10
10.
10.
අට්ඨානතං සඞ්ගණිකාරතස්ස යං ඵස්සයෙ සාමයිකං විමුත්තිං, ආදිච්චබන්ධුස්ස වචො නිසම්ම එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
යමෙක් යම් කරුණකින් සාමයික විමුක්තිය (ලෞකික සමාපත්තිය) අධිගම කෙරේ නම් ගණයෙහි ඇලුණහුට ඒ අස්ථාන යැ යන පසේබුදුන්ගේ වචනය අසා කගවෙහෙණ හඟෙක් සෙයින් එකලා වැ සරනෙම්.
අට්ඨානතං සඞ්ගණිකාරතස්ස යං ඵස්සයෙ සාමයිකං විමුත්තින්ති: වුත්තං හෙතං භගවතා. “සොවතානන්ද භික්ඛු සංගණිකාරාමො සංගණිකාරතො සංගණිකාරාමතං අනුයුත්තො, ගණාරාමො ගණරතො ගණසම්මුදිතො ගණාරාමතං අනුයුත්තො යං තං නෙක්ඛම්මසුඛං පවිවෙකසුඛං උපසමසුඛං සම්බොධසුඛං, තස්ස සුඛස්ස නිකාමලාභී භවිස්සති අකිච්ඡලාභී අකසිරලාභීති නෙතං ඨානං විජ්ජති සො ච ඛො සො ආනන්ද, භික්ඛු එකො ගණස්මා වූපකට්ඨො විහරති, තස්සෙතං භික්ඛුනො පාටිකඞ්ඛං: යං තං නෙක්ඛම්මසුඛං පවිවෙකසුඛං උපසමසුඛං සම්බොධසුඛං, තස්ස සුඛස්ස නිකාමලාභී භවිස්සති අකිච්ඡලාභී අකසිරලාභීති ඨානමෙතං විජ්ජති. සො වතානන්ද භික්ඛු සඞ්ගණිකාරාමො සඞ්ගණිකරතො සංගණිකාරාමතං අනුයුත්තො ගණාරාමො ගණරතො ගණසම්මුදිතො ගණාරාමතං අනුයුත්තො සාමයිකං වා සන්තං චෙතො විමුත්ති. උපසම්පජ්ජ විහරිස්සති අසාමයිකං වා අකුප්පන්ති නෙතං ඨානං විජ්ජති. යො ච ඛො සො ආනන්ද භික්ඛු එකො ගණස්මා වූපකට්ඨො විහරති, තස්සෙතං භික්ඛුනො පාටිකඞ්ඛං සාමයිකං වා සන්තං චෙතො විමුත්තිං උපසම්පජ්ජ විහරිස්සති, අසාවයිකං වා අකුප්පන්ති ඨානමෙතං විජ්ජතී”ති. අට්ඨානං සංගණිකාරතස්ස යං ඵස්සයෙ සාමයිකං විමුත්තිං.
අට්ඨානතං සඞ්ගණිකාරතස්ස, යං ඵස්සයෙ සාමයිකං විමුත්තිං යනු: මේ වදාරනලද මැ යි භාග්‍යවතුන් විසින්: “ආනන්දය, එකැතින් ඒ මහණ ස්වගණයා කෙරෙහි ඇලෙනුයේ ස්වගණයා කෙරෙහි ඇලුණේ ස්වගණයා කෙරෙහි ඇලුම් කරන බැව්හි යෙදුණේ ගණයෙහි ඇලුම් ඇත්තේ ගණයෙහි ඇලුණේ ගණයෙහි තුටු වූයේ ගණයෙහි ඇලුම් කරණ බැව්හි යෙදුණේ ‘යම් නෛෂ්ක්‍රම්‍යසුඛයෙක් ප්‍රවිවේකසුඛයෙක් පලසමවත් සුවයෙක් මාර්ගසුඛයෙක් වේ ද එ සුවය කැමැතියේ ලබනසුලු නිදුකින් ලබනසුලු විපුල වැ ලබනසුලු වන්නේ යැ’ යන තෙල කරුණ නො පැනෙයි. තවද ආනන්දය, යම් මහණෙක් එකලා වැ ගණයෙන් පහ වැ වාසය කෙරේද ඒ මහණහට මෙය කැමැති විය යුතුයැ: යම් නෛෂ්ක්‍රම්‍ය සුඛයෙක් ප්‍රවිවේක සුඛයෙක් ඵලසමාපත්ති සුඛයෙක් මාර්ගසුඛයෙක් වේ නම් ඒ සුඛය කැමැති සේ ලබනසුලු නිදුකින් ලබන සුලු විපුල වැ ලබන සුලු වන්නේ යැ යන තෙල කරුණ පැනෙයි. ආනන්දය; එකැතින් ඒ මහණ තෙම ස්වගණයෙහි ඇලුම් ඇත්තේ ස්වගණයෙහි ඇලුණේ ස්වගණයෙහි ඇලෙන බැව්හි යෙදුණේ ගණයෙහි ඇලුම් ඇත්තේ ගණයෙහි ඇලුණේ ගණයෙහි තුටු වූයේ ගණයෙහි ඇලෙන බැව්හි යෙදුණේ ලෞකික ශාන්තවිමුක්තියට හෝ ලෝකෝත්තර වූ අකෝප්‍යය (මාර්ගය) ට හෝ පැමිණ වාස කරන්නේ යැ යන තෙල කරුණ නො පැනෙයි. තවද ආනන්දය යම් මහණෙක් එකලා වැ ගණයෙන් පහ වැ වාස කෙරේ ද, එ මහණහට මෙය කැමැති වියයුතු යැ: ලෞකික ශාන්තවිමුක්තියට පැමිණ හෝ ලෝකෝත්තර මාර්ගයට පැමිණ හෝ වාසය කරන්නේ යැයි තෙල කරුණ පැනේ යයි ‘අට්ඨානතං සඞ්ගණිකාරතස්සෙ යං ඵස්සයෙ සාමයිකං විමුත්තිං’ යනු වේ.
ආදිච්චබන්ධුස්ස වචො නිසම්මාති ‘ආදිච්චො’ වුච්චති සුරියො සො ගොතමො ගොත්තෙන පච්චෙකසම්බුද්ධොපි ගොතමො ගොත්තෙන සො පච්චෙකසම්බුද්ධො සුරියස්ස ගොත්තඤාතකො ගොත්තබන්ධු, තස්මා පච්චෙකසම්බුද්ධො ආදිච්චබන්ධු. ආදිච්චබන්ධුස්ස වචොනිසම්මාති ආදිච්චබන්ධුස්ස වචනං බ්යප්පථං දෙසනං අනුසිට්ඨිං සුත්වා සුණිත්වා උග්ගහෙත්වා උපධාරයිත්වා උපලක්ඛයිත්වාති ‘ආදිච්චබන්ධුස්ස වචො නිසම්ම එකො චරෙ ඛග්ගවිසාණකප්පො, .
ආදිච්චබන්ධුස්ස වචො නිසම්ම - ‘ආදිච්චෝ’ යි සූර්‍ය්‍යයා කියනු ලැබෙයි. හේ ගෝත්‍රයෙන් ගෞතම යැ පසේ බුදුහු දු ගෝත්‍රයෙන් ගෞතම යැ ඒ පසේ බුදුහු සූර්යයාහට ගොත්රඥාතීහ, ගෝත්‍ර බන්ධූහ, එයින් පසේ බුදුහු ආදිත්යබන්ධු වෙති. ආදිච්චබන්ධුස්ස වචො නිසම්මා යනු: සූර්යයබන්ධූහුගේ වචනය වාක්පථය දේශනාව අනුශාසනාව අසා අසාගෙන උගෙනැ විමසා සලකා නුයි ‘ආදිච්චබන්ධුස්ස වචො නිසම්ම, ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
තෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
එයින් වදාළහ ඒ පසේ බුදුහු:
“අට්ඨානතං සඞ්ගණිකාරතස්ස යං ඵස්සයෙ සාමයිකං විමුත්තිං, ආදිච්චබන්ධුස්ස වචො නිසම්ම එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
“අට්ඨානතං සඞ්ගණිකාරතස්ස, - පෙ - ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
දුතියො වග්ගො.
දෙ වැනි වග නිමි.