15. 4
15. 4.
15. 4.
සුඤ්ඤතො ලොකං අවෙක‍්ඛස‍්සු (මොඝරාජ) සදා සතො, අත‍්තානුදිට‍්ඨිං ඌහච‍්ච එවං මච්චුතරො සියා එවං ලොකං අවෙක‍්ඛන‍්තං මච‍්චුරාජා න පස‍්සතී
මෝඝරාජය, හැම කල්හි ස්මෘතිමත් වැ සත්කායදෘෂ්ටිය දුරැ කොට ලොව ශුන්‍ය හෙයින් බලව, මෙසෙයින් මෘත්‍යුහු ඉක්මවන්නෙහි, මෙසෙයින් ලොව බලන්නහු මෘත්‍යුරාජ තෙම නො දක්නේ යයි.
සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛස‍්සූති: ‘ලොකො’ති-නිරයලොකො තිරච‍්ඡානලොකො පෙත‍්තිවිසයලොකො මනුස‍්සලොකො දෙවලොකො ඛන්‍ධලොකො ධාතුලොකො ආයතනලොකො අයං ලොකො පරො ලොකො බ්‍රහ‍්මලොකො සදෙවකො. “අඤ‍්ඤතරො භික‍්ඛු භගවන‍්තං එතදවොච: ‘ලොකො ලොකො’ති භන‍්තෙ වුච‍්චති, කිත‍්තාවතා නු ඛො භන‍්තෙ ලොකොති වුච‍්චතීති: ලුජ‍්ජතීති ඛො භික‍්ඛු තස‍්මා ලොකො’ති වුච‍්චති. කිඤ‍්ච ලුජ‍්ජති, චක‍්ඛුං ඛො භික‍්ඛු ලුජ‍්ජති, රූපා ලුජ‍්ජන‍්ති, චක‍්ඛුවිඤ‍්ඤාණං ලුජ‍්ජති, චක‍්ඛුසම‍්ඵස‍්සො ලුජ‍්ජති, යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, තම‍්පි ලුජ‍්ජති, සොතං ලුජ‍්ජති, සද‍්දා ලුජ‍්ජන‍්ති-ඝානං ලුජ‍්ජති, ගන්‍ධා ලුජ‍්ජන‍්ති-ජිව‍්හා ලුජ‍්ජති, රසා ලුජ‍්ජන‍්ති-කායො ලුජ‍්ජති, ඵොට‍්ඨබ‍්බා ලුජ‍්ජන‍්ති-මනො ලුජ‍්ජති, ධම‍්මා ලුජ‍්ජන‍්ති, මනොවිඤ‍්ඤාණං ලුජ‍්ජති, මනොසම‍්ඵස‍්සො ලුජ‍්ජති, යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති, වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි ලුජ‍්ජති, ලුජ‍්ජතීති ඛො භික‍්ඛු තස‍්මා ලොකො’ති වුච‍්චතීති.
සුඤ්ඤතො ලෝකං අවෙක්ඛස්සු - ‘ලෝකෝ’ යනු: නිරය ලෝක යැ තිරශ්චීනලෝක යැ ප්‍රෙතවිෂයලෝක යැ මනුෂ්‍යලෝක යැ දේවලෝක යැ ස්කන්ධලෝක යැ ධාතුලෝක යැ ආයතනලෝක යැ මෙ ලොව යැ පර ලොව යැ දෙවියන් සහිත බඹලොව යි. “එක්තරා මහණෙක් භාග්‍යවතුන්ට මෙසේ කී යැ: ‘වහන්ස, ‘ලෝක යැ ලෝක යැ’යි. කියනු ලැබෙයි, වහන්ස, කිපමණෙකින් ලෝක ය’යි කියනු ලැබේ දැ යි. මහණ, (යම්හෙයෙකින්) බිඳේ ද එහෙයින් ‘ලෝක’ යි කියනු ලැබෙයි. කුමක් බිඳෙයි යත්: මහණ, චක්‍ෂුස බිඳෙයි රූපයෝ බිඳෙති චක්‍ෂුර්විඥානය බිඳෙයි, චක්ඛුසම්ඵස්සය බිඳෙයි චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් සුව වේවයි දුක්වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් උපදී නම් එ ද බිඳෙයි, ශ්‍රෝත්‍රය බිඳෙයි, ශබ්දයෝ බිඳෙති- ඝ්‍රාණය බිඳෙයි, ගන්‍ධයෝ බිඳෙති- ජිහ්වාව බිඳෙයි, රසයෝ බිඳෙති- කය බිඳෙයි, ස්පර්‍ශයෝ බිඳෙති- මනස බිඳෙයි, ධර්‍මයෝ බිඳෙති, මනෝවිඥානය බිඳෙයි, මනෝසම්ඵස්සය බිඳෙයි, මනෝසම්ඵස්ස ප්‍රත්‍යයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වේදයිතයෙක් උපදී නම් එ ද බිඳේ. මහණ, යම්හෙයෙකින් බිඳේ ද, එහෙයින් ‘ලෝක’යි කියනු ලැබේ” යයි.
සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛස‍්සූති: ද‍්වීහි කාරණෙහි සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛති: අවසියපවත‍්තසල‍්ලක‍්ඛණවසෙන වා, තුච‍්ඡසඞ‍්ඛාර සමනුපස‍්සනාවසෙන වා, කථං අවසිය පවත‍්තසල‍්ලක‍්ඛණවසෙන සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛති: රූපෙ වසො න ලබ‍්භති, වෙදනාය වසො න ලබ‍්භති, සඤ‍්ඤාය වසො න ලබ‍්භති, සඞ‍්ඛාරෙසු වසො න ලබ‍්භති, විඤ‍්ඤාණෙ වසො න ලබ‍්භති. වුත‍්තං හෙතං භගවතා: රූපං භික‍්ඛවෙ අනත‍්තා, රූපං ච හිදං භික‍්ඛවෙ අත‍්තා අභවිස‍්ස, නයිදං රූපං ආබාධාය සංවත‍්තෙය්‍ය, ලබ‍්භෙථ ච රූපෙ එවං රූපං හොතු, එවං මෙ රූපං මා අහොසී’ති. යස‍්මා ච ඛො භික‍්ඛවෙ රූපං අනත‍්තා, තස‍්මා රූපං ආබාධාය සංවත‍්තති, න ච ලබ‍්භති රූපෙ එවං මෙ රූපං හොතු, එවං මෙ රූපං මා අහොසී’ති. වෙදනා අනත‍්තා, වෙදනා ච හිදං භික‍්ඛවෙ අත‍්තා අභවිස‍්ස, නයිදං වෙදනා ආබාධාය සංවත‍්තෙය්‍ය,
සුඤ්ඤතො ලෝකං අවෙක්ඛස්සු යනු: දෙකරැණෙකින් ශුන්‍ය විසින් ලොව බලයි: නො වසඟ වැ පැවැති සංස්කාරයන් බැලීම් වශයෙන් හෝ තුච්ඡ සංස්කාරයන් පුනපුනා බැලීම් වශයෙන් හෝ යැ කිසෙයින් නො වසඟ වැ පැවැති සංස්කාරයන් බැලීම් වශයෙන් ශුන්‍ය විසින් ලොව බලයි යත්: රූපයෙහි ඉසුරු බැව් නො ලැබෙයි, වේදනායෙහි ඉසුරු බැව් නො ලැබෙයි, සංඥායෙහි ඉසුරු බැව් නො ලැබෙයි, සංස්කාරයන්හි ඉසුරු බැව් නො ලැබෙයි, විඥානයෙහි ඉසුරු බැව් නො ලැබේ. මේ වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින්: “මහණෙනි රූපය අනාත්ම යැ ඉදින් මහණෙනි, යම් හෙයකින් මේ රූපය ආත්ම වී නම් මේ රූපය ආබාධ පිණිස නො පවත්නේ යැ. රූපයෙහි ‘මාගේ රූපය මෙසේ වේවා මාගේ රූපය නහමක් මෙසේ වේව’යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, වැළිත් යම් හෙයකින් රූපය අනාත්ම වෙයි ද එහෙයින් රූපය ආබාධ පිණිස පවත්නේ යැ රූපයෙහි ‘මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය නහමක් මෙසේ වේව’යි නො ද ලැබෙයි. වේදනාව අනාත්ම යැ මහණෙනි, ඉදින් මේ වේදනාව ආත්ම වී නම් මේ වේදනාව ආබාධයට නො වැටෙන්නේ යැ
ලබ‍්භෙථ ච වෙදනාය එවං මෙ වෙදනා හොතු, එවං මෙ වෙදනා මා අහොසීති. යස‍්මා ච ඛො භික‍්ඛවෙ වෙදනා අනත‍්තා, තස‍්මා වෙදනා ආබාධාය සංවත‍්තති. න ච ලබ‍්භති වෙදනාය එවං මෙ වෙදනා හොතු, එවං මෙ වෙදනා මා අහොසී’ති. සඤ‍්ඤා අනත‍්තා, සඤ‍්ඤා ච හිදං, භික‍්ඛවෙ අත‍්තා අභවිස‍්ස, නයිදං සඤ‍්ඤා ආබාධා සංවත‍්තෙය්‍ය. ලබ‍්භෙථ ච සඤ‍්ඤාය එවං මෙ සඤ‍්ඤා හොතු, එවං මෙ සඤ‍්ඤා මා අහොසී’ති, යස‍්මා ච ඛො භික‍්ඛවෙ සඤ‍්ඤා අනත‍්තා, තස‍්මා සඤ‍්ඤා ආබාධාය සංවත‍්තති, න ච ලබ‍්භති සඤ‍්ඤාය එවං මෙ සඤ‍්ඤා හොතු, එවං මෙ සඤ‍්ඤා මා අහොසී’ති. සඞ‍්ඛාරා අනත‍්තා, සඞ‍්ඛාරා ච හිදං භික‍්ඛවෙ අත‍්තා අභවිස‍්සංසු නයිදං සඞ‍්ඛාරා ආබාධාය සංවත‍්තෙය්‍යුං, ලබ‍්භෙථ ච සංඛාරෙසු එවං මෙ සඞ‍්ඛාරා හොන‍්තු, එවං මෙ සංඛාරා මා අහෙසුන‍්ති. යස‍්මා ච ඛො භික‍්ඛවෙ සඞ‍්ඛාරා අනත‍්තා, තස‍්මා සඞ‍්ඛාරා ආබාධාය සංවත‍්තන‍්ති, න ච ලබ‍්භති සඞ‍්ඛාරෙසු එවං මෙ සඞ‍්ඛාරා හොන‍්තු, එවං මෙ සඞ‍්ඛාරා අහෙසුන‍්ති. විඤ‍්ඤාණං අනත‍්තා, විඤ‍්ඤාණං ච හිදං භික‍්ඛවෙ අත‍්තා අභවිස‍්ස, නයිදං විඤ‍්ඤාණං ආබාධාය සංවත‍්තෙය්‍ය, ලබ‍්භෙථ ච විඤ‍්ඤාණෙ එවං මෙ විඤ‍්ඤාණං හොතු, එවං මෙ විඤ‍්ඤාණං මා අහොසීති. යස‍්මා ච ඛො භික‍්ඛවෙ විඤ‍්ඤාණං අනත‍්තා, තස‍්මා විඤ‍්ඤාණං ආබාධාය සංවත‍්තති, න ච ලබ‍්භති විඤ‍්ඤාණෙ එවං මෙ විඤ‍්ඤාණං හොතු, එවං මෙ විඤ‍්ඤාණං මා අහොසීති.
වේදනායෙහි ‘මාගේ වේදනාව මෙසේ වේවා, මාගේ වේදනාව නහමක් මෙසේ වේව’යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, වැළිත් යම් හෙයෙකින් වේදනාව අනාත්ම වෙයි ද, එහෙයින් වේදනාව ආබාධයට වැටෙන්නේ යැ, වේදනායෙහි ‘මාගේ වේදනාව මෙසේ වේවා, මාගේ වේදනාව නහමක් මෙසේ වේව’යි නො ද ලැබෙයි. සංඥාව අනාත්ම යැ මහණෙනි, ඉදින් මේ සංඥාව ආත්ම වී නම් මේ සංඥාව ආබාධයට නො වැටෙන්නේ යැ සංඥායෙහි ‘මාගේ සංඥාව මෙසේ වේවා, මාගේ සංඥාව නහමක් මෙසේ වේවා’යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, වැළිත් යම් හෙයකින් සංඥාව අනාත්ම වෙයි ද එහෙයින් සංඥාව ආබාධයට වැටෙයි. සංඥායෙහි ‘මාගේ සංඥාව මෙසේ වේවා, මාගේ සංඥාව නහමක් මෙසේ වේව’යි නො ද ලැබෙයි. සංස්කාරයෝ අනාත්මයහ, මහණෙනි, ඉදින් මේ සංස්කාරයෝ ආත්ම වූ නම් මේ සංස්කාරයෝ ආබාධයට නො වැටෙන්නාහු යැ, සංස්කාරයන්හි ‘මාගේ සංස්කාරයෝ මෙසේ වෙත්වා, මාගේ සංස්කාරයෝ නහමක් මෙසේ වෙත්ව’යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, වැළිත් යම් හෙයෙකින් සංස්කාරයෝ අනාත්ම වෙත් ද, එහෙයින් සංස්කාරයෝ ආබාධයට වැටෙති. සංස්කාරයන්හි මාගේ සංස්කාරයෝ මෙසේ වෙත්වා, මාගේ සංස්කාරයෝ නහමක් මෙසේ වෙත්ව’යි නො ද ලැබෙයි. විඥානය අනාත්ම යැ මහණෙනි, ඉදින් මේ විඥානය ආත්ම වී නම් මේ විඥානය ආබාධයට නො වැටෙන්නේ ය, විඥානයෙහි ‘මාගේ විඥානය මෙසේ වේවා, මාගේ විඥානය නහමක් මෙසේ වේව’යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, වැළිත් යම් හෙයකින් විඥානය අනාත්ම වෙයි ද, එහෙයින් විඥානය ආබාධයට වැටෙයි. විඥානයෙහි (මාගේ විඥානය මෙසේ වේවා මාගේ විඥානය නහමක් මෙසේ වේව’යි නො ද ලැබේ.
කථං තුච‍්ඡසඞ‍්ඛාරසමනුපස‍්සනාවසෙන සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛති: රූපෙ සාරො න ලබ‍්භති, වෙදනාය සාරො න ලබ‍්භති, සඤ‍්ඤාය සාරො න ලබ‍්භති, සංඛාරෙසු සාරො න ලබ‍්භති, විඤ‍්ඤාණෙ සාරො න ලබ‍්භති. රූපං අසාරං නිස‍්සාරං සාරාපගතං නිච‍්චසාරසාරෙන වා සුඛසාරසාරෙන වා අත‍්තසාරසාරෙන වා, නිච‍්චෙන වා ධුවෙන වා සස‍්සතෙන වා අවිපරිනාමධම‍්මෙන වා. වෙදනා අසාරා නිස‍්සාරා සාරාපගතා-සඤ‍්ඤා අසාරා නිස‍්සාරා සාරාපගතා-සංඛාරා අසාරා නිස‍්සාරා සාරාපගතා-විඤ‍්ඤාණං අසාරං නිස‍්සාරං සාරාපගතං නිච‍්චසාරසාරෙන වා සුඛසාරසාරෙන වා අත‍්තසාරසාරෙන වා නිච‍්චෙන වා ධුවෙන වා සස‍්සතෙන වා අවිපරිනාමධම‍්මෙන වා.
කිසෙයින් ‘තුච්ඡසංඛාර සමනුපස්සනා’ වශයෙන් ශුන්‍ය විසින්, ලොව බලා ද යත්: රූපයෙහි (නිත්‍ය සාරාදි) සාරයෙක් නො ලැබෙයි, වේදනායෙහි සාරයෙක් නො ලැබෙයි, සංඥායෙහි සාරයෙක් නො ලැබෙයි, සංස්කාරයන්හි සාරයෙක් නො ලැබෙයි, විඥානයෙහි සාරයෙක් නො ලැබේ. රූපය නිත්‍යසාර සංඛ්‍යාත සාරයෙන් වේවයි සුඛසාර සංඛ්‍යාත සාරයෙන් වේවයි ආත්මසාර සංඛ්‍යාත සාරයෙන් වේවයි නිත්‍යහෙයින් වේවයි ධ්‍රැවහෙයින් වේවයි ශාශ්වත හෙයින් වේවයි අවිපරිණාම ස්වභාව හෙයින් වේවයි අසාර යැ නිස්සාර යැ සාරාපගත යි. වේදනාව-අසාර යැ, නිස්සාර යැ සාරාපගත යි. සංඥාව- අසාර යැ, නිස්සාර යැ සාරාපගත යි. සංස්කාරයෝ-අසාරයහ නිස්සාරයහ සාරාපගතයෝ යැ. විඥානය නිත්‍ය සාර සාරයෙන් වේවයි සුඛසාර සාරයෙන් වේවයි ආත්මසාර සාරයෙන් වේවයි නිත්‍යයෙන් වේවයි ධ්‍රැවයෙන් වේවයි ශාශ්වතයෙන් වේවයි අවිපරිණාම ස්වභාවයෙන් වේවයි අසාර යැ නිස්සාර යැ සාරාපගත යි.
යථා පන නළො අසාරො නිස‍්සාරො සාරාපගතො, යථා එරණ‍්ඩො අසාරො නිස‍්සාරො සාරාපගතො, යථා උදුම‍්බරො අසාරො නිස‍්සාරො සාරාපගතො, යථා සෙතවච‍්ඡො අසාරො නිස‍්සාරො සාරාපගතො, යථා පාරිභද‍්දකො අසාරො නිස‍්සාරො සාරාපගතො, යථා ඵෙණපිණ‍්ඩො අසාරො නිස‍්සාරො සාරාපගතො, යථා උදකබුබ‍්බුළකං අසාරං නිස‍්සාරං සාරාපගතං, යථා මරීචි අසාරා නිස‍්සාරා සාරාපගතා, යථා කදලික‍්ඛන්‍ධො අසාරො නිස‍්සාරො සාරාපගතො, යථා මායා අසාරා නිස‍්සාරා සාරාපගතා. එවමෙව රූපං අසාරං නිස‍්සාරං සාරාපගතං, නිච‍්චසාරසාරෙන වා සුඛසාරසාරෙන වා අත‍්තසාර සාරෙන වා, නිච‍්චෙන වා ධුවෙන වා සස‍්සතෙන වා අවිපරිනාමධම‍්මෙන වා. වෙදනා අසාරා නිස‍්සාරා සාරාපගතා- සඤ‍්ඤා අසාරා නිස‍්සාරා සාරාපගතා- සංඛාරා අසාරා නිස‍්සාරා සාරාපගතා- විඤ‍්ඤාණං අසාරං නිස‍්සාරං සාරාපගතං නිච‍්චසාරසාරෙන වා සුඛසාරසාරෙන වා අත‍්තසාරසාරෙන වා, නිච‍්චෙන වා ධුවෙන වා සස‍්සතෙන වා අවිපරිනාමධම‍්මෙන වා. එවං තුච‍්ඡ සඞ‍්ඛාරසමනුපස‍්සනාවසෙන සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛති. ඉමෙහි ද‍්වීහි කාරණෙහි සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛති.
යම්සේ නම් බටගස හර රහිත වූයේ නිසරු වූයේ හරයෙන් අපගත වූයේ ද, යම්සේ එරඬු ගස අසාර වූයේ නිසරු වූයේ හරයෙන් අපගත වූයේ ද, යම්සේ දිඹුල්ගස අසාර ද නිස්සාර ද සාරාපගත ද, යම්සේ වරණගස අසාර ද නිස්සාර ද සාරාපගත ද, යම්සේ එරබදුගස අසාර ද නිසරු ද හරයෙන් අපගත ද, යම්සේ පෙණ පිඬ අසාර ද නිසරු ද හරයෙන් පහවූයේ ද, යම්සේ දිය බුබුළ අසාර ද නිස්සාර ද හරයෙන් අපගත ද, යම්සේ මිරිඟුව අසාර ද නිසරු ද සාරාපගත ද, යම් සේ කෙසෙල් කඳ අසාර ද නිස්සාර ද සාරාපගත ද, යම්සේ මායාව අසාර ද නිස්සාර ද සාරාපගත ද, එසෙයින් මැ රූපය නිත්‍යසාරසාරයෙන් වේවයි සුඛසාරසාරයෙන් වේවයි ආත්මසාරසාරයෙන් වේවයි නිත්‍ය හෙයින් වේවයි ධ්‍රැව හෙයින් වේවයි ශාශ්වත හෙයින් වේවයි අවිපරිණාම ස්වභාව හෙයින් වේවයි අසාර යැ නිස්සාර යැ සාරාපගත යි. වේදනාව- අසාර යැ නිස්සාර යැ සාරාපගත යි. සංඥාව- අසාර යැ නිස්සාර යැ සාරාපගත යි. සංස්කාරයෝ- අසාරයහ නිස්සාරයහ සාරාපගතයෝ යි. විඥානය නිත්‍යසාරසාරයෙන් වේවයි සුඛසාරසාරයෙන් වේවයි ආත්මසාරයෙන් වේවයි නිත්‍ය හෙයින් වේවයි ධ්‍රැව හෙයින් වේවයි ශාශ්වත හෙයින් වේවයි අවිපරිණාම ස්වභාව හෙයින් වේවයි අසාර යැ නිස්සාර යැ සාරාපගත යි. මෙසෙයින් තුච්ඡ සංඛාරසමනුපස්සනා වශයෙන් ශුන්‍ය විසින් ලොව බලයි. මේ දෙකරුණින් ශුන්‍ය විසින් ලොව බලා.
අපි ච ඡහාකාරෙහි සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛති: චක‍්ඛුං සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා නිච‍්චෙන වා ධුවෙන වා සස‍්සතෙන වා අවිපරිනාමධම‍්මෙන වා, සොතං සුඤ‍්ඤං-ඝානං සුඤ‍්ඤං-ජිව‍්හා සුඤ‍්ඤා-කායො සුඤ‍්ඤා-මනො සුඤ‍්ඤා අත‍්තෙන වා අත‍්තනියෙන වා නිච‍්චෙන වා ධුවෙන වා සස‍්සතෙන වා අවිපරිනාමධම‍්මෙන වා. රූපා සුඤ‍්ඤා-සද‍්දා සුඤ‍්ඤා-ගන්‍ධා සුඤ‍්ඤා-රසා සුඤ‍්ඤා-ඵොට‍්ඨබ‍්බා සුඤ‍්ඤා-ධම‍්මා සුඤ‍්ඤා අත‍්තෙන වා අත‍්තනියෙන වා නිච‍්චෙන වා ධුවෙන වා සස‍්සතෙන වා අවිපරිනාමධම‍්මෙන වා, චක‍්ඛුවිඤ‍්ඤාණං සුඤ‍්ඤං -පෙ- මනො විඤ‍්ඤාණං සුඤ‍්ඤං චක‍්ඛුසම‍්ඵස‍්සො සුඤ‍්ඤො -පෙ- මනොසම‍්ඵස‍්සො සුඤ‍්ඤො-චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා සුඤ‍්ඤා -පෙ- මනොසම‍්ඵස‍්සජා වෙදනා සුඤ‍්ඤා -පෙ- රූපසඤ‍්ඤා සුඤ‍්ඤා -පෙ- ධම‍්මසඤ‍්ඤා සුඤ‍්ඤා-රූපසංචෙතනා සුඤ‍්ඤා -පෙ- ධම‍්මසංචෙතනා සුඤ‍්ඤා-රූපතණ‍්හා සුඤ‍්ඤා-රූපවිතක‍්කො සුඤ‍්ඤො-රූපවිචාරො සුඤ‍්ඤො -පෙ- ධම‍්මවිචාරො සුඤ‍්ඤො අත‍්තෙන වා අත‍්තනියෙන වා නිච‍්චෙන වා ධුවෙන වා සස‍්සතෙන වා අවිපරිනාමධම‍්මෙන වා. එවං ඡහාකාරෙහි සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛති.
තවද ස අයුරෙකින් ශුන්‍ය විසින් ලොව බලයි: චක්‍ෂුස ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ නිත්‍ය හෙයින් හෝ ධ්‍රැව හෙයින් හෝ ශාශ්වත හෙයින් හෝ අවිපරිණාම ස්වභාව හෙයින් හෝ ශුන්‍ය යැ. ශ්‍රෝත්‍රය ශුන්‍ය යැ. ඝ්‍රාණය ශුන්‍ය යැ- ජ්හ්වාව ශුන්‍ය යැ- කය ශුන්‍ය යැ- මනස ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ නිත්‍ය හෙයින් හෝ ධ්‍රැව හෙයින් හෝ ශාශ්වත හෙයින් හෝ අවිපරිණාම ස්වභාව හෙයින් හෝ ශුන්‍ය යැ. රූපයෝ ශුන්‍යයහ- ශබ්දයෝ ශුන්‍යයහ- ගන්‍ධයෝ ශුන්‍යයහ- රසයෝ ශුන්‍යයහ- ස්ප්‍රෂ්ටව්‍යයෝ ශුන්‍යයහ- ධර්‍මයෝ ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ නිත්‍ය හෙයින් හෝ ධ්‍රැව හෙයින් හෝ ශාශ්වත හෙයින් හෝ අවිපරිණාම ස්වභාව හෙයින් හෝ ශුන්‍යයහ. චක්‍ෂුර්විඥානය ශුන්‍ය යැ ... මනෝවිඥානය ශුන්‍ය යැ- චක්ඛුසම්ඵස්සය ශුන්‍ය යැ ... මනෝසම්ඵස්සය ශුන්‍ය යැ- චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව ශුන්‍ය යැ ... මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාව ශුන්‍ය යැ- රූපසංඥාව ශුන්‍ය යැ ... ධර්‍මසංඥාව ශුන්‍ය යැ- රූපසඤ්චේතනාව ශුන්‍ය යැ... ධර්මසඤ්චෙතනාව ශුන්‍ය යැ- රූපතෘෂ්ණාව ශුන්‍ය යැ ... රූපවිතර්‍කය ශුන්‍ය යැ- රූපවිචාරය ශුන්‍ය යැ... ධර්‍මවිචාරය ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ නිත්‍ය හෙයින් හෝ ධ්‍රැව හෙයින් හෝ ශාශ්වත හෙයින් හෝ අවිපරිණාම ස්වභාව හෙයින් හෝ ශුන්‍ය යි. මෙසෙයින් ස අයුරෙකින් ශුන්‍ය විසින් ලොව බලා.
අපි ච දසහාකාරෙහි සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛති: රූපං රිත‍්තතො තුච‍්ඡතො සුඤ‍්ඤතො අනත‍්තතො අසාරකතො වධකතො විභවතො අඝමූලතො සාසවතො සඞ‍්ඛතතො. වෙදනං-සඤ‍්ඤං-සඞ‍්ඛාරෙ-විඤ‍්ඤාණං-චුතිං-උප‍්පත‍්තිං-පටිසන්‍ධිං-භවං-සංසාරවට‍්ටං රිත‍්තතො තුච‍්ඡතො සුඤ‍්ඤතො අනත‍්තතො අසාරකතො වධකතො විභවතො අඝමූලතො සාසවතො සඞ‍්ඛතතො. එවං දසහාකාරෙහි සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛති.
තවද දස අයුරෙකින් ලොව ශුන්‍ය හෙයින් බලයි: රූපය සිස් හෙයින් තුච්ඡ හෙයින් ශුන්‍ය හෙයින් අනාත්ම හෙයින් අසාරක හෙයින් වධක හෙයින් විභව හෙයින් අඝ (දුක්) මූල හෙයින් සාස්‍රව හෙයින් සංඛත හෙයින් බලයි. වේදනාව- සංඥාව- සංස්කාරයන්- විඥානය- ච්‍යුතිය- උපප්‍රාප්තිය- ප්‍රතිසන්‍ධිය- භවය- සංසාරවර්‍තය සිස් හෙයින් තුච්ඡ හෙයින් ශුන්‍ය හෙයින් අනාත්ම හෙයින් අසාරක හෙයින් වධක හෙයින් විභව හෙයින් අඝමූල හෙයින් සාස්‍රව හෙයින් සංඛත හෙයින් බලයි. මෙසේ දස අයුරෙකින් ලෝකය ශුන්‍ය හෙයින් බලා.
අපි ච ද‍්වාදසහාකාරෙහි සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛති: රූපං න සත‍්තො න ජීවො න නරො න මානවො න ඉත්‍ථි න පුරිසො න අත‍්තා න අත‍්තනියං. නාහං න මම න කොචි න කස‍්සචි. වෙදනා-සඤ‍්ඤා-සඞ‍්ඛාරා-විඤ‍්ඤාණං න සත‍්තො න ජීවො න නරො න මානවො න ඉත්‍ථි න පුරිසො න අත‍්තා න අත‍්තනියං. නාහං න මම න කොචි න කස‍්සචි. එවං ද‍්වාදසහාකාරෙහි සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛති. වුත‍්තං හෙතං භගවතා: “නායං භික‍්ඛවෙ, කායො තුම‍්හාකං, නපි අඤ‍්ඤෙසං, පුරාණමිදං භික‍්ඛවෙ, කම‍්මං අභිසඞ‍්ඛතං අභිසඤ‍්චෙතයිතං වෙදනියං දට‍්ඨබ‍්බං තත්‍ර භික‍්ඛවෙ සුතවා අරියසාවකො පටිච‍්චසමුප‍්පාදං යෙව සාධුකං යොනිසො මනසිකරොති: ‘ඉති ඉමස‍්මිං සති ඉදං හොති, ඉමස‍්සුප‍්පාදා ඉදං උප‍්පජ‍්ජති, ඉමස‍්මිං අසති ඉදං න හොති, ඉමස‍්ස නිරොධා ඉදං නිරුජ‍්ඣති, යදිදං අවිජ‍්ජාපච‍්චයා සංඛාරා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති. අවිජ‍්ජායත්‍වෙව අසෙසවිරාගනිරොධා සංඛාරනිරොධො සංඛාරනිරොධා විඤ‍්ඤාණනිරොධො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතී”ති. එවම‍්පි සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛති වුත‍්තං හෙතං භගවතා “යං භික‍්ඛවෙ න තුම‍්හාකං තං පජහථ, තං වො පහීනං දීඝරත‍්තං හිතාය සුඛාය භවිස‍්සති. කිඤ‍්ච භික‍්ඛවෙ න තුම‍්හාකං රූපං භික‍්ඛවෙ න තුම‍්හාකං, තං පජහථ. තං වො පහීනං දීඝරත‍්තං හිතාය සුඛාය භවිස‍්සති. වෙදනා භික‍්ඛවෙ න තුම‍්හාකං තං පජහථ.
තවද දොළොස් අයුරෙකින් ශුන්‍ය හෙයින් ලෝකය බලයි: රූපය සත්ත්‍ව නො වෙයි, ජීව නො වෙයි, නර නො වෙයි මාණව නො වෙයි ස්ත්‍රී නො වෙයි, පුරුෂ නො වෙයි, ආත්ම නො වෙයි, ආත්මනිය නො වෙයි මම් නො වෙමි, මා ගේ නො වෙයි, කිසිවෙක් නො වෙයි, කිසිවකුගේ නො වේ. මෙසේ දොළොස් අයුරින් ශුන්‍ය හෙයින් ලොව බලයි. තෙල වදාරනලද මැ යි භාග්‍යවතුන් විසින්: “මහණෙනි, මෙ කය තොපගේ නො වෙයි. අනුන්ගේ නො මැ වෙයි, මහණෙනි, මේ රූපය පුරාණ කර්‍මයෙන් උපන, ප්‍රත්‍යයෙන් සකස් කරන ලද, චෙතනාවස්තුක යැ වේදනාවට වස්තු යැ යි දතයුතු යැ. මහණෙනි, එහිලා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ප්‍රතීත්‍යසමුත්පාදය මැ මොනොවට නුවණින් මෙනෙහි කෙරෙයි: ‘මෙසේ මෙය ඇති කල්හි මේ වෙයි මොහු ගේ උපැත්මෙන් මේ උපදී මෙය නැති කල්හි මේ නො වෙයි මොහුගේ නිරෝධයෙන් මේ නිරුද්ධ වෙයි’ “මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති, සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය වෙයි, ... දුඃඛස්කන්ධයා ගේ සමුදය වේ. අවිද්‍යාවගේ මැ අශේෂ විරාග සංඛ්‍යාත නිරෝධයෙන් සංස්කාරනිරෝධය වෙයි සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වෙයි ... මෙසෙයින් මේ අමිශ්‍ර දුඃඛස්කන්‍ධයාගේ නිරෝධය වේ” යයි මෙසේත් ශුන්‍ය හෙයින් ලෝකය බලා. මේ වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින්: “මහණෙනි, යමක් තොපගේ නො වේ ද එය දුරු කරවු. එය තොප විසින් දුරු කරන ලද්දේ දිගු කලක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස වන්නේ යැ, මහණෙනි, කුමක් තොපගේ නො වේ ද යත්: මහණෙනි, රූපය තොපගේ නො වෙයි එය දුරු කරවු, එය තොප විසින් දුරු කරන ලද්දේ දිගුකලක් හිත පිණිස සුව පිණිස වන්නේ යැ, මහණෙනි, වේදනාව තොපගේ නො වෙයි එය දුරු කරවු,
සා වො පහීනා දීඝරත‍්තං හිතාය සුඛාය භවිස‍්සති. සඤ‍්ඤා භික‍්ඛවෙ න තුම‍්හාකං තං පජහථ, සා වො පහීනා දීඝරත‍්තං හිතාය සුඛාය භවිස‍්සති. සංඛාරා භික‍්ඛවෙ න තුම‍්හාකං තෙ පජහථ තෙ වො පහීනා දීඝරත‍්තං හිතාය සුඛාය භවිස‍්සන‍්ති. විඤ‍්ඤාණං භික‍්ඛවෙ න තුම‍්හාකං තං පජහථ, තං වො පහීනං දීඝරත‍්තං හිතාය සුඛාය භවිස‍්සති. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ යං ඉමස‍්මිං ජෙතවනෙ තිණකට‍්ඨසාඛාපලාසං තං ජනො හරෙය්‍ය වා දහෙය්‍ය වා යථාපච‍්චයං වා කරෙය්‍ය, අපි නු තුම‍්හාකං එවමස‍්ස, අම‍්හෙ ජනො හරති වා දහති වා යථාපච‍්චයං වා කරොතීති? නො හෙතං භන‍්තෙ, තං කිස‍්ස හෙතු: න හි නො එතං භන‍්තෙ, අත‍්තා වා අත‍්තනියං වා’ති. එවමෙව ඛො භික‍්ඛවෙ යං න තුම‍්හාකං තං පජහථ, තං වො පහීනං දීඝරත‍්තං හිතාය සුඛාය භවිස‍්සති. කිඤ‍්ච භික‍්ඛවෙ න තුම‍්හාකං: රූපං භික‍්ඛවෙ න තුම‍්හාකං තං පජහථ, තං වො පහීනං දීඝරත‍්තං හිතාය සුඛාය භවිස‍්සති. වෙදනා-සඤ‍්ඤා-සඞ‍්ඛාරා-විඤ‍්ඤාණං රූපං භික‍්ඛවෙ න තුම‍්හාකං තං පජහථ, තං වො පහීනං දීඝරත‍්තං හිතාය සුඛාය භවිස‍්සතී”ති, එවම‍්පි සුඤ‍්ඤතොලොකං අවෙක‍්ඛති.
එය තොප විසින් දුරු කරන ලද්දේ දිගු කලක් හිත පිණිස සුව පිණිස වන්නේ යැ, මහණෙනි, සංඥාව තොපගේ නො වෙයි එය දුරු කරවු, එය තොප විසින් දුරු කරන ලද්දේ දිගු කලක් හිත පිණිස සුව පිණිස වන්නේ යැ. මහණෙනි, සංස්කාරයෝ තොපගේ නො වෙති ඔවුන් දුරු කරවු, ඔහු තොප විසින් දුරු කරන ලද්දාහු දිගු කලක් හිත පිණිස සුව පිණිස වන්නාහ. මහණෙනි, විඥානය තොපගේ නො වෙයි එය දුරු කරවු, එය තොප විසින් දුරු කරන ලද්දේ දිගු කලක් හිත පිණිස සුව පිණිස වන්නේ යි. මහණෙනි, එය කිමැ යි හඟි වුද? මේ දෙව්රම්හි යම් තෘණකාෂ්ට ශාඛාපලාසජාතයෙක් වේ ද ජන තෙමේ එය ගෙන යන්නේ නම් හෝ දවන්නේ නම් හෝ රිසි වූවක් හෝ කරන්නේ නම් කිම තොපට ‘ජන තෙමේ අප ගෙන යයි හෝ දවයි හෝ රිස්සක් හෝ කෙරේ’ යයි මෙ බඳු සිතෙක් වන්නේ ද? වහන්ස, තෙල නො වේ මැ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, යම් හෙයෙකින් තෙල අපගේ ආත්මය හෝ ආත්මනිය නො වේ ද, එහෙයිනි. එ පරිද්දෙන් මැ මහණෙනි, යමක් තොපගේ නො වේ ද එය දුරු කරවු, එය තොප විසින් දුරු කරන ලද්දේ දිගු කලක් හිත පිණිස සුව පිණිස වන්නේ යැ. මහණෙනි, කුමක් තොපගේ නො වේ ද යත්: මහණෙනි, රූපය තොපගේ නො වෙයි එය දුරු කරවු. එය තොප විසින් දුරු කරන ලද්දේ දිගු කලක් හිත පිණිස සුව පිණිස වන්නේ යැ. වේදනාව- සංඥාව- සංස්කාරයෝ- මහණෙනි, විඥානය තොපගේ නො වෙයි එය දුරු කරවු. එය තොප විසින් දුරු කරන ලද්දේ දිගු කලක් හිත පිණිස සුව පිණිස වන්නේ යැ”යි. මෙසේත් ශුන්‍ය හෙයින් ලෝකය බලා.
ආයස‍්මා ආනන්‍දො භගවන‍්තං එතදවොච: “සුඤ‍්ඤො ලොකො සුඤ‍්ඤො ලොකොති භන‍්තෙ වුච‍්චති, කිත‍්තාවතා නු ඛො භන‍්තෙ සුඤ‍්ඤො ලොකොති වුච‍්චතීති? යස‍්මා ච ඛො ආනන්‍ද, සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා, තස‍්මා සුඤ‍්ඤො ලොකොති වුච‍්චති. කිඤ‍්චානන්‍ද සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා: චක‍්ඛුං ඛො ආනන්‍ද සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා, රූපා සුඤ‍්ඤා-චක‍්ඛුවිඤ‍්ඤාණං සුඤ‍්ඤා, චක‍්ඛුසම‍්ඵස‍්සො සුඤ‍්ඤො-යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, තම‍්පි සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා. සොතං සුඤ‍්ඤං-සද‍්දා සුඤ‍්ඤා-ඝානං සුඤ‍්ඤං-ගන්‍ධා සුඤ‍්ඤා-ජිව‍්හා සුඤ‍්ඤා-රසා සුඤ‍්ඤා-කායො සුඤ‍්ඤො-ඵොට‍්ඨබ‍්බා සුඤ‍්ඤා -
ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ: “වහන්ස, ‘ලෝකය ශුන්‍ය යැ ලෝකය ශුන්‍ය යැ’යි කියනු ලැබෙයි වහන්ස, කිපමණෙකින් ‘ලෝකය ශුන්‍ය යැයි කියනු ලැබේ ද’යි. යම් හෙයෙකින් ආනන්‍ද, ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ ශුන්‍ය වේ ද එහෙයින් ලෝකය ශුන්‍ය යැ යි කියනු ලැබෙයි. ආනන්‍ද, කුමක් ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ ශුන්‍ය වේ ද යත්: ආනන්‍ද, චක්‍ෂුස ආත්ම හෙයින් ද ආත්මනිය හෙයින් ද ශුන්‍ය යැ, රූපයෝ ශුන්‍යයෝ යැ- චක්‍ෂුර් විඥානය ශුන්‍ය යැ- චක්‍ෂුස්සංස්පර්‍ශය ශුන්‍ය යැ- චක්ෂුස්සංස්පර්ශයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් උපදනේ නම් එ ද ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ ශුන්‍ය යැ, ශ්‍රෝත්‍රය ශුන්‍ය යැ- ශබ්දයෝ ශුන්‍යයෝ යැ- ඝ්‍රාණය ශුන්‍ය යැ- ගන්‍ධයෝ ශුන්‍යයෝ යැ- ජිහ්වාව ශුන්‍ය යැ- රසයෝ ශුන්‍යයෝ යැ- කය ශුන්‍ය යැ- ස්ප්‍රෂ්ටව්‍යයෝ ශුන්‍යයෝ යැ-
මනො සුඤ‍්ඤො-ධම‍්මා සුඤ‍්ඤා-මනොවිඤ‍්ඤාණං සුඤ‍්ඤං-මනොසම‍්ඵස‍්සො සුඤ‍්ඤො-යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා, යස‍්මා ච ඛො ආනන්‍ද සුඤ‍්ඤං අත‍්තෙන වා අත‍්තනියෙන වා, තස‍්මා ‘සුඤ‍්ඤො ලොකො’ති වුච‍්චතී ති.
මනස ශුන්‍ය යැ- ධර්‍මයෝ ශුන්‍යයෝ යැ- මනෝවිඥානය ශුන්‍ය යැ- මනෝසම්ඵස්සය ශුන්‍ය යැ- මනෝසම්ඵස්ස ප්‍රත්‍යයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් උපදනේ නම් එ ද, ආත්ම හෙයින් ද ආත්මනිය හෙයින් ද ශුන්‍ය යැ. යම් හෙයෙකින් ආනන්‍ද, ආත්ම හෙයින් ද ආත්මනිය හෙයින් ද ශුන්‍ය වේ ද එහෙයින් ලෝකය ශුන්‍ය යැ යි කියනු ලැබේ” යයි. මෙසේත් ශුන්‍ය හෙයින් ලෝකය බලා.
එවම‍්පි සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛති.
මෙ ද වදාරන ලද:
භාසිතම‍්පි හෙතං:
“ගාමණිය, හුදු ධර්‍මසමුත්පාදය හුදු (ක්ලේශාදි) සංස්කාර ප්‍රබන්‍ධය තත් වූ පරිද්දෙන් (විදර්‍ශනා සහිත මාර්‍ගප්‍රඥායෙන්) දක්නාහට බියෙක් නො වෙයි.
“සුද‍්ධං ධම‍්මසමුප‍්පාදං සුද‍්ධං සඞ‍්ඛාරසන‍්තතිං, පස‍්සන‍්තස‍්ස යථාභූතං න භයං හොති ගාමණි. තිණකට‍්ඨසමං ලොකං යදා පඤ‍්ඤාය පස‍්සති, නාඤ‍්ඤං පත්‍ථයතෙ කිංචි අඤ‍්ඤත්‍ර අප‍්පටිසන්‍ධි යා”ති.
යම් කලෙක (යමෙක්) සංස්කාර ලෝකය තෘණකාෂ්ට සම කොට ප්‍රඥායෙන් දකී ද (එකල්හි) හෙතෙම අප්‍රතිසන්‍ධි සංඛ්‍යාත නිර්‍වාණය හැර අන් භවයක් ආත්මභාවයක් හෝ කිසිවක් නොපතා” යි.
එවම‍්පි සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛති.
මෙසේත් ශුන්‍ය හෙයින් ලෝකය බලා.
වුත‍්තං හෙතං භගවතා: “එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු රූපං සමන‍්නෙසති යාවතා රූපස‍්ස ගති. වෙදනං සමන‍්නෙසති යාවතා වෙදනාය ගති. සඤ‍්ඤං සමන‍්නෙසති යාවතා සඤ‍්ඤාය ගති. සඞ‍්ඛාරෙ සමන‍්නෙසති යාවතා සංඛාරානං ගති. විඤ‍්ඤාණං සමන‍්නෙසති යාවතා විඤ‍්ඤාණස‍්ස ගති, යම‍්පිස‍්ස හොති අහන‍්ති වා මමන‍්ති වා අස‍්මීති වා, තම‍්පි තස‍්ස න හොතී”ති. එවම‍්පි සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛති.
මෙය වදාරන ලද මැ යැ භාග්‍යවතුන් විසින්: මහණෙනි, එපරිද්දෙන් ම මහණ තෙම රූපයාගේ පැවැත්ම යම්තාක් ද එතෙක් රූපය විමසයි. වේදනාවගේ පැවැත්ම යම්තාක් ද එතෙක් වේදනාව විමසයි. සංඥාවගේ පැවැත්ම යම්තාක් ද එතෙක් සංඥාව විමසයි. සංස්කාරයන් ගේ පැවැත්ම යම්තාක් ද එතෙක් සංස්කාරයන් විමසයි. විඥානයා ගේ පැවැත්ම යම්තාක් ද එතෙක් විඥානය විමසයි. ඔහට (දෘෂ්ටි විසින්) ‘මම’ යි හෝ (තෘෂ්ණ විසින්) ‘මාගේ’ යයි හෝ (මාන විසින්) ‘වෙමී’ හෝ යමක් වේ නම් එ ද ඔහට නො වේ” යයි මෙසේත් ලෝකය ශුන්‍ය හෙයින් බලා.
සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛස‍්සූති: සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛස‍්සු පච‍්චවෙක‍්ඛස‍්සු දක‍්ඛස‍්සු තුලෙහි තිරෙහි විභාවෙහි විභූතං කරොහීති ‘සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛස‍්සු’.
සුඤ්ඤතො ලෝකං අවෙක්ඛස්සු යනු: ලෝකය ශුන්‍ය හෙයින් බලව ප්‍රත්‍යවේක්‍ෂා කරව දකුව තුලනය කරව තීරණය කරව විභාවන කරව ප්‍රකට කරව නුයි ‘සුඤ්ඤතො ලෝකං අවෙක්ඛස්සු’ යනු වේ.
මොඝරාජ සදා සතොති ‘මොඝරාජා’ති භගවා තං බ්‍රාහ‍්මණං ආලපති. සදාති සබ‍්බකාලං -පෙ- පච‍්ඡිමෙ වයො ඛන්‍ධෙ. සතොති-චතූහි කාරණෙහි සතො: කායෙ කායානුපස‍්සනාසතිපට‍්ඨානං භාවෙන‍්තො සතො වෙදනාසු -පෙ- සො වුච‍්චති සතො’ති ‘මොඝරාජ සදා සතො’.
මෝඝරාජ සදාසතො- ‘මෝඝරාජ’ යනු: බුදුහු එ බමුණු නමින් අමතති. සදා යනු: හැම කල්හි ... පශ්චිම වයඃස්කන්ධයෙහි. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇති යේ: කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ ... හෙතෙම ‘සතෝ’යි කියනු ලැබේ නුයි ‘මෝඝරාජ සදා සතෝ’ යනු වේ.
අත‍්තානුදිට‍්ඨිං ඌහච‍්චාති-‘අත‍්තානුදිට‍්ඨි’ වුච‍්චති වීසතිවත්‍ථුකා සක‍්කායදිට‍්ඨි. “ඉධ අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො ‘රූපං අත‍්තනො සමනුපස‍්සති, රූපවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා රූපං, රූපස‍්මිං වා අත‍්තානං, වෙදනං-සඤ‍්ඤං-සංඛාරෙ-විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති, විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං, අත‍්තනි වා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං, යා එවරූපා දිට‍්ඨි දිට‍්ඨිගතං දිට‍්ඨිගහනං, දිට‍්ඨිකන‍්තාරො දිට‍්ඨිවිසූකායිකං දිට‍්ඨිවිප‍්ඵන්‍දිතං දිට‍්ඨිසංයොජනං, ගාහො පතිට‍්ඨාහො. අභිනිවෙසො පරාමාසො කුම‍්මග‍්ගො මිච‍්ඡාපථො මිච‍්ඡත‍්තං තිත්‍ථායතනං විපරියෙසගාහො විපරීතගාහො විපල‍්ලාසගාහො මිච‍්ඡත‍්තං අයාථාවකස‍්මිං යාථාවකන‍්ති ගාහො යාවතා ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි.” අයං අත‍්තානුදිට‍්ඨි. අත‍්තානුදිට‍්ඨිං ඌහච‍්චාති අත‍්තානුදිට‍්ඨිං ඌහච‍්ච සමූහච‍්ච උද‍්ධරිත්‍වා සමුද‍්ධරිත්‍වා උප‍්පාටයිත්‍වා සමුප‍්පාටයිත්‍වා පජහිත්‍වා විනොදෙත්‍වා බ්‍යන‍්තීකරිත්‍වා අනභාවං ගමෙත්‍වාති ‘අත‍්තානුදිට‍්ඨිං ඌහච‍්ච’.
අත්තානුදිට්ඨිං ඌහච්ච- ‘අත්තානුදිට්ඨි’ යි විංශද්වස්තුක වූ සත්කාය දෘෂ්ටිය කියනු ලැබෙයි. මෙලොවැ (බුද්ධාදි) ආර්‍ය්‍යයන් නො දක්නාසුලු (සතිපට්ඨානාදි හෙද) ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු (ආගම-අධිගම නැති බැවින්) අශ්‍රැතවත් වූ පෘථග්ජන තෙම රූපය ආත්ම හෙයින් (විපරීත දෘෂ්ටියෙන්) දකියි. ආත්මය රූපවත් යැ හෝ ආත්මයෙහි හෝ රූපය, රූපයෙහි හෝ ආත්මය දකියි. වේදනාව - සංඥාව - සංස්කාරයන්- විඥානය ආත්ම හෙයින් දකියි. ආත්මය විඥානවත් යැ හෝ, ආත්මයෙහි හෝ විඥානය, විඥානයෙහි හෝ ආත්මය දකියි. මෙ බඳු වූ යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිසූකයෙක් දෘෂ්ටිවිස්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටා ගැන්මෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිත මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාස්වභාවයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් විපරීත කොට ගැන්මෙක් වැරද ගැන්මෙක් මිථ්‍යාග්‍රාහයෙක් යථා ස්වභාව නැත්තෙහි යථාස්වභාව ඇතැ යි ගැන්මෙන් යම් පමණ දෙ සැට දෘෂ්ටිගතයෝ වෙත් ද, මේ අත්තානුදිට්ඨි නම. අත්තානුදිට්ඨිං ඌහච්ච යනු: සත්කායදෘෂ්ටිය උපුරා මොනොවට උපුරා උදුරා මොනොවට උදුරා උපුටා මොනොවට උපුටා හැරපියා දුරු කොට විගතාන්ත කොට අනු අභාවයට පමුණුවා නුයි ‘අත්තානුදිට්ඨිං ඌහච්ච’ යනු වේ.
එවං මච‍්චුතරො සියාති: එවං මච‍්චුපි තරෙය්‍යාසි, ජරාපි තරෙය්‍යාසි, මරණම‍්පි තරෙය්‍යාසි උත‍්තරෙය්‍යාසි පතරෙය්‍යාසි සමතික‍්කමෙය්‍යාසි වීතිවත‍්තෙය්‍යාසීති ‘එවං මච්චුතරො සියා.’
එවං මච්චුතරො සියා යනු: මෙසෙයින් මෘත්‍යුහු ද තරණය කරව ජරාව ද තරණය කරව මරණය ද තරණය කරව උත්තරණය කරව ප්‍රතරණය කරව සමතික්‍රමණය කරව ඉක්මව”යි ‘එවං මච්චුතරො සියා’ යනු වේ.
එවං ලොකං අවෙක‍්ඛන‍්තන‍්ති: එවං ලොකං අවෙක‍්ඛන‍්තං පච‍්චවෙක‍්ඛන‍්තං තුලයන‍්තං තීරයන‍්තං විභාවයන‍්තං විභූතං කරොන‍්තන‍්ති ‘එවං ලොකං අවෙක‍්ඛන‍්තං.’
එවං ලෝකං අවෙක්ඛන්තං යනු: මෙසේ ලොව බලන්නාහු ප්‍රත්‍යවේක්‍ෂා කරන්නහු තුලනය කරන්නහු තීරණය කරන්නහු විභාවන කරන්නහු ප්‍රකට කරන්නහු නුයි ‘එවං ලෝකං අවෙක්ඛන්තං’ යනු වේ.
මච‍්චුරාජා න පස‍්සතීති: මච‍්චුපි මච‍්චුරාජා මාරොපි මච‍්චුරාජා මරණම‍්පි මච‍්චුරාජා. න පස‍්සතීති-මච‍්චුරාජා න පස‍්සති න දක‍්ඛති නාධිගච‍්ඡති න වින්‍දති න පටිලභති. වුත‍්තං හෙතං භගවතා: “සෙය්‍යථාපි භික‍්ඛවෙ ආරඤ‍්ඤකො මිගො අරඤ‍්ඤෙ පවනෙ ච මානො විස‍්සත්‍ථො ගච‍්ඡති විස‍්සත්‍ථො තිට‍්ඨති, විස‍්සත්‍ථො නිසීදති, විස‍්සත්‍ථො සෙය්‍යං කප‍්පෙති තං කිස‍්ස හෙතු: අනාපාථගතො භික‍්ඛවෙ, ලුද‍්දස‍්ස. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. අයං වුච‍්චති භික‍්ඛවෙ භික‍්ඛු අන්‍ධමකාසි මාරං, අපදං වධිත්‍වා මාරචක‍්ඛුං අදස‍්සනං ගතො පාපිමතො.
මච්චුරාජා න පස්සති යනු: මෘත්‍යු ද මෘත්‍යුරාජ වෙයි, මාර තෙමේ ද මෘත්‍යුරාජ වෙයි, මරණය ද මෘත්‍යුරාජ වේ. න පස්සති යනු: මෘත්‍යුරාජ තෙම නො දකියි නො දක්නේ යැ නො පැමිණෙයි නො ලැබෙයි ප්‍රතිලාභ නො කෙරේ. මේ වදාරන ලද මැ හැ භාග්‍යවතුන් විසින්: “මහණෙනි, වල්මුව තෙමේ අරනෙහි මහවෙනෙහි හැසිරෙනුයේ විස්වැසි වැ යෙයි, විස්වැසි වැ සිටියි, විස්වැසි වැ හිඳියි, විස්වැසි වැ හො වී. ඒ කවර හෙයින යත්: මහණෙනි, වැද්දාගේ ඇස්හමුවට නො ගියේ ය ද එහෙයිනි. මහණෙනි, එසෙයින් මැ මහණ තෙම කාමයෙන් වෙන් වැ මැ අකුසල් දහමින් වෙන් වැ මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේක (නීවරණවිගම) යෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙරේ ද, මහණෙනි, මෙ මහණ මාරයා අඳ කෙළේ යැ, කෙලෙස් පා රහිත කොට මාරචක්‍ෂුස නසා පාපී මරහුගේ අදර්‍ශනයට (නිවනට) ගියේ යැ යි කියනු ලැබේ.”
පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. අයං වුච‍්චති භික‍්ඛවෙ භික‍්ඛු අන්‍ධමකාසි මාරං, අපදං වධිත්‍වා මාරචක‍්ඛුං අදස‍්සනං ගතො පාපිමතො.
තවද මහණෙනි මහණ තෙම විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟ බව ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානයට ... තෘතීය ධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාස කෙරේ. මහණෙනි, මෙ මහණමාරයා අඳ කෙළේ යැ, කෙලෙස් පා රහිත කොට මාර චක්‍ෂුස නසා පාපී මරහු ගේ අදර්‍ශනයට ගියේ යැ යි කියනු ලැබේ.
පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා අනන‍්තො ආකාසොති ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති. අයං වුච‍්චති භික‍්ඛවෙ භික‍්ඛු අන්‍ධමකාසි මාරං, අපදං වධිත්‍වා මාරචක‍්ඛුං අදස‍්සනං ගතො පාපිමතො.
තවද මහණෙනි, මහණ තෙම සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ගේ විරාගයෙන් ප්‍රතිඝසංඥාවන් ගේ ප්‍රහාණයෙන් නානාත්‍ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාශය අනන්ත යැ’ යි ආකාසානඤ්චායතනයට පැමිණ වාස කෙරේ ද මහණෙනි, මෙ මහණ මරහු අඳ කෙළේ යැ, කෙලෙස්පා රහිත කොට මාරචක්‍ෂුස නසා පාපිමත්හුගේ අදර්‍ශනයට ගියේ යැ යි කියනු ලැබේ.
පුන චපරං භික‍්ඛවෙ භික‍්ඛු ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම අනත‍්තං විඤ‍්ඤාණන‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති, සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම නත්‍ථි කිඤ‍්චීති ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති, සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති, සබ‍්බසො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම සඤ‍්ඤාවෙදයිතනිරොධං උපසම‍්පජ‍්ජ විහරති, පඤ‍්ඤාය චස‍්ස දිස‍්වා ආසවා පරික‍්ඛීණා හොන‍්ති. අයං වුච‍්චති භික‍්ඛවෙ භික‍්ඛු අන්‍ධමකාසි මාරං, අපදං වධිත්‍වා මාරචක‍්ඛුං අදස‍්සනං ගතො පාපිමතො. තිණ‍්ණො ලොකෙ විසත‍්තිකං සො විස‍්සත්‍ථො ගච‍්ඡති, විස‍්සත්‍ථො තිට‍්ඨති: විස‍්සත්‍ථො නිසීදති, විස‍්සත්‍ථො සෙය්‍යං කප‍්පෙති, තං කිස‍්ස හෙතු, අනාපාථගතො භික‍්ඛු පාපිමතොති ‘මච‍්චුරාජා න පස‍්සතී’ති.
තවද මහණෙනි, මහණ තෙම ආකාසානඤ්චායතනය ඉක්ම විඥානය අනන්ත යැ යි විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාස කෙරේ ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාස කෙරේ ද, සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සංඥාවේදයිත නිරෝධයට පැමිණ වාස කෙරේ ද, විදර්‍ශනාඥානයෙන් දැක ඔහුට ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු වෙත් ද, මහණෙනි, මෙ මහණ මරහු අඳ කෙළේ යැ, කෙලෙස්පා රහිත කොට, මාරචක්‍ෂුස නසා, පාපිමත්හුගේ අදර්‍ශන විෂයට ගියේ යැ, ලෝකයෙහි විසත්තිකා සංඛ්‍යාත තෘෂ්ණාව තරණය කෙළේ යැ, හේ විස්වැසි වැ යෙයි, විස්වැසි වැ සිටියි, විස්වැසි වැ හිඳියි, විස්වැසි වැ හොවී යයි කියනු ලැබේ. ඒ කවර හෙයින යත්: යම් හෙයෙකින් මහණ පාපිමත්හු ගේ පරාඞ්මුඛයට ගියේ ද එහෙයිනැ’යි ‘මච්චුරාජා න පස්සති’ යනු වේ.
තෙනාහ භගවා:
එයින් වදාළහ බුදුහු:
සුඤ‍්ඤතො ලොකං අවෙක‍්ඛස‍්සු මොඝරාජා සදා සතො, අත‍්තානුදිට‍්ඨිං ඌහච‍්ච එවං මච්චුතරො සියා, එවං ලොකං අවෙක‍්ඛන‍්තං, මච‍්චුරාජා න පස‍්සතීති.
“සුඤ්ඤතො ලෝකං -පෙ- මච්චුරාජා න පස්සති” යී.
සහගාථාපරියොසානා -පෙ- සාවකො හමස‍්මීති.
ගාථා පර්‍ය්‍යවසානය හා සමග ... මම් ශ්‍රාවකයෙමී’
මොඝරාජ සුත‍්තනිද‍්දෙසො සමත‍්තො.
මෝඝරාජ සූත්‍රනිර්දේශය නිමි.