යෙදුමෙන් කියවන්න

13. 4

13. 4.

13. 4.

කිං සු සංයොජනො ලොකො කිං සු තස‍්ස විචාරණං, කිස‍්සස‍්ස විප‍්පහානෙන නිබ‍්බානං ඉති වුච‍්චති.

(ආයුෂ්මත් උදය මෙසේ විචාරයි ලෝවැසි තෙම කුමක් සංයෝජන කොට ඇත්තේ ද? ඒ ලෝ වැසියා ගේ විවරණය (හැසිරීමට කරුණ) කිම? කිනම් දහමක්හු ගේ ප්‍රහාණයෙන් ‘නිවනැ’ යි කියනු ලැබේ ද?

කිං සු සංයොජනො ලොකොති: කිං ලොකස‍්ස සංයොජනං ලග‍්ගනං බන්‍ධනං උපක‍්කිලෙසො, කෙන ලොකො යුත‍්තො පයුත‍්තො ආයුත‍්තො සමායුත‍්තො ලග‍්ගො ලග‍්ගිතො පළිබුද‍්ධොති ‘කිං සු සංයොජනො ලොකො.’

කිං සු සංයොජනො ලෝකෝ - ලෝවැසියාගේ සංයෝජනය ලැගීම බන්‍ධනය උපක්ලේශය කිම? ලෝවැසි තෙම කුමකින් යුක්ත වූයේ ප්‍රයුක්ත වූයේ වෙසෙසින් යෙදුණේ එක් වැ යෙදුණේ ලග්න වූයේ ලග්නිත වූයේ නො හැර සිටියේ නුයි ‘කිංසු සංයොජනො ලෝකෝ’ යනු වේ.

කිං සු තස‍්ස විවාරණන‍්ති: ‘කිං තස‍්ස’ චාරණං විචාරණං පටිවිචාරණං කෙන ලොකො චරති විචරති පටිවිචරතීති ‘කිං සු තස‍්ස විචාරණං.’

කිං සු තස්ස විචාරණං - ඒ ලෝවැසියාගේ හැසිරීම වෙසෙසින් හැසිරීම පුනපුනා හැසිරීම කිම? ලෝවැසි තෙම කුමක් කරණ කොට හැසිරෙයි වෙසෙසින් හැසිරෙයි පුන පුනා හැසිරේ ද නුයි ‘කිං සු තස්ස විචාරණං’ යනු වේ.

කිස‍්සස‍්ස විප‍්පහානෙන නිබ‍්බානං ඉති වුච‍්චතීති: කිස‍්සස‍්ස විප‍්පහානෙන වූපසමෙන පටිනිස‍්සග‍්ගෙන පටිප‍්පස‍්සද‍්ධියා, නිබ‍්බානං ඉති වුච‍්චති පවුච‍්චති කථීයති භණීයති දීපීයති වොහරීයතීති ‘කිස‍්සස‍්ස විප‍්පහානෙන නිබ‍්බානං ඉති වුච‍්චති’.

කිස්සස්ස විප්පහානෙන නිබ්බානං ඉති වුච්චති - කවර ධර්‍මයක් හුගේ ප්‍රහාණයෙන් ව්‍යුපශම යෙන් දුරැලීමෙන් නො පැවැත්මෙන් ‘නිර්‍වාණ’ යයි කියනු ලැබෙයි පවසනු ලැබෙයි කථනය කරනු ලැබෙයි බණනු ලැබෙයි දක්වනු ලැබෙයි වහරනු ලැබේ ද නුයි ‘කිස්සස්ස විප්පහානෙන නිබ්බානං ඉති වුච්චති’ යනු වේ.

තෙනාහ සො බ්‍රාහ‍්මණො:

එයින් කී යැ එ බමුණු:

“කිං සු සංයොජනො ලොකො කිං සු තස‍්ස විචාරණං, කිස‍්සස‍්ස විප‍්පහානෙන නිබ‍්බානං ඉති වුච‍්චතී”ති.

“කිං සු සංයොජනො ලෝකෝ -පෙ- නිබ්බානං ඉති වුච්චති” යි.