යෙදුමෙන් කියවන්න

1

1.

1.

දිට‍්ඨීවිසූකානි උපාතිවත‍්තො පත‍්තො නියාමං පටිලද‍්ධමග‍්ගො, උප‍්පන‍්නඤාණොම‍්හි අනඤ‍්ඤනෙය්‍යො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

දෘෂ්ටිවිසූකයන් (සත්කායදෘෂ්ටිය හෝ දෙ සැට මිථ්‍යාදෘෂ්ටිය ප්‍රථමමාර්ගයෙන්) ඉක්මවූයෙම් සම්මත්තිනියාමයට පැමිණියෙම් ලබන ලද ශේෂමාර්ග ඇතියෙම් උපන් ප්‍රත්‍යෙකබෝධිඥාන ඇතියෙම් වෙමි. එහෙයින් අනෙකක්හු විසින් සත්‍යාවබෝධයට නො පැමිණවිය යුතු වූයෙම් කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනෙම්.

දිට‍්ඨීවිසූකානි උපාතිවත‍්තොති ‘දිට‍්ඨිවිසූකානි’ වුච‍්චන‍්ති වීසතිත්‍ථුකා සක‍්කායදිට‍්ඨි. “ඉධ අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො, අරියධම‍්මෙ අවිනීතො, සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො, රූපං අත‍්තතො සමනුපස‍්සති රූපවන‍්තං වා අත‍්තානං අත‍්තනි වා රූපං රූපස‍්මිං වා අත‍්තානං, වෙදනං -සඤ‍්ඤං-සඞ‍්ඛාරෙ-විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සතී, විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං අත‍්තනි වා විඤ‍්ඤාණං විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං, යා එවරූපා දිට‍්ඨි දිට‍්ඨිගතං දිට‍්ඨිගහණං දිට‍්ඨිකන‍්තාරො දිට‍්ඨිවිසූකායිකං දිට‍්ඨිවිප‍්ඵන්‍දිතං දිට‍්ඨිසංයොජනං ගාහො පතිට‍්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම‍්මග‍්ගො මිච‍්ඡාපථො මිච‍්ඡත‍්තං තිත්‍ථායතනං විපරියෙසගාහො විපරීතගාහො විපල‍්ලාසගාහො මිච‍්ඡාගාහො අයාථාවතස‍්මිං යාථාවතන‍්ති ගාහො යාවතා ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි ඉමානි දිට‍්ඨිවිසූකානි” දිට‍්ඨීවිසූකානි උපාතිවත‍්තොති දිට‍්ඨිවිසූකානි උපාතිවත‍්තො අතික‍්කන‍්තො සමතික‍්කන‍්තො වීතිවත‍්තොති ‘දිට‍්ඨීවිසූකානි උපාතිවත‍්තො’.

දිට්‌ඨීවිසූකානි උපාතිවත්‌තො- ‘දෘෂ්ටිවිසූකයෝ’ යි විංශද්වස්තුක සත්කාය දෘෂ්ටි කියනු ලැබෙති. “මෙලොවැ (බුද්ධාදි) ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු සත්පුරුෂයන් නො දක්නා සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන තෙම රූපය ආත්ම විසින් සංඥාවිපර්‍ය්‍යාසයෙන් දකී. ආත්මය රූපවත් කොට හෝ රූපය ආත්මයෙහි ලා හෝ ආත්මය රූපයෙහි ලා හෝ දකී. වේදනාව- සංඥාව- සංස්කාරයන් විඥානය ආත්ම විසින් සංඥාවිපර්‍ය්‍යාසයෙන් දකී. ආත්මය විඥානය ඇතියක් කොට හෝ විඥානය ආත්මයෙහි ලා හෝ ආත්මය විඥානයෙහි ලා හෝ දකී. යම් මෙබඳු දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිසූකයෙක් දෘෂ්ටිවිස්ඵන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් දැඩි වැ ගැන්මෙක් පිහිටාගැන්මෙක් වැදගැම්මෙක් පරාමර්‍ශයෙක් කුමඟෙක් අයථාමාර්ගයෙක් මිථ්‍යාස්වභාවයෙක් (අනර්‍ත්‍ථයට නිවාසවූ තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රහණයෙක් විපරීත ග්‍රහණයෙක් විපල්ලාසගාහයෙක් මිථ්‍යාග්‍රහණයෙක් අයථාස්වභාවයෙහි යථාස්වභාව යැයි ගැන්මෙක් යම් පමණ දෙසැට දෘෂ්ටිගතයෙක් වේ ද මොහු දෘෂ්ටි විසූකයෝ යි.” දිට්‌ඨීවිසූකානි උපාතිවත්‌තො යනු: දෘෂ්ටිවිසූකයන් බැහැර කෙළෙම් ඉක්ම වූයෙම් මොනොවට ඉක්ම වූයෙම් වෙසෙසින් ඉක්මවූයෙම් නු යි ‘දිට්‌ඨීවිසූකානි උපාතිවත්‌තො, යනු වේ.

පත‍්තො නියාමං පටිලද‍්ධමග‍්ගොති ‘නියාමා’ වුච‍්චන‍්ති චත‍්තාරො මග‍්ගා අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. සෙය්‍යථීදං: සම‍්මාදිට‍්ඨි සම‍්මාසංකප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි. චතූහි අරියමග‍්ගෙහි සමන‍්නාගතො නියාමං පත‍්තො සම‍්පත‍්තො අධිගතො ඵස‍්සිතො සච‍්ඡිකතොති ‘පත‍්තොනියාමං’. පටිලද‍්ධමග‍්ගොති ලද‍්ධමග‍්ගො පටිලද‍්ධමග‍්ගො අධිගතමග‍්ගො ඵස‍්සිතමග‍්ගො සච‍්ඡිකතමග‍්ගොති ‘පත‍්තො නියාමං පටිලද‍්ධමග‍්ගො’.

පත්‌තො නියාමං පටිලද්‌ධමග්‌ගො - ‘නියාමයෝ’ යි සතරමාර්ගය ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය කියනු ලැබෙති. හෙමෙසේයි යැ: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක්සංකල්ප යැ සම්‍යක් වචන යැ සම්‍යක්කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක්ස්මෘති යැ සම්‍යක්සමාධි යැ යි සතර ආර්‍ය්‍ය මාර්‍ගයෙන් සමන්‍වාගත වූයෙම් සම්මත්තනියාමයට පැමිණියෙම් මොනොවට පැමිණියෙම් අධිගම කෙළෙම් ස්පර්‍ශ කෙළෙම් ප්‍රත්‍යක්‍ෂ කෙළෙම් නුයි ‘පත්තෙ නියාමං’ යනු වේ. පටිලද්ධමග්ගො යනු: ලබන ලද මාර්‍ග ඇතියෙම් ප්‍රතිලාභ කළ මාර්‍ග ඇතියෙම් අධිගම කළ මාර්‍ග ඇතියෙම් ස්පර්‍ශ කළ මාර්‍ග ඇතියෙම් ප්‍රත්‍යක්‍ෂ කළ මාර්‍ග ඇතියෙම් නුයි ‘පත්තෝ නියාමං පටිලද්ධමග්ගෝ’ යනු වේ.

උප‍්පන‍්නඤාණොම‍්හි අනඤ‍්ඤනෙය්‍යොති තස‍්ස පච‍්චෙකසම‍්බුද‍්ධස‍්ස ඤාණං උප‍්පන‍්නං සමුප‍්පන‍්නං නිබ‍්බත‍්තං අභිනිබ‍්බත‍්තං පාතුභූතං ‘සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා’ති ඤාණං උප‍්පන‍්නං සමුප‍්පන‍්නං නිබ‍්බත‍්තං අභිනිබ‍්බත‍්තං පාතුභූතං, ‘සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛා’ති -පෙ- ‘සබ‍්බෙ ධම‍්මා අනත‍්තා’ති -පෙ- ‘යං කිඤ‍්චි සමුදයධම‍්මං තං නිරොධධම‍්ම’න‍්ති ඤාණං උප‍්පන‍්නං සමුප‍්පන‍්නං නිබ‍්බත‍්තං අභිනිබ‍්බත‍්තං පාතුභූතන‍්ති ‘උප‍්පන‍්නඤාණොම‍්හි’, ‘අනඤ‍්ඤනෙය්‍යොති: සො පච‍්චෙකසම‍්බුද‍්ධො න පරනෙය්‍යො, න පරප‍්පත‍්තියො, න පරප‍්පච‍්චයො න පරපටිබද‍්ධගූ’ යථාභූතං ජනාති! පස‍්සති අසම‍්මූළ‍්හො සම‍්පජානො පතිස‍්සතො ‘සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා’ති පරනෙය්‍යො න පරප‍්පත‍්තියො න පරපටිබද‍්ධගූ’ යථාභූතං ජානාති පස‍්සති අසම‍්මූළ‍්හො සම‍්පජානො පතිස‍්සතො ‘සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛා’ති -පෙ- ‘සබ‍්බෙ ධම‍්මා අනත‍්තා’ති -පෙ- ‘යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්ම’න‍්ති න පරනෙය්‍යො න පරප‍්පත‍්තියො න පරප‍්පච‍්චයො න පරපටිබද‍්ධගූ’ යථාභූතං ජානාති පස‍්සති අසම‍්මූළ‍්හො සම‍්පජානො පතිස‍්සතොති ‘උප‍්පන‍්නඤාණොම‍්හි අනඤ‍්ඤනෙය්‍යො, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො’.

උප්‌පන්‌නඤාණොම්‌හි අනඤ්‌ඤනෙය්‍යො, - ඒ පසේ බුදුනට ප්‍රත්‍යෙක බොධිඥානය උපත මොනොවට උපත නිපන වෙසෙසින් නිපන පහළ විය. “හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි ඥානය උපත මොනොවට උපත නිපන වෙසෙසින් නිපන පහළ විය. ‘හැම සංස්කාරයෝ දුඃඛයහ’ යි... “හැම ධර්‍ම යෝ අනාත්මහයි ... යම් කිසි සමුදය ධර්‍මයෙක් වේ නම් එ හැම නිරෝධ ස්වභාවය ඇතැ’යි ඥානය උපන, මොනොවට උපන නිපන වෙසෙසින් නිපන පහළ වී නුයි ‘උප්‌පන්‌නඤාණොම්‌හි’ යනු වේ. අනඤ්‌ඤනෙය්‍යො යනු: ඒ පසේබුදුහු මෙරමා විසින් සත්‍යාවබෝධයට නො පැමිණ විය යුත්තාහ. අනෙකහු විසින් නො හැදැහැවිය යුත්තාහ. පර ප්‍රත්‍යය රහිතයහ මෙරමා පිළිබැදි ඥානගති නැතියහ. මුළා නො වූවාහු සම්පත් ඥාන ඇතියාහු සිහි ඇතියාහු ඇති සැටියෙන් දකිති, දකිති. හැම සංස්කාර යෝ දුඃඛයහ’යි ... හැම ධර්‍මයෝ අනාත්මහ’ යි... යම් කිසි සමුදය ධර්‍මයෙක් වේ නම් එ හැම නිරෝධස්වභාවය ඇතැ’යි මෙරමා විසින් සත්‍යාවබෝධයට නො පැමිණවිය යුත්තාහ. අනෙකක්හු විසින් නො හැ දැහැවීය යුත්තාහ, පරපත්‍යය රහිතය, මෙරමා පිළිබැඳි ඥානගති නැතියහ. නො මුළා වැ සම්‍යග් ඥාන ඇති වැ සිහි ඇති වැ ඇති සැටියෙන් දනිති, දකිත් නුයි ‘උප්‌පන්‌නඤාණොම්‌හි අනඤ්‌ඤනෙය්‍යො, ඒකෝ චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.’ යනු වේ.

තෙනාහ සො පච‍්චෙකසම‍්බුද‍්ධො:

එයින් වදාළහ ඒ පසේ බුදුහු:

“දිට‍්ඨීවිසූකානි උපාතිවත‍්තො පත‍්තො නියාමං පටිලද‍්ධමග‍්ගො, උප‍්පන‍්නඤාණොම‍්හි අනඤ‍්ඤනෙය්‍යො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

“දිට්‌ඨිවිසූකානි උපාතිවත්‌තොති -පෙ- ඒකෝ චරෙ ඛග්‌ගවිසාණකප්‌පො.” යි.