14. 4
14. 4.
14. 4.
ආකිඤ්චඤ්ඤාසම්භවං ඤත්වා නන්දිසංයොජනං ඉති, එවමෙතං අභිඤ්ඤාය තතො තත්ථ විපස්සති, එතං ඤාණං තථං තස්ස බ්රාහ්මණස්ස වුසීමතො,
ආකිඤ්චඤ්ඤායතනයෙහි උපදවන අරූපරාග සංඛ්‍යාත නන්දිය ‘සංයොගයෙකැ’ යි දැන තෙල මෙසේ මැ විශිෂ්ටඥානයෙන් දැන ඉක්බිති එහි (අනිත්‍යාදි විසින්) විදර්ශනා කෙරෙයි. වැස නිමවූ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යවාස ඇති බාහිතපාපී වූ ඒ රහත්හු ගේ තෙල අර්හත්මාර්ගඥානය අවිපරීත වේ යයි.
ආකිඤ්චඤ්ඤා සම්භවං ඤත්වාති ‘ආකිඤ්චඤ්ඤා සංභවො’ වුච්චති ආකිඤ්චඤ්ඤායතනසංවත්තනිකො කම්මාභිසඞ්ඛාරො, ආකිඤ්චඤ්ඤායතනසංවත්තනිකං කම්මාභිසඞ්ඛාරං ආකිඤ්චඤ්ඤාසංභවොති ඤත්වා ලග්ගනන්ති ඤත්වා බන්ධනන්ති ඤත්වා පළිබොධොති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති ‘ආකිඤ්චඤ්ඤාසම්භවං ඤත්වා’.
ආකිඤ්චඤ්ඤාසම්භවං - ආකිඤ්චඤ්ඤාසම්භව’ යි ආකිඤ්චඤ්ඤායතනයෙහි ඉපදීම පිණිස පවත්නා කර්‍මාභිසංස්කාරය කියනු ලැබෙයි. ආකිඤ්චඤ්ඤායතන සංවත්තනික වූ කර්‍මාභිසංස්කාරය ‘ආකිඤ්චඤ්ඤාසම්භව’ යි දැන ‘ලග්නයෙකැ’ යි දැන ‘බන්ධනයෙකැ’යි දැන ‘පළිබොධයෙකැ’ යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි ‘ආකිඤ්චඤ්ඤාසම්භවං ඤත්වා’ යනු වේ.
නන්දිසංයොජනං ඉතීති ‘නන්දිසංයොජනං’ වුච්චති අරූපරාගො, අරූපරාගෙන තං කම්මං ලග්ගං ලග්ගිතං පළිබුද්ධං, අරූපරාගං නන්දිසංයොජනන්ති ඤත්වා ලග්ගනන්ති ඤත්වා බන්ධනන්ති ඤත්වා පළිබොධොති ඤත්වා ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වා. ඉතීති පදසන්ධි පදසංසග්ගො පදපාරිපූරි අක්ඛරසමවායො බ්යඤ්ජනසිලිට්ඨතා පදානුපුබ්බතාපෙතං ‘ඉතී’ති. ‘නන්දිසංයොජනං ඉති’.
නන්දිසංයොජනං ඉති - ‘නන්දිසංයොජන’යි අරූපරාගය කියනු ලැබෙයි. අරූපරාගයෙන් ඒ කර්මය ලග්න යැ ලග්නිත යැ පරිරුද්ධ යැ, අරූපරාගය නන්දිසංයොජනයෙකැ’ යි දැන බන්ධනයෙකැ’ යි දැන පරිරොධයෙකැ’ යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට. ඉති යනු: පදසන්ධි යැ පදසංසර්ග යැ පදපාරිපූරි යැ අක්ෂරසමවාය යැ ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ පදානුපූර්‍වතා යැ තෙල ‘ඉති’ යනු.
එවමෙතං අභිඤ්ඤායාති එවං එතං අභිඤ්ඤාය ජානිත්වා තුලයිත්වා තීරයිත්වා විභාවයිත්වා විභූතං කත්වාති ‘එවමෙතං අභිඤ්ඤාය’.
එවමෙතං අභිඤ්ඤාය - තෙල මෙසේ දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි ‘එවමෙතං අභිඤ්ඤාය’ යනු වේ.
තතො තත්ථ විපස්සතීති ‘තත්ථා’ති ආකිඤ්චඤ්ඤායතනං සමාපජ්ජිත්වා තතො වුට්ඨහිත්වා තත්ථ ජාතෙ චිත්තචෙතසිකෙ ධම්මෙ අනිච්චතො විපස්සති දුක්ඛතො විපස්සති රොගතො -පෙ- නිස්සරණතො විපස්සති දක්ඛති ඔලොකෙති නිජ්ඣායති උපපරික්ඛතීති ‘තතො තත්ථ විපස්සති’.
තතො තත්ථ විපස්සතී - ‘තත්ථ’ යනු: ආකිඤ්චඤ්ඤායතනයට සම වැද එයින් නැඟී සිටි එහි උපන් චිත්තචෛතසිකධර්මයන් අනිත්‍ය හෙයින් විදර්ශනා කෙරෙයි දුඃඛ හෙයින් විදර්ශනා කෙරෙයි රෝග හෙයින් ... නිස්සරණ හෙයින් විදර්ශනා කෙරෙයි දකියි අවලෝකනය කෙරෙයි සිතයි විමසා නුයි ‘තතො තත්ථ විපස්සතී’ යනු වේ.
එතං ඤාණං තථං තස්සාති එතං ඤාණං තච්ඡං භූතං යාථාවං අවිපරීතං තස්සාති ‘එතං ඤාණං තථං තස්ස’.
එතං ඤාණං තථං තස්ස - ඒ රහත් පුඟුල්හු ගේ තෙල රහත්මඟනුවණ තථ්‍ය යැ භූත යැ යථාස්වභාව ඇත්තේ යැ අවිපරීත නුයි “එතං ඤාණං තථං තස්ස” යනු වේ.
බ්රාහ්මණස්ස වුසීමතොති ‘බ්රාහ්මණො’ති සත්තන්නං ධම්මානං බාහිතත්තා බ්රාහ්මණො -පෙ- අසිතො තාදී පවුච්චතෙ ස බ්රහ්මා”ති. බ්රාහ්මණස්ස වුසීමතොති පුථුජ්ජනකල්යාණකං උපාදාය සත්තසෙඛා අප්පත්තස්ස පත්තියා, අනධිගතස්ස අධිගමාය, අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය වසන්ති සංවසන්ති ආවසන්ති පරිවසන්ති, අරහා වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තො සො වුත්ථවාසො චිණ්ණචරණො ගතද්ධො -පෙ- ජාතිමරණ සංසාරො-නත්ථි තස්ස පුනබ්භවො’ති ‘බ්රාහ්මණස්ස වුසීමතො’.
බ්රාහ්මණස්ස වුසීමතො - ‘බ්‍රාහ්මණ’ යනු: (සත්කාය දෘෂ්ටි ආදි) සප්තධර්ම කෙනකුන් දුරු කළ වන බැවින් බ්‍රාහ්මණ යැ ... (තෘෂ්ණාදෘෂ්ටි නිඃශ්‍රය නැති බැවින්) ‘අසිත’ යයි ද (ලොකධර්මයෙන් නිර්විකාර බැවින්) ‘තාදී’ යයි ද කියනු ලැබේ. හෙතෙම ‘බ්‍රාහ්මණ’ නම් වෙයි. බ්රාහ්මණස්ස වුසීමතො යනු: පෘථග්ජන කල්යාණයා පටන් සප්ත ශෛක්ෂයෝ නො පැමිණි රහත්බවට පැමිණෙනු පිණිස අවබෝධ නො කළ රහත්බව අවබෝධ කරනු පිණිස පසක් නො කළ රහත්බව පසක් කරනු පිණිස වෙසෙති වැද වෙසෙති වෙසෙසින් වෙසෙති සර්වප්රකාරයෙන් වෙසෙති, රහත්පුඟුල් තෙම වැස නිමවූ බඹසර ඇත්තේ කළ (සිව්මඟ) කිස ඇත්තේ බහා තබන ලද (කෙලෙස්) බර ඇත්තේ පැමිණි උත්තමාර්‍ත්‍ථ ඇත්තේ ක්ෂය කළ භවසංයෝජන ඇත්තේ මොනොවට රහත්මඟින් (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ වෙයි. හෙතෙම වැස නිමවූ බඹසරවස් ඇත්තේ යැ පරිචිත චරණ ධර්ම ඇත්තේ යැ ... ජාතිමරණ සංඛ්‍යාත පුනර්භවය ඔහුට නැත් නුයි ‘බ්රාහ්මණස්ස වුසීමතො’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
“ආකිඤ්චඤ්ඤාසම්භවං ඤත්වා නන්දිසංයොජනං ඉති, එවමෙතං අභිඤ්ඤාය තතො තත්ථ විපස්සති. එතං ඤාණං තථං තස්ස බ්රාහ්මණස්ස වුසීමතො”ති.
“ආකිඤ්චඤ්ඤාසම්භවං -පෙ- බ්රාහ්මණස්ස වුසීමතො” යි.
සහ ගාථාපරියොසානා -පෙ- සත්ථා මෙ භන්තෙ භගවා සාවකො’ හමස්මී’ති.
ගාථා පර්‍ය්‍යවසානය හා සමඟ ... බුදුහු මාගේ ශාස්තෘහ, මම් ශ්‍රාවක යෙමී.
පොසාල සුත්තනිද්දෙසො සමත්තො
පෝසාල සූත්‍රනිර්දේශය නිමි.