යෙදුමෙන් කියවන්න

13. 1

13. 1.

13. 1.

ඣායිං විරජමාසීනං (ඉච‍්චායස‍්මා උදයො) කතකිච‍්චං අනාසවං, පාරගුං සබ‍්බධම‍්මානං, අත්‍ථි පඤ‍්හෙන ආගමං අඤ‍්ඤාවිමොක‍්ඛං පබ්‍රූහි අවිජ‍්ජායපභෙදනං.

(ආයුෂ්මත් උදය මෙසේ විචාරයි:) ධ්‍යාන කරන සුලු වූ විගතරජස් ඇති වැ වැඩහුන් සිව්මඟින් කළ (සොළොස් වැදෑරුම්) කිස ඇති අනාස්‍රව සියලු ධර්‍මයන් ගේ පරතෙර පැමිණි භාග්‍යවතුන් වහන්සේ කරා ප්‍රශ්නයෙන් අර්ත්‍ථී වැ ආයෙමි, අවිද්‍යාව බිඳුනා අඤ්ඤාවිමොක්ඛ සඞ්ඛ්‍යාත නිවන වදාළ මැනැව.

ඣායිං විරජමාසීනන‍්ති: ඣායීති ඣායී භගවා, පඨමෙනපි ඣානෙන ඣායී, දුතියෙනපි ඣානෙන ඣායී, තතියෙනපි ඣානෙන ඣායී, චතුත්‍ථෙනපි ඣානෙන ඣායී, සවිතක‍්ක සවිචාරෙනපි ඣානෙන ඣායී, අවිතක‍්ක විචාරමත‍්තෙනපි ඣානෙන ඣායී, අවිතක‍්කඅවිචාරෙනපි ඣානෙන ඣායී, සප‍්පීතිකෙනපි ඣානෙන ඣායී, නිප‍්පීතිකෙනපි ඣානෙන ඣායී, සාතසහගතෙනපි ඣානෙන ඣායී, උපෙක‍්ඛාසහගතෙනපි ඣානෙන ඣායී, සුඤ‍්ඤතෙනපි ඣානෙන ඣායී, අනිමිත‍්තෙනපි ඣානෙන ඣායී, අප‍්පණිහිතෙනපි ඣානෙන ඣායී, ලොකියෙනපි ඣානෙන ඣායී, ලොකුත‍්තරෙනපි ඣානෙන ඣායී. ඣානරතො එකත‍්තමනුයුත‍්තො සදත්‍ථගරුකොති ඣායී. විරජන‍්ති: රාගො රජො, දොසො රජො, මොහො රජො, කොධො රජො, උපනාහො රජො -පෙ- සබ‍්බාකුසලාභිසංඛාරා රජා. තෙ රජා බුද‍්ධස‍්ස භගවතො පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. තස‍්මා බුද‍්ධො අරජො විරජො නිරජො රජාපගතො රජවිප‍්පහීනො රජවිප‍්පමුත‍්තො සබ‍්බරජවීතිවත‍්තො.

ඣායිං විරජමාසීනං- “ඣායී” යනු: බුදුහු ධ්‍යාන කරන සුල්ලහ. ප්‍රථම ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, ද්විතීය ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, තෘතීය ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, චතුර්ථධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, සවිතර්‍ක සවිචාරධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, අවිතර්‍කවිචාරමාත්‍ර ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, අවිතර්‍ක අවිචාර ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, සප්‍රීතික ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, නිෂ්ප්‍රීතික ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, සුඛවේදනා සහගත ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, උපේක්‍ෂාසහගත ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, ශුන්‍යත වූ ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, අනිමිත්ත වූ ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, අප්‍රණිහිත වූ ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, ලෞකික ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, ලෝකෝත්තර ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, ධ්‍යානයෙහි ඇලුණාහු යැ එකත්වයෙහි යෙදුණාහු යැ, ස්වාර්‍ත්‍ථ සඞ්ඛ්‍යාත අර්‍හත්‍වය ගරු කරන්නාහු නුයි ‘ඣායී’ නම් වෙත්. විරජං යනු: රාගය රජසෙක, ද්වේෂය රජසෙක, මෝහය රජසෙක, ක්‍රෝධය රජසෙක, බද්ධවෛරය රජසෙක ... හැම අකුශලාභිසංස්කාරයෝ රජස්හු යැ, ඒ රජස්හු භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහාණය කරන ලද්දාහු මුලුසුන් කරන ලද්දාහු මුල් උදුළ තල්වත්තක් සෙයින් කරන ලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු ආයතිභවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු කෙලෙස් නැතියහ පහවූ කෙලෙස් ඇතියහ බැහැර කළ කෙලෙස් ඇතියහ කෙලෙසින් දුරු වූහ කෙලෙස් ප්‍රහීණයහ කෙලෙසින් මිදුණහ හැම කෙලෙසුන් ඉක්ම සිටිහය.

1. “රාගො රජො න ච පන රෙණු වුච‍්චති රාගස‍්සෙතං අධිවචනං රජොති, එතං රජං විප‍්පජහිත්‍ව චක‍්ඛුමා තස‍්මා ජිනො විගතරජොති වුච‍්චති.

1. රාගය රජසෙකි. ධූලි වූකලි ‘රජස්’ යි නොද කියනු ලැබෙයි, තෙල ‘රජස්’ යනු රාගයට නමෙකි. යම්හෙයෙකින් පසැස් ඇති බුදුහු තෙල රාග රජස දුරු කොට සිටිසේක් ද එහෙයින් පස්මරුන් දිනූ බුදුහු ‘පහවූ රාග රජස් ඇත්තාහ’යි කියනු ලැබෙති.

2. දොසො රජො න ච පන රෙණු වුච‍්චති දොසස‍්සෙතං අධිවචනං රජොති, එතං රජං විප‍්පජහිත්‍ව චක‍්ඛුමා තස‍්මා ජිනො විගතරජොති වුච‍්චති.

2. ද්වේෂය රජසෙකි. ධූලි වූකලි ‘රජස්’ යි නොද කියනු ලැබෙයි, තෙල ‘රජස්’ යනු ද්වේෂයට නමෙකි. යම්හෙයෙකින් පසැස් ඇති බුදුහු තෙල ද්වෙෂරජස දුරු කොට සිටිසේක් ද එහෙයින් පස්මරුන් දිනූ බුදුහු ‘පහවූ ද්වේෂ රජස් ඇත්තාහ’යි කියනු ලැබෙති.

3. මොහො රජො න ච පන රෙණු වුච‍්චති මොහස‍්සෙතං අධිවචනං රජොති, එතං රජං විප‍්පජහිත්‍ව චක‍්ඛුමා තස‍්මා ජිනො විගතරජොති වුච‍්චතී”ති.

3. මෝහය රජසෙකි. ධූලි වූකලි ‘රජස්’ යි නොද කියනු ලැබෙයි, තෙල ‘රජස්’ යනු මෝහයට නමෙකි. යම්හෙයෙකින් පසැස් ඇති බුදුහු තෙල මොහරජස දුරු කොට සිටිසේක් ද එහෙයින් පස්මරුන් දිනූ බුදුහු ‘පහවූ මෝහරජස් ඇත්තාහ’යි කියනු ලැබෙත් නුයි.

විරජං.

‘විරජං’ යනු වේ.

ආසීනන‍්ති: නිසින‍්නො භගවා පාසාණකෙ චෙතියෙති ආසීනො.

ආසීනං යනු: බුදුහු පහණ සෑයෙහි වැඩහුන්නාහු නුයි “ආසීන” වූහ.

4. “නගස‍්ස පස‍්සෙ ආසීනං මුනිං දුක‍්ඛස‍්ස පාරගුං, සාවකා පයිරුපාසන‍්ති තෙවිජ‍්ජා මච‍්චුහායිනො”ති.

4. පර්වතපාර්ශ්වයෙහි වැඩහුන් වෘත්තදුඃඛයාගේ පරතෙරට ගිය මුනිහු ත්‍රිවිද්‍යා ඇති පස්මරුන් දුරු කළ ශ්‍රාවකයෝ ඇසුරු කෙරෙත් නුයි,

එවම‍්පි භගවා ආසීනො, අථවා භගවා සබ‍්බොස‍්සුක‍්කපටිප‍්පස‍්සද‍්ධත‍්තා ආසීනො, වුත්‍ථවාසො සො වුත්‍ථවාසො චිණ‍්ණචරණො -පෙ- ජාතිමරණසංසාරො-නත්‍ථි තස‍්ස පුනබ‍්භවො”ති. එවම‍්පි භගවා ආසීනොති ඣායිං විරජමාසීනං ඉච‍්චායස‍්මා උදයො -පෙ-

මෙසේත් බුදුහු ‘ආසීන’ වූහ. නොහොත් බුදුහු සියලු ක්ලේශොත්සුකයන් දුරැ ලූ හෙයින් “ආසීනයහ. වැස නිමවූ ආර්‍ය්‍යවාස ඇත්තාහු පරිචිත වූ චරණධර්‍ම ඇත්තාහ ... ඒ භාග්‍යවත්හට පුනර්‍භව සඞ්ඛ්‍යාත වූ ජාතිමරණ සංසාරය නැත් නුයි මෙසේත් බුදුහු ‘ආසීන’ වූවාහු නුයි “ඣායිං විරජමාසීනං” යනු වේ. මෙසෙයින් ආයුෂ්මත් උදය ...

කතකිච‍්චං අනාසවන‍්ති: බුද‍්ධස‍්ස භගවතො කිච‍්චාකිච‍්චං කරණීයාකරණීයං පහීනං උච‍්ඡින‍්නමූලං තාලාවත්‍ථුකතං අනභාවකතං ආයතිං අනුප‍්පාදධම‍්මං, තස‍්මා බුද‍්ධො කතකිච‍්චො.

කතකිච්චං අනාසවං යනු: භාග්‍යවත් බුදුන් විසින් කෘත්‍යාකෘත්‍යය කටයුතු නො කටයුතු ප්‍රහීණ යැ, උසුන්මුල් ඇත්තේ යැ, මුල් උදුළ තාල වස්තුවක් මෙන් කරන ලද, අනු අභාවය කරන ලද, මත්තෙහි නූපදනා සැහැවි ඇත්තේ යි එහෙයින් බුදුහු කෘත්‍යකෘත්‍යයහ.

5. “යස‍්ස ච විසතා නත්‍ථි ඡින‍්නසොතස‍්ස භික‍්ඛුනො. කිච‍්චාකිච‍්චපහීනස‍්ස පරිළාහො න විජ‍්ජතී”ති

5. සිඳුනාලද තෘෂ්ණාස්‍රොතස් ඇති යම් මහණක්හට රූපාදියෙහි පැතුරුණු තෘෂ්ණා නැද්ද, කෘත්‍යාකෘත්‍ය ප්‍රහීණ කළ ඒ මහණහට (ක්ලේශ) පරිදාහයෙක් නැතැ’යි.

කතකිච‍්චං අනාසවන‍්ති: ‘ආසවා’ති චත‍්තාරො ආසවා: කාමාසවො භවාසවො දිට‍්ඨාසවො අවිජ‍්ජාසවො. තෙ ආසවා බුද‍්ධස‍්ස භගවතො පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා තස‍්මා බුද‍්ධො අනාසවොති ‘කතකිච‍්චං අනාසවං.’

කතකිච්චං අනාසවං- ‘අනාසවා’ යනු: ආස්‍රව සතරෙකි: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ට්‍යාස්‍රව යැ අවිද්‍යාස්‍රව යි. ඒ ආස්‍රවයෝ භාග්‍යවත් බුදුනට ප්‍රහීණයෝ යැ උසුන් මුල් ඇත්තාහු යැ (මුල් උදුළ) තාලවාස්තුවක් මෙන් කරන ලද්දාහු යැ අනු අභාවය කරන ලද්දාහු යැ මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු යැ. එහෙයින් බුදුහු අනාස්‍රව වූවාහු නු යි ‘කතකිච්චං අනාසවං’ යනු වේ.

පාරගුං සබ‍්බධම‍්මානන‍්ති: භගවා අභිඤ‍්ඤාපාරගූ, පරිඤ‍්ඤාපාරගූ පහානපාරගූ, භාවනාපාරගූ, සච‍්ඡිකිරියාපාරගූ, සමාපත‍්තිපාරගූ, අභිඤ‍්ඤාපාරගූ, සබ‍්බධම‍්මානං, පරිඤ‍්ඤාපාරගූ, සබ‍්බදුක‍්ඛානං, පහානපාරගූ සබ‍්බකිලෙසානං, භාවනාපාරගූ චතුන‍්නං මග‍්ගානං, සච‍්ඡිකිරියාපාරගූ නිරොධස‍්ස,

පාරගුං සබ්බධම්මානං-බුදුහු අභිඥායෙන් පාරයට ගියහ, පරිඥාපාරයට ගියහ, ප්‍රහාණපාරයට ගියහ, භාවනාපාරයට ගියහ, සච්ඡිකිරියාපාරයට ගියහ, සමාපත්තිපාරයට ගියහ, සියලු (පඤ්චස්කන්ධාදි) ධර්‍මයන්ගේ අභිඥා සඞ්ඛ්‍යාත ඥාන පරිඥායෙන් නිර්‍වාණපාරයට ගියහ, සියලු (ජාත්‍යාදි) දුඃඛයන් ගේ තීරණ පරිඥායෙන් පාරයට ගියහ, සියලු (කාය දුශ්චරිතාදි) ක්ලේශයන්ගේ ප්‍රහාණ පරිඥායෙන් පාරයට ගියහ, ස්‍රොතාපත්‍යාදි සතර මාර්‍ගයන්ගේ භාවනායෙන් පාරයට ගියහ, ඵලනිර්වාණ වශයෙන් ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් නිර්‍වාණයාගේ පාරයට ගියහ,

සමාපත‍්තිපාරගූ සබ‍්බසමාපත‍්තීනං, සො වසිප‍්පත‍්තො පාරමිප‍්පත‍්තො අරියස‍්මිං සීලස‍්මිං වසිප‍්පත‍්තො පාරමිප‍්පත‍්තො අරියස‍්මිං සමාධිස‍්මිං වසිප‍්පත‍්තො පාරමිප‍්පත‍්තො අරියාය පඤ‍්ඤාය, වසිප‍්පත‍්තො පාරමිප‍්පත‍්තො අරියාය විමුත‍්තියා. සො පාරගතො පාරමිප‍්පත‍්තො අන‍්තගතො අන‍්තප‍්පත‍්තො, කොටිගතො කොටිප‍්පත‍්තො, පරියන‍්තගතො පරියන‍්තප‍්පත‍්තො, වොසානගතො වොසානප‍්පත‍්තො, තාණගතො තාණප‍්පත‍්තො, ලෙනගතො ලෙනප‍්පත‍්තො, සරණගතො සරණප‍්පත‍්තො, අභයගතො අභයප‍්පත‍්තො, අච‍්චුතගතො අච‍්චුතප‍්පත‍්තො, අමතගතො අමතප‍්පත‍්තො, නිබ‍්බානගතො නිබ‍්බානප‍්පත‍්තො. සො වුත්‍ථවාසො -පෙ- නත්‍ථි තස‍්ස පුනබ‍්භවොති ‘පාරගුං සබ‍්බධම‍්මානං’.

සියලු රූපා රූප සමාපත්තීන්ගේ සමාපත්තියෙන් පාරයට ගියහ. ඒ බුදුහු ආර්‍ය්‍යශීලයෙහි වශීභාවයට අවසානයට පැමිණියහ, ආර්‍ය්‍යසමාධියෙහි වශීභාවයට පරතෙරට පැමිණියහ, ආර්‍ය්‍යප්‍රඥායෙහි වශීභාවයට පරතෙරට පැමිණියහ, ආර්‍ය්‍යවිමුක්තියෙහි වශීභාවයට පරතෙරට පැමිණියහ. ඒ බුදුහු මාර්‍ගයෙන් පරතෙරට ගියහ, ඵලයෙන් පරතෙරට පැමිණියහ. (මාර්‍ගයෙන් සංස්කාර ලෝකයෙහි) අන්තයට ගියහ, (ඵලයෙන්) අන්තයට පැමිණියහ. (මාර්‍ගයෙන් සංස්කාරයන් ගේ) කෙළවරට ගියහ, (ඵලයෙන්) කෙළවරට පැමිණියහ. (මාර්‍ගයෙන් ආයතනාදි ලෝකයෙහි) පර්‍ය්‍යන්තයට ගියහ, (ඵලයෙන්) පර්‍ය්‍යන්තයට පැමිණියහ. (මාර්‍ගයෙන්) අවසානයට ගියහ, (ඵලයෙන්) අවසානයට පැමිණියහ. (මාර්‍ගයෙන්) ත්‍රාණයට ගියහ, (ඵලයෙන්) ත්‍රාණ ප්‍රාප්තයහ. (මාර්‍ගයෙන්) ලෙනයට ගියහ, (ඵලයෙන්) ලෙනප්‍රාප්තයහ. සරණයට ගියහ, සරණ ප්‍රාප්තයහ. අභයට ගියහ, අභයප්‍රාප්තයහ. අච්‍යුතයට ගියහ, අච්‍යුතයට පැමිණියහ. අමෘතයට ගියහ, අමෘතයට පැමිණියහ. නිර්‍වාණයට ගියහ, නිර්වාණප්‍රාප්තයහ. ඒ බුදුහු (දශවිධ ආර්‍ය්‍යවාසය) වැස නිමවූහ ... ඒ සර්වඥයන්ට පුනර්‍භවයෙක් නැත් නුයි ‘පාරගුං සබ්බධම්මානං’ යනු වේ.

අත්‍ථි පඤ‍්හෙන ආගමන‍්ති: පඤ‍්හෙන අත්‍ථිකාම‍්හ ආගතා, පඤ‍්හං පුච‍්ඡිතුකාමම‍්හ ආගතා. පඤ‍්ඤං සොතුකාමා ආගතම‍්හාති ‘එවම‍්පි ‘අත්‍ථි පඤ‍්හෙන ආගමං’ අථවා පඤ‍්හත්‍ථිකානං පඤ‍්හං පුච‍්ඡිතුකාමානං පඤ‍්හං සොතුකාමානං. ආගමනං අභික‍්කමනං උපසඞ‍්කමනං පයිරුපාසනං අත්‍ථි, එවම‍්පි අත්‍ථි පඤ‍්හෙන ආගමං, අථවා පඤ‍්හාගමො තුය‍්හං අත්‍ථි, ත්‍වම‍්පි පහූ, ත්‍වමසි අලමත‍්තො මයා පුච‍්ඡිතං කථෙතුං විස‍්සජ‍්ජෙතුං, වහස‍්සෙතං භාරන‍්ති එවම‍්පි ‘අත්‍ථි පඤ‍්හෙන ආගමං’.

අත්‍ථි පඤ්හෙන ආගමං යනු: ප්‍රශ්නයෙන් ප්‍රයෝජන ඇති වැ ආම්හ, පැන පුළුවුස්නා කැමැති වැ ආම්හ, ප්‍රශ්න අසනු කැමැති වැ ආම්හ’ යි මෙසේත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ. නොහොත් ප්‍රශ්නයෙන් ප්‍රයෝජන ඇතියන් ගේ පැන පුළුවුස්නා කැමැතියන් ගේ ප්‍රශ්න අසනු කැමැතියන්ගේ ඊමෙක් පෙරට ඊමෙක් එළැඹීමෙක් පර්ය්‍යුපාසනයෙක් ඇත් නුයි මෙසේත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ. නොහොත් මුඹ වහන්සේට ප්‍රශ්නාගමයෙක් ඇති, මුඹ වහන්සේ වැළිත් ප්‍රභූ වූවහු යැ මා විසින් පුළුවුස්නා ලද්ද කියන්නට විසඳන්නට මුඹ වහන්සේ සමර්‍ත්‍ථය වු යැ, තෙල භාරය උසුලනු මැනැවැ යි මෙසේ ත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ.

අඤ‍්ඤාවිමොක‍්ඛං පබ්‍රූහී ති: ‘අඤ‍්ඤා විමොක‍්ඛො’ වුච‍්චති අරහත‍්තවිමොක‍්ඛො, අරහත‍්තවිමොක‍්ඛං පබ්‍රූහි ආචික‍්ඛාහි දෙසෙහි පඤ‍්ඤපෙහි පට‍්ඨපෙහි විවරාහි විභජාහි උත‍්තානීකරොහි පකාසෙහීති ‘අඤ‍්ඤාවිමොක‍්ඛං පබ්‍රූහි’

අඤ්ඤාවිමොක්‍ඛං පබ්‍රෑහි- ‘අඤ්ඤාවිමොක්‍ඛ’ යී අර්‍හත්ඵල විමෝක්‍ෂය කියනු ලැබෙයි, අර්‍හත් ඵල විමෝක්‍ෂය වදාළ මැනැව කිව මැනැව දෙසනු මැනැව පනවනු මැනැව විවරණය කළ මැනැව විභාග කළ මැනැව ප්‍රකට කළ මැනැව ප්‍රකාශ කළ මැනැව නුයි ‘අඤ්ඤාවිමොක්‍ඛං පබ්‍රෑහි’ යනු වේ.

අවිජ‍්ජාය පභෙදනන‍්ති අවිජ‍්ජාය භෙදනං පභෙදනං පහානං වූපසමො පටිනිස‍්සග‍්ගො පටිප‍්පස‍්සද‍්ධං අමතං නිබ‍්බානන‍්ති ‘අවිජ‍්ජාය පභෙදනං’

අවිජ්ජාය පභෙදනං- අවිද්‍යාව බිඳීම ප්‍රකර්‍ෂයෙන් බිඳීම ප්‍රහාණය ව්‍යුපශමය දුරැලීම සන්හිඳුවීම අමාමහනිවන නුයි ‘අවිජ්ජාය පභෙදනං’ යනු වේ.

තෙනාහ සො බ්‍රාහ‍්මණො:

එයින් කී යැ එ බමුණු:

ඣායිං විරජමාසීනං (ඉච‍්චායස‍්මා උදයො) කතකිච‍්චං අනාසවං, පාරගුං සබ‍්බධම‍්මානං අත්‍ථි පඤ‍්හෙන ආගමං අඤ‍්ඤාවිමොක‍්ඛං පබ්‍රූහි අවිජ‍්ජාය පභෙදන”න‍්ති

“ඣායිං විරජමාසීනං -පෙ- අවිජ්ජාය පභෙදනං” යී.