යෙදුමෙන් කියවන්න

14. 3

14. 3.

14. 3.

විඤ‍්ඤාණට‍්ඨිතියො සබ‍්බා (පොසාලාති භගවා) අභිජානං තථාගතො තිට‍්ඨන‍්තමෙනං ජානාති අධිමුත‍්තං තප‍්පරායනං

(බුදුහු මෙසේ වදාළහ: පොසාලය,) හැම විඥානස්ථිතීන් වෙසෙසින් දන්නා වූ තථාගත තෙමේ ආකිඤ්චඤ්ඤායතනයෙහි අධිමුක්ත වූ එය පරායණ කොට ඇති වැ සිටුනා මේ පුඟුලා දනී.

විඤ‍්ඤාණට‍්ඨිතියො සබ‍්බාති භගවා අභිසඞ‍්ඛාරවසෙන චතස‍්සො විඤ‍්ඤාණට‍්ඨිතියො ජානාති, පටිසන්‍ධිවසෙන සත‍්තවිඤ‍්ඤාණට‍්ඨිතියො ජානාති.

විඤ්ඤාණට්ඨිතියො සබ්බා යනු: බුදුහු කර්මාභිසංස්කාරයන් ගේ වශයෙන් සතර විඥාන ස්ථිතීන් දන්නා සේක. ප්‍රතිසන්‍ධි වශයෙන් සප්ත විඥානස්ථිතීන් දන්නා සේක.

කථං භගවා අභිසංඛාරවසෙන චතස‍්සො විඤ‍්ඤාණට‍්ඨිතියො ජානාති: වුත‍්තං හෙතං භගවතා: “රූපූපයං වා භික‍්ඛවෙ, විඤ‍්ඤාණං තිට‍්ඨමානං තිට‍්ඨති රූපාරම‍්මණං රූපපතිට‍්ඨං නන්‍දූපසෙචනං වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජති, වෙදනූපයං වා භික‍්ඛවෙ -පෙ- සඤ‍්ඤූපයං වා භික‍්ඛවෙ -පෙ- සඞ‍්ඛාරූපයං වා භික‍්ඛවෙ, විඤ‍්ඤාණං තිට‍්ඨමානං තිට‍්ඨති සඞ‍්ඛාරාරම‍්මණං සඞ‍්ඛාරපතිට‍්ඨං නන්‍දූපසෙචනං වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං ආපජ‍්ජතී”ති. එවං භගවා අභිසඞ‍්ඛාරවසෙන චතස‍්සො විඤ‍්ඤාණට‍්ඨිතියො ජානාති.

කිසෙයින් බුදුහු අභිසංස්කාර වශයෙන් සතර විඥානස්ථිතීන් දන්නා සේක් ද යත්: මේ වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින්: “මහණෙනි, (තෘෂ්ණා- දෘෂ්ටි උපය විසින්) රූපයට පැමිණි හෝ රූපය අරමුණු කොට ඇතියේ රූපය ප්‍රතිෂ්ඨා කොට ඇතියේ සිටී. (සප්‍රීතික) තෘෂ්ණා ජලයෙන් තෙමනලදුයේ වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙයි, මහණෙනි, (තෘෂ්ණා- දෘෂ්ටි විසින්) වේදනාවට පැමිණි හෝ ... මහණෙනි, සංඥාවට පැමිණි හෝ ... මහණෙනි, සංස්කාරයන්ට පැමිණි හෝ විඥානය සිටුනේ සංස්කාරයන් අරමුණු කොට ඇති යේ සංස්කාරයන් ප්‍රතිෂ්ඨා කොට ඇතියේ සිටියි. තෘෂ්ණොදකයෙන් තෙමන ලදුයේ වෘද්ධියට විරූඪබවට විපුල බවට පැමිණේ යයි මෙසේ බුදුහු අභිසංස්කාර වශයෙන් සතර විඥානස්ථිතීන් දන්නා සේක.

කථං භගවා පටිසන්‍ධිවසෙන සත‍්තවිඤ‍්ඤාණට‍්ඨිතියො ජානාති: වුත‍්තං හෙතං භගවතා: සන‍්ති භික‍්ඛවෙ, සත‍්තා නානත‍්තකායො නානත‍්තසඤ‍්ඤිනො සෙය්‍යථාපි මනුස‍්සා එකච‍්චෙ ච දෙවා එකච‍්චෙ ච විනිපාතිකා, අයං පඨමා විඤ‍්ඤාණට‍්ඨිති. සන‍්ති භික‍්ඛවෙ, සත‍්තා නානත‍්තකායා එකත‍්තසඤ‍්ඤිනො සෙය්‍යථාපි දෙවා බ්‍රහ‍්මකායිකා පඨමාභිනිබ‍්බත‍්තා, අයං දුතියා විඤ‍්ඤාණට‍්ඨිති. සන‍්ති භික‍්ඛවෙ, සත‍්තා එකත‍්තකායා නානත‍්තසඤ‍්ඤිනො සෙය්‍යථාපි දෙවා ආභස‍්සරා, අයං තතියා විඤ‍්ඤාණට‍්ඨිති. සන‍්ති භික‍්ඛවෙ, සත‍්තා එකත‍්තකායා එකත‍්තසඤ‍්ඤිනො සෙය්‍යථාපි දෙවා සුභකිණ‍්හකා, අයං චතුත්‍ථී, විඤ‍්ඤාණට‍්ඨිති. සන‍්ති භික‍්ඛවෙ, සත‍්තා සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථංගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා ‘අනන‍්තො ආකාසො’ති ආකාසානඤ‍්චායතනූපගා, අයං පඤ‍්චමී විඤ‍්ඤාණට‍්ඨිති. සන‍්ති භික‍්ඛවෙ, සත‍්තා සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම ‘අනන‍්තං විඤ‍්ඤාණ’න‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනූපගා, අයං ඡට‍්ඨා විඤ‍්ඤාණට‍්ඨිති. සන‍්ති භික‍්ඛවෙ, සත‍්තා සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම ‘නත්‍ථි කිඤ‍්චී’ති ආකිඤ‍්චඤ‍්ඤායතනූපගා, අයං සත‍්තමා විඤ‍්ඤාණට‍්ඨිති. එවං භගවා පටිසන්‍ධිවසෙන සත‍්තවිඤ‍්ඤාණට‍්ඨිතියො ජානාතීති ‘විඤ‍්ඤාණට‍්ඨිතියො සබ‍්බා’ පොසාලාති භගවා’ති -පෙ-

කිසෙයින් බුදුහු ප්‍රතිසන්‍ධි වශයෙන් සප්තවිඥානස්ථිතීන් දන්නා සේක් ද යත්: භාග්‍යවතුන් විසින් මෙය වදාරන ලද මැ යි. “මහණෙනි, මිනිසුන් ද ඇතැම් දෙවියන් ද ඇතැම් විනිපාතිකයන් ද සෙයින් (වර්‍ණ සංස්ථානාදි විසින්) නානාත්‍වකාය ඇති නානාත්‍ව වූ ප්‍රතිසන්‍ධි සංඥා ඇති සත්ත්‍වයෝ ඇත්තාහ” මේ පළමු වන විඥානස්ථිතිය යැ. මහණෙනි, ප්‍රථමධ්‍යානයෙන් උපන් (බ්‍රහ්මපාරිසජ්ජාදි වූ) බ්‍රහ්මකායික දෙවියන් සෙයින් නානාත්‍වකාය වූ එකත්‍වසංඥා ඇති සත්ත්‍ව කෙනෙක් ඇත්තාහ, මේ දෙ වැනි විඥානස්ථිතිය යැ. මහණෙනි, ආභාස්වර දෙවියන් සෙයින් ඒකත්‍වකාය ඇති නානාත්‍වසංඥා ඇති සත්ත්‍ව කෙනෙක් ඇත්තාහ, මේ තුන් වැනි විඥානස්ථිතිය යැ. මහණෙනි, ශුභකෘත්ස්න දෙවියන් සෙයින් ඒකත්‍වකාය වූ ඒකත්‍ව සංඥා ඇති සත්ත්‍ව කෙනෙක් ඇත්තාහ, මේ සතර වැනි විඥානස්ථිතිය යැ. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥා ඉක්ම වීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන් ගේ අමනසිකාරයෙන් ‘ආකාශය අනන්තය’ යි ආකාසානඤ්චායතනයට පැමිණි සත්ත්‍ව කෙනෙක් ඇත්තාහ, මේ පස් වැනි විඥානස්ථිතිය යැ. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඥානය අනන්තය’ යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණි සත්ත්‍ව කෙනෙක් ඇත්තාහ. මේ සවැනි විඥානස්ථිතිය යැ. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්ත්‍ව කෙනෙක් ඇත්තාහ, මේ සත් වැනි විඥානස්ථිතිය යි. මෙසෙයින් බුදුහු ප්‍රතිසන්‍ධි විසින් සප්තවිඥානස්ථිතීන් දන්නාසේක් නුයි ‘විඤ්ඤාණට්ඨිතියො සබ්බා’ යනු වේ. පොසාලා’ ති භගවා යනු...

අභිජානං තථාගතොති: ‘අභිජාන’න‍්ති අභිජානන‍්තො ආජානන‍්තො විජානන‍්තො පටිවිජානන‍්තො පටිවිජ‍්ඣන‍්තො. තථාගතොති: වුත‍්තං හෙතං භගවතා: “අතීතං චෙපි චුන්‍ද, හොති අභූතං අතච‍්ඡං අනත්‍ථසංහිතං නෙතං තථාගතො බ්‍යාකරොති, අතීතං චෙපි චුන්‍ද, හොති භූතං තච‍්ඡං අනත්‍ථසංහිතං තම‍්පි තථාගතො න බ්‍යාකරොති, අතීතං චෙපි චුන්‍ද, හොති භූතං තච‍්ඡං අත්‍ථසංහිතං තත්‍ර කාලඤ‍්ඤූ තථාගතො හොති තස‍්සෙව පඤ‍්හස‍්ස ව්‍යාකරණාය. අනාගතං චෙපි චුන්‍ද, හොති -පෙ- පච‍්චුප‍්පන‍්නංචෙපි චුන්‍ද, හොති අභූතං අතච‍්ඡං අනත්‍ථසංහිතං න තං තථාගතො බ්‍යාකරොති පච‍්චුප‍්පන‍්නඤ‍්චෙපි චුන්‍ද, හොති භූතං තච‍්ඡං අනත්‍ථසංහිතං තම‍්පි තථාගතො න බ්‍යාකරොති, පච‍්චුප‍්පන‍්නඤ‍්චෙපි චුන්‍ද, හොති භූතං තච‍්ඡං අත්‍ථසංහිතං තත්‍ර කාලඤ‍්ඤූ තථාගතො හොති තස‍්ස පඤ‍්හස‍්ස ව්‍යාකරණාය. ඉති ඛො චුන්‍ද, අතීතානාගතපච‍්චුප‍්පන‍්නෙසු ධම‍්මෙසු තථාගතො කාලවාදී භූතවාදී අත්‍ථවාදී ධම‍්මවාදී විනයවාදී. තස‍්මා ‘තථාගතොති වුච‍්චති.’

අභිජානං තථාගතො- ‘අභිජානං’ යනු: වෙසෙසින් දන්නේ එකතින් දන්නේ නොයෙක් අයුරින් දන්නේ ඒ ඒ කරුණු පිණිස දන්නේ ප්‍රතිවේධ කරනුයේ. තථාගතො යනු: භාග්‍යවතුන් විසින් මෙය වදාරණ ලද මැ යි: “චුන්දය, අතීත වූ ද අභූත වූ අතථ්‍ය වූ අනර්‍ත්‍ථසංහිතයෙක් වී නම් තෙල තථාගතයෝ ප්‍රකාශ නො කෙරෙති. චුන්දය, අතීත වූ ද භූත වූ තථ්‍ය වූ අනර්‍ත්‍ථසංහිතයෙක් වී නම් එ ද තථාගතයෝ ප්‍රකාශ නො කෙරෙති. චුන්දය, අතීත වූ ද භූත වූ තථ්‍ය වූ අර්‍ත්‍ථසංහිතයෙක් වී නම් එහි ලා තථාගතයෝ එ මැ ප්‍රශ්නය ප්‍රකාශ කිරීම පිණිස කල් දන්නාහු වෙති. චුන්දය, අනාගත වූ ද ... චුන්දය වර්‍තමාන වූ ද අභූත වූ අතථ්‍ය වූ අනර්‍ත්‍ථසංහිතයෙක් වී නම් එය තථාගතයෝ ප්‍රකාශ නො කෙරෙති. චුන්දය, ප්‍රත්‍යුත්පන්න වූ ද භූත වූ තථ්‍ය වූ අනර්‍ත්‍ථ සංහිතයෙක් වී නම් එ ද තථාගතයෝ ප්‍රකාශ නො කෙරෙති. චුන්දය, ප්‍රත්‍යුත්පන්න වූ ද භූත වූ තථ්‍ය වූ අර්ත්ථසංහිතයෙක් වී නම් එහි ලා තථාගතයෝ ඒ ප්‍රශ්නය ප්‍රකාශ කිරීම පිණිස කල් දන්නාහු වෙත්. චුන්දය, මෙසෙයින් තථාගතයෝ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න ධර්‍මයන්හි කාලවාදී භූතවාදී අර්ත්ථවාදී ධර්‍මවාදී විනයවාදී වෙත්. එහෙයින් ‘තථාගත’ යි කියනු ලැබෙති.

යං ඛො චුන්‍ද, සදෙවකස‍්ස ලොකස‍්ස සමාරකස‍්ස සබ්‍රහ‍්මකස‍්ස සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං, අනුවිචරිතං මනසා, සබ‍්බං තං තථාගතෙන අභිසම‍්බුද‍්ධං, තස‍්මා ‘තථාගතො’ති වුච‍්චති. යඤ‍්ච ඛො චුන්‍ද, රත‍්තිං තථාගතො අනුත‍්තරං සම‍්මා සම‍්බොධිං අභිසම‍්බුජ‍්ඣති, යඤ‍්චරත‍්තිං අනුපාදිසෙසාය නිබ‍්බාන ධාතුයා පරිනිබ‍්බායති, යං එතස‍්මිං අන‍්තරෙ භාසති ලපති නිද‍්දිසති, සබ‍්බං තං තථෙව හොති, නො අඤ‍්ඤථා, තස‍්මා ‘තථාගතො’ති වුච‍්චති. යථාවාදී චුන්‍ද, තථාගතො තථාකාරී, යථාකාරී තථාවාදී, ඉති යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී, තස‍්මා ‘තථාගතො’ති වුච‍්චති. සදෙවකෙ චුන්‍ද, ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය තථාගතො අභිභූ අනභිභූතො අඤ‍්ඤදත්‍ථු දසො වසවත‍්තී. තස‍්මා ‘තථාගතො’ති වුච‍්චතී”ති’ අභිජානං තථාගතො’.

චුන්දය, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් දෙවිමිනිසුන් සහිත මහණ බමුණන් සහිත ප්‍රජාව විසින් යම් රූපාලම්බනයක් ශබ්දාලම්බනයක් ගන්ධරසස්ප්‍රෂ්ටව්‍යාලම්බනයක් (සුඛදුඃඛාදි) ධර්‍මාලම්බනයක් (සොයා හෝ නො සොයා හෝ) ලබන ලද ද (ලද හෝ නො ලද හෝ) සොයන ලද ද සිතින් විමසන ලද ද එ සියල්ල තථාගතයන් විසින් අවබෝධ කරන ලද, එහෙයින් ‘තථාගත’යි කියනු ලැබෙයි. චුන්දය යම් රාත්‍රියෙක තථාගතයෝ අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙරෙත් ද යම් රාත්‍රියෙක අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙත් ද තෙල අතුරෙහි යමක් බෙණෙත් ද පවසත් ද දක්වත් ද ඒ සියල්ල එසෙයින් මැ වෙයි. අන් සෙයෙකින් නො වේ. එහෙයින් ‘තථාගත’ යි කියනු ලැබෙයි. චුන්දය, තථාගතයෝ යම්සේ බෙණෙත් නම් එසේ කරන සුලු වෙති, යම්සේ කෙරෙත් නම් එසේ බණන සුලු වෙත්. මෙසේ යථාවාදී තථාකාරී ද යථාකාරී තථාවාදී ද වෙත්. එහෙයින් ‘තථාගත’ යි කියනු ලැබෙයි. චුන්දය, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් සහිත මහණ බමුණන් සහිත ප්‍රජාව කෙරෙහි තථාගතයෝ ‘අභිභූ’ වූහ, අන්‍යයන් විසින් අනභිභූතයහ, ඒකාන්තයෙන් සියල්ල දක්නාහ, සියලු ජනයා වශයෙහි පවත්වන්නාහ, එහෙයින් ‘තථාගත’ යී කියනු ලැබේ නුයි ‘අභිජානං තථාගතො’ යනු වේ.

තිට‍්ඨන‍්ත මෙතං ජානාතීති: භගවා ඉධට‍්ඨඤ‍්ඤෙව ජානාති කම‍්මාභිසඞ‍්ඛාරවසෙන ‘අයං පුග‍්ගලො කායස‍්ස භෙදා පරම‍්මරණා, අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජිස‍්සතී’ති. භගවා ඉධට‍්ඨඤ‍්ඤෙව ජානාති කම‍්මාභිසඞ‍්ඛාරවසෙන අයං පුග‍්ගලො කායස‍්ස භෙදා පරම‍්මරණා තිරච‍්ඡානයොනිං උපපජ‍්ජිස‍්සතී’ති. භගවා ඉධට‍්ඨඤ‍්ඤෙව ජානාති කම‍්මාභිසඞ‍්ඛාරවසෙන ‘අයං පුග‍්ගලො භෙදා පරම‍්මරණා පෙත‍්තිවිසයං උපපජ‍්ජිස‍්සතී’ති. භගවා ඉධට‍්ඨඤ‍්ඤෙව ජානාති කම‍්මාභිසඞ‍්ඛාරවසෙන ‘අයං පුග‍්ගලො කායස‍්ස භෙදා පරම‍්මරණා මනුස‍්සෙසු ‘උප‍්පජ‍්ජිස‍්සතී’ති. භගවා ඉධට‍්ඨඤ‍්ඤෙව ජානාති කම‍්මාභිසඞ‍්ඛාරවසෙන ‘අයං පුග‍්ගලො සුපටිපන‍්නො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උප‍්පජ‍්ජිස‍්සතී’ති.

තිට්ඨන්තමෙතං ජානාති- බුදුහු මෙලොවැ සිටියහු මැ කර්මාභිසංස්කාරයන්ගේ වශයෙන් ‘මේ පුද්ගල කාබුන් මරණින්’ මත්තෙහි සැප නැති දුකට ගති වූ විවස වැ පතිත වන නිරයට වදනේ යයි දැනගනිති. බුදුහු මෙලොවැ සිටියාහු මැ කර්මාභිසංස්කාර වශයෙන් ‘මේ පුද්ගල තෙම කා බුන් මරණින් මත්තෙහි තිරිසන්යෝනට වදනේ යැ’යි දැනගනිති. බුදුහු මෙහි සිටියාහු මැ කර්මාභිසංස්කාර වශයෙන් මේ පුද්ගල කා බුන් මරණින් මත්තෙහි ප්‍රේත විෂයට වදනේ යැ’යි දැනගනිති. බුදුහු මෙහි සිටියාහු මැ ‘කර්මාභිසංස්කාර වශයෙන් මේ පුද්ගල කා බුන් මරණින් මත්තෙහි මිනිසුන් කෙරෙහි උපදනේ යැ’යි දැනගනිති. බුදුහු මෙහි සිටියාහු මැ කර්මාභිසංස්කාර වශයෙන් ‘මේ පුද්ගල සුප්‍රතිපන්න වූයේ කා බුන් මරණින් මත්තෙහි සුන්‍දරගති ඇති ස්වර්‍ගලෝකයට වදනේ යැ’යි දැන ගනිත් යයි.

වුත‍්තං හෙතං භගවතා:

භාග්‍යවතුන් විසින් මේ වදාරන ලද මැ යි:

“ඉදානාහං සාරිපුත‍්ත, එකච‍්චං පුග‍්ගලං එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි: ‘තථායං පුග‍්ගලො පටිපන‍්නො තථා ච ඉරීයති තඤ‍්ච මග‍්ගං සමාරූළ‍්හො, යථා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උප‍්පජ‍්ජිස‍්සතී’ති-ඉධ පනාහං සාරිපුත‍්ත, එකච‍්චං පුග‍්ගලං එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි: තථායං පුග‍්ගලො පටිපන‍්නො තථා ච ඉරීයති තඤ‍්ච මග‍්ගං සමාරූළ‍්හො යථා කායස‍්ස භෙදා පරම‍්මරණා තිරච‍්ඡාන යොනිං උපපජ‍්ජිස‍්සතී’ති-ඉධ පනාහං සාරිපුත‍්ත, එකච‍්චං පුග‍්ගලං එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි: තථායං පුග‍්ගලො පටිපන‍්නො තථා ච ඉරීයති තඤ‍්ච මග‍්ගං සමාරූළ‍්හො, යථා කායස‍්ස භෙදා පරම‍්මරණා පෙත‍්තිවිසයං උප‍්පජ‍්ජිස‍්සතී’ති-ඉධා පනාහං සාරිපුත‍්ත, එකච‍්චං පුග‍්ගලං එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි: තථායං පුග‍්ගලො පටිපන‍්නො තථා ච ඉරීයතී තඤ‍්ච මග‍්ගං සමාරුළ‍්හො, යථා කායස‍්ස භෙදා පරම‍්මරණා මනුස‍්සෙසු උප‍්පජ‍්ජිස‍්සතී’ති-ඉධ පනාහං සාරිපුත‍්ත, එකච‍්චං පුග‍්ගලං එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි: තථායං පුග‍්ගලො පටිපන‍්නො තථා ච ඉරීයති තඤ‍්ච මග‍්ගං සමාරුළ‍්හො, යථා කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජිස‍්සතී’ති-ඉධ පනාහං සාරිපුත‍්ත, එකච‍්චං පුග‍්ගලං එවං චෙතසා චෙතො පරිච‍්ච පජානාමි: තථායං පුග‍්ගලො පටිපන‍්නො තථා ච ඉරීයති තඤ‍්ච මග‍්ගං සමාරූළ‍්හො යථා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතී”ති. තිට‍්ඨන‍්තමෙතං ජානාති’.

ශාරිපුත්‍රයෙනි, මම් මෙලොවැ ඇතැම් පුද්ගලයකු මාගේ සිතින් මෙසේ ඔහු ගේ සිත පිරිසිඳ දැනගනිමි: ‘මේ පුද්ගල තෙම යම්සේ කා බුන් මරණින් මත්තෙහි අය රහිත වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට යම්සේ පැමිණේ ද එසෙයින් පිළිපන්නේ යැ එසෙයින් ඉරියවු පවත්වයි, එමඟට පැමිණියේ යයි’ - ශාරිපුත්‍රය, මම් මෙලොවැ ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දැනගනිමි: ‘මේ පුද්ගල තෙම යම්සේ කා බුන් මරණින් මත්තෙහි තිරිසන්යෝනට වදනේ ද එසෙයින් පිළිපන්නේ යැ එසෙයින් ඉරියවු පවත්වයි එමඟට පිළිපන්නේ යැ’යි - ශාරිපුත්‍රය, මම් මෙලොවැ ඇතැම් පුද්ගලයකු මෙසේ සිතින් සිත පිරිසිඳ දැනගනිමි: ‘මේ පුද්ගල තෙම කා බුන් මරණින් මත්තෙහි යම්සේ ප්‍රේතවිෂයට වදනේ ද එසෙයින් පිළිපන්නේ යැ එසෙයින් ඉරියවු පවත්වයි, එමඟට ද පැමිණියේ යැ’යි- ශාරිපුත්‍රය, මම් මෙලොවැ ඇතැම් පුද්ගලයකු මෙසේ සිතින් සිත පිරිසිඳ දැනගනිමි: මේ පුද්ගල තෙම යම්සේ කාබුන් මරණින් මත්තෙහි මිනිසුන් කෙරෙහි උපදනේ ද එසෙයින් පිළිපන්නේ යැ එසේ ඉරියවු පවත්වයි, එමඟට ද පැමිණියේ යැ’යි - ශාරිපුත්‍රය, මම් මෙලොවැ ඇතැම් පුද්ගලයකු මෙසේ සිතින් සිත පිරිසිඳ දැනගනිමි: ‘මේ පුද්ගල තෙම යම්සේ කා බුන් මරණින් මත්තෙහි සුගති වූ ස්වර්‍ගලෝකයට වදනේ ද එසෙයින් පිළිපන්නේ යැ එසේ ඉරියවු පවත්වයි එමඟට ද පැමිණියේ යැ’යි - ශාරිපුත්‍රය, මම් මෙලොවැ ඇතැම් පුද්ගලයකු මෙසේ සිතින් සිත පිරිසිඳ දැනගනිමි: ‘මේ පුද්ගල තෙම යම්සේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය මෙ අත්බැව්හි මැ තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාස කෙරේ ද එසෙයින් පිළිපන්නේ යැ එසෙයින් ඉරියවු පවත්වයි එමඟට ද පැමිණියේ යැ’යි ‘තිට්ඨන්තමෙතං ජානාති’ යනු වේ.

අධිමුත‍්තං තප‍්පරායණං’ති: ‘අධිමුත‍්ත’න‍්ති ආකිඤ‍්චඤ‍්ඤායතනෙ අධිමුත‍්තිවිමොක‍්ඛෙන අධිමුත‍්තං, තත්‍රාධිමුත‍්තං තදධිමුත‍්තං තදධිපතෙය්‍යං. අථවා භගවා ජානාති: ‘අයං පුග‍්ගලො රූපාධිමුත‍්තො සද‍්දාධිමුත‍්තො ගන්‍ධාධිමුත‍්තො රසාධිමුත‍්තො ඵොට‍්ඨබ‍්බාධිමුත‍්තො කුලාධිමුත‍්තො ගණාධිමුත‍්තො ආවාසාධිමුත‍්තො ලාභාධිමුත‍්තො යසාධිමුත‍්තො පසංසාධිමුත‍්තො සුඛාධිමුත‍්තො චීවරාධිමුත‍්තො පිණ‍්ඩපාතාධිමුත‍්තො සෙනාසනාධිමුත‍්තො ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරාධිමුත‍්තො සුත‍්තන‍්තාධිමුත‍්තො විනයාධිමුත‍්තො අභිධම‍්මාධිමුත‍්තො ආරඤ‍්ඤකඞ‍්ගාධිමුත‍්තො පිණ‍්ඩපාතිකඞ‍්ගාධිමුත‍්තො පංසුකූලිකඞ‍්ගාධිමුත‍්තො පංසුකූලිකඞ‍්ගාධිමුත‍්තො තෙචීවරිකඞ‍්ගාධිමුත‍්තො සපදානචාරිකඞ‍්ගාධිමුත‍්තො ඛලුපච‍්ඡාභත‍්තිකඞ‍්ගාධිමුත‍්තො නෙසජ‍්ජිකඞ‍්ගාධිමුත‍්තො යථාසන‍්තතිකඞ‍්ගාධිමුත‍්තො පඨමජ‍්ඣානාධිමුත‍්තො දුතියජ‍්ඣානාධිමුත‍්තො

අධිමුත්තං තප්පරායණං - ‘අධිමුත්තං’ යනු: ආකිඤ්චඤ්ඤායතනයෙහි අධිමුක්ති විමොක්ෂයෙන් ඇලුණහු ඒ සමාධියෙහි ඇලුණහු ඒ ධ්‍යානයෙහි ඇලුණහු ඒ ධ්‍යානය අධිපති කොට ඇත්තහු. නොහොත් බුදුහු ‘මේ පුද්ගල තෙම රූපයෙහි ඇලුණේ යැ ශබ්දයෙහි ඇලුණේ යැ ගන්‍ධයෙහි ඇලුණේ යැ රසයෙහි ඇලුණේ යැ ස්ප්‍රෂ්ටව්‍යයෙහි ඇලුණේ යැ කුලයෙහි ඇලුණේ යැ ගණයා කෙරෙහි ඇලුණේ යැ ආවාසයෙහි ඇලුණේ යැ ලාභයෙහි ඇලුණේ යැ යශස්හි ඇලුණේ යැ ප්‍රශංසායෙහි ඇලුණේ යැ සුඛයෙහි ඇලුණේ යැ චීවරයෙහි ඇලුණේ යැ පිණ්ඩපාතයෙහි ඇලුණේ යැ ශයනාසනයෙහි ඇලුණේ යැ ගිලන්පස බෙහෙසත් පිරිකරෙහි ඇලුණේ යැ සූත්‍රාන්තයෙහි ඇලුණේ යැ විනයෙහි ඇලුණේ යැ අභිධර්‍මයෙහි ඇලුණේ යැ ආරණ්‍යකාඞ්ගයෙහි ඇලුණේ යැ පිණ්ඩපාතිකාඞ්ගයෙහි ඇලුණේ යැ පාංශුකූලිකාඞ්ගයෙහි ඇලුණේ යැ ත්‍රෛචීවරීකාඞ්ගයෙහි ඇලුණේ යැ සපදානචාරිකඞ්ගයෙහි ඇලුණේ යැ ඛලුපච්ඡාභත්තිකඞ්ගයෙහි ඇලුණේ යැ නෙසජ්ජිකඞ්ගයෙහි ඇලුණේ යැ යථාසන්තතිකඞ්ගයෙහි ඇලුණේ යැ ප්‍රථමධ්‍යානයෙහි ඇලුණේ යැ ද්විතීයධ්‍යානයෙහි ඇලුණේ යැ

තතියජ‍්ඣානාධිමුත‍්තො චතුත්‍ථජ‍්ඣානාධිමුත‍්තො ආකාසානඤ‍්චායතනසමාපන‍්නාධිමුත‍්තො විඤ‍්ඤාණඤ‍්චායතනසමාපත‍්තාධිමුත‍්තො ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්තාධිමුත‍්තො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තාධිමුත‍්තොති අධිමුත‍්තං. තප‍්පරායණන‍්ති: ආකිඤ‍්චඤ‍්ඤායතනමයං තප‍්පරායණං කම‍්මපරායණං විපාකපරායණං කම‍්මගරුකං පටිසන්‍ධිගරුකං. අථවා භගවා ජානාති: ‘අයං පුග‍්ගලො රූපපරායණො-පෙ- නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තිපරායණො ති ‘අධිමුත‍්තං තප‍්පරායණං’.

තෘතීයධ්‍යානයෙහි ඇලුණේ යැ චතුර්ත්ථධ්‍යානයෙහි ඇලුණේ යැ ආකාසානඤ්චායතන සමාපත්තියෙහි ඇලුණේ යැ විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙහි ඇලුණේ යැ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙහි ඇලුණේ යැ නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙහි ඇලුණේ යැ’යි ‘අධිමුත්තං’ යනු වේ. තප්පරායණං යනු: ආකිඤ්චඤ්ඤායතනමය වූ එය පිහිට කොට ඇත්තහු කර්‍මය පිහිට කොට ඇත්තහු (ප්‍රවෘත්ති) විපාකය පිහිට කොට ඇත්තහු කර්මචෙතනාව ගරු කොට ඇත්තහු ප්‍රතිසන්‍ධිය ගරු කොට ඇත්තහු, නොහොත් බුදුහු මෙසේ දැනගනිති: ‘මේ පුද්ගල තෙමේ රූප පරායණ යැ ... නෙවසඤ්ඤානාසඤ්ඤායතනපරායණ’ යයි ‘අධිමුත්තං තප්පරායණං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“විඤ‍්ඤාණට‍්ඨිතියො සබ‍්බා (පොසාලොති භගවා) අභිජානං තථාගතො, තිට‍්ඨන‍්තමෙතං ජානාති අධිමුත‍්තං තප‍්පරායණ”න‍්ති.

“විඤ්ඤාණට්ඨිතියො සබ්බා -පෙ- අධිමුත්තං තප්පරායණං” යි.