13. 3
13. 3.
13. 3.
උපෙක්ඛාසතිසංසුද්ධං ධම‍්මතක‍්කපුරෙජවං, අඤ‍්ඤාවිමොක‍්ඛං පබ්‍රූමි අවිජ‍්ජාය පභෙදනං.
චතුර්ථධ්‍යානොපෙක්ෂා ස්මෘති දෙකින් සංශුද්ධිය ඇති ධර්‍මතර්‍ක සඞ්ඛ්‍යාත සම්‍යක් සංකල්පය පෙරටු කොට ඇති අර්‍හත් ඵලවිමොක්ෂය අවිද්‍යාවගේ බිඳීම යැ යි ප්‍රකාශ කරමි.
උපෙක‍්ඛාසතිසංසුද‍්ධන‍්ති: ‘උපෙක‍්ඛා’ති යා චතුත්‍ථෙ ඣානෙ උපෙක‍්ඛා උපෙක‍්ඛනා අජ‍්ඣුපෙක‍්ඛනා චිත‍්තසමථො චිත‍්තපස‍්සද‍්ධතා මජ‍්ඣත‍්තතා චිත‍්තස‍්ස. සතීති: “යා චතුත්‍ථෙ ඣානෙ උපෙක‍්ඛං ආරබ‍්භ සති අනුස‍්සති -පෙ- සම‍්මාසති’. උපෙක‍්ඛාසතිසංසුද‍්ධන‍්ති: චතුත්‍ථෙ ඣානෙ උපෙක‍්ඛා ච සති ච සුද‍්ධා හොන‍්ති විසුද‍්ධා සංසුද‍්ධා පරිසුද‍්ධා පරියොදාතා අනඞ‍්ගණා විගතූපක‍්කිලෙසා මුදුභූතා කම‍්මනියා ඨිතා ආනෙඤ‍්ජප‍්පත‍්තාති ‘උපෙක‍්ඛාසති සංසුද‍්ධං’.
උපෙක්ඛාසතිසංසුද්ධං- ‘උපෙක්ඛා’ යනු: චතුර්ත්ථධ්‍යානයෙහි යම් උපේක්‍ෂාවක් උපෙක්ෂා කරන අයුරෙක් අධ්‍යුපේක්‍ෂණයෙක් චිත්තයාගේ අනූනාධික බවෙක් චිත්තයාගේ මැදහත් බවෙක් වේ ද එය යි. සති යනු: චතුර්ත්ථධ්‍යානයෙහි උපේක්‍ෂාව අරභයා (උපන්) යම් ස්මෘතියක් අනුස්මෘතියක් ... සම්‍යක් ස්මෘතියක් වේ ද එය යි. උපෙක්ඛා සතිසංසුද්ධං - චතුර්ත්ථධ්‍යානයෙහි උපේක්‍ෂාව ද ස්මෘතිය ද ශුද්ධ වූවාහු විශුද්ධ වූවාහු වෙසෙසින් ශුද්ධ වූවාහු හාත්පසින් ශුද්ධ වූවාහු ප්‍රභාස්වර වූවාහු නිර්දෝෂ වූවාහු උපක්ලේශ රහිත වූවාහු මෘදු වූවාහු කර්‍මක්‍ෂම වූවාහු ස්ථිත වූවාහු නිශ්චල බවට පැමිණියාහු වෙත් නුයි ‘උපෙක්ඛා සතිසංසුද්ධං’ යනු වේ.
ධම‍්මතක‍්කපුරෙජවන‍්ති: ‘ධම‍්මතක‍්කො’ වුච‍්චති සම‍්මාසංකප‍්පො, සො ආදිතො හොති, පුරතො හොති, පුබ‍්බඞ‍්ගමො හොති, අඤ‍්ඤාවිමොක‍්ඛස‍්සාති එවම‍්පි ‘ධම‍්මතක‍්කපුරෙජවං’. අථවා ‘ධම‍්මතක‍්කො’ වුච‍්චති සම‍්මාදිට‍්ඨි, සා ආදිතො හොති, පුරතො හොති, පුබ‍්බඞ‍්ගමා හොති, අඤ‍්ඤාවිමොක‍්ඛස‍්සාති එවම‍්පි ‘ධම‍්මතක‍්කපුරෙජවං’. අථවා ‘ධම‍්මතක‍්කො වුච‍්චති චතුන‍්නං මග‍්ගානං පුබ‍්බභාගවිපස‍්සනා, සා ආදිතො හොති, පුරතො හොති, පුබ‍්බඞ‍්ගමා හොති අඤ‍්ඤාවිමොක‍්ඛස‍්සාති එවම‍්පි ‘ධම‍්මතක‍්කපුරෙජවං’.
ධම්මතක්කපුරෙජවං- ‘ධම්මතක්ක’ යි සම්‍යක් සංකල්පය කියනු ලැබෙයි. ඒ අඤ්ඤාවිමොක්ඛය (රහත් මඟ) ට ආදියෙහි වෙයි පෙරටුයෙහි වෙයි පෙරදැරි වේ නු යි මෙසේත් ‘ධම්මතක්කපුරෙජවං’ යනු වේ. නොහොත් ‘ධම්මතක්ක’ යි සම්‍යග්දෘෂ්ටිය කියනු ලැබෙයි. ඕ ආඤ්ඤාවිමොක්ඛයට ආදියෙහි වෙයි, පෙරටුයෙහි වෙයි, පූර්‍වඞ්ගම වේනුයි මෙසේත් ‘ධම්මතක්කපුරෙජවං’ යනු වේ. නොහොත් ‘ධම්මතක්ක’ යි සතර මාර්‍ගයන්ගේ පූර්වභාගවිදර්ශනාව කියනු ලැබෙයි. ඕ අඤ්ඤාවිමොක්ඛයට ආදියෙහි වෙයි, පෙරටුයෙහි වෙයි, පූර්‍වඞ්ගම වේ නුයි මෙසේත් ‘ධම්මතක්කපුරෙජවං’ යනු වේ.
අඤ‍්ඤාවිමොක‍්ඛං පබ්‍රූමීති: ‘අඤ‍්ඤාවිමොක‍්ඛො’ වුච‍්චති අරහත‍්තවිමොක‍්ඛො, අරහත‍්තවිමොක‍්ඛං පබ්‍රූමි, ආචික‍්ඛාමි දෙසෙමි පඤ‍්ඤපෙමි පට‍්ඨපෙමි විවරාමි විභජාමි උත‍්තානීකරොමි පකාසෙමීති ‘අඤ‍්ඤාවිමොක‍්ඛං පබ්‍රූමි’.
අඤ්ඤාවිමොක්ඛං පබ්‍රෑමි- ‘අඤ්ඤාවිමොක්ඛ’යි අර්‍හත්‍ව විමෝක්‍ෂ (රහත්මඟ) කියනු ලැබෙයි. රහත් මඟ කියමී දක්වමි දෙසමි පනවමි පිහිටුවමි විවරණ කෙරෙමි විභාග කෙරෙමි ප්‍රකට කෙරෙමි ප්‍රකාශ කෙරෙම් නුයි ‘අඤ්ඤාවිමොක්ඛං පබ්‍රෑමි’ යනු වේ.
අවිජ‍්ජාය පභෙදනන‍්ති: ‘අවිජ‍්ජා’ති “දුක‍්ඛෙ අඤ‍්ඤාණං -පෙ- අවිජ‍්ජා මොහො අකුසලමූලං.” අවිජ‍්ජාය පභෙදනන‍්ති: අවිජ‍්ජා පභෙදනං පහානං වූපසමො පටිනිස‍්සග‍්ගො පටිප‍්පස‍්සද‍්ධි අමතං නිබ‍්බානන‍්ති ‘අවිජ‍්ජාය පභෙදනං’.
අවිජ්ජාය පභෙදනං- ‘අවිජ්ජා’ යනු: දුක නො දැනීම ...අවිද්‍යාව මෝහ අකුශලමූලය යි. අවිජ්ජාය පභෙදනං යනු: අවිද්‍යාව බිඳීම ප්‍රහාණය සන්හිඳීම දුරැලීම නො පැවැත්ම අමාමහනිවන නු යි ‘අවිජ්ජාය පභෙදනං’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“උපෙක‍්ඛාසතිසංසුද‍්ධං ධම‍්මතක‍්කපුරෙජවං, අඤ‍්ඤාවිමොක‍්ඛං පබ්‍රූමි අවිජ‍්ජාය පභෙදනන‍්ති.”
“උපෙක්ඛාසති සංසුද්ධං -පෙ- අවිජ්ජාය පභෙදනං” යි.