15. 1
15. 1.
15. 1.
ද්වාහං සක්කං අපුච්ඡිස්සං (ඉච්චායස්මා මොඝරාජා) න මෙ බ්යාකාසි චක්ඛුමා, යාව තතියඤ්ච දෙවීසි බ්යාකරොතීති මෙ සුතං,
(ආයුෂ්මත් මෝඝරාජ මෙසේ විචාරයි:) මම් දෙවරක් ශාක්යමුනිහු විචාළෙමි. චක්ෂුර්මත්හු ප්‍රකාශ නො කළහ, දෙවර්ෂීහු තුන්වනවට දක්වා විචාරන ලද්දාහු ප්‍රකාශ කරන සේකැ යි මා විසින් අසන ලද.
ද්වාහං සක්කං අපුච්ඡිස්සන්ති සො බ්රාහ්මණො ද්වික්ඛත්තුං බුද්ධං භගවන්තං පඤ්හං අපුච්ඡි, තස්ස භගවා පඤ්හං පුට්ඨො න බ්යාකාසි තදන්තරා ඉමස්ස බ්රාහ්මණස්ස ඉන්ද්රියපරිපාකො භවිස්සතීති. සක්කන්ති සක්කො භගවා සක්යකුලා පබ්බජිතො තිපි සක්කො, අථවා අඩ්ඪො මහද්ධනො ධනවාතිපි සක්කො, තස්සිමානි ධනානි, සෙය්යථීදං: සද්ධාධනං සීලධනං හිරිධනං ඔත්තප්පධනං සුතධනං චාගධනං පඤ්ඤාධනං සතිපට්ඨානධනං සම්මප්පධානධනං ඉද්ධිපාදධනං ඉන්ද්රියධනං බලධනං බොජ්ඣඞ්ගධනං මග්ගධනං ඵලධනං, නිබ්බානධනං ඉමෙහි අනෙකවිධෙහි ධනරතනෙහි අඩ්ඪො මහද්ධනො ධනවාතිපි සක්කො. අථවා පහූ විසවී අලමත්තො සූරො වීරො වික්කන්තො අභීරු අච්ඡම්භී අනුත්රාසි අපලායී පහීනභයභෙරවො විගතලොමහංසොතිපි සක්කො. ද්වාහං සක්කං අපුච්ඡිස්සන්ති ද්වාහං සක්කං අපුච්ඡිස්සං අයාචිස්සං අජ්ඣෙසිස්සං පසාදයිස්සන්ති ‘ද්වාහං සක්කං අපුච්ඡිස්සං’. ඉච්චායස්මා මොඝරාජා’ති -පෙ-
ද්වාහං සක්කං අපුච්ඡිස්සං යනු: එ බමුණු දෙවරක් භාග්‍යවත් බුදුන් පැන පුළුවුත්. ඔහට බුදුහු පැන පුළුවුස්නා ලද්දාහු ‘එයට ඉක්බිති මෙ බමුණුහට ඉන්ද්රියපරිපාකය වන්නේ යැ’යි ප්‍රකාශ නො කළහ. සක්කො යනු බුදුහු ශාක්‍යයහ: ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූහ යි ද ශාක්‍යයහ, නොහොත් ආඪ්‍යයහ මහද්ධන ඇතියහ ධනවත්හ යි ද ශාක්‍යයහ. උන්වහන්සේට මේ ධනයෝ වෙති; හෙ මෙසේයි: ශ්‍රද්ධා ධන යැ ශීල ධන යැ හිරි ධන යැ ඔත්තප්ප ධන යැ ශ්‍රැත ධන යැ ත්‍යාග ධන යැ ප්‍රඥා ධන යැ සතිපට්ඨාන ධන යැ සම්‍යක්ප්‍රධාන ධන යැ ඍද්ධිපාද ධන යැ ඉන්ද්රිය ධන යැ බලධන යැ බෝධ්‍යඞ්ග ධන යැ මාර්ග ධන යැ ඵලධන යැ නිර්වාණධන යි. මේ අනේකවිධ ධනරත්නයන් ගෙන් ආඪ්‍යයහ, මහද්ධන ඇතියහ, ධනවත්හ යි ද ශාක්‍යයහ. නොහොත් ශාක්‍යයහ, ප්‍රභූහ පරසන්තානයෙහි වීර්‍ය්‍යය උපදවනුහ, සමර්ත්ථ සිත් ඇතියහ, ශූරයහ, පරාක්‍රම ඇතියහ, වික්‍රම ඇතියහ, නො බාන සුල්ලහ, නො සැලෙනුවහ, නො තැතිගනුවහ, නො පලායනසුල්ලභ, දුරු කළ බිය හා බිය අරමුණු ඇතියහ, පහවූ ලොමුදහ ඇතියහ නුයි ද ශාක්‍යයහ. ද්වාහං සක්කං අපුච්ඡිස්සං යනු: මම් දෙවරක් ශාක්‍යයන් වහන්සේ පුළුවුත්මි, අයැදියෙමි, අධ්‍යෙෂණ කෙළෙමි, පැහැද වීම් නුයි ‘ද්වාහං සක්කං අපුච්ඡිස්සං’ යනු වේ. ඉච්චායස්මා මොඝරාජා යනු:...
න මෙ බ්යාකාසි චක්ඛුමාති ‘න මෙ බ්යාකාසී’ති න මෙ බ්යාකාසි, න ආචික්ඛි, න දෙසෙසි, න පඤ්ඤපෙසි, න පට්ඨපෙසි, න විවරි, න විභජි, න උත්තානී අකාසි, න පකාසෙසි. චක්ඛුමාති භගවා පඤ්චහි චක්ඛූහි චක්ඛුමා, මංසචක්ඛුනාපි චක්ඛුමා, දිබ්බචක්ඛුනාපි චක්ඛුමා, පඤ්ඤාචක්ඛුනාපි චක්ඛුමා, බුද්ධචක්ඛුනාපි චක්ඛුමා, සමන්තචක්ඛුනාපි චක්ඛුමා.
න මෙ ඛ්‍යාකාසි චක්ඛුමා- ‘න මෙ ඛ්‍යාකාසි’ යනු: මට නො පැවැසූහ නො වදාළහ නො දෙසූහ නො පැනවූහ නො පිහිටවූහ විවරණය නො කළහ විභාග නො කළහ පාළ නො කළහ ප්‍රකාශ නො කළහ. චක්ඛුමා යනු: බුදුහු පසැසින් චක්ෂුෂ්මත්හ: මසැසිනුදු චක්ෂුෂ්මත්හ, දිවැසිනුදු චක්ෂුෂ්මත්හ, පැනැසිනුදු චක්ෂුෂ්මත්හ, බුදු ඇසිනුදු චක්ෂුෂ්මත්හ, සමතැසිනුදු චක්ෂුෂ්මත්හ.
කථං භගවා මංසචක්ඛුනාපි චක්ඛුමා: ‘මංස චක්ඛුම්හි භගවතො පඤ්ච වණ්ණා සංවිජ්ජන්ති නීලො ච වණ්ණො පීතකො ච වණ්ණො ලොහිතකො ච වණ්ණො කණ්හො ච වණ්ණො ඔදාතො ච වණ්ණො. අක්ඛිලොමානි ච භගවතො යත්ථ ච අක්ඛිලොමානි පතිට්ඨිතානි තං නීලං හොති සුනීලං පාසාදිකං දස්සනෙය්යං උම්මාපුප්ඵසමානං තස්ස පරතො පීතකං හොති සුපීකතකං සුවණ්ණවණ්ණං පාසාදිකං දස්සනෙය්යං කණිකාරපුප්ඵසමානං, උභතො ච අක්ඛිකූටානි භගවතොලොහිතකානි හොන්ති.
කිසෙයින් බුදුහු මසැසිනුදු චක්ෂුෂ්මත්හ යත්: භාග්‍යවතුන් වහන්සේගේ මසැස්හි පස්පැහැ දිස් වෙයි: නිල් පැහැ යැ රන්වන් පැහැ යැ රත් පැහැ යැ කළු පැහැ යැ සුදු පැහැ යැ යි. තවද බුදුන්ගේ අක්‍ෂිරොම වෙයි: යම් තැනෙකැ වැළිත් ඇස්ලොම් පිහිටියේ ද එතැන දියමෙරළිය මල් සුදුසු සුනිල් පිරිසිදු දැකුම්කලු නිල්පැහැ වෙයි. එ ඉක්බිති කිණිහිරිමල් සුදුසු සුකසාවන් රන්වන් පිරිසිදු දැකුම්කලු කසාවන් පැහැ වෙයි. බුදුන්ගේ දෙනෙතග රතිඳුගොව් සුදුසු සුරත් පිරිසුදු දැකුම්කලු රත්පැහැ වෙයි.
සුලොහිතකානි පාසාදිකානි දස්සනෙය්යානි ඉන්දගොපකසමානානි, මජ්ඣෙ කණ්හං හොති සුකණ්හං අලූඛං සිනිද්ධං පාසාදිකං දස්සනෙය්යං අද්දාරිට්ඨකසමානං, තස්ස පරතො ඔදාතං හොති සුඔදාතං සෙතං පණ්ඩරං පාසාදිකං දස්සනෙය්යං ඔසධීතාරකාසමානං, තෙන භගවා පකතිකෙන මංසචක්ඛුනා අත්තභාවපරියාපන්නෙන පුරිමසුචරිතකම්මාභිනිබ්බත්තෙන සමන්තා යොජනං පස්සති දිවාචෙ ව රත්තිඤ්ච. යදාහි චතුරඞ්ගසමන්නාගතො අන්ධකාරො හොති, සුරියො ච අත්ථං ගතො හොති කාළපක්ඛො ච උපොසථො හොති, තිබ්බො ච වනසණ්ඩො හොති, මහා ච කාළමෙඝො අබ්භුට්ඨිතො හොති. එවරූපෙ චතුරඞ්ගසමන්නාගතෙ අන්ධකාරෙ සමන්තා යොජනං පස්සති.
මැද රුක්පෙණෙල ඇට සුදුහු ඉතා කළු මොළොක් සිනිඳු පිරිසුදු දැකුම්කලු කළුපැහැ වෙයි. ඉනික්බිති දවහත්තරු සුදුසු ඉතා සුදු සිත පඬෙර පිරිසුදු දැකුම්කලු සුදු පුහු වේ. බුදුහු අත්බැව් ඇසුරු කළ පෙර පින්කමින් උපන් ඒ පියවි මසැසින් දහවල්හි දු රැයිදු හාත්පසින් යොදුනක් දකිති. යම් කලෙකැ චතුරඞ්ගසමන්‍වාගත අන්ධකාරය වේ ද: හිරු අස්තයට ගියේත් වේ ද, කෘෂ්ණපක්‍ෂයෙහි පොහොය ත් වේ ද, ගහන වූ වන ළැහැබක් වේ ද, මහ කළුවලාකුළු නැඟුණේත් වේ ද, මෙ බඳු වූ චතුරඞ්ගසමන්‍වාගත අන්ධකාරයෙහි පවා හාත්පසින් යොදුනක් දකිති. එහි ඒ බිත්තියක් හෝ කවුළුවක් හෝ පවුරක් හෝ ගලක් හෝ ගසක් හෝ වැලක් හෝ රූපදර්ශනයට ආවරණයෙක් නැති. ඉදින් එක් තලැටක් ලකුණු කොට තලගැලෙකැ බහාලන්නේ නම් ඒ තල ඇටය මැ නඟාගන්නා සේ ක. මෙසෙයින් බුදුන්ගේ පියවි මසැස පිරිසුදු වේ. මෙසෙයින් බුදුහු මසැසිනුදු චක්ෂුර්මත් වෙති.
කථං භගවා දිබ්බෙන චක්ඛුනාපි චක්ඛුමා: භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සන්තෙ පජානාති, ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනො දුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨි කම්මසමාදානා තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නාති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති, ආකඞ්ඛමානො ච භගවා එකම්පි ලොකධාතුං පස්සෙය්ය, ද්වෙපි ලොකධාතුයො, පස්සෙය්ය තිස්සොපි ලොකධාතුයො පස්සෙය්ය, චතස්සොපි ලොකධාතුයො පස්සෙය්ය, පඤ්චපි ලොකධාතුයො පස්සෙය්ය, දසපි ලොකධාතුයො පස්සෙය්ය, වීසම්පි ලොකධාතුයො පස්සෙය්ය, තිංසම්පි ලොකධාතුයො පස්සෙය්ය, චත්තාලීසම්පි ලොකධාතුයො පස්සෙය්ය, පඤ්ඤාසම්පි ලොකධාතුයො පස්සෙය්ය, සතම්පි ලොකධාතුයො පස්සෙය්ය, සහස්සිම්පි චූලනිකං ලොකධාතුං පස්සෙය්ය, ද්විසහස්සිම්පි මජ්ඣිමිකං ලොකධාතුං පස්සෙය්ය, තිසහස්සම්පි මහාසහස්සිං ලොකධාතුං පස්සෙය්ය, යාවතා පන ආකඞ්ඛෙය්ය තාවතකං පස්සෙය්ය, එවං පරිසුද්ධං භගවතො දිබ්බචක්ඛු. එවං භගවා දිබ්බෙන චක්ඛුනාපි චක්ඛුමා.
කිසෙයින් බුදුහු දිවැසිනුදු චක්ෂුර්මත්හ යත්: බුදුහු විශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටියා වූ ච්‍යුත වන්නා වූ ද උපදනා වූ ද හීන වූ ප්‍රණීත වූ අභිරූප වූ විරූප වූ සුගතියට ගියා වූ දුගතියට ගියා වූ සත්ත්වයන් දකිති. යභභ, මේ භවත් සත්ත්වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනො දුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද කළාහු මිත්‍ථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිත්‍ථ්‍යාදෘෂ්ටි වශයෙන් සමාදන් වූ විවිධ කර්ම ඇත්තාහු ය. ඔහු කය බිඳීමෙන් මරණින් මත්තෙහි අය රහිත වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයට පැමිණියාහු ය. යළි මේ භවත් සත්ත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූවාහු වාක් සුචරිතයෙන් යුක්ත වූවාහු මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටි වශයෙන් සමාදන් වූ කර්ම ඇත්තාහු ය. ඔහු කාබුන් මරණින් මත්තෙහි සුන්දරගති ඇති සැපයෙන් අග්‍ර වූ ලෝකයට පැමිණියාහ යි කම් වූ පරිද්දෙන් පැමිණි සත්ත්වයන් දන්නා සේක. මෙසෙයින් විශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටි දිවැසින් ච්‍යුත වන්නා වූ ද උපදනා වූ ද හීන වූ ප්‍රණීත වූ අභිරූප වූ විරූප වූ සුගතියට ගියා වූ දුගතියට ගියා වූ සත්ත්වයන් දකිති. කම් වූ පරිදි (පරලොව) පැමිණි සත්ත්වයන් දන්නා සේක. තවද බුදුහු කැමැති වන්නාහු නම් එක් ලෝකධාතුවකුදු බලන සේක. ලෝකධාතු දෙකක් ද තුන් ලෝකධාතුවකුදු - සතර ලෝකධාතුවකුදු - පස් ලෝකධාතුවකුදු බලන සේක. දස ලෝකධාතුවකුදු - විසි ලෝකධාතුවකුදු - තිස් ලෝකධාතුවකුදු - සතලිස් ලෝකධාතුවකුදු - පනස් ලෝකධාතුවකුදු - සියක් ලොකධාතුහු ද බලන සේක. සහස්රීචූලනීලොකධාතුව ද බලන සේක. ද්විසහස්‍රී මධ්‍යම ලෝකධාතුව ද බලන සේක. ත්‍රිසහස්‍රී මහා සහස්‍රී ලෝකධාතුව ද බලන සේක. තවද යම් පමණ කැමැති වන සේක් නම් එ පමණ බලන සේක. බුදුන්ගේ දිවැස මෙසෙයින් පිරිසුදු වේ. මෙසෙයින් බුදුහු දිවැසිනුදු චක්ෂුර්මත් වෙති.
කථං භගවා පඤ්ඤාචක්ඛුනාපි චක්ඛුමා: භගවා මහාපඤ්ඤො පුථුපඤ්ඤො හාසපඤ්ඤො ජවනපඤ්ඤො. තික්ඛපඤ්ඤො නිබ්බෙධිකපඤ්ඤො පඤ්ඤාප්පභෙදකුසලො පභින්නඤාණො අධිගතපටිසම්භිදො. චතුවෙසාරජ්ජප්පත්තො දසබලධාරී පුරිසාසභො පුරිසසීහො පුරිසනාගො පුරිසාජඤ්ඤො පුරිසධොරය්හො අනන්තඤාණො අනන්තතෙජො අනන්තයසො අඩ්ඪො මහද්ධනො ධනවා නෙතා විනෙතා අනුනෙතා පඤ්ඤාපෙතා නිජ්ඣාපෙතා පෙක්ඛෙතා පසාදෙතා. සො හි භගවා අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා, අසඤ්ජාතස්ස, මග්ගස්ස සඤ්ජනෙතා, අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා, මග්ගඤ්ඤූ මග්ගවිදූ මග්ගකොවිදො මග්ගානුගා ච පන එතරහි සාවකා විහරන්ති පච්ඡා සමන්නාගතා.
කිසෙයින් බුදුහු පැනැසිනුදු චක්ෂුර්මත්හ යත්: බුදුහු මහත්ප්රඥා ඇතියහ, පතළ ප්‍රඥා ඇතියහ, ශීඝ්‍ර ප්‍රඥා ඇතියහ, දිවෙන ප්‍රඥා ඇතියහ, තියුණු ප්‍රඥා ඇතියහ, විනිවිද යන ප්‍රඥා ඇතියහ, ප්‍රඥා ප්‍රභේදයෙහි නිපුණයහ, ප්‍රභේදයට පැමිණි ඥාන ඇතියහ, අධිගම කළ ප්‍රතිසංවිද් ඇතියහ, චතුර්වෛශාරද්‍යයට පැමිණියහ, දශබලධාරීහ, පුරුෂ ශ්‍රේෂ්ඨයහ, පුරුෂසිංහයහ, පුරුෂනාගයහ, පුරුෂාජානෙයහ, පුරුෂධෞරෙයහ, අනන්තඥාන ඇතියහ, අනන්ත තේජස් ඇතියහ, අනන්ත යශස් ඇතියහ, (ප්‍රඥාධනයෙන්) ආඪ්‍යයහ, මහත් වූ ප්‍රඥාධන ඇතියහ, ප්රඥාධනවත්හ, (නිවනට පමුණුවන හෙයින්) නේතෘහ, (වෛනෙය ජනයන් විනයන කරන හෙයින්) විනේතෘහ, (සැක සිඳුනා හෙයින්) අනුනේතෘහ, (අර්ත්ථය) පනවනුවහ, නිශ්චය කරනුවහ, (පිළිවෙත්) දක්වනුවහ, (ප්‍රතිපත්තිඵලයෙන්) පහදනුවහ, තවද ඒ බුදුහු නූපන්විරූ අරීමඟ සිය සතන්හි ඉපැදවූහ, (වෛනෙය සන්තානයෙහි) අසඤ්ජාත මාර්ගය උපදනුවහ, ප්‍රකාශ නො කළ මාර්ගය ප්‍රකාශ කරනුවහ, මාර්ගය දතුවහ, මාර්ගය දන්නාසුල්ලහ, මාර්ගයෙහි විචක්‍ෂණයහ, තවද මෙකල්හි මාර්ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදි ගුණයෙන්) පසුපස යෙමින් වෙසෙත්.
සො හි භගවා ජානං ජානාති, පස්සං පස්සති, චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්රහ්මභූතො වත්තා පවත්තා අත්ථස්ස නින්නෙතා, අමතස්ස දාතා ධම්මස්සාමි තථාගතො, නත්ථි තස්ස භගවතො අඤ්ඤාතං අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය, අතීතං අනාගතං පච්චුප්පන්නං උපාදාය සබ්බෙ ධම්මා සබ්බාකාරෙන බුද්ධස්ස භගවතො ඤාණමුඛෙ ආපාථං ආගච්ඡන්ති. යං කිඤ්චි නෙය්‍යං නාම අත්ථි ධම්මං ජානිතබ්බං අත්තත්ථො වා පරත්ථො වා උභයත්ථො වා දිට්ඨධම්මිකො වා අත්ථො සම්පරායිකො වා අත්ථො, උත්තානො වා අත්ථො, ගම්භීරො වා අත්ථො, ගූළ්හො වා අත්ථො, පටිච්ඡන්නො වා අත්ථො, නෙය්යො වා අත්ථො, නීතො වා අත්ථො, අනවජ්ජො වා අත්ථො, නික්කිලෙසො වා අත්ථො, වොදානො වා අත්ථො, පරමත්ථො වා අත්ථො. සබ්බං තං අන්තොබුද්ධඤාණෙ පරිවත්තති, සබ්බං කායකම්මං බුද්ධස්ස භගවතො ඤාණානුපරිවත්ති සබ්බං වචීකම්මං ඤාණානුපරිවත්ති, සබ්බං මනොකම්මං ඤාණානුපරිවත්ති,
ඒ බුදුහු දතයුතු ඥේයධර්‍මය දනිති, දැක්කයුතු ඥෙයපථය නුවණැසින් දකිති, (දර්ශන පරිණායක හෙයින්) ඇසක් මෙන් වූහ, ඥානමය වූහ ධර්මමය වූහ, ශ්‍රේෂ්ඨ වූහ, (දහම් දෙසන හෙයින්) වක්තෘ වූහ, ප්‍රවක්තෘ වූහ, (අර්ත්ථය දක්වනුයෙන්) නිර්නේතෘ වූහ, අමෘතය දෙනුවහ, ධර්ම ස්වාමීහ, තථාගත වූහ. ඒ බුදුන් විසින් (මඟනැණින්) නො දන්නා ලද්දෙක් (නුවණැසින්) නො දක්නා ලද්දෙක් අවිදිතයෙක් නො පසක් කරන ලද්දෙක් ප්‍රඥායෙන් ස්පර්ශ නො කරන ලද්දෙක් නැති. ඥේය නම් වූ දතයුතු යම් කිසි ධර්මයෙක් වේ ද, අතීතානාගත ප්‍රත්‍යුත්පන්නය ඇතුළු කොට සඞ්ඛතාසඞ්ඛත වූ සියලු ධර්මයෝ සර්වප්රකාරයෙන් භාග්‍යවත් බුදුන් ගේ ඥානමුඛයෙහි ආපාථයට පැමිණෙත්. ආත්මාර්‍ත්‍ථය වේවයි පරාර්‍ත්‍ථය වේවයි උභයාර්‍ත්‍ථය වේවයි දෘෂ්ටධාර්මිකාර්ත්ථය වේවයි සාම්පරායිකාර්ත්ථය වේවයි උත්තානාර්ත්ථය වේවයි ගම්භීරාර්ත්ථය වේවයි ගූඪාර්ත්ථය වේවයි ප්රතිච්ඡන්නාර්ත්ථය වේවයි නෙයාර්ත්ථය වේවයි නීතාර්ත්ථය වේවයි නිර්දොෂාර්ත්ථය වේවයි නික්ලෙශාර්ත්ථය වේවයි පරිශුද්ධාර්ත්ථය වේවයි පරමාර්ත්ථය වේවයි එ හැම බුද්ධඥානය තුළ පිරිවැටෙයි. භාග්‍යවත් බුදුන්ගේ සියලු කායකර්මය ඥානය අනුව පවතී, සියලු වාක්කර්‍මය ඥානය අනුව පවතී, සියලු මනඃකර්‍මය ඥානය අනුව පවතී.
අතීතෙ බුද්ධස්ස භගවතො අප්පටිහතං ඤාණං, අනාගතෙ අප්පටිහතං ඤාණං, පච්චුප්පන්නෙ අප්පටිහතං ඤාණං, යාවතකං නෙය්‍යං තාවතකං ඤාණං, යාවතකං ඤාණං තාවතකං නෙය්‍යං, නෙය්යපරියන්තිකං ඤාණං, ඤාණපරියන්තිකං නෙය්‍යං, නෙය්‍යං අතික්කමිත්වා ඤාණං නප්පවත්තති. ඤාණං අතික්කමිත්වා නෙය්‍යපථො නත්ථි, අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො තෙ ධම්මා, යතා ද්වින්නං සමුග්ගපටලානං සම්මා ඵස්සිතානං. හෙට්ඨිමං සමුග්ගපටලං උපරිමං නාතිවත්තති, උපරිමං සමුග්ගපටලං හෙට්ඨිමං නාතිවත්තති, අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො තෙ. එවමෙව බුද්ධස්ස භගවතො නෙය්‍යඤ්ච ඤාණඤ්ච අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො. යාවතකං නෙය්‍යං තාවතකං ඤාණං, යාවතකං ඤාණං තාවතකං නෙය්‍යං, නෙය්යපරියන්තිකං ඤාණං, ඤාණපරියන්තිකං නෙය්‍යං, නෙය්‍යං අතික්කමිත්වා ඤාණං නප්පවත්තති, ඤාණං අතික්කමිත්වා නෙය්‍යපථො නත්ථි, අඤ්ඤමඤ්ඤපරියන්තට්ඨායිනො තෙ ධම්මා.
අතීතයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය අප්‍රතිහත (අනාවරණ) යැ, අනාගතයෙහි ඥානය අනාවරණ යැ, ප්‍රත්‍යුත්පන්නයෙහි ඥානය අනාවරණ යැ දතයුත්ත යම් පමණ ද ඥානය එ පමණ යැ, ඥානය යම් පමණ ද දතයුත්ත එ පමණ යැ, ඥානය ඥෙයපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඥානපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඉක්මැ ඥානයෙක් නො පවතී, ඥානය ඉක්මැ ඥෙයපථයෙක් නැති, ඒ ධර්මයෝ අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි පවත්නාසුල්ලහ. යම්සේ මනාකොට පැහැසූ සුමුගු පටල දෙකක්හු ගේ යට සුමුගුපටල උපරිමය නො ඉක්මවා ද උඩ සුමුගුපටල හෙට්ඨිමය නො ඉක්ම සිටී ද, ඔවුහු ඔවුනොවුන් ගේ කෙළවර සිටුනාසුලු වෙත් ද, එසෙයින් භාග්‍යවත් බුදුන්ගේ ඥේයයත් ඥානයත් අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි පවත්නාසුල්ලහ. යම්තාක් ඥේයය ද ඒ තාක් ඥාන යැ, යම්තාක් ඥානය ද ඒ තාක් ඥේය යැ, ඥානය ඥෙයපර්‍ය්‍යන්තික යැ ඥේයය ඥානපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඉක් මැ ඥානය නො පවතී ඥානය ඉක් මැ ඥෙයපථයෙක් නැති. ඒ දහම්හු අන්‍යෝන්‍ය පර්‍ය්‍යන්තයෙහි සිටුනාසුල්ලහ.
සබ්බධම්මෙසු බුද්ධස්ස භගවතො ඤාණං පවත්තති, සබ්බෙ ධම්මා බුද්ධස්ස භගවතො ආවජ්ජනපටිබද්ධා ආකඞ්ඛාපටිබද්ධා මනසිකාරපටිබද්ධා චිත්තුප්පාදපටිබද්ධා සබ්බසත්තෙසු බුද්ධස්ස භගවතො ඤාණං පවත්තති, සබ්බෙසං ච සත්තානං භගවා ආසයං ජානාති, අනුසයං ජානාති, චරිතං ජානාති, අධිමුත්තිං ජානාති, අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ භබ්බාභබ්බෙ සත්තෙ ජානාති. සදෙවකො ලොකො සමාරකො සබ්රහ්මකො සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා අන්තොබුද්ධඤාණෙ පරිවත්තති. යථා යෙ කෙචි මච්ඡකච්ඡපා අන්තමසො තිමිතිමිඞ්ගලං උපාදාය අන්තො මහාසමුද්දෙ පරිවත්තන්ති. එවමෙව සදෙවකො ලොකො සමාරකො සබ්රහ්මකො සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා අන්තො බුද්ධඤාණෙ පරිවත්තති. යථා යෙ කෙචි පක්ඛී අන්තමසො ගරුළං වෙනතෙය්යං උපාදාය ආකාසස්ස පදෙසෙ පරිවත්තන්ති. එවමෙව යෙපි තෙ. සාරිපුත්තසමා පඤ්ඤාය සමන්නාගතා, තෙපි බුද්ධඤාණස්ස පදෙසෙ පරිවත්තන්ති. බුද්ධඤාණං දෙවමනුස්සානං පඤ්ඤං ඵරිත්වා අභිභවිත්වා තිට්ඨති. යෙපි තෙ ඛත්තිය පණ්ඩිතා බ්රාහ්මණපණ්ඩිතා ගහපතිපණ්ඩිතා සමණපණ්ඩිතා නිපුණා ක පරප්පවාදා වාලවෙධිරූපා වොභින්දන්තා මඤ්ඤෙ චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතානි. තෙ පඤ්හෙ අභිසඞ්ඛරිත්වා අභිසඞ්ඛරිත්වා තථාගතං උපසඞ්කමිත්වා පුච්ඡන්ති ගූළ්හානි ච පටිච්ඡන්නානි ච කථිතා විස්සජ්ජිතාව. තෙ පඤ්හා භගවතා හොන්ති නිද්දිට්ඨකාරණා. උපක්ඛිත්තකා ච තෙ භගවතො සම්පජ්ජන්ති. අථ ඛො භගවාව නත්ථි අතිරොචති යදිදං පඤ්ඤායාති. එවං භගවා පඤ්ඤාචක්ඛුනාපි චක්ඛුමා.
සියලු දහම් විෂයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවතී, සියලු දහම්හු භාග්‍යවත් බුදුන්ගේ මනොද්වාරාවර්ජනයට අයත්හු වෙති, රුචිය ප්‍රතිබද්ධයහ, මනසිකාර ප්‍රතිබද්ධයහ, චිත්තෝත්පාද ප්‍රතිබද්ධයහ. සියලු සතුන් විෂයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවතී. බුදුහු සියලු සතුන්ගේ ආශය දනිති, අනුශය දනිති චරිතය දනිති, අධිමුක්තිය දනිති. අල්ප වූ රාගාදි රජස් ඇති මහත් වූ රජස් ඇති තියුණු වූ (ශ්‍රද්ධාදි) ඉඳුරන් ඇති මෘදු වූ ඉඳුරන් ඇති සුන්දර වූ (ශ්‍රද්ධාදි) ආකාර ඇති ගර්හිත වූ (ශ්‍රද්ධාදි) ආකාර ඇති සුවිඥාප්‍ය වූ දුර්විඥාප්‍ය වූ භව්‍යාභව්‍ය සත්ත්වයන් දනිති. මරුන් බඹුන් සහිත වූ දෙවියන් සහිත ලෝ වැසි තෙම දෙවිමිනිසුන් සහිත වූ මහණ බමුණන් සහිත ප්‍රජාව බුදුනුවණ තුළ පවතී. තිමි තිමිඞ්ගල පටන් කොට යම් කිසි මස්-කැසුබු කෙනෙක් වෙත් නම්, ඔහු යම්සේ ඇතුළු මහමුහුදෙහි හැසිරෙත් ද, එසෙයින් මරුන් බඹුන් සහිත වූ සදේවක ලෝක තෙමේ ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත සදෙවමනුෂ්‍යප්‍රජාව ඇතුළු බුදුනුවණෙහි පවතී. යම්සේ විනතාපුත් ගුරුළුරජහු පටන් කොට යම් කිසි පක්ෂි කෙනෙක් වෙත් නම්, ඔහු අහසැ පෙදෙසකැ හැසිරෙත් ද, එසෙයින් මැ යම් කෙනෙක් නුවණින් සැරියුත් තෙරුන් සම වූවාහු නම්, ඔවුහු ද බුද්ධ ඥානයාගේ පෙදෙසක පවත්නාහු යැ. බුද්ධඥානය දෙවිමිනිසුන්ගේ ප්‍රඥාව පැතිරැ මැඩගෙන සිටී. නිපුණ වූ කළ පරප්‍රවාද ඇති වල්විදුනා දුනුවායන් බඳු ප්‍රසිද්ධ වූ යම් ක්ෂත්රිය- බ්‍රාහ්මණ- ගෘහපති- ශ්‍රමණ පණ්ඩිත කෙනෙක් ප්‍රඥායෙන් දෘෂ්ටිගතයන් බිඳිමින් මෙන් හැසිරෙත් නම් ඔහු ගූඪ වූ ද ප්‍රතිච්ඡන්න වූ ද බොහෝ ප්‍රශ්න රචනා කොට බුදුන් වෙත පැමිණ විචාරත් ද භාග්‍යවතුන් විසින් ඒ ප්‍රශ්නයෝ සකාරණ වැ කියන ලද්දාහු විසඳන ලද්දාහු මැ වෙත්. ඔවුහු භාග්‍යවතුන්ගේ ශ්‍රාවක බවට (උපාසක බවට හෝ) පැමිණියාහු මැ වෙත්. යළි බුදුහු මැ එහි ප්‍රඥායෙන් අතිශයින් ප්‍රකාශ වෙත් නුයි මෙසේ බුදුහු පැනැසිනුදු ‘චක්ෂුර්මත්’ වූහ.
කථං භගවා බුද්ධචක්ඛුනාපි චක්ඛුමා: භගවා බුද්ධචක්ඛුනා ලොකං ඔලොකෙන්තො අද්දස සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ, අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ. සෙය්යථාපි නාම උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකානුග්ගතානි අන්තොනිමුග්ගපොසීනි, අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි සමොදකං ඨිතානි, අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකා අච්චුගම්ම තිට්ඨන්ති අනුපලිත්තානි උදකෙන. එවමෙව භගවා බුද්ධචක්ඛුනා ලොකං ඔලොකෙන්තො අද්දස සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ, අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ.
කිසෙයින් බුදුහු බුදු ඇසිනුදු ‘චක්ෂුර්මත්’ වූහ යත්: බුදුහු බුදු ඇසින් ලොව බලන සේක් (නුවණැස්හි) අල්ප වූ (රාගාදි) කෙලෙස් රජස් ඇති මහත් වූ කෙලෙස්රජස් ඇති තියුණු වූ (ශ්‍රද්ධාදි) ඉඳුරන් ඇති මෘදු වූ ඉඳුරන් ඇති (ශ්‍රද්ධාදි) සුන්දරාකාර ඇති (අශ්‍රද්ධාදි) ගර්හිත වූ ආකාර ඇති සුවිඥාප්යවූ දුර්විඥාප්‍ය වූ සත්ත්වයන් ඇතැම් කෙනකුන් පරලොව හා වද්‍යයන් භය වශයෙන් දක්නාසුලු වැ වසනුවන්, ඇතැම් කෙනකුන් පරලොව හා වද්‍යයන් භය වශයෙන් දක්නාසුලු වැ නොවසනුවන් දුටුසේක. යම්සේ උපුල්විලෙකැ හෝ පියුම්විලෙකැ හෝ නෙළුඹුවිලෙකැ හෝ ඇතැම් උපුල් පියුම් හෝ නෙළුම් දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දියෙන් නො නැඟුණාහු ඇතුළත ගැලී පොහොනි වූවාහු ද, ඇතැම් උපුල් පියුම් හෝ නෙළුම් දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දිය හා සම වැ සිටියාහු ද, ඇතැම් උපුල් පියුම් හෝ නෙළුම් දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දියෙන් උඩට නැඟී දිය හා නො වැකුණාහු සිටිත් ද එසෙයින් මැ බුදුහු බුදුඇසින් ලොව බලන සේක් අල්පරජස්ක වූ ද මහාරජස්ක වූ ද තියුණු ඉඳුරන් ඇත්තා වූ ද මෘදු ඉඳුරන් ඇත්තා වූ ද සුන්දරාකාර ඇති වූ ද ගර්හිතාකාර ඇති වූ ද සුවිඥාප්‍ය වූ ද දුර්විඥාප්‍ය වූ ද සත්ත්වයන්, ඇතැම් කෙනකුන් පරලොකයෙහිත් වද්යයෙහිත් භය දක්නාසුලු වැ වසනුවන්, ඇතැම් කෙනකුන් පරලෝක වද්‍යයෙහි භය දක්නාසුලු වැ නොවසනුවන් දුටු සේක.
“ජානාති භගවා” අයං පුග්ගලො රාගචරිතො අයං දොසචරිතො අයං මොහචරිතො, අයං විතක්කචරිතො අයං සද්ධාචරිතො අයං ඤාණචරිතොති. රාගචරිතස්ස භගවා පුග්ගලස්ස අසුභකථං කථෙති. දොසචරිතස්ස භගවා පුග්ගලස්ස මෙත්තාභාවනං ආචික්ඛති, මොහචරිතං භගවා පුග්ගලං උද්දෙසෙ පරිපුච්ඡාය කාලෙන ධම්මසවනෙ කාලෙන ධම්මසාකච්ඡාය ගරුසංවාසෙ නිවෙසෙති, විතක්කචරිතස්ස භගවා පුග්ගලස්ස ආනාපානසතිං ආචික්ඛති, සද්ධාචරිතස්ස භගවා පුග්ගලස්ස පසාදනීයං නිමිත්තං ආචික්ඛති බුද්ධසුබොධිං ධම්මසුධම්මතං සඞ්ඝසුප්පටිපත්තිං සීලානි ච අත්තනො. ඤාණචරිතස්ස භගවා පුග්ගලස්ස විපස්සනානිමිත්තං ආචික්ඛති අනිච්චාකාරං දුක්ඛාකාරං අනත්තාකාරං.
බුදුහු ‘මේ පුද්ගල තෙමේ රාගචරිතයෙක. මේ ද්වෙෂචරිතයෙක, මේ මොහචරිතයෙක, මේ විතර්කචරිතයෙක, මේ ශ්රද්ධාචරිතයෙක, මේ ඥානචරිතයෙකැ’යි දන්නා සේක. බුදුහු රාග බහුල පුද්ගලහට අශුභ කථාව වදාරති. බුදුහු ද්වේෂ බහුල පුද්ගලහට මෛත්‍රීභාවනාව පවසති. බුදුහු මෝහ බහුල පුද්ගලයා උදෙසීමෙහි ද පරිපෘච්ඡා (අටුවා) යෙහි ද කලෙකැ (සුදුසු කල්හි) ධර්මශ්රවණයෙහි ද කලෙකැ ධර්මසාකච්ඡායෙන් ගුරුන් ඇසුරු කිරීමෙහි ද (ඇදුරන් වෙත) සිටුවන සේක. බුදුහු විතර්ක බහුල පුද්ගලහට ආනාපානසතිය දෙසන සේක. ශ්‍රද්ධා බහුල පුද්ගලහට බුදුහු ප්‍රසාද උපදවන සූත්‍රයක් ද බුදුන්ගේ බුද්ධත්ව ප්‍රතිවේධය ද ධර්මය ස්වාක්ඛ්‍යාත බව ද සඞ්ඝයා සුප්‍රතිපන්න බව ද තමා සතු ශීලයන් ද පවසන සේක. ඥානචරිත පුද්ගලහට බුදුහු (උදයව්‍යයාදි) විදර්ශනා නිමිත්ත වූ අනිත්‍යාකාරය දුඃඛාකාරය අනාත්මාකාරය පවසන සේක.
1. “සෙලෙ යථා පබ්බතමුද්ධනිට්ඨිතො යථාපි පස්සෙ ජනතං සමන්තතො, තථූපමං ධම්මමයං සුමෙධ, පාසාදමාරුය්හ සමන්තචක්ඛු සොකාවතිණ්ණං ජනතමපෙතසොකො අවෙක්ඛස්සු ජාතිජරාභිභූත”න්ති
1) යම්සේ සෙල්මුවා පවු මුදුන්හි සිටි (ඇස් ඇති පුරුෂ) යෙක් හාත්පස ජනතාව බලන්නේ ද, එසෙයින් සුන්දර ප්‍රඥා ඇතියාණෙනි, සමන්තචක්ෂුස් වූ භාග්‍යවත්නි, මුඹ වහන්සේ ද දහම්මුවා පහයට නැඟ (තුමූ) පහ වූ ශෝක ඇත්තාහු ශොකාවතීර්ණ වූ ජාතිජරායෙන් මඩනා ලද ජනතාව බලනු මැනැවැ’යි.
එවං භගවා බුද්ධචක්ඛුනාපි චක්ඛුමා:
මෙසෙයින් බුදුහු බුදු ඇසිනුදු චක්ෂුර්මත් වූහ.
කථං භගවා සමන්තචක්ඛුනාපි චක්ඛුමා: ‘සමන්තචක්ඛු’ වුච්චති සබ්බඤ්ඤුතඤාණං, භගවා සබ්බඤ්ඤුතඤාණෙන උපෙතො සමුපෙතො උපාගතො සමුපාගතො උප්පන්නො සම්පන්නො සමන්නාගතො.
කිසෙයින් බුදුහු සමතැසිනුදු ‘චක්ෂුර්මත්’ වූහ යත්: ‘සමන්තචක්ඛු’ සර්වඥතාඥානය කියනු ලැබෙයි. බුදුහු සර්වඥතාඥානයෙන් උපෙතයහ, සමුපෙතයහ, උපගතයහ, සමුපගතයහ, නො වෙන් වූහ, පරිපූර්‍ණයහ සමන්විත වූහු.
2. “න තස්ස අද්දිට්ඨමිධත්ථි කිඤ්චි අථො අවිඤ්ඤාතමජානිතබ්බං සබ්බං අභිඤ්ඤාසි යදත්ථි නෙය්‍යං තථාගතො තෙන සමන්තචක්ඛූ”ති
2. ඒ තථාගතයන් විසින් මේ ත්‍රෛධාතුක ලෝකයෙහි (මෙකල හෝ) පැනැසින් නුදුටු කිසිවක් නැත, යළි (අතීත වූ) නො දත් කිසිවක් නැත, (අනාගත වූ) නො දැනෙන කිසි ධර්‍මජාතයෙකු දු නැති. දතයුතු වූ යම් ධර්මජාතයෙක් වේ නම් ඒ සියල්ල අවබෝධ කළහ. එහෙයින් තථාගතයෝ ‘සමන්තචක්ඛු’ වූහ.
එවං භගවා සමන්තචක්ඛුනාපි චක්ඛුමාති ‘න මෙ බ්යාකාසි චක්ඛුමා.’
මෙසෙයින් බුදුහු සමතැසිනුදු ‘චක්ෂුර්මත්’ වූහු නුයි ‘න මෙ ඛ්‍යාකාසි චක්ඛුමා’ යනු වේ.
යාවතතියඤ්ච දෙවීසි බ්යාකරොතීති මෙසුතන්ති: යාව තතියං බුද්ධො සහධම්මාකං පඤ්හං පුට්ඨො බ්යාකරොති නො සංසාරෙතීති එවං මයා උග්ගහීතං, එවං මයා උපධාරිතං, එවං මයා උපලක්ඛිතං. දෙවීසීති: භගවා දෙවො චෙව ඉසි චාති දෙවිසි. යථා රාජපබ්බජිතා වුච්චන්ති රාජිසයො, බ්රාහ්මණපබ්බජිතා වුච්චන්ති බ්රාහ්මණිසයො, එවමෙව භගවා දෙවො චෙව ඉසි චාති දෙවිසි. අථවා භගවා පබ්බජිතොතිපි ඉසි, මහන්තං සීලක්ඛන්ධං එසි ගවෙසි පරියෙසී තිපි ඉසි, මහන්තං සමාධික්ඛන්ධං එසි ගවෙසි පරියෙසී තිපි ඉසි, මහන්තං පඤ්ඤාක්ඛන්ධං එසි ගවෙසි පරියෙසීතිපි ඉසි, මහන්තං සමාධික්ඛන්ධං -පෙ- මහන්තං පඤ්ඤාක්ඛන්ධං-මහන්තං විමුත්තික්ඛන්ධං-මහන්තං විමුත්තිඤාණදස්සනක්ඛන්ධං එසි ගවෙසි පරියෙසී තිපි ඉසි, මහතො තමොකායස්ස පදාළනං එසි ගවෙසි පරියෙසීතිපි ඉසි, මහතො විපල්ලාසස්ස පභෙදනං එසි ගවෙසි පරියෙසීතිපි ඉසි, මහතො තණ්හාසල්ලස්ස අබ්බහනං -පෙ- මහතො දිට්ඨිසඞ්ඝාටස්ස විනිවෙඨනං-මහතො මානද්ධජස්ස පපාතනං-මහතො අභිසංඛාරස්ස වූපසමං-මහතො ඔඝස්ස නිත්ථරණං, -
යාව තතියඤ්ච දෙවීසි බ්යාකරොතී’ ති මෙ සුතං යනු: බුදුහු තුන්වන වට දක්වා කරුණු සහිත වැ පැන පුළුවුස්නා ලද්දාහු ප්‍රකාශ කෙරෙති නො බැහැර කෙරෙතී’ මෙසේ මා විසින් උගන්නා ලද, මෙසේ මා විසින් විමසන ලද, මෙසේ මා විසින් සලකන ලද. දෙවීසි යනු: බුදුහු ‘දෙව’ ද ‘ඍෂි’ දැ යි ‘දේවර්ෂි’ නම. යම්සේ රජපැවිද්දෝ ‘රාජර්ෂීහ’ යි කියනු ලැබෙත් ද බමුණු පැවිද්දෝ ‘බ්රාහ්මණර්ෂීහ’ යි කියනු ලැබෙත් ද, එසෙයින් මැ බුදුහු ‘දේව’ ද ‘ඍෂි’ දැ යි දේවර්ෂීහ. නොහොත් බුදුහු පැවිදි වූවාහු නුයි ද ඍෂීහ, මහත් වූ ශීලස්කන්ධය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළාහු නුයි ඍෂීහ, මහත් වූ සමාධිස්කන්ධය- මහත් වූ ප්රඥාස්කන්ධය- මහත් වූ විමුක්තිස්කන්ධය- මහත් වූ විමුක්තිඥාන දර්ශනස්කන්ධය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළාහු නු යි ද ඍෂීහ, මහත් වූ තමස්කායයාගේ විදාරණය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළාහු නුයි ද ඍෂීහ, මහත් වූ විපර්ය්යාසයාගේ බිඳීම එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළාහු නුයි ද ඍෂීහ, මහත් වූ තෘෂ්ණා ශල්‍යය ඉදිරීම ... මහත් වූ දෘෂ්ටි සඞ්ඝාටය ලිහීම, මහත් වූ මානධ්වජය හෙළීම, මහත් වූ අභිසංස්කාරය සන්හිඳුවීම, මහත් වූ ඕඝය තරණය කිරීම,
මහතො භාරස්ස නික්ඛෙපනං--මහතො සංසාරවට්ටස්ස උපච්ඡෙදං-මහතො සන්තාපස්ස නිබ්බාපනං-මහතො පරිළාහස්ස පටිප්පස්සද්ධිං-මහතො ධම්මධජස්ස උස්සාපනං එසි ගවෙසි පරියෙසීතිපි ඉසි. මහන්තෙ සතිපට්ඨානෙ මහන්තෙ සම්මප්පධානෙ මහන්තෙ ඉද්ධිපාදෙ මහන්තානි ඉන්ද්රියානි මහන්තානි බලානි මහන්තෙ බොජ්ඣඞ්ගෙ මහන්තං අරියං අට්ඨඞ්ගිකං මග්ගං මහන්තං පරමත්ථං අමතං නිබ්බානං එසි ගවෙසි පරියෙසීතිපි ඉසි. මහෙසක්ඛෙහිවා සත්තෙහි එසිතො ගවෙසිතො පරියෙසිතො කහං බුද්ධො කහං භගවා කහං දෙවදෙවො කහං නරාසභොතිපි ඉසීති යාව තතියඤ්ච දෙවීසි බ්යාකරොතීති මෙ සුතං.’
මහත් වූ (පස්කඳ) බර බහා තැබීම, මහත් වූ සසරවට සිඳීම, මහත් වූ සන්තාපය නිවීම, මහත් වූ (ක්ලේශ) පරිදාහය සන්හිඳුවීම, මහත් වූ ධර්මධ්වජය එසැවීම එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළාහු නු යි ද ඍෂීහ. මහත් වූ, සතිපට්ඨානයන් මහත් වූ සම්‍යක් ප්‍රධානයන් මහත් වූ ඍද්ධිපාදයන් මහත් වූ ඉන්ද්රියයන් මහත් වූ බලයන් මහත් වූ බෝධ්‍යඞ්ගයන් මහත් වූ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්ගය මහත් වූ පරමාර්‍ත්‍ථ වූ අමාමහනිවන එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළාහු නුයි ද ඍෂීහ, මහේශාඛ්‍ය වූ සත්ත්වයන් විසින් හෝ ‘කොහි යැ බුදුහු’, කොහි යැ භාග්‍යවත්හු, කොහි යැ දෙවියනට දෙවි වූවෝ, කොහි යැ නරශ්‍රෙෂ්ඨයෝ’ යි එෂිත ගවෙෂිත පර්‍ය්‍යෙෂිත වූහු නුයි ද ඍෂී වෙත් නුයි “යාව තතියඤ්ච දෙවීසි ඛ්යාකරොතී’ති මෙ සුතං” යනු වේ.
තෙනාහ සො බ්රාහ්මණො:
එයින් කී යැ එ බමුණු:
“ද්වාහං සක්කං අපුච්ඡිස්සං (ඉච්චායස්මා මොඝරාජා.) න මෙ බ්යාකාසි චක්ඛුමා, යාව තතියඤ්ච දෙවීසි බ්යාකරොතීති මෙ සුත”න්ති.
“ද්වාහං සක්කං -පෙ- බ්යාකරොතී’ති මෙ සුතං” යි.