යෙදුමෙන් කියවන්න

16. 2

16. 2.

16. 2.

දිස‍්වාන රූපෙසු විහඤ‍්ඤමානෙ (පිඞ‍්ගියාති භගවා) රුප‍්පන‍්ති රූපෙසු ජනා පමුත‍්තා, තස‍්මා තුවං පිඞ‍්ගිය අප‍්පමත‍්තො ජහස‍්සු රූපං අපුනබ‍්භවාය.

(බුදුහු මෙසේ වදාළහ: පිඞ්ගිය,) රූපනිමිතින් නැසෙනුවන් දැක (කුශල ධර්‍මයෙහි) ප්‍රමාද වූ ජනයෝ රූපනිමිතින් පෙළෙති. එහෙයින් පිඞ්ගිය, තෙපි (කුශල ධර්‍මයෙහි) අප්‍රමත්ත වැ පුනර්‍භවය නො වනු පිණිස රූපය දුරු කරව.

දිස‍්වාන රූපෙසු විහඤ‍්ඤමානෙති: ‘රූප’න‍්ති-චත‍්තාරො ච මහාභූතා චතුන‍්නඤ‍්ච මහාභූතානං උපාදාය රූපං. සත‍්තා රූපහෙතු රූපපච‍්චයා රූප කාරණා හඤ‍්ඤන‍්ති විහඤ‍්ඤන‍්ති උපහඤ‍්ඤන‍්ති උපඝාතීයන‍්ති රූපෙ සති විවිධා කම‍්මකාරණා කාරෙන‍්ති. කසාහිපි තාළෙන‍්ති වෙත‍්තෙහිපි තාළෙන‍්ති අද‍්ධදණ‍්ඩකෙහිපි තාළෙන‍්ති, හත්‍ථම‍්පි ඡින්‍දන‍්ති, පාදම‍්පි ඡින්‍දන‍්ති, හත්‍ථපාදම‍්පි ඡින්‍දන‍්ති, කණ‍්ණම‍්පි ඡින්‍දන‍්ති,

දිස්වාන රූපෙසු විහඤ්ඤමානෙ- ‘රූපං’ යනු: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද වෙති. සත්ත්‍වයෝ රූප හේතුයෙන් රූපප්‍රත්‍යයෙන් රූපකාරණයෙන් නැසෙති වැනැසෙති වෙසෙසින් නසනු ලැබෙත්. රූපය ඇති කල්හි නො එක් කම්කටොලු කරවති: කසයෙනුදු තළති, වේවැලිනිදු තළති, අඩදඬියේ (මුගුරි) නුදු තළති, අත් ද සිඳිති, පා ද සිඳිති, අත්පා ද සිඳිති, කනුදු සිඳිති,

නාසම‍්පි ඡින්‍දන‍්ති, කණ‍්ණනාසම‍්පි ඡින්‍දන‍්ති, බිලඞ‍්ගථාලිකම‍්පි කරොන‍්ති, සඞ‍්ඛමුණ‍්ඩිකම‍්පි කරොන‍්ති රාහුමුඛම‍්පි කරොන‍්ති, ජොතිමාලිකම‍්පි කරොන‍්ති හත්‍ථපජ‍්ජොතිකම‍්පි කරොන‍්ති, එරකවත‍්තිකම‍්පි කරොන‍්ති, චීරකවාසිකම‍්පි කරොන‍්ති, එණෙය්‍යකම‍්පි කරොන‍්ති බලිසමංසිකම‍්පි කරොන‍්ති, කහාපණාකම‍්පී කරොන‍්ති, ඛාරාපතච‍්ඡිකම‍්පි කරොන‍්ති, පළිඝපරිවත‍්තිකම‍්පි කරොන‍්ති පළාලපිට‍්ඨිකම‍්පි කරොන‍්ති, තත‍්තෙනපි තෙලෙන ඔසිඤ‍්චන‍්ති, සුනඛෙහිපි ඛාදාපෙන‍්ති. ජීවන‍්තම‍්පි සූලෙ උත‍්තාසෙන‍්ති, අසිනාපි සීසං ඡින්‍දන‍්ති. එවං සත‍්තා රුපහෙතු රූපපච‍්චයා-රූපකාරණා හඤ‍්ඤන‍්ති විහඤ‍්ඤන‍්ති උපහඤ‍්ඤන‍්ති උපඝාතීයන‍්ති. එවං හඤ‍්ඤමානෙ විහඤ‍්ඤමානෙ උපහඤ‍්ඤමානෙ උපඝාතීයමානෙ දිස‍්වා පස‍්සිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වාති ‘දිස‍්වාන රූපෙසු විහඤ‍්ඤමානෙ’.

නැහැය ද සිඳිති, කන්නාසා ද සිඳිති, කාඩිසැළි කම්කටොලු ද කෙරෙති, සක්මුඬු කම්කටොලු ද කෙරෙති, රාහුමුඛ කම්කටොලු ද කෙරෙති, ගිනි වළලු කම්කටොලු ද කෙරෙති, අත් දල්වන කම්කටොලු ද කෙරෙති, එරුවත් කම්කටොලු ද කෙරෙති, තිහිරිවත් කම්කටොලු ද කෙරෙති, එණෙය්‍යක කම්කටොලු ද කෙරෙති, බිලියෙන් මස් සිඳුණා කම් කටොලු ද කෙරෙති, කහාපණක කම්කටොලු කෙරෙති, කොස්සෙන් කාරම් ගල්වති, පරිඝපරිවර්තන කම්කටොලු ද කෙරෙති, පිදුරුපිටු කම්කටොලු ද කෙරෙති, කකාළ තෙල් ද ඉස්වති, ශුනකයන් (කීණ බල්ලන්) ලවා ද කවති, දිවස්හුල ද හිඳුවති. කඩුවෙනුදු හිස සිඳිත්. මෙසෙයින් සත්ත්‍වයෝ රූප හේතුයෙන් රූප ප්‍රත්‍යයෙන් රූප කාරණයෙන් නැසෙති වැනැසෙති නසනු ලැබෙති වනසනු ලැබෙත්. මෙසේ නැසෙනුවත් වැනැසෙනුවත් නසනු ලබනුවන් වෙසෙසින් නසනු ලබනුවන් දැක බලා තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි ‘දිස්වාන රූපෙසු විහඤ්ඤ මානෙ’ යනු වේ.

පිඞ‍්ගියාති-භගවා තං බ්‍රාහ‍්මණං නාමෙන ආලපති, භගවාති ගාරවාධිවචනමෙතං -පෙ- සච‍්ඡිකා පඤ‍්ඤත‍්ති යදිදං භගවාති ‘පිඞ‍්ගියාති භගවා. ‘

පිඞ්ගිය යනු: බුදුහු එ බමුණු නමින් අමතති. භගවා යනු: තෙල ගෞරව නාම යැ ... මේ ‘භගවා’ යනු: බෝමුල්හි අර්‍හත්ඵල ප්‍රත්‍යක්‍ෂයෙන් උපන් ප්‍රඥප්තියක් නුයි’ පිඞ්ගියා’ ති භගවා’ යනු වේ.

රුප‍්පන‍්ති රූපෙසු ජනා පමත‍්තාති: ‘රුප‍්පන‍්තී’ති රුප‍්පන‍්ති කුප‍්පන‍්ති පීළයන‍්ති ඝට‍්ටයන‍්ති බ්‍යාධිකා දොමනස‍්සිතා හොන‍්ති චක‍්ඛුරොගෙන රුප‍්පන‍්ති, කුප‍්පන‍්ති පීළයන‍්ති ඝට‍්ටයන‍්ති බ්‍යාධිනා දොමනස‍්සිතා හොන‍්ති, සොතරොගෙන -පෙ- කායරොගෙන -පෙ- ඩංසමකසවාතාතපසිරිංසපසම‍්ඵස‍්සෙන රුප‍්පන‍්ති, කුප‍්පන‍්ති පීළයන‍්ති ඝට‍්ටයන‍්ති බ්‍යාධිතා දොමනස‍්සිතා හොන‍්තීති රුප‍්පන‍්ති රූපෙසු. අථවා චක‍්ඛුස‍්මිං හීයමානෙ හායමානෙ පරිහායමානෙ වෙමානෙ විගච‍්ඡමානෙ අන‍්තරධායමානෙ රුප‍්පන‍්ති -පෙ- දොමනස‍්සිතා හොන‍්ති. සොතස‍්මිං-ඝානස‍්මිං-ජිව‍්හාය-කායස‍්මිං-රූපස‍්මිං-සද‍්දස‍්මිං-ගන්‍ධස‍්මිං- රසස‍්මිං-ඵොට‍්ඨබ‍්බස‍්මිං-කුලස‍්මිං-ගණස‍්මිං-ආවාසස‍්මිං-ලාභස‍්මිං-යසස‍්මිං-පසංසාය-සුඛස‍්මිං-චීවරස‍්මිං-පිණ‍්ඩපාතස‍්මිං-සෙනාසනස‍්මිං- ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරස‍්මිං හීයමානෙ හායමානෙ පරිහායමානෙ වෙමානෙ විගච‍්ඡමානෙ අන‍්තරධායමානෙ රුප‍්පන‍්ති කුප‍්පන‍්ති පීළයන‍්ති ඝට‍්ටයන‍්ති බ්‍යාධිතා දොමනස‍්සිතා හොන‍්තීති එවම‍්පි ‘රුප‍්පන‍්ති රූපෙසු’. ජනාති ඛත‍්තියා ච බ්‍රාහ‍්මණා ච වෙස‍්සා ච සුද‍්දා ච ගහට‍්ඨා ච පබ‍්බජිතා ච දෙවා ච මනුස‍්සා ච. පමත‍්තාති. පමාදො වත‍්තබ‍්බො: කායදුච‍්චරිතෙන වා වචීදුච‍්චරිතෙන වා මනොදුච‍්චරිතෙන වා පඤ‍්චසු කාමගුණෙසු චිත‍්තස‍්ස වොස‍්සග‍්ගො වොස‍්සග‍්ගානුප‍්පදානං කුසලානං වා ධම‍්මානං භාවනාය අසක‍්කච‍්චකිරියතා අසාතච‍්චකිරියතා අනවට‍්ඨිතකිරියතා ඔලීනවුත‍්තිතා නික‍්ඛිත‍්තඡන්‍දතා නික‍්ඛිත‍්තධුරතා අනාසෙවනා අභාවනා අබහුලීකම‍්මං අනධිට‍්ඨානං අනනුයොගො පමාදො. යො එවරූපො පමාදො පමජ‍්ජනා පමජ‍්ජිතත‍්තං අයං වුච‍්චති පමාදො”. ඉමිනා පමාදෙන සමන‍්නාගතා ජනා පමත‍්තාති ‘රුප‍්පන‍්ති රූපෙසු ජනා පමත‍්තා’.

රුප්පන්ති රූපෙසු ජනා පමත්තා රුප්පන්ති යනු: නැසෙති කිපෙති පෙළෙති ගැටෙති පීඩිත වූවාහු හටගත් දොම්නස් ඇත්තාහු වෙත්. චක්‍ෂු රෝගයෙන් නැසෙති කිපෙති පෙළෙති ගැටෙති පීඩිත වූවාහු හටගත් දොම්නස් ඇත්තාහු වෙත්. ශ්‍රොත්‍රරොගයෙන්...කායරොගයෙන් මැසි-මදුරු-වා-අවු-දිග්දෑ පහසින් නැසෙති කිපෙති පෙළෙති ගැටෙති පීඩිත වූවාහු හටගත් දොම්නස් ඇත්තාහු වෙත් නුයි ‘රූප්පන්ති රූපෙසු’ යනු වේ. නොහොත් ඇස හෙන කල්හි පිරිහෙන කල්හි හාත්පසින් හෙන කල්හි නැසෙන කල්හි විගත වන කල්හි අතුරුදහන් වන කල්හි නැසෙති... චිත්තවිඝාතයට පැමිණියාහු වෙත්. කන-නැහැය-දිව-කය- රූපය- ශබ්දය-ගන්‍ධය-රසය-ස්ප්‍රෂ්ටව්‍යය- කුලය- ගණය- ආවාසය- ලාභය- යසස- ප්‍රශංසාව- සුඛය- සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකර හෙන කල්හි පිරිහෙන කල්හි හාත්පසින් හෙන කල්හි නැසෙන කල්හි විගත වන කල්හි අතුරුදහන් වන කල්හි නැසෙති කිපෙති (පෙරැළෙති පෙළෙති ගැටෙති පීඩිත වූවාහු චිත්ත විඝාතයට පැමිණියාහු වෙත් නුයි මෙසේත් ‘රූප්පන්ති රූපෙසු’ යනු වේ. ජනා යනු: ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යෙයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දෙවියෝ ද මිනිස්සු ද පමත්තා යි, ප්‍රමාදය කිය යුතු යි: කාය දුශ්චරිතයෙන් වේවයි වාග්දුශ්චරිතයෙන් වේවයි මනෝදුශ්චරිතයෙන් වේවයි පස්කම් ගුණයෙහි සිත බැස ගැන්ම බැස ගැන්මට අනුබල දීම, කුශල ධර්‍මයන්ගේ හෝ වැඩීම සකසා නො කරනබව, සතතයෙන් නො කරනබව, නො බැස ගත් ක්‍රියා ඇති බව, පසු බට පැවතුම් ඇති බව, බහා තුබූ කුශලච්ඡන්‍ද ඇති බව, බහා තැබූ වීර්‍ය්‍යධුර ඇති බව, ආසේවන නො කිරීම, අභාවනය, පුන පුනා නො කිරීම, අනධිෂ්ඨානය, අනනුයොගය, ප්‍රමාදය වෙයි. මෙ බඳු යම් ප්‍රමාදයෙක් ප්‍රමාද අයුරෙකි හටගත් ප්‍රමාද ඇති බවෙක් වේ ද මේ ප්‍රමාද යැ කියනු ලැබේ. මේ ප්‍රමාදයෙන් සමන්‍වාගත ජනයෝ ප්‍රමත්තයෝ නුයි ‘රූප්පන්ති රූපෙසු ජනා පමත්තා’ යනු වේ.

තස‍්මා තුවං පිඞ‍්ගිය අප‍්පමත‍්තොති: ‘තස‍්මා’ති-තස‍්මා තංකාරණා තංහෙතු තප‍්පච‍්චයා තංනිදානා එවං ආදීනවං සම‍්පස‍්සමානො රූපෙසූති තස‍්මා තුවං පිඞ‍්ගිය. අප‍්පමත‍්තොති සක‍්කච‍්චකාරී සාතච‍්චකාරී -පෙ- අප‍්පමාදො කුසලෙසු ධම‍්මෙසූති ‘තස‍්මා තුවං පිඞ‍්ගිය අප‍්පමත‍්තො’.

තස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො- තස්මා යනු: එයින් එ කරුණින් එ හෙයින් තත්ප්‍රත්‍යයෙන් තන්නිදානයෙන් මෙසේ රූපයන්හි ආදීනව දකිමින් නුයි ‘තස්මා තුවං පිඞ්ගිය‘ යනු වේ. අප්පමත්තො යනු: සකසා කරනසුලු සතතයෙන් කරනසුලු... කුශලධර්‍මයන්හි අප්‍රමාද වූයේ නුයි ‘තස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො‘ යනු වේ.

ජහස‍්සු රූපං අපුනබ‍්භවායාති: ‘රූප’න‍්ති: චත‍්තාරො මහාභූතා චතුන‍්නඤ‍්ච මහාභූතානං උපාදාය රූපං, ජහස‍්සු රූපන‍්ති-ජහස‍්සු රූපං, පජහස‍්සු රූපං, විනොදෙහි රූපං, බ්‍යන‍්තීකරොහි රූපං, අනභාවං ගමෙහි රූපං. අපුනබ‍්භවායාති යථා තෙ රූපං ඉධෙව නිරුජ‍්ඣෙය්‍ය පුන පටිසන්‍ධිකො භවො න නිබ‍්බත‍්තෙය්‍ය කාමධාතුයා චා රූපධාතුයා වා අරූපධාතුයා වා කාමභවෙ වා රූපභවෙ වා අරූපභවෙ වා සඤ‍්ඤා භවෙ වා අසඤ‍්ඤාභවෙ වා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤාභවෙ වා එකවොකාරභවෙ වා චතුවොකාරභවෙ වා පඤ‍්චවොකාරභවෙ වා පුනගතියා වා උපපත‍්තියා වා පටිසන්‍ධි යා භවෙ වා සංසාරෙ වා වට‍්ටෙ වා ජනෙය්‍ය න සංජනෙය්‍ය න නිබ‍්බත‍්තෙය්‍ය නාභිනිබ‍්බත‍්තෙය්‍ය, ඉධෙව නිරුජ‍්ඣෙය්‍ය, වූපසමෙය්‍ය අත්‍ථං ගච‍්ඡෙය්‍ය පටිප‍්පස‍්සම‍්භෙය්‍යාති ‘ජහස‍්සු රූපං අපුනබ‍්භවාය.’

ජහස්සු රූපං අපුනබ්හවාය- ‘රූපං’ යනු: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද, ජහස්ස රූපං යනු: රූපය හැරපියව රූපය වෙසෙසින් හැරපියව රූපය දුරලව රූපය විගතාන්ත කරව රූපය අනුඅභාවයට පමුණුව. අපුනබ්හවාය යනු: යම් සේ තා ගේ රූපය මෙ අත්බැව්හි මැ නිරුද්ධ වන්නේ නම්, වටාලා පිළිසිඳ ඇති භවයෙක් නූපදී නම්, කාමධාතුයෙහි හෝ රූපධාතුයෙහි හෝ අරූපධාතුයෙහි හෝ කාම භවයෙහි හෝ රූප භවයෙහි හෝ අරූප භවයෙහි හෝ සංඥා භවයෙහි හෝ අසංඥා භවයෙහි හෝ නෛවසංඥානාසංඥාභවයෙහි හෝ එකවොකාර භවයෙහි හෝ චතුවෝකාරභවයෙහි හෝ පඤ්චවෝකාර භවයෙහි හෝ පුනර්ගතයෙහි හෝ උපප්‍රාප්තියෙහි හෝ ප්‍රතිසන්ධියෙහි හෝ භවයෙහි හෝ සංසාරයෙහි හෝ වෘත්තයෙහි හෝ නූපදී නම් මොනොවට නූපදී නම් නො නිපදනේ නම් මොනොවට නො නිපදනේ නම් මෙ අත් බැව්හි මැ නිරුද්ධ වන්නේ නම් සන්හිඳෙන්නේ නම් අස්තයට යේ නම්, නවත්නේ නම් නුයි ‘ජහස්සු රූපං අපුනබ්භවාය’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“දිස‍්වාන රූපෙසු විහඤ‍්ඤමානෙ (පිඞ‍්ගියාති භගවා) රුප‍්පන‍්ති රූපෙසු ජනා පමත‍්තා, තස‍්මා තුවං පිඞ‍්ගිය අප‍්පමත‍්තො ජහස‍්සු රූපං අපුනබ‍්භවායා’ති.

“දිස්වාන රූපෙසු -පෙ- ජහස්සු රූපං අපුනබ්හවාය” යි.