යෙදුමෙන් කියවන්න

13. 7

13. 7.

13. 7.

අජ‍්ඣත‍්තඤ‍්ච බහිද‍්ධා ච වෙදනං නාභිනන්‍දතො එවං සතස‍්ස චරතො විඤ‍්ඤාණං උපරුජ‍්ඣති.

අධ්‍යාත්මාලම්බනයෙහි ද බාහිරාලම්බනයෙහි ද උපදනා වේදනාව නො පතන, ස්මෘතිමත් වැ හැසිරෙනුවහු ගේ විඥානය මෙසේ නිරුද්ධ වේ යයි.

අජ‍්ඣත‍්තඤ‍්ච බහිද‍්ධා ච වෙදනං නාභිනන්‍දතොති: අජ‍්ඣත‍්තං වෙදනාසු වෙදනානුපස‍්සී විහරන‍්තො වෙදනං නාභිනන්‍දති නාභිවදති න අජ‍්ඣොසාය තිට‍්ඨති අභිනන්‍දනං අභිවදනං අජ‍්ඣොසානං ගාහං පරාමාසං අභිනිවෙසං පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවංගමෙති බහිද‍්ධා වෙදනාසු වෙදනානුපස‍්සී විහරන‍්තො වෙදනං නාභිනන්‍දති නාභිවදති න අජ‍්ඣො සාය තිට‍්ඨති අභිනන්‍දනං අභිවදනං අජ‍්ඣොසානං ගාහං පරාමාසං අභිනිවෙසං පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙති. අජ‍්ඣත‍්තබහිද‍්ධා වෙදනාසු වෙදනානුපස‍්සී විහරන‍්තො වෙදනං නාභිනන්‍දති නාභිවදති න අජ‍්ඣොසාය තිට‍්ඨති අභිනන්‍දනං අභිවදනං අජ‍්ඣොසානං ගාහං පරාමාසං අභිනිවෙසං පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙති.

අජ්ඣත්තඤ්ච බහිද්ධා ච වේදනං නාභිනන්‍දතො - අධ්‍යාත්ම වේදනායෙහි වේදනාව අනුව බලමින් වාස කරනුයේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය බැසගැනීම ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. බාහිරවෙදනායෙහි වේදනා අනුව බලමින් වාස කරනුයේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය බැසගැනීම ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. අධ්‍යාත්මබාහ්‍යවෙදනායෙහි වේදනාව අනුව බලමින් වාස කරනුයේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි, අභිනන්‍දනය අභිවදනය බැසගැනීම ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි.

අජ‍්ඣත‍්තං සමුදයධම‍්මානුපස‍්සී වෙදනාසු වෙදනානුපස‍්සී විහරන‍්තො වෙදනං නාභිනන්‍දති නාභිවදති නාජ‍්ඣොසාය තිට‍්ඨති අභිනන්‍දනං අභිවදනං අජ‍්ඣොසානං ගාහං පරාමාසං අභිනිවෙසං පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙති, අජ‍්ඣත‍්තං වයධම‍්මානුපස‍්සී වෙදනාසු වෙදනානුපස‍්සී විහරන‍්තො -පෙ- අජ‍්ඣත‍්තං සමුදයවයධම‍්මානුපස‍්සී වෙදනාසු වෙදනානුපස‍්සී විහරන‍්තො -පෙ- බහිද‍්ධා සමුදයධම‍්මානුපස‍්සී වෙදනාසු වෙදනානුපස‍්සී විහරන‍්තො වෙදනං නාභිනන්‍දති නාභිවදති

අධ්‍යාත්මයෙහි සමුදයධර්මයන් අනුව බලනසුලු වූයේ වේදනායෙහි වේදනා අනු වැ බලමින් වාස කරනුයේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය බැසගැනීම ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. අධ්‍යාත්මයෙහි ව්‍යයධර්මයන් අනුවැ බලනසුලු වූයේ වේදනායෙහි වේදනා අනු වැ බලමින් වාස කරනුයේ .. අධ්‍යාත්මයෙහි කලෙකැ සමුදයධර්මයන් කලෙකැ ව්‍යයධර්මයන් අනු වැ බලනසුලු වූයේ වේදනායෙහි වේදනානුදර්ශී වැ වාස කරන්නේ ... බාහ්‍ය වූ සමුදය ධර්‍මයන් අනුවැ බලනසුලු වූයේ වේදනායෙහි වේදනානුදර්ශී වැ වාස කරන්නේ වේදනාවට සතුටු නො වෙයි, නො පසසයි,

න අජ‍්ඣොසාය තිට‍්ඨති අභිනන්‍දනං අභිවදනං අජ‍්ඣොසානං ගාහං පරාමාසං අභිනිවෙසං පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාව ගමෙති, බහිද‍්ධා වයධම‍්මානුපස‍්සී වෙදනාසු වෙදනානුපස‍්සී විහරන‍්තො -පෙ- බහිද‍්ධා සමුදයවයධම‍්මානුපස‍්සී වෙදනාසු වෙදනානුපස‍්සී විහරන‍්තො -පෙ- අජ‍්ඣත‍්ත බහිද‍්ධා වයධම‍්මානුපස‍්සී වෙදනාසු වෙදනානුපස‍්සී විහරන‍්තො -පෙ- අජ‍්ඣත‍්තබහිද‍්ධා සමුදය වයධම‍්මානුපස‍්සී වෙදනාසු වෙදනානුපස‍්සී විහරන‍්තො වෙදනං නාභිනන්‍දති නාභිවදති න අජ‍්ඣොසාය තිට‍්ඨති අභිනන්‍දනං අභිවදනං අජ‍්ඣොසානං ගාහං පරාමාසං අභිනිවෙසං පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙති, ඉමෙහි ද‍්වාදසහි ආකාරෙහි වෙදනාසු වෙදනානුපස‍්සී විහරන‍්තො -පෙ- අනභාවං ගමෙති.

බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය අධ්‍යවසානය ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි බාහිර වේදනායෙහි ව්‍යයධර්මයන් අනු වැ දක්නා සුලු වූයේ වේදනානුදර්ශී වැ වාස කරනුයේ ... බාහ්‍යවෙදනායෙහි සමුදය ව්‍යය ධර්‍මයන් අනු වැ දක්නා සුලු වූයේ වෙදනානුදර්ශීවැ වාස කරන්නේ... කලෙකැ අධ්‍යාත්මයෙහි කලෙකැ බාහ්‍යයෙහි සමුදයව්‍යය ධර්‍මයන් අනු වැ බලන සුලු වූයේ වේදනායෙහි වේදනානුදර්ශී වැ වාස කරන්නේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය බැසගැනීම ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි, මේ දොළොස් අයුරින් වේදනායෙහි වේදනානුදර්ශී වැ වාස කරනුයේ ... අනභාවයට පමුණුවයි.

අථවා වෙදනං අනිච‍්චතො පස‍්සන‍්තො වෙදනං නාභිනන්‍දති නාභිවදති න අජ‍්ඣොසාය තිට‍්ඨති අභිනන්‍දනං අභිවදනං අජ‍්ඣොසානං ගාහං පරාමාසං අභිනිවෙසං පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙති. වෙදනං දුක‍්ඛතො-රොගතො-ගණ‍්ඩතො-සල‍්ලතො -අඝතො-ආබාධතො -පෙ- නිස‍්සරණතො පස‍්සන‍්තො වෙදනං නාභිනන්‍දති නාභිවදති න අජ‍්ඣොසාය තිට‍්ඨති අභිනන්‍දනං අභිවදනං අජ‍්ඣොසානං ගාහං පරාමාසං අභිනිවෙසං පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙති. ඉමෙහි චතුචත‍්තාලීසාය ආකාරෙහි වෙදනාසු වෙදනානුපස‍්සී විහරන‍්තො වෙදනං නාභිනන්‍දති නාභිවදති න අජ‍්ඣොසාය තිට‍්ඨති අභිනන්‍දනං අභිවදනං අජ‍්ඣොසානං ගාහං පරාමාසං අභිනිවෙසං පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙතීති ‘අජ‍්ඣත‍්තඤ‍්ච බහිද‍්ධා ච වෙදනං නාභිනන්‍දතො’.

නොහොත් වේදනාව අනිත්‍ය වශයෙන් දක්නේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරුකෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. වේදනාව දුක් හෙයින් - රෝග හෙයින් - ගඬ හෙයින් - ශල්‍ය හෙයින් අඝ හෙයින් - ආබාධ හෙයින් ... නිස්සරණ හෙයින් දක්නේ වේදනාවට සතුටු නොවෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය ග්‍රාහය පරාමර්‍ශය අභිනිවෙෂය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. මේ සූසාලිස් අයුරින් වේදනායෙහි වේදනානුදර්ශී වැ වාස කරනුයේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නොසිටියි අභිනන්‍දනය අභිවදනය ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවා නුයි ‘අජ්ඣත්තඤ්ච බහිද්ධාච වේදනං නාභිනන්දතො’ යනු වේ.

එවං සතස‍්ස චරතොති: එවං සතස‍්ස සම‍්පජානස‍්ස චරතො විචරතො ඉරීයතො වත‍්තයතො පාලයතො යපයතො යාපයතොති. ‘එවං සතස‍්ස චරතො.’

එවං සතස්ස චරතො - මෙසේ සිහි ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ හැසිරෙනුවහුට වෙසෙසින් හැසිරෙනුවහුට ඉරියවු පවත්වනුවහුට වැටෙනුවහුට රැකෙනුවහුට යැපෙනුවහුට යාපනය වන්නහුට නුයි ‘එවං සතස්ස චරතො’ යනු වේ.

විඤ‍්ඤාණං උපරුජ‍්ඣතීති: පුඤ‍්ඤාභිසඞ‍්ඛාරසහගතං විඤ‍්ඤාණං අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරසහගතං විඤ‍්ඤාණං ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරසහගතං විඤ‍්ඤාණං නිරුජ‍්ඣති වූපසම‍්මති අත්‍ථං ගච‍්ඡති පටිප‍්පස‍්සම‍්භතීති ‘විඤ‍්ඤාණං උපරුජ‍්ඣති.’

විඤ්ඤාණං උපරුජ්ඣති - පුණ්‍යාභිසංස්කාර සහගත වූ විඥානය අපුණ්‍යාභිසංස්කාර සහගත වූ විඥානය ආනෙඤ්ජාභිසංස්කාර සහගත වූ විඥානය නිරුද්ධ වෙයි සන්හිඳෙයි අස්තයට යෙයි නො පවතී නුයි ‘විඤ්ඤාණං උපරුජ්ඣති’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“අජ‍්ඣත‍්තඤ‍්ච බහිද‍්ධා ච වෙදනං නාභිනන්‍දතො, එවං සතස‍්ස චරතො විඤ‍්ඤාණං උපරුජ‍්ඣතීති.

“අජ්ඣත්තඤ්ච බහිද්ධා ච -පෙ- විඤ්ඤාණං උපරුජ්ඣති” යි.

සහ ගාථාපරියොසානා -පෙ- සත්‍ථා මෙ භන‍්තෙ, භගවා සාවකො හමස‍්මීති.

ගාථාදේශනාවසානය හා සමග ... වහන්ස, භාග්‍යවත්හු මාගේ ශාස්තෘහ, මම් ශ්‍රාවක යෙමි’යි.

උදය සුත‍්තනිද‍්දෙසො සමත‍්තො.

උදය සූත්‍රනිර්දේශය නිමි.