13. 6
13. 6.
13. 6.
කථං සතස්ස චරතො විඤ්ඤාණං උපරුජ්ඣති, භගවන්තං පුට්ඨුමාගම්හා තං සුණොම වචො තව.
(ආයුෂ්මත් උදය මෙසේ විචාරයි) ස්මෘති සම්පන්න වැ වාසය කරන්නහු ගේ විඥානය කිසෙයින් නිරුද්ධ වේ ද? භාග්‍යවතුන් වහන්සේ පුළුවුස්නා සඳහා පැමිණියම්හ, මුඹ වහන්සේ ගේ ඒ වචනය අසම්හ.
කථං සතස්ස චරතොති: කථං සතස්ස සම්පජානස්ස චරතො විචරතො ඉරීයතො වත්තයතො පාලයතො යපයතො යාපයතොති ‘කථං සතස්ස චරතො’.
කථං සතස්ස චරතො යනු: කිසෙයින් සිහි ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ හැසිරෙනුවහු ගේ වෙසෙසින් හැසිරෙනුවහු ගේ ඉරියවු පවත්වනුවහු ගේ වැටෙනුවහුගේ රැකෙනුවහු ගේ යැපෙනු වහුගේ යාපනය වන්නහු ගේ නුයි ‘කථං සතස්සස්ස චරතො’ යනු වේ.
විඤ්ඤාණං උපරුජ්ඣතීති විඤ්ඤාණං නිරුජ්ඣති වූපසම්මති අත්ථං ගච්ඡති පටිප්පසම්භතීති ‘විඤ්ඤාණං උපරුජ්ඣති’.
විඤ්ඤාණං උපරුජ්ඣති- අභිසංස්කාර විඥානය නිරුද්ධ වෙයි සන්හිඳෙයි අස්තයට යෙයි නො පවත්නේ වේ නුයි ‘විඤ්ඤාණං උපරුජ්ඣති’ යනු වේ.
භගවන්තං පුට්ඨුමාගම්හාති: බුද්ධං භගවන්තං පුට්ඨුං පුච්ඡිතුං යාචිතුං අජ්ඣෙසිතුං පසාදෙතුං ආගම්හා ආගතම්හා උපාගතම්හා සම්පත්තම්හා තයා සද්ධිං සමාගතම්හාති ‘භගවන්තං පුට්ඨුමාගම්හා’.
භගවන්තං පුට්ඨුමාගම්හා- භාග්‍යවත් බුදුනු පුළුවුස්නට විචාරන්නට යදනට අධ්‍යෙෂණයට ආම්හ ආවම්හ එළැඹියම්හ පැමිණියම්හ. මුඹ වහන්සේ හා එක් වූම්හ නුයි ‘භගවන්තං පුටුඨුමාගම්හා’ යනු වේ.
තං සුණොම වචො තවාති: ‘ත’න්ති තුය්හං වචනං බ්යප්පථං දෙසනං අනුසිට්ඨිං සුණොම උග්ගණ්හාම ධාරෙම උපධාරෙම උපලක්ඛෙමාති ‘තං සුණොම වචො තව’.
තං සුණොම වචො තව - “තං” යනු: මුඹ වහන්සේගේ වචනය වාක්පථය දෙසුම අනුසස්න අසම්හ උගනුම්හ ධරම්හ වෙසෙසින් ධරම්හ සලකම්හ නුයි ‘තං සුණොම වචො තව’ යනු වේ.
තෙනාහ සො බ්රාහ්මණො:
එයින් කී යැ එ බමුණු:
“කථං සතස්ස චරතො විඤ්ඤාණං උපරුජ්ඣති, භගවන්තං පුට්ඨුමාගම්හා තං සුණොම වචො තවා”ති.
“කථං සතස්ස චරතො -පෙ- තං සුණොම වචො තව” යි.