍්ඛමානො’.

ආදානසත්තෙ ඉති පෙක්ඛමානො- යම් කෙනෙක් රූපය ආදානය කෙරෙත් ද උපාදානය ග්‍රහණය පරාමර්‍ශය අභිනිවේශය කෙරෙත් ද, වේදනාව- සංඥාව- සංස්කාරයන්- විඥානය- ගතිය- උපප්‍රාප්තිය- ප්‍රතිසන්‍ධිය- භවය- සංසාරය- වර්‍තය- ආදානය කෙරෙත් ද, උපාදානය- ග්‍රහණය- පරාමර්‍ශය- අභිනිවේශය කෙරෙත් ද ඔහු ‘ආදානසත්ත’ කියනු ලැබෙත්. ඉති යනු පද සන්‍ධි යැ ... පදානුපූර්‍වතා යැ තෙල ‘ඉති’ යනු. පෙක්ඛමානො- දක්නේ බලනුයේ අවලෝකනය කරනුයේ සිතනුයේ පුනපුනා සිතනුයේ පිරික්සනුයේ නුයි ‘ආදාන සත්තෙ ඉති පෙක්ඛමානො’ යනු වේ.

පජං ඉමං මච‍්චුධෙය්‍යෙ විසත‍්තන‍්ති: ‘පජාති සත‍්තාධිවචනං’ මච‍්චුධෙය්‍යා වුච‍්චන‍්ති කිලෙසා ච ඛන්‍ධා ච අභිසඞ‍්ඛාරා ච. පජා මච‍්චුධෙය්‍යෙ මාරධෙය්‍යෙ මරණධෙය්‍යෙ සත‍්තා විසත‍්තා ලග‍්ගා ලග‍්ගිතා පළිබුද‍්ධා. යථා භිත‍්තිඛිලෙ වා නාගදන‍්තෙ වා භණ‍්ඩං සත‍්තං විසත‍්තං ආසත‍්තං ලග‍්ගං ලග‍්ගිතං පළිබුද‍්ධං, එවමෙවං පජා මච‍්චුධෙය්‍යෙ මාරධෙය්‍යෙ මරණධෙය්‍යෙ සත‍්තා විසත‍්තා ආසත‍්තා ලග‍්ගා ලග‍්ගිතා පළිබුද‍්ධාති පජං ඉමං මච‍්චුධෙය්‍යෙ විසත‍්තං.’

පජං ඉමං මච්චුධෙය්‍යෙ විසත්තං - ‘පජා’ යනු: සත්ත්‍වයනට නමෙකි. මච්චුධෙය්‍යෙ යි ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද කියනු ලැබෙත්. ප්‍රජා තොමෝ මෘත්‍යුධෙයයෙහි මාරධෙයයෙහි මරණධෙයයෙහි ඇලුණී යැ වෙසෙසින් ඇලුණී යැ හාත්පසින් ඇලුණී යැ ලග්න වූ යැ ලග්නිත වූ යැ පරිරෝධ වූ යැ යම්සේ භිත්ති ඛිලයෙකැ හෝ නාගදන්තයෙකැ හෝ භාණ්ඩයෙක් සක්ත විසක්ත ආසක්ත ලග්න ලග්නිත පරිරුද්ධ වේ ද එසෙයින් ප්‍රජා තොමෝ මෘත්‍යුධෙයයෙහි මාරධෙයයෙහි මරණධෙයයෙහි සක්ත යැ විසක්ත යැ ආසක්ත යැ ලග්න යැ ලග්නිත යැ පරිරුද්ධ නු යි ‘පජං ඉමං මච්චුධෙය්‍යෙ විසත්තං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“තස‍්මා පජානං න උපාදියෙථ භික‍්ඛු සතො කිඤ‍්චනං සබ‍්බලොකෙ, ආදානසත‍්තෙ ඉති පෙක‍්ඛමානො පජං ඉමං මච‍්චුධෙය්‍යෙ විසත‍්ත”න‍්ති.

“තස්මා පජානං න උපාදියෙථ -පෙ- පජං ඉමං මච්චුධෙය්‍යෙ විසත්තං” යි.

සහ ගාථා පරියොසානා -පෙ- සත්‍ථා මෙ භන‍්තෙ, භගවා සාවකො හමස‍්මී’ති.

ගාථා පර්‍ය්‍යාවසානය හා සමග ... වහන්ස, බුදුහු මාගේ ශාස්තෘ යැ, මම් ශ්‍රාවකයෙමි’යි.

භද්‍රාවුධ සුත‍්තනිද‍්දෙසො සමත‍්තො.

භද්‍රාවුධ සූත්‍රනිර්දේශය නිමි.