13. 2
13. 2.
13. 2.
පහානං කාමච‍්ඡන්‍දානං (උදයාති භගවා) දොමනස‍්සාන චූභයං, ථීනස‍්ස ච පනූදනං කුක‍්කුච‍්චානං නිවාරණං.
(බුදුහු මෙසේ වදාළහ: උදය,) කාමච්ඡන්දයන් ගේ ද දෞර්මනස්‍යයන්ගේ ද යන දෙදෙනාගේ ප්‍රහාණය ද ථීනමිද්ධයා ගේ දුරැලීම ද කෞකෘත්‍යයාගේ වැළකීම ද ඇති.
පහානං කාමච‍්ඡන්‍දානන‍්ති: ‘ඡන්‍දො’ති “යො කාමෙසු කාමච‍්ඡන්‍දො කාමරාගො කාමනන්‍දි කාමතණ‍්හා කාමසිනෙහො කාමපිපාසා කාමපරිළාහො කාමජ‍්ඣොසානං කාමොඝො කාමයොගො කාමූපාදානං කාමච‍්ඡන්‍දනීවරණං. “පහානං කාමච‍්ඡන්‍දානන‍්ති: කාමච‍්ඡන්‍දානං පහානං වූපසමං පටිනිස‍්සග‍්ගං පටිප‍්පස‍්සද‍්ධිං අමතං නිබ‍්බානන‍්ති ‘පහානං කාමච‍්ඡන්‍දානං’. උදයාති භගවාති -පෙ-
පහානං කාමච්ඡන්දානං- ‘ඡන්‍දො’ යනු: වස්තුකාමයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණායෙක් කාමස්නේහයෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් කාමමූර්ඡායෙක් කාමයන්හි බැසගැනීමෙක් කාමඔඝයෙක් කාම යෝගයෙක් කාම උපාදානයෙක් කාමච්ඡන්‍ද නීවරණයෙක් වේ ද එය යි. පහානං කාමච්ඡන්දානං- කාමච්ඡන්දයන්ගේ ප්‍රහාණය සන්හිඳීම දුරැලීම ප්‍රතිප්‍රශ්‍රබ්ධිය අමාමහනිවන නුයි ‘පහානං කාමච්ඡන්දානං’ යනු වේ. උදයාති භගවා...
දොමනස‍්සානචූභයන‍්ති: දොමනස‍්ස’න‍්ති “යං චෙතසිකං අසාතං චෙතසිකං දුක‍්ඛං චෙතොසම‍්ඵස‍්සජං අසාතං දුක‍්ඛං වෙදයිතං, චෙතොසම‍්ඵස‍්සජා අසාතා දුක‍්ඛා වෙදනා. දොමනස‍්සාන චූභයන‍්ති: කාමච‍්ඡන්‍දස‍්ස ච දොමනස‍්සස‍්ස ච උභින‍්නං පහානං වූපසමො පටිනිස‍්සග‍්ගො පටිප‍්පස‍්සද‍්ධි අමතං නිබ‍්බානන‍්ති ‘දොමනස‍්සානචූභයං.’
දොමනස්සානචූභයං - ‘දොමනස්සං’ යනු: චෛතසික වූ යම් අමධුර බවෙක් චෛතසික දුකෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අමධුර වූ දුඃඛ වේදනායෙක් වේ ද, චිත්තසංස්පර්‍ශයෙන් උපන් අමධුර වූ දුඃඛ වේදයිතයෙක් වේ ද, චිත්තසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛවේදනායෙක් වේ ද එය යි. දොමනස්සානචූභයං- කාමච්ඡන්‍දයාගේ ද දෞර්මනස්‍යා ගේ ද යන දෙදෙනාගේ ප්‍රහාණය සන්හිඳීම දුරැලීම ප්‍රතිප්‍රශ්‍රබ්ධිය අමාමහනිවන නුයි ‘දොමනස්සානචූභයං’ යනු වේ.
ථීනස‍්ස ච පනූදනන‍්ති: ‘ථීන’න‍්ති ‘යා චිත‍්තස‍්ස අකල‍්ලතා අකම‍්මඤ‍්ඤතා ඔලීයනා සල‍්ලීයනා ලීනා ලීයනා ලීයිතත‍්තං ථීනං ථීයනා ථීයිතත‍්තං චිත‍්තස‍්ස.” ථීනස‍්ස ච පනූදනන‍්ති: ථීනස‍්ස ච පනූදනං පහානං වූපසමො පටිනිස‍්සග‍්ගො පටිප‍්පස‍්සද‍්ධි අමතං නිබ‍්බානන‍්ති ථීනස‍්ස ච පනූදනං.
ථීනස්ස ච පනූදනං- ‘ථීනං’ යනු: චිත්තයාගේ යම් ගිලන්බවෙක් අකර්මණ්‍යබවෙක් එලෙන අයුරෙක් හැකිළීමෙක් වෙසෙසින් එලෙන අයුරෙක් හැකිළීමෙක් හැකිළෙන අයුරෙක් හැකිළෙන බවෙක් චිත්තයාගේ නො පැතිරීමෙක් නො පැතිරෙන අයුරෙක් වේ ද එය යි. ථීනස්ස ච පනූදනං - ථීනයාගේ ද බැහැර කිරීම ප්‍රහාණය ව්‍යුපශමය දුරැලීම ප්‍රතිප්‍රශ්‍රබ්ධිය අමෘත සඞ්ඛ්‍යාත නිර්‍වාණය නුයි “ථීනස්ස ච පනූදනං” යනු වේ.
කුක‍්කුච‍්චානං නිවාරණන‍්ති: ‘කුක‍්කුච‍්ච’න‍්ති: හත්‍ථකුක‍්කුච‍්චම‍්පි කුක‍්කුච‍්චං පාදකුක‍්කුච‍්චම‍්පි කුක‍්කුච‍්චං, හත්‍ථපාදකුක‍්කුච‍්චම‍්පි කුක‍්කුච‍්චං. අකප‍්පියෙ කප‍්පියසඤ‍්ඤිතා, කප‍්පියෙ අකප‍්පියසඤ‍්ඤිතා, අවජ‍්ජෙ වජ‍්ජසඤ‍්ඤිතා වජ‍්ජෙ අවජ‍්ජසඤ‍්ඤිතා. “යං එවරූපං කුක‍්කුච‍්චං කුක‍්කුච‍්චායනා කුක‍්කුච‍්චායිතත‍්තං චෙතසො විප‍්පටිසාරො මනොවිලෙඛො. ඉදං වුච‍්චති කුක‍්කුච‍්චං’.
කක්කුච්චානං නිවාරණං - ‘කුක්කුච්ච’ නම්: අත්කුකුස ද කුකුස් යැ, පාකුකුස ද කුකුස් යැ, අත්පා කුකුස ද කුකුස් යැ, අකූපයෙහි කැප සංඥා ඇති බව යැ, කැපයෙහි අකැප සංඥා ඇති බව යැ, අවද්‍යයෙහ වද්‍යසංඥා ඇති බව යැ, වද්‍යයෙහි අවද්‍යසංඥා ඇති බව යැ, මෙබඳු වූ යම් කුකුසක් කුකුස් අයුරෙක් කුකුසට පැමිණිබවෙක් චිත්තයාගේ විපිළිසරයෙක් මනෝවිලේඛයෙක් වේ නම් මේ කුකුසැ යි කියනු ලැබේ.
අපි ච ද‍්වීහි කාරණෙහි උප‍්පජ‍්ජති කුක‍්කුච‍්චං: චෙතසො විප‍්පටිසාරො මනොවිලෙඛො, කතත‍්තා ච අකතත‍්තා ච. කථං කතත‍්තා ච අකතත‍්තා ච උප‍්පජ‍්ජති කුක‍්කුච‍්චං චෙතසො විප‍්පටිසාරො මනොවිලෙඛො: ‘කතං මෙ කායදුච‍්චරිතං අකතං මෙ කායසුචරිත’න‍්ති උප‍්පජ‍්ජති කුක‍්කුච‍්චං චෙතසො විප‍්පටිසාරො මනොවිලෙඛො’ කතං මෙ වචීදුච‍්චරිතං අකතං මෙ වචීසුචරිතන‍්ති -පෙ- කතං මෙ මනොදුච‍්චරිතං අකතං මෙ මනොසුචරිත’න‍්ති -පෙ- කතො මෙ පාණාතිපාතො අකතා මෙ පාණාතිපාතා වෙරමණීති -පෙ- කතං මෙ අදින‍්නාදානං අකතං මෙ අදින‍්නාදානා වෙරමණීති -පෙ- කතො මෙ කාමෙසු මිච‍්ඡාචාරො අකතා මෙ කාමෙසු මිච‍්ඡාචාරා වෙරමණීති -පෙ- කතො මෙ මුසාවාදො අකතා මෙ මුසාවාදා වෙරමණීති -පෙ- කතා මෙ පිසුනාවාචා අකතා මෙ පිසුනාය වාචාය වෙරමණීති -පෙ- කතා මෙ ඵරුසාවාචා අකතා මෙ ඵරුසාය වාචාය වෙරමණීති -පෙ- කතො මෙ සම‍්ඵප‍්පලාපො අකතා මෙ සම‍්ඵප‍්පලාපා වෙරමණීති -පෙ- කතා මෙ අභිජ‍්ඣා අකතා මෙ අනභිජ‍්ඣාති -පෙ- කතො මෙ ව්‍යාපාදො අකතො මෙ අබ්‍යාපාදොති -පෙ- කතා මෙ මිච‍්ඡාදිට‍්ඨි අකතා මෙ සම‍්මාදිට‍්ඨීති උප‍්පජ‍්ජති කුක‍්කුච‍්චං චෙතසො විප‍්පටිසාරො මනොවිලෙඛො. එවං කතත‍්තා ච අකතත‍්තා ච උප‍්පජ‍්ජති කුක‍්කුච‍්චං චෙතසො විප‍්පටිසාරො මනොවිලෙඛො.
තවද දෙ කරුණෙකින් කුකුස චිත්තයාගේ විපිළිසර මනෝවිලේඛය උපදී: කළ බැවින් ද නො කළ බැවින් දැ යි කිසෙයින් කළ බැවින් ද නො කළ බැවින් ද කුකුස සිත්හි විපිළිසර මනෝවිලේඛය උපදී ද යත්: ‘මා විසින් කායදුශ්චරිතය කරන ලද, මා විසින් කායසුචරිතය නොකරන ලදැ’යි කුකුස චිත්තවිප්පටිසාරය මනෝවිලේඛය උපදී. ‘මා විසින් වාග්දුශ්චරිතය කරන ලද මා විසින් වාක්සුචරිතය නො කරනලදැ’යි කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. ‘මා විසින් මනෝදුශ්චරිතය කරන ලද මා විසින් මනස්සුචරිතය නො කරනලදැ’යි... ‘මා විසින් ප්‍රාණවධ කරන ලද, මා විසින් ප්‍රාණඝාත විරමණය නො කරන ලදැ’යි කුකුස ... මනෝවිලේඛය උපදී. ‘මා විසින් අදත්තාදානය කරන ලද- මා විසින් කාමමිථ්‍යාචාරය කරන ලද- මා විසින් මෘෂාවාද කියන ලද- මා විසින් පිසුණුබස් කියන ලද- මා විසින් පරොස්බස් කියන ලද- මා විසින් හිස්බස් කියන ලද- මා විසින් අභිධ්‍යා කරන ලද- මා විසින් ව්‍යාපාද කරන ලද- මා විසින් මිථ්‍යාදෘෂ්ටි ගන්නා ලද, මා විසින් සම්‍යග්දෘෂ්ටි නො ගන්නාලදැ’යි කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදියි. මෙසෙයින් කෘත හෙයින් ද අකෘත හෙයින් ද කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී.
අථවා ‘සීලෙසුම‍්භි න පරිපූරකාරී’ති උප‍්පජ‍්ජති කුක‍්කුච‍්චං චෙතසො විප‍්පටිසාරො මනොවිලෙඛො. ‘ඉන්‍ද්‍රියෙසුම‍්හි අගුත‍්තද‍්වාරො’ති-භොජනෙ අමත‍්තඤ‍්ඤුම‍්හීති-ජාගරියං අනනුයුත‍්තොම‍්හීති-න සතිසම‍්පජඤ‍්ඤෙන සමන‍්නාගතොම‍්හීති-අභාවිතා මෙ චත‍්තාරො සතිපට‍්ඨානාති-අභාවිතා මෙ චත‍්තාරො සම‍්මප‍්පධානාති-අභාවිතා මෙ චත‍්තාරො ඉද‍්ධිපාදාති-අභාවිතානි මෙ පඤ‍්චින්‍ද්‍රියානීති-අභාවිතානි මෙ පඤ‍්චබලානීති-අභාවිතා මෙ සත‍්ත බොජ‍්ඣඞ‍්ගාති-අභාවිතො මෙ අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගොති-දුක‍්ඛං මෙ අපරිඤ‍්ඤාතන‍්ති-සමුදයො මෙ අප‍්පහීනොති-මග‍්ගො මෙ අභාවිතොති-නිරොධො මෙ අසච‍්ඡිකතො ති උප‍්පජ‍්ජති කුක‍්කුච‍්චං චෙතසො විප‍්පටිසාරො මනොවිලෙඛො. කුක‍්කුච‍්චානං නිවාරණන‍්ති: කුක‍්කුච‍්චානං ආවරණං නීවරණං පහානං වූපසමො පටිනිස‍්සග‍්ගො පටිප‍්පස‍්සද‍්ධි අමතං නිබ‍්බානන‍්ති කුක‍්කුච‍්චානං නිවාරණං.
නොහොත් ‘ප්‍රාතිමොක්ෂශීලයෙහි පරිපූරකාරී නො වූයෙමී’ කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදියි, ඉන්‍ද්‍රියයන්හි අගොපිතද්වාර ඇත්තෙම් වූයෙමී ... භෝජනයෙහි අමාත්‍රඥයෙම් විමි... නිදි දුරු කිරීමෙහි නො යෙදුණෙම් වීමි ... ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් යුක්තයෙම් නො වූයෙමි ... මා විසින් සතර සතිපට්ඨානයෝ නො වඩන ලදහ යි ... මා විසින් සතර සම්‍යක්ප්‍රධානයෝ නො වඩන ලදහ යි ... මා විසින් සතර ඍද්ධිපාදයෝ නො වඩන ලදහ යි ... මා විසින් පඤ්චේන්‍ද්‍රියයෝ නො වඩන ලදහ යි ... මා විසින් පඤ්චබලයෝ නො වඩන ලදහ යි ... මා විසින් සප්තබෝධ්‍යඞ්ගයෝ නො වඩන ලදහ යි ... මා විසින් ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය නො වඩන ලදැ යි ... මා විසින් දුඃඛසත්‍යය අපරිඥාත යැ යි... මා විසින් සමුදය අප්‍රහීණ යැ යි... මා විසින් මාර්‍ගය නොවඩන ලදැයි ... මා විසින් නිරෝධය ප්‍රත්‍යක්‍ෂ නො කරන ලදැ යි කෞකෘත්‍යය චිත්තයාගේ විප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. කුක්කුච්චානං නිවාරණං යනු: කෞකෘත්‍යයන්ගේ ඇවිරීම වැළහීම ප්‍රහාණය සන්හිඳීම දුරැලීම නො පැවැත්ම අමෘත සඞ්ඛ්‍යාත වූ නිර්‍වාණය නුයි ‘කුක්කුච්චානං නිවාරණං’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“පහානං කාමච‍්ඡන්‍දානං (උදයාති භගවා....) දොමනස‍්සාන චූභයං, ථීනස‍්ස ච පනූදනං කුක‍්කුච‍්චානං නිවාරණ”න‍්ති.
“පහානං කාමච්ඡන්දානං -පෙ- කුක්කුච්චානං නිවාරණං” යි.