යෙදුමෙන් කියවන්න

14. 2

14. 2.

14. 2.

විභූතරූපසඤ‍්ඤිස‍්ස සබ‍්බකායප‍්පහායිනො, අජ‍්ඣත‍්තං ච බහිද‍්ධා ච නත්‍ථි කිඤ‍්චීති පස‍්සතො, ඤාණං සක‍්කානුපුච‍්ඡාමි කථං නෙය්‍යො තථාවිධො.

ශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්ස, ඉක්මවන ලද රූපසංඥා ඇති තදඞ්ග විෂ්කම්භන විසින් සියලු රූපකාය ප්‍රහාණය කරනසුලු වූ අධ්‍යාත්මයෙහිදු බාහ්‍යයෙහිදු කිසිවක් නැතැ යි දක්න හු (ආකිඤ්චඤ්ඤායතනලාභීහු) ගේ ඥානය පුළුවුස්මි. එබඳු වූ පුද්ගල තෙම කිසෙයින් (මත්තෙහි ඥානයට) පැමිණවිය යුත්තේ ද?

විභූතරූපසඤ‍්ඤිස‍්සාති ‘කතමා රූපසඤ‍්ඤා’: රූපාවචර සමාපත‍්තිං සමාපන‍්නස‍්ස වා උප‍්පන‍්නස‍්ස වා දිට‍්ඨධම‍්මසුඛවිහාරිස‍්ස වා සඤ‍්ඤා සඤ‍්ජානනා සඤ‍්ජානිතත‍්තං අයං රූපසඤ‍්ඤා. විභූතරූපසඤ‍්ඤිස‍්සාති: චතස‍්සො අරූපසමාපත‍්තියො පටිලද‍්ධස‍්ස රූපසඤ‍්ඤා විභූතා හොන‍්ති විගතා අතික‍්කන‍්තා සමතික‍්කන‍්තා වීතිවත‍්තාති ‘විභූතරූපසඤ‍්ඤිස‍්ස’.

විභූතරූපසඤ්ඤිස්ස යනු: රූපසංඥා කවරැ යත් රූපාවචර සමවත් සමවන්නහුගේ වේවයි (විපාක විසින්) එහි උපන්නහු ගේ වේවයි ඉහාත්මසුඛ විහරණ ඇත්තහු ගේ වේවයි සංඥාවක් හඳුනන අයුරෙක් හැඳින ගත් බවෙක් වේ ද මේ රූපසංඥා යි. විභූතරූපසඤ්ඤිස්ස යනු: සතර අරූපසමාපත්තීන් ලද්දහුට රූපසංඥාවෝ අප්‍රකට වූවාහු නැසුණාහු ඉක්මුණාහු මොනොවට ඉක්මුණාහු වෙසෙසින් ඉක්ම සිටියාහු වෙත් නුයි ‘විභූතරූපසඤ්ඤිස්ස’ යනු වේ.

සබ‍්බකායප‍්පහායිනොති සබ‍්බො තස‍්ස පටිසන්‍ධිකො රූපකායො පහීනො තදඞ‍්ගසමතික‍්කමා වික‍්ඛම‍්භනප‍්පහානෙන පහීනො තස‍්ස රූපකායොති ‘සබ‍්බකායප‍්පහායිනො’.

සබ්බකායප්පහායිනො යනු: ඒ අරූපසමාපත්ති ලාභීහු ගේ ප්‍රතිසන්‍ධි ඇති හැම රූප කය තදඞ්ග සමතික්‍රමණයෙන් ප්‍රහීණ යැ ඔහුගේ රූප කය විෂ්කම්භන ප්‍රහාණයෙන් ප්‍රහීණ නුයි ‘සබ්බකායප්පහායිනො’ යනු වේ.

අජ‍්ඣත‍්තඤ‍්ච බහිද‍්ධා ච නත්‍ථි කිඤ‍්චීති පස‍්සතොති: ‘නත්‍ථි කිඤ‍්චී’ති ආකිඤ‍්චඤ‍්ඤායතන සමාපත‍්ති, කිංකාරණා ‘නත්‍ථි කිඤ‍්චී’ති ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්ති, යං විඤ‍්ඤාණඤ‍්චායතනසමාපත‍්තිං සතො සමාපජ‍්ජිත්‍වා තතො වුට‍්ඨහිත්‍වා තඤ‍්ඤෙව විඤ‍්ඤාණං අභාවොති විභාවොති අන‍්තරධාපෙති ‘නත්‍ථි කිඤ‍්චී’ති පස‍්සති. තංකාරණා ‘නත්‍ථි කිඤ‍්චීති ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්තීති ‘අජ‍්ඣත‍්තඤ‍්ච බහිද‍්ධා ච නත්‍ථි කිඤ‍්චීති පස‍්සතො’.

අජ්ඣත්තඤ්ච බහිද්ධා ච නත්‍ථි කිඤ්චී ති පස්සතෝ- ‘නත්‍ථි කිඤ්චි’ යනු: ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති යැ. කවර කරුණින් ‘නත්‍ථි කිඤ්චි’ යනු ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති වේ ද යත්: යම් විඤ්ඤාණඤ්චායතන සමාපත්තියකට සිහි ඇති වැ සමවැද එයින් නැඟී එ මැ විඥානය අභාවයට පමුණුවයි ද වෙසෙසින් අභාවයට පමුණුවයි ද අතුරුදහන් කෙරෙයි ද ‘කිසිවක් නැතැ’යි දකී ද එකරුණින් ‘නත්‍ථි කිඤ්චි’ යි ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති වේ නුයි ‘අජ්ඣත්තඤ්ච බහිද්ධා ච නත්‍ථි කිඤ්චීති පස්සතෝ’ යනු වේ.

ඤාණං සක‍්කානුපුච‍්ඡාමීති ‘සක‍්කා’ති සක‍්කො භගවා, සක්‍යකුලං පබ‍්බජිතොපි සක‍්කො, -පෙ- පහීනභයභෙරවො විගතලොමහංසොතිපි සක‍්කො, ‘ඤාණං සක‍්කානුපුච‍්ඡාමීති තස‍්ස ඤාණං පුච‍්ඡාමි’ කීදිසං කිංසණ‍්ඨිතං කිංපකාරං කිංපටිභාගං ඉච‍්ඡිතබ‍්බන‍්ති ‘ඤාණං සක‍්කානු පුච‍්ඡාමි.’

ඤාණං සක්කානුපුච්ඡාමි- ‘සක්ක’ යනු: බුදුහු ශාක්‍යයහ: ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූවාහු නුයි ද ශාක්‍යයහ ... ප්‍රහීණ වූ බිය හා බිය අරමුණු ඇත්තාහු පහවූ ලොමුදහ ඇත්තාහු නුයි ද ශාක්‍යයහ. ඤාණං සක්කානුපුච්ඡාමි- ඔහුගේ ඥානය කෙබඳු වූයේ කවර සටහන් ඇතියේ කවර ප්‍රකාර වූයේ කුමක් හා සමාන වූයේ කැමැති වියයුතු දැ යි පුළුවුස්මි නුයි ‘ඤාණං සක්කානුපුච්ඡාමි’ යනු වේ.

කථං නෙය්‍යො තථාවිධොති: කථං සො නෙතබ‍්බො විනෙතබ‍්බො අනුනෙතබ‍්බො පඤ‍්ඤාපෙතබ‍්බො නිජ‍්ඣාපෙතබ‍්බො පෙක‍්ඛෙතබ‍්බො පසාදෙතබ‍්බො, කථං තෙන උත‍්තරිං ඤාණං උප‍්පාදෙතබ‍්බං. තථාවිධොති තථාවිධො තාදිසො තස‍්සණ‍්ඨිතො තප‍්පකාරො තප‍්පටිභාගො, යො සො ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්තිලාභීති ‘කථං නෙය්‍යො තථාවිධො’.

කථං නෙය්‍යො තථාවිධො- හෙතෙම කිසෙයින් (නිවනට) පැමිණ විය යුත්තේ ද විනයනය කළ යුත්තේ ද (සැක සිඳීමෙන්) අනුනයනය කළ යුත්තේ ද පැනවිය යුත්තේ ද නිශ්චය කරවිය යුත්තේ ද දැක්විය යුත්තේ ද පැහැදවිය යුත්තේ ද කිසෙයින් ඔහු විසින් මත්තෙහි ඥානය ඉපැදවිය යුතුද. තථා විධො යනු: යමෙක් ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති ලාභී වූයේ ද එබඳු වූයේ තාදෘශ වූයේ එබඳු සටහන් ඇතියේ එබඳු ප්‍රකාර ඇතියේ තත්ප්‍රතිභාග වූයේ නු යි ‘කථං නෙය්‍යො තථාවිධො’ යනු වේ.

තෙනාහ සො බ්‍රාහ‍්මණො:

එයින් කී යැ එ බමුණු:

“විභූතරූපසඤ‍්ඤිස‍්ස සබ‍්බකායප‍්පහායිනො, අජ‍්ඣත‍්තඤ‍්ච බහිද‍්ධා ච නත්‍ථි කිඤ‍්චීති පස‍්සතො, ඤාණං සක‍්කානුපුච‍්ඡාමි කථං නෙය්‍යො තථාවිධො”ති.

“විභූතරූපසඤ්ඤිස්ස -පෙ- කථං නෙය්‍යො තථාවිධො” යි.