14. 1
14. 1.
14. 1.
“යො අතීතං ආදිසති (ඉච්චායස්මා පොසාලො) අනෙජො ඡින්නසංසයො, පාරගුං සබ්බධම්මානං අත්ථි පඤ්හෙන ආගමං.
(ආයුෂ්මත් පෝසාල මෙසේ විචාරයි:) තෘෂ්ණා රහිත වූ සිඳුනා ලද සැක ඇති යම් සර්වඥ කෙනෙක් ස්වකීය වූ ද පරකීය වූ ද අතීතය (පූර්වෙනිවාසානුස්මෘතිඥානයෙන්) ප්‍රකාශ කෙරෙත් ද, සියලු ධර්මයන් ගේ පරතෙරට ගිය ඒ සර්වඥයන් කරා ප්‍රශ්නයෙන් අර්ත්‍ථී වැ ආයෙමි.
යො අතීතං ආදිසතීති: ‘යො’ති “යො සො භගවා සයම්භූ අනාචරියකො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අභිසම්බුජ්ඣි තත්ථ ච සබ්බඤ්ඤුතං පත්තො බලෙසු ච වසීභාවං අතීතං ආදිසතීති භගවා අත්තනො ච පරෙසං ච අතීතම්පි ආදිසති අනාගතම්පි ආදිසති පච්චුප්පන්නම්පි ආදිසති. කථං භගවා අත්තනො අතීතං ආදිසති: භගවා අත්තනො අතීතං එකම්පි ජාතිං ආදිසති, ද්වෙපි ජාතියො ආදිසති, තිස්සොපි ජාතියො ආදිසති, චතස්සොපි ජාතියො ආදිසති, පඤ්චපි ජාතියො ආදිසති, දසපි ජාතියො ආදිසති, වීසම්පි ජාතියො ආදිසති, තිංසම්පි ජාතියො ආදිසති, චත්තාලීසම්පි ජාතියො ආදිසති, පඤ්ඤාසම්පි- ජාතියො ආදිසති, ජාතිසතම්පි- ආදිසති, ජාතිසහස්සම්පි- ආදිසති, ජාතිසතසහස්සම්පි- අනෙකෙපි සංවට්ටකප්පෙ- ආදිසති, අනෙකෙපි විවට්ටකප්පෙ- ආදිසති, අනෙකෙපි සංවට්ට විවට්ටකප්පෙ ආදිසති: අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්ර උදපාදිං තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ‘ඉධූපපන්නොති’ ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං ආදිසති. එවං භගවා අත්තනො අතීතං ආදිසති.
යො අතීතං ආදිසති- ‘යො’ යනු: යම් භාග්‍යවත් කෙනෙක් ස්වයම්භූ වූවාහු (තමනට) ආචාර්‍ය්‍යයන් නැත්තාහු පෙර නොඇසූ සිව්සස් දහම්හි සත්‍යයන් තුමූ අවබෝධ කළසේක් ද එහිදු සර්වඥභාවයට පැමිණියාහු බලධර්මයන්හි දු වශීභාවයට පැමිණියාහු වෙත් ද උන්වහන්සේ යැ. අතීතං ආදියති යනු: බුදුහු තමන්ගේ ද මෙරමාගේ ද අතීතයත් වදාරති අනාගතයත් වදාරති වර්තමානයත් වදාරත්. කිසෙයින් බුදුහු තමන්ගේ අතීතය වදාරත්ද යත්: බුදුහු තමන්ගේ අතීතය එක් ජාතියකුදු වදාරති ජාති දෙකකුදු වදාරති ජාති තුනකුදු වදාරති ජාති සතරකුදු වදාරති ජාති පසකුදු වදාරති ජාති දසයකුදු- ජාති විස්සකුදු- ජාති තිසකුදු- ජාති සතලිසකුදු- ජාති පසනකුදු- ජාති සියයකුදු- ජාති දහසකුදු- ජාති සුවහසකුදු- නො එක් සංවර්ත්තකල්පයනුදු- නො එක් විවර්ත්තකල්පයනුදු- නො එක් සංවර්ත්තවිවර්ත්තකල්පයනුදු වදාරති: අසෝ තැන මෙබඳු නම් ඇතියෙම් මෙබඳු ගෝත්‍ර ඇතියෙම් මෙබඳු පැහැ සටහන් ඇතියෙම් මෙ බඳු ආහාර ඇතියෙම් මෙ බඳු සුවදුක් විඳුනා සුලු වූයෙම් මෙබඳු ආයුඃපර්යන්ත ඇතියෙම් වීමි, ඒ මම් එතැනින් ච්‍යුත වැ අසෝ තැන උපන්මි, එහිදු මෙබඳු නම් ඇතියෙම් මෙබඳු ගෝත්‍ර ඇතියෙම් මෙබඳු පැහැසටහන් ඇතියෙම් මෙබඳු ආහාර ඇතියෙම් මෙබඳු සුවදුක් විඳුනා සුලු වූයෙම් මෙබඳු ආයුඃපර්ය්යන්ත ඇතියෙම් වීමි, ඒ මම් එතැනින් ච්‍යුත වැ මෙහි උපන්මි. මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ වූ පූර්වේනිවාසය වදාරති. මෙසෙයින් බුදුහු තමන් වහන්සේ ගේ අතීතය වදාරත්.
කථං භගවා පරෙසං අතීතං ආදිසති: භගවා පරෙසං අතීතං එකම්පි ජාතිං ආදිසති, ද්වෙපි ජාතියො ආදිසති -පෙ- අනෙකෙපි සංවට්ට විවට්ටකප්පෙ ආදිසති අමුත්රාසි එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්ර උදපාදි තත්රාපාසි එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවං සුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධූපපන්නොති ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං ආදිසති. එවං භගවා පරෙසං අතීතං ආදිසති.
කිසෙයින් බුදුහු මෙරමා ගේ අතීතය වදාරති යැ යත්: බුදුහු මෙරමා ගේ අතීතය එක් ජාතියකුදු වදාරති ජාති දෙකකුදු වදාරති... නො එක් සංවර්ත විවර්තකල්පයනුදු වදාරති: අසෝ තැන මෙබඳු නම් ඇතියේ මෙබඳු ගෝත්‍ර ඇතියේ මෙබඳු පැහැසටහන් ඇතියේ මෙබඳු ආහාර ඇතියේ මෙබඳු සුවදුක් විඳුනේ මෙබඳු ආයුඃපර්ය්යන්ත ඇතියේ විය. හේ එතැනින් ච්‍යුත වැ අසෝ තැන උපන, එහිදු මෙබඳු නම් ඇත්තේ මෙබඳු ගෝත්‍ර ඇත්තේ මෙබඳු පැහැසටහන් ඇත්තේ මෙබඳු ආහාර ඇත්තේ මෙබඳු සුවදුක් විඳුනේ මෙබඳු ආයුඃ පර්‍ය්‍යන්ත ඇත්තේ විය. හේ එයින් ච්‍යුත වැ මෙහි උපනැ’යි මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ වූ පූර්වේනිවාසය වදාරති. මෙසෙයින් බුදුහු මෙරමාගේ අතීතය වදාරත්.
භගවා පඤ්ච ජාතකසතානි භාසන්තො අත්තනො ච පරෙසං ච අතීතං ආදිසති, මහාපදානියසුත්තං භාසන්තො අත්තනො ච පරෙසං ච අතීතං ආදියති, මහාසුදස්සනියසුත්තං භාසන්තො අත්තනො ච පරෙසං ච අතීතං ආදිසන්ති, මහාගොවින්ද්රියසුත්තං භාසන්තො අත්තනො ච පරෙසං ච අතීතං ආදිසති, මාඝදෙවියසුත්තං භාසන්තො අත්තනො ච පරෙසං ච අතීතං ආදිසති, වුත්තං හෙතං භගවතා:
බුදුහු පන්සියක් ජාතකයෙන් වදාරන්නාහු තමන්ගේ ද මෙරමාගේ ද අතීතය වදාරති. “මහාපදානිය” සුතත් වදාරන්නාහු තමන්ගේ ද මෙරමාගේ ද අතීතය වදාරති, ‘මහාසුදස්සනිය’ සුතත් වදාරන්නාහු තමන්ගේ ද මෙරමාගේ ද අතීතය වදාරති, ‘මහාගොවින්දිය’ සුතත් වදාරන්නාහු තමන්ගේ ද මෙරමාගේ ද අතීතය වදාරති, ‘මාඝදෙවිය’ සුතත් වදාරන්නාහු තමන්ගේ ද මෙරමාගේ ද අතීතය වදාරත්. මේ වදාරනලද මැ යි භාග්‍යවතුන් විසින්:
“අතීතං ඛො චුන්ද, අද්ධානං ආරබ්භ තථාගතස්ස සතානුසාරී ඤාණං හොති, සො යාවතකං ආකඞ්ඛති තාවතකං අනුස්සරති, අනාගතං ච ඛො චුන්ද, -පෙ- පච්චුප්පන්නඤ්ච ඛො චුන්ද, අද්ධානං ආරබ්භ තථාගතස්ස බොධිජං ඤාණං උප්පජ්ජති අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවො”ති. ඉන්ද්රියපරොපරියත්තඤාණං තථාගතස්ස තථාගතබලං. සත්තානං ආසයානුසයඤාණං තථාගතස්ස තථාගතබලං, යමකපාටිහීරෙ ඤාණං තථාගතස්ස තථාගතබලං මහාකරුණාසමාපත්තිඤාණං තථාගතස්ස තථාගතබලං, සබ්බඤ්ඤුතඤාණං තථාගතස්ස තථාගතබලං, අනාවරණඤාණං තථාගතස්ස තථාගතබලං, සබ්බත්ථ අසඞ්ගමප්පටිහතමනාවරණඤාණං තථාගතස්ස තථාගතබලං, එවං භගවා අත්තනො ච පරෙසං ච අතීතම්පි ආදිසති, අනාගතම්පි ආදිසති, පච්චුප්පන්නම්පි ආදිසති, ආචික්ඛති දෙසෙති පඤ්ඤපෙති පට්ඨපෙති විවරති විභජති උත්තානීකරොති පකාසෙතීති: යො අතීතං ආදිසති. ඉච්චායස්මා පොසාලො -පෙ-
“චුන්දයෙනි, අතීත කාලය අරභයා තථාගතයන්ට සති-අනුසාරී ඥානය වෙයි, හේ යම් තාක් කැමති වේ නම් ඒ තාක් සිහි කෙරෙයි චුන්දයෙනි, අනාගතයත් ... චුන්දයෙනි, ප්‍රත්‍යුත්පන්න කාලයත් අරභයා තථාගතයනට බෝධියෙන් උපන් ඥානය උපදී: ‘මේ අන්තිම ජාතිය වෙයි දැන් පුනර්භවයෙක් නැතැ’යි. ඉන්‍ද්‍රියපරාවරතාඥානය තථාගතයන් ගේ තථාගතබල වෙයි, සත්ත්වයන්ගේ ආශය අනුශය දන්නා නුවණ තථාගතයන් ගේ තථාගත බල වෙයි, යමක ප්රාතිහාර්ය්යඥානය තථාගතයන් ගේ තථාගතබල වෙයි, මහාකරුණා සමාපත්තිඥානය තථාගතයන් ගේ තථාගතබල වෙයි, අනාවරණඥානය තථාගතයන් ගේ තථාගතබල වෙයි, (අතීතාදි) සියලු තැන්හි නො ඇලුණු අප්‍රතිහත වූ අනාවරණඥානය තථාගතයන් ගේ තථාගතබල වේ. මෙසෙයින් බුදුහු තමන් වහන්සේ ගේ ද මෙරමාගේ ද අතීතයත් දක්වනසේක, අනාගතයත් දක්වනසේක, ප්‍රත්‍යුත්පන්නයත් දක්වන සේක වදාරන සේක දෙසනසේක පනවනසේක සිහිටුවන සේක විවරණ කරනසේක විභාග කරන සේක ප්‍රකට කරන සේක ප්‍රකාශ කරනසේක් නුයි “යො අතීතං ආදිසති” යනු වේ. ඉච්චායස්මා පොසාලො...
අනෙජො ඡින්න සංසයොති ‘එජා’ වුච්චති තණ්හා: “යො රාගො සාරාගො -පෙ- අභිජ්ඣා ලොභො අකුසලමූලං. “සා එජා තණ්හා බුද්ධස්ස භගවතො පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා තස්මා බුද්ධො ‘අනෙජො’. එජාය පහීනත්තා අනෙජො, භගවා ලාභෙපි න ඉඤ්ජති -පෙ- දුක්ඛෙපි න ඉඤ්ජති න චලති න වෙධති නප්පවෙධති න සම්පවෙධතීති ‘අනෙජො’. ඡින්නසංසයොති: ‘සංසයො වුච්චති විචිකිච්ඡා, “දුක්ඛෙ කඞ්ඛා -පෙ- ථම්භිතත්තං චිත්තස්ස මනොවිලෙඛො. “සො සංසයො බුද්ධස්ස භගවතො පහීනො ඡින්නො උච්ඡින්නො සමුච්ඡින්නො වූපසන්තො පටිනිස්සග්ගො පටිප්පස්සද්ධො අභබ්බුප්පත්තිකො ඤාණග්ගිනා දඩ්ඪො. තස්මා බුද්ධො ඡින්නසංසයොති ‘අනෙජො ඡින්නසංසයො. ‘
අනෙජො ඡින්නසංසයො- ‘එජා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක් අධික රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. ඒ එජා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව භාග්‍යවත් බුදුන් ට ප්‍රහීණ යැ උසුන්මුල් ඇත්තී යැ-(මුදුන් සුන්) තාලවස්තුවක් මෙන් කරන ලද, අනු අභාවය කරන ලද මත්තෙහි නූපදනා පියවි ඇත්තීයැ එහෙයින් බුදුහු “අනෙජයහ”, එජා ප්‍රහීණ වන බැවින් අනේජයහ. බුදුහු ලාභයෙහිදු නො සැලෙති ...දුකෙහි දු කම්පා නො වෙති නො සැලෙති නො වෙවුළති වෙසෙසින් නො වෙවුළති අතිශයින් නො වෙවුළත් නුයි ‘අනෙජො’ යනු වේ. ඡින්නසංසයො යනු: ‘සංසයො’ යි විචිකිත්සාව කියනු ලැබෙයි. දුඃඛසත්‍යයෙහි සැකය ... චිත්තයාගේ තදබව මනෝවිලේඛය යි. ඒ සැකය භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණ යැ සිඳින ලද වෙසෙසින් සිඳින ලද මොනොවට සිඳින ලද සන්හිඳිණ දුරලන ලද බැහැර කරන ලද උපතට නො නිසි වූයේ යැ නුවණ ගින්නෙන් දවන ලද. එහෙයින් බුදුහු සිඳුනා ලද සැක ඇත්තාහු නුයි “අනෙජො ඡින්නසංසයො” යනු වේ.
පාරගුං සබ්බධම්මානන්ති: භගවා අභිඤ්ඤාපාරගූ පරිඤ්ඤාපාරගූ පහානපාරගූ භාවනාපාරගූ සච්ඡිකිරියාපාරගූ, සමාපත්තිපාරගූ, අභිඤ්ඤාපාරගූ, සබ්බධම්මානං -පෙ- ජාතිමරණසංසාරො නත්ථි තස්ස පුනබ්භවොති ‘පාරගුං සබ්බධම්මානං’.
පාරගුං සබ්බධම්මානං යනු: බුදුහු අභිඥාපාරගූ වෙති පරිඥා පාරගූ වෙති ප්‍රහාණ පාරගූ වෙති භාවනා පාරගූ වෙති සාක්ෂාත්ක්රියා පාරගූ වෙති සමාපත්ති පාරගූ ද වෙත්. සියලු (පඤ්චස්කන්ධාදි) ධර්මයන්ගේ අභිඥා (ඥාතපරිඥා) වෙන් නිර්‍වාණපාරයට ගියහ ... ජාතිමරණසංසාරය පුනර්භවය ඔවුනට නැත්නුයි ‘පාරගුං සබ්බධම්මානං’ යනු වේ.
අත්ථි පඤ්හෙන ආගමන්ති: පඤ්හෙන අත්ථිකාම්හා ආගතා -පෙ- වහස්සෙතං භාරන්ති එවම්පි ‘අත්ථි පඤ්හෙන ආගමං’.
අත්ථි පඤ්හෙන ආගමං යනු: ප්‍රශ්නයෙන් ප්‍රයෝජන ඇතියමෝ ආම්හ ... තෙල භාරය උසුලනු මැනව නුයි මෙසේත් ‘අත්ථි පඤ්හෙන ආගමං’ යනු වේ.
තෙනාහ සො බ්රාහ්මණො:
එයින් කී යැ එ බමුණු:
“යො අතීතං ආදිසති- (ඉච්චායස්මා පොසාලො) අනෙජො ඡින්නසංසයො, පාරගුං සබ්බධම්මානං අත්ථි පඤ්හෙන ආගම”න්ති.
“යො අතීතං ආදිසති -පෙ- අත්ථි පඤ්හෙන ආගමං” යි.