යෙදුමෙන් කියවන්න

13. 5

13. 5.

13. 5.

නන්‍දිසංයොජනො ලොකො විතක‍්කස‍්ස විචාරණං තණ‍්හාය විප‍්පහානෙන නිබ‍්බානං ඉති වුච‍්චති.

ලෝවැසි තෙම තෘෂ්ණාව සංයෝජන කොට ඇත්තේ යැ විතර්‍කය ඔහුට විචාරණය වෙයි. තෘෂ්ණාවගේ ප්‍රහාණයෙන් ‘නිවනැ’ යි කියනු ලැබේ.

නන්‍දිසංයොජනො ලොකොති: ‘නන්‍දි’ වුච‍්චති තණ‍්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං. “අයං වුච‍්චති නන්‍දි. යා නන්‍දි ලොකස‍්ස සංයොජනං ලග‍්ගනං බන්‍ධනං උපක‍්කිලෙසො, ඉමාය නන්‍දියා ලොකො යුත‍්තො පයුත‍්තො ආයුත‍්තො සමායුත‍්තො ලග‍්ගො ලග‍්ගිතො පළිබුද‍්ධොති ‘නන්‍දිසංයොජනො ලොකො.’

නන්‍දිසංයොජනො ලෝකෝ - ‘නන්දි’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද මේ ‘නන්දි’ යි කියනු ලැබෙයි. යම් නන්‍දියක් ලෝවැසියාගේ සංයෝජනය ලැගීම බන්‍ධනය උපක්ලේශය වේ ද මේ නන්දියෙන් ලෝකය යුක්ත වූයේ ප්‍රයුක්ත වූයේ වෙසෙසින් යුක්ත වූයේ එක් වැ යෙදුණේ ලග්න වූයේ ලග්නිත වූයේ පරිරුද්ධ වූයේ නුයි ‘නන්‍දිසංයොජනො ලෝකෝ’ යනු වේ.

විතක‍්කස‍්ස විචාරණන‍්ති ‘විතක‍්කො’ති නව විතක‍්කා: කාමවිතක‍්කො ව්‍යාපාදවිතක‍්කො විහිංසාවිතක‍්කො ඤාතිවිතක‍්කො ජනපදවිතක‍්කො අමරවිතක‍්කො පරානුද‍්දයතාපටිසංයුත‍්තො විතක‍්කො ලාභසක‍්කාරසිලොක පටිසංයුත‍්තො විතක‍්කො අනවඤ‍්ඤත‍්තිපටිසංයුත‍්තො විතක‍්කො ඉමෙ වුච‍්චන‍්ති නව විතක‍්කා. ඉමෙ නවවිතක‍්කා ලොකස‍්ස චාරණා විචාරණා පටිවිචාරණා. ඉමෙහි නවහි විතක‍්කෙහි ලොකො චරති විචරති පටිවිචරතීති ‘විතක‍්කස‍්ස විචාරණං.’

විතක්කස්ස විචාරණං- ‘විතක්ක’ නම් නව විතර්කයෙකි: කාමවිතර්‍ක යැ ව්‍යාපාදවිතර්‍ක යැ විහිංසා විතර්‍ක යැ ඥාතිවිතර්‍ක යැ ජනපදවිතර්‍ක යැ අමරවිතර්‍ක යැ පරානුද්දයතා ප්‍රතිසංයුක්ත විතර්‍ක යැ ලාභ සත්කාර ප්‍රශංසා ප්‍රතිසංයුක්තවිතර්ක යැ අනවඥාප්‍රතිසංයුක්ත විතර්‍ක යැ, මොහු නව විතර්‍කයෝ යැ යි කියනු ලැබෙත්. මේ නව විතර්‍කයෝ චාරණ (පැවැත්මට කරුණ) විචාරණ පුනපුනා විචාරණයෝ වෙති. මේ නව විතර්‍කයන් හේතු කොට ගෙන ලෝ වැසි තෙමේ හැසිරෙයි වෙසෙසින් හැසිරෙයි පුනපුනා හැසිරේ නුයි ‘විතක්කස්ස විචාරණං’ යනු වේ.

තණ‍්හාය විප‍්පහානෙන නිබ‍්බානං ඉති වුච‍්චතීති: ‘තණ‍්හා’ති රූපතණ‍්හා -පෙ- ධම‍්මතණ‍්හා, තණ‍්හාය විප‍්පහානෙන නිබ‍්බානං ඉති වුච‍්චතීති. තණ‍්හාය විප‍්පහානෙන වූපසමෙන පටිනිස‍්සග‍්ගෙන පටිප‍්පස‍්සද‍්ධියා නිබ‍්බානං ඉති වුච‍්චති පවුච‍්චති කථීයති භණීයති දීපීයති වොහරීයතීති ‘තණ‍්හාය විප‍්පහානෙන නිබ‍්බානං ඉති වුච‍්චති.’

තණ්හාය විප්පහාණෙන නිබ්බානං ඉති වුච්චති- ‘තණ්හා’ යනු: රූප තෘෂ්ණා යැ ... ධර්‍මතෘෂ්ණා යි. තණ්හාය විප්පහාණෙන නිබ්බානං ඉති වුච්චති- තෘෂ්ණාව වෙසෙසින් ප්‍රහාණය කිරීමෙන් සන්හිඳුවීමෙන් දුරැලීමෙන් නො පැවැත්මෙන් නිර්‍වාණය වේ යයි කියනු ලැබෙයි දක්වනු ලැබෙයි කථනය කරනු ලැබෙයි බණනු ලැබෙයි පවසනු ලැබෙයි වහරනු ලැබේ නුයි ‘තණ්හාය විප්පහාණෙන නිබ්බානං ඉති වුච්චති’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“නන්‍දිසංයොජනො ලොකො විතක‍්කස‍්ස විචාරණං, තණ‍්හාය විප‍්පහානෙන නිබ‍්බානං ඉති වුච‍්චතී”ති.

“නන්‍දිසඤේඤාජනො ලෝකෝ -පෙ- නිබ්බානං ඉති වුච්චති” යි.