යෙදුමෙන් කියවන්න

2

2.

2.

නිල‍්ලොලුපො නික‍්කුහො නිප‍්පිපාසො නිම‍්මක‍්ඛො නිද‍්ධන‍්තකසාවමොහො, නිරාසසො සබ‍්බලොකෙ භවිත්‍වා එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

(රසතෘෂ්ණායෙහි) ලොල් නො වූයෙම් කුහක නො වූයෙම් (මිහිරිරස බුදිනු කැමැති) පවස් නැතියෙන් මතු නො වූයෙම් බැහැර කළ රාගාදිකසට හා මෝහය හා ඇතියෙම් මුළුලොව්හි තෘෂ්ණා රහිත වැ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනෙම්.

නිල‍්ලොලුපො නික‍්කුහො නිප‍්පිපාසොති ‘ලොලුප‍්පං’ වුච‍්චති තණ‍්හා. “යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං.” සා ලොලුප‍්පා තණ‍්හා පච‍්චෙකසම‍්බුද‍්ධස‍්ස පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාව කතා ආයතිං අනුප‍්පාදධම‍්මා, තස‍්මා පච‍්චෙකසම‍්බුද‍්ධො නිල‍්ලොලුපො. නික‍්කුහොති: තීණි කුහනවත්‍ථූනි: පච‍්චය පටිසෙධනසඞ‍්ඛාතං කුහනවත්‍ථු, ඉරියාපථසඞ‍්ඛාතං කුහනවත්‍ථු, සාමන‍්තජප‍්පනසඞ‍්ඛාතං කුහනවත්‍ථු.

නිල්‌ලොලුපො නික්‌කුහො නිප්‌පිපාසො, - ‘ලොලුප්ප’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙන් බලවත් රාගයෙක්... අභිධ්‍යායෙක් ලෝභ අකුශල මූලයෙක් වේද එයයි, ඒ ලොලුප්ප සඞ්ඛ්‍යාත තෘෂ්ණාව පසේබුදුනට ප්‍රහීණ යැ උසුන්මුල් ඇත්තී යැ, හිස්සුන් තාලවස්තුවක් සෙයින් කරන ලද යැ. අනු අභාවය කරන ලදය, මත්තෙහි නූපදනා සැහැවි ඇත්තේයැ, එයින් පසේබුදුහු ‘නිල්ලොලුප’ නම් වෙති. නික්‌කුහො යනු: කුහනවස්තූහු තිදෙනෙකි: ප්‍රත්‍යය ප්‍රතිෂේධ සංඛ්‍යාත කුහනවස්තූහු යැ ඊර්‍ය්‍යාපථ සඞ්ඛ්‍යාත කුහනවස්තු යැ සාමන්තජල්ප සඞ්ඛ්‍යාත කුහනවස්තු යැ යි.

කතමං පච‍්චයපටිසෙධනසංඛාතං කුහනවත්‍ථු: “ඉධ ගහපතිකා භික‍්ඛුං නිමන‍්තෙන‍්ති: චීවර පිණ‍්ඩපාත සෙනාසන ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙහි සො පාපිච‍්ඡො ඉච‍්ඡාපකතො අත්‍ථිකො චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරානං භීයොකම්‍යතං උපාදාය චීවරං පච‍්චක‍්ඛාති, පිණ‍්ඩපාතං පච‍්චක‍්ඛාති, සෙනාසනං පච‍්චක‍්ඛාති, ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං පච‍්චක‍්ඛාති, සො එවමාහ: කිං සමණස‍්ස මහග‍්ඝෙන චීවරෙන එතං සාරුප‍්පං: යං සමණො සුසානා වා සඞ‍්කාරකූටා වා පාපනිකා වා නන‍්තකානි උච‍්චිනිත්‍වා සංඝාටිකං කත්‍වා ධාරෙය්‍ය. කිං සමණස‍්ස මහග‍්ඝෙන පිණ‍්ඩපාතෙන: එතං සාරුප‍්පං යං සමණො උඤ‍්ඡාචරියාය පිණ‍්ඩියාලොපෙන ජීවිකං කප‍්පෙය්‍ය. කිං සමණස‍්ස මහග‍්ඝෙන සෙනාසනෙන, එතං සාරුප‍්පං: යං සමණො රුක‍්ඛමූලිකො වා අස‍්ස සොසානිකො වා අබ‍්භොකාසිකො වා. කිං සමණස‍්ස මහග‍්ඝෙන ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙන එතං සාරුප‍්පං යං සමණො පූතිමුත‍්තෙන වා හරිතකීඛණ‍්ඩෙන වා ඔසධං කරෙය්‍යාති තදුපාදාය ලූඛං චීවරං ධාරෙති, ලූඛං පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජති, ලූඛං සෙනාසනං පටිසෙවති, ලූඛං ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං පටිසෙවති. තමෙනං ගහපතිකා එවං ජානන‍්ති: ‘අයං සමණො අප‍්පිච‍්ඡො සන‍්තුට‍්ඨො පවිවිත‍්තො අසංසට‍්ඨො ආරද‍්ධවිරියො ධුතවාදො’ති භීයො භීයො නිමන‍්තෙන‍්ති චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙහි. සො එවමාහ: තිණ‍්ණං සම‍්මුඛීභාවා සද‍්ධො කුලපුත‍්තොබහුං පුඤ‍්ඤං පසවති සද‍්ධාය සම‍්මුඛීභාවා සද‍්ධො කුලපුත‍්තො බහුං පුඤ‍්ඤං පසවති. දෙය්‍යධම‍්මස‍්ස සම‍්මුඛීභාවා සද‍්ධො කුලපුත‍්තො බහුං පුඤ‍්ඤං පසවති, දක‍්ඛිණෙය්‍යානං සම‍්මුඛීභාවා සද‍්ධො කුලපුත‍්තො බහුං පුඤ‍්ඤං පසවති. තුම‍්හාකං චෙවායං සද‍්ධා අත්‍ථි දෙය්‍යධම‍්මො ච සංවිජ‍්ජති අහං ච පටිග‍්ගාහකො. සචෙහං න පටිග‍්ගහෙස‍්සාමි එවං තුම‍්හෙ පුඤ‍්ඤෙන පරිබාහිරා භවිස‍්සථ, න මය‍්හං ඉමිනා අත්‍ථො තුම‍්හාකංයෙව අනුකම‍්පාය පටිගණ‍්හාමීති, තදුපාදාය බහුම‍්පි චීවරං පටිගණ‍්හාති බහුම‍්පි පිණ‍්ඩපාතං පටිගණ‍්හාති බහුම‍්පි සෙනාසනං පටිගණ‍්හාති බහුම‍්පි ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං පටිගණ‍්හාති, යා එවරූපා භාකුටිකා භාකුටියං කුහනා කුහායනං කුහිතතත‍්තං, ඉදං පච‍්චයපටිසෙධනසඞ‍්ඛාතං කුහනවත්‍ථු.

ප්‍රත්‍යය ප්‍රතිෂේධන සඞ්ඛ්‍යාත කුහනවස්තු නම් කවරැ යත්: මෙ ලෙව්හි ගැහැවියෝ සිවුරු- පිඬුවා- සෙනසුන්- ගිලන්පස බෙහෙසත් පිරිකරින් මහණක්හු නිමන්ත්‍රණය කෙරෙති. හෙතෙම (නැතිගුණ දක්වන) පාපේච්ඡා ඇත්තේ ඉච්ඡායෙන් මඬනා ලදුයේ අර්ත්‍ථී වූයේ සිවුරු- පිඬුවා සෙනසුන්- ගිලන්පස බෙහෙසත්පිරිකර බොහෝ කැමැති බව නිසා සිවුර පිළිකෙව් කෙරෙයි, පිඬුවා පිළිකෙව් කෙරෙයි සෙනසුන පිළිකෙව් කෙරෙයි, ගිලන්පස බෙහෙසත්පිරිකර පිළිකෙව් කෙරේ. හේ මෙසේ කියයි: මහණහට මහඇගි සිවුරින් කවර අර්‍ත්‍ථ යැ, මහණ සොහොනින් හෝ කසළ ගොඩින් හෝ අවුණුදොරින් හෝ කඩරෙදි අවුළා සඟළ කොට දරන්නේ යැ යන යමෙක් වේ ද, තෙල සාරූප්‍ය වෙයි. මහණහට මහඇගි පිඬුවායෙන් කවර අර්‍ත්‍ථ යැ, මහණ සිඟා ලද පිඬු අතරින් දිවි රකින්නේ යැ යන යමෙක් වේ ද, තෙල සාරූප්‍ය වෙයි. මහණහට මහඇගි සෙනසුනින් කවර අර්‍ත්‍ථ යැ, මහණ රුක්මුල් සෙනසුන් ඇත්තේ හෝ සොහොන්හි වසනේ හෝ අබොවස් සෙනසුන් ඇත්තේ හෝ වන්නේ යැ යන යමෙක් වේ ද තෙල සාරූප්‍ය වෙයි, මහණ හට මහඇගි ගිලන්පස බෙහෙසත්පිරිකරින් කවර අර්‍ත්‍ථ යැ, මහණ ගොමුත්‍රයෙන් හෝ අරළුකඩෙකින් හෝ බෙහෙසත් කිස කරන්නේ යැ යන යමෙක් වේ ද තෙල සාරූප්‍ය වේයයි. හේ එතැන් පටන් රළු සිවුරුදරයි. රළු පිඬුවා බුදියි. රළු සෙනසුන් සෙවුන්නේ යැ රළු ගිලන්පස බෙහෙසත් පිරිකර සෙවුන්නේ යැ, ගැහැවියෝ ඔහු මෙසෙසින් දනිති: “මෙ මහණ අපිස් ගුණ ඇත්තේ යැ සතොස්ගුණ ඇත්තේ යැ ප්‍රකර්‍ෂවිවේක ඇත්තේ යැ ගණසඞ්ගණිකා රහිතයැ රුකුළුවැර ඇත්තේ යැ ධූතයෙහි අනුසස් කියන්නේ යැ’යි මතුමත්තෙහි සිවුරු- පිඬුවා- සෙනසුන් -ගිලන්පස බෙහෙසත් පිරිකරින් පවරති. හේ මෙසේ කියයි: තිදෙනකුන්ගේ හමුවීමෙන් සැදැහැති කුලපුත් බොහෝ පින් රැස් කෙරෙයි. සැදැහැ ඇති බැවින් සැදැහැති කුල පුත් බොහෝ පින් රැස් කෙරෙයි. දේයධර්‍ම ඇති බැවින් සැදැහැති කුලපුත් බොහෝ පින් රැස් කෙරෙයි. දක්‍ෂිණාර්‍හයන් ඇති බැවින් සැදැහැති කුලපුත් බොහෝ පින් රැස් කෙරේ. තොපට මැ මේ සැදැහැ ඇත, දේයධර්‍මය ද ඇති, මම් ද ප්‍රතිග්‍රාහකයෙමි. ඉදින් මම් නො පිළිගන්නෙම් නම් මෙසෙයින් තෙපි පිනින් බැහැර වන්නවු ය. මට මෙයින් අර්‍ත්‍ථ නැති. තොපට මැ අනුග්‍රහ පිණිස පිළිගනිමි, එතැන් පටන් බොහෝ සිවුරු ද පිළිගනී. බොහෝ පිඬුවා ද පිළිගනී. බොහෝ සෙනසුන් ද පිළිගනී. බොහෝ ගිලන්පස බෙහෙසත් පිරිකර ද පිළිගනී. යම් මෙබඳු මුව හැකිළීමෙක් මුව හකුළන බවෙක් විස්මය ගැන්වීමෙන් විස්මය ගන්වන අයුරක් විස්මයකළ බවෙක් වේ ද, මේ ප්‍රත්‍යය ප්‍රතිෂේධනසඞ්ඛ්‍යාත කුහනවස්තූනම්.

කතමං ඉරියාපථසඞ‍්ඛාතං කුහනවත්‍ථු: ඉධෙකච‍්චො පාපිච‍්ඡො ඉච‍්ඡාපකතො සම‍්භාවනාධිප‍්පායො, එවං මං ජනො සම‍්භාවිස‍්සතීති ගමනං සණ‍්ඨපෙති ඨානං සණ‍්ඨපෙති නිසජ‍්ජං සණ‍්ඨපෙති සයනං සණ‍්ඨපෙති පණිධාය ගච‍්ඡති, පණිධාය තිට‍්ඨති, පණිධාය නිසීදති, පණිධාය සෙය්‍යං කප‍්පෙති, සමාහිතො විය ගච‍්ඡති, සමාහිතො විය තිට‍්ඨති, සමාහිතො විය නිසීදති, සමාහිතො විය සෙය්‍යං කප‍්පෙති ආපාථකජ‍්ඣායි ච හොති යා එවරූපා ඉරියාපථස‍්ස අට‍්ඨපනා ඨපනා සණ‍්ඨපනා භාකුටිකා භාකුටියං කුහනා කුහායනා කුහිතත‍්තං, ඉදං ඉරියාපථසඞ‍්ඛාතං කුහනවත්‍ථු.

ඊර්‍ය්‍යාපථ සඞ්ඛ්‍යාත කුහනවස්තු නම් කවරැ යත්; මෙලෙව්හි ඇතැමෙක් පාප ඉච්ඡා ඇත්තේ ඉච්ඡායෙන් මඩනා ලද්දේ බුහුමන් ලබන අදහස් ඇත්තේ මෙසෙයින් ජන තෙම මා බුහුමන් කරන්නේ යැ යි ගමන් සකස් කෙරෙයි, සිටීම සකස් කෙරෙයි, හිඳීම සකස් කෙරෙයි, ශයනය සකස් කෙරේ. පතා (ප්‍රාර්‍ත්‍ථනා තබා) යෙයි, පතා සිටියි. පතා හිඳියි පතා ශයනය කෙරේ. සමාහිතයකුසෙයින් යෙයි, සමාහිතයකු සෙයින් සිටියි, සමාහිතයකු සෙයින් හිඳියි, සමාහිතයකු සෙයින් ශයනය කෙරේ. ජනයා හමුයෙහි ධ්‍යාන කරන්නකු සෙයින් වෙයි. යම් මෙබඳු ඉරියව් පිහිටුවීමෙන් පිහිටුවන අයුරෙන් සකස් කොට තැබීමෙන් මුව හැකිළීමෙක් මුව හකුළන අයුරෙක් විස්මය ගැන්වීමෙක් විශ්වය ගන්වන අයුරෙක් විස්මිත බවෙක් වේ ද, මේ ඊර්‍ය්‍යාපථ සඞ්ඛ්‍යාත කුහනවතු නම.

කතමං සාමන‍්තජප‍්පනසඞ‍්ඛාතං කුහනවත්‍ථු: ඉධෙකච‍්චො පාපිච‍්ඡො ඉච‍්ඡාපකතො සම‍්භාවනාධිප‍්පායො එවං මං ජනො සම‍්භාවෙස‍්සතීති අරියධම‍්මසන‍්නිස‍්සිතං වාචං භාසති. යො එවරූපං චීවරං ධාරෙති, සො සමණො මහෙසක‍්ඛොති භණති, යො එවරූපං පත‍්තං ධාරෙති, ලොහථාලකං ධාරෙති, ධම‍්මකරකං ධාරෙති, පරිස‍්සාවනං ධාරෙති, කුඤ‍්චිකං ධාරෙති, උපාහනං ධාරෙති, කායබන්‍ධනං ධාරෙති, ආයොගං ධාරෙති, සො සමණො මහෙසක‍්ඛොති භණති. යස‍්ස එවරූපො උපජ‍්ඣායො සො සමණො මහෙසක‍්ඛොති, භණති, යස‍්ස එවරූපො ආචරියො, එවරූපා සමානුපජ‍්ඣායකා සමානාචරියකා මිත‍්තා සන්‍දිට‍්ඨා සම‍්භත‍්තා සහායා, සො සමණො මහෙසක‍්ඛොති භණති. යො එවරූපෙ විහාරෙ වසති, අඩ‍්ඪයොගො වසති-පාසාදෙ වසති-හම‍්මියෙ වසති-ගුහායං වසති-ලෙණෙ-වසති-කුටියා වසති-කූටාගාරෙ වසති, අට‍්ටෙ වසති, මාළෙ වසති උද‍්දණ‍්ඩෙ වසති, උපට‍්ඨානසාලායං වසති, මණ‍්ඩපෙ වසති. රුක‍්ඛමූලෙ වසති, සො සමණො මහෙසක‍්ඛොති භණති, අථවා කොරඤ‍්ජිකකොරඤ‍්ජිකො භාකුටිකභාකුටිකො කුහකකුහකො ලපකලපකො මුඛසංභාවිතො අයං සමණො ඉමාසං එවරූපානං සන‍්තානං විහාරසමාපත‍්තීනං ලභීති. තාදිසං ගම‍්භීරං ගූළ‍්හං නිපුණං පටිච‍්ඡන‍්නං ලොකුත‍්තරං සුඤ‍්ඤතාපටිසඤ‍්ඤුත‍්තං කථං කථෙති. යා එවරූපා භාකුටිතා භාකුටියං කුහනා. කුහායනා කුහිතත‍්තං, ඉදං සාමන‍්තජප‍්පනසංඛාතං කුහනවත්‍ථු.

සාමන්තජල්පන සඞ්ඛ්‍යාත කුහනවස්තුව කවරැ යත්: මෙහි එකෙක් පවිටු අදහස් ඇතියේ ආශායෙන් මඩනා ලදුයේ ජන තෙමේ මා මෙසෙයින් සලකන්නේ වනැ’යි බුහුමන් කරවන සිත් ඇතියේ ලොවුතුරු දහම පිළිබැඳි කොට බස් බෙණෙයි: ‘යම් මහණෙක් මෙබඳු සිවුරක් ධරා නම් ඒ මහණ මහත් ආනුභාව ඇත්තේ යැ’යි බෙණෙයි. යමෙක් මෙබඳු පාත්‍රයක් ධරා නම්- ලොහො තලුවක් ධරා නම් - ඩබරාවක් ධරා නම් - පෙරහනක් ධරා නම් - කෙස්සක් ධරා නම් - වහනක් ධරා නම් - කාබහනක් ධරා නම් - ආයොගයක් ධරා නම් එ මහණ මහේශාක්‍ය යැ’යි බෙණෙයි. යමක් හට මෙබඳු උපාධ්‍යායයෙක් වේ නම් එ මහණ මහේශාක්‍ය යැ’ යි බෙණෙයි. යමක් හට මෙබඳු ආචාර්‍ය්‍යයෙක්- මෙබඳු සමානොපාධ්‍යයයෝ- සමානාචාර්‍ය්‍යයයෝ-මිත්‍රයෝ-දෘෂ්ටමාත්‍රමිත්‍රයෝ- සම්භක්තයෝ-සහායයෝ වෙත් නම්, එ මහණ මහේශාක්‍ය යැ’යි කියයි. යමෙක් මෙබඳු විහාරයෙක වෙසේ නම් - දික් පහයෙක වෙසේ නම්, සිවුරැස් පහයෙක- සඳලු ගෙයෙක ගල්ගුහායෙක- ගල්ලෙනෙක - කිළියෙක- කුළුගෙයෙක අටල්ලෙක- මහලෙක - දික්හලෙක- උවටන් හලෙක මණ්ඩපයෙක-රුක් මුලෙක වෙසේ නම්, එ මහණ මහත් ආනුභාව ඇත්තේ යැ’යි කියයි. නොහොත් ඉතා හැකිළෙනුයේ ඉතා මුහුණ හකුළුවනසුලු වූයේ ඉතා විස්මය කරවනුයේ ඉතා ප්‍රලාප තෙපුල් බණනුයේ තමා ගේ මුඛ වශයෙන් “මේ මහණ මෙබඳු වූ ශාන්ත වූ මේ විහාරසමාපත්තීන් ලැබෙනසුලු යැ’යි (මෙරමා ලවා) සම්භාවනා කරවන ලදුයේ එබඳු ගැඹුරු වූ ගුඪ වූ සියුම් වූ ප්‍රතිච්ඡන්න වූ ලෝකෝත්තර වූ ශුන්‍යතා ප්‍රතිසංයුක්ත වූ කථා කියයි. මෙබඳු වූ යම් මුහුණ හැකුළුමෙක් මුහුණ හකුළුවන බවෙක් විස්මය කැරැවීමෙක් විස්මය පැවැත්වීමෙන් කොහොන් බවෙක් වේ ද, මේ සාමන්තජල්න සංඛ්‍යාත කුහන්වස්තුව යැ’යි කියනු ලැබේ.

තස‍්ස පච‍්චෙකසම‍්බුද‍්ධස‍්ස ඉමානි තීණි කුහනවත්‍ථූනි පහීනානි සමුච‍්ඡින‍්නානි වූපසන‍්තානි පටිප‍්පස‍්සද‍්ධානි අභබ‍්බුප‍්පත‍්තිකානි ඤාණග‍්ගිනා දඩ‍්ඪානි, තස‍්මා සො පච‍්චෙකසම‍්බුද‍්ධො නික‍්කුහො,

ඒ පසේ බුදුනට මේ තුන් කොහොන්වත් ප්‍රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු අභව්‍යොත්පත්තික වූවාහු නුවණ ගින්නෙන් දවන ලද්දාහු වෙති. එහෙයින් ඒ පසේ සම්බුදුහු ‘නික්කූහ’ නම් වෙති.

නිප‍්පිපාසොති. ‘පිපාසා’ වුච‍්චති තණ‍්හා, “යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං.” සා පිපාසා තණ‍්හා තස‍්ස පච‍්චෙකසම‍්බුද‍්ධස‍්ස පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා, තස‍්මා සො පච‍්චෙකසම‍්බුද‍්ධා නිප‍්පිපාසොති ‘නිල‍්ලොලුපො නික‍්කුහො නිප‍්පිපාසො.’

නිප්පිපාසො යනු: ‘පිපාසා’යි තෘෂ්ණාව කියනු ලබයි. “යම් රාගයෙක්... අධිකරාගයෙක් අභිධ්‍යායෙක් ලෝභ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද එය යි.” ඒ පිපාසා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ඒ පසේ බුදුනට ප්‍රහීණ වූ යැ උසුන් මුල් ඇත්තී යැ, තාලවස්තුවක් මෙන් කරන ලදු යැ, අනුඅභාවය කරන ලදු යැ, මත්තෙහි නූපදනා සැහැවි ඇත්තී යැ. එහෙයින් ඒ පසේ සම්බුදුහු ‘නිප්පිපාස’ වූවාහු නුයි ‘නිල්ලොලුපො නික්කූහො නිප්පිපාසො’ යනු වේ.

නිම‍්මක‍්ඛො නිද‍්ධන‍්තකසාවමොහොති ‘මක‍්ඛො’ති ‘යො මක‍්ඛො මක‍්ඛායනා මක‍්ඛායිතත‍්තං නිට‍්ඨුරියං නිට‍්ඨුරියකම‍්මං: කසාවොති’ රාගො කසාවො, දොසො කසාවො, මොහො කසාවො, කොධො උපනා හො මක‍්ඛො පලාසො -පෙ- සබ‍්බාකුසලාභිසංඛාරා කසාවා. මොහොති: දුක‍්ඛෙ අඤ‍්ඤාණං, දුක‍්ඛසමුදයෙ අඤ‍්ඤාණං, දුක‍්ඛනිරොධෙ අඤ‍්ඤාණං, දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ‍්ඤාණං පුබ‍්බන‍්තෙ අඤ‍්ඤාණං අපරන‍්තෙ අඤ‍්ඤාණං, පුබ‍්බන‍්තාපරන‍්තෙ අඤ‍්ඤාණං, ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු අඤ‍්ඤාණං, යං එවරූපං අඤ‍්ඤාණං අදස‍්සනං අනභිසමයො අනනුබොධො අප‍්පටිවෙධො අසංගාහනා අපරියොගාහනා අසමපෙක‍්ඛනා අපච‍්චවෙක‍්ඛනා අපච‍්චක‍්ඛකම‍්මං දුම‍්මෙජ‍්ඣං බාල්‍යං අසම‍්පජඤ‍්ඤං මොහො පමොහො සම‍්මොහො අවිජ‍්ජා අවිජ‍්ජොඝො අවිජ‍්ජායොගො අවිජ‍්ජානුසයො අවිජ‍්ජාපරියුට‍්ඨානං අවිජ‍්ජාලඞ‍්ගි මොහො අකුසලමූලං. තස‍්ස පච‍්චෙකසම‍්බුද‍්ධස‍්ස මක‍්ඛො ච මොහො ච වන‍්තා සංවන‍්තා නිද‍්ධන‍්තා පහීනා සමුච‍්ඡින‍්නා වූපසන‍්තා පටිප‍්පස‍්සද‍්ධා අභබ‍්බුප‍්පත‍්තිකා ඤාණග‍්ගිනා දඩ‍්ඪාති “සො පච‍්චෙකසම‍්බුද‍්ධො ‘නිම‍්මක‍්ඛො නිද‍්ධන‍්තකසාවමොහො’

නිම්මක්ඛො නිද්ධන්තකසාවමොහො - “මක්බො” යනු: “යම් මකුබවෙක් පරගුණ මකන අයුරෙක්, ගුණ මැකූ බවෙක් ඊර්‍ෂ්‍යාවක් ඊර්‍ෂ්‍යා බවෙක් වේ ද එය යි.” කසාවො යනු: රාගය කසට යැ ද්වේෂය කසට යැ මෝහය කසට යැ ක්‍රෝධය බද්ධවෛරය මකුබව යුගග්‍රාහය ... සියලු අකුශලාභිසංස්කාරයෝ කසටයෝ යි. මොහො යනු: දුක්හි නො දැන්මෙක් දුක් උපදනා හේතුයෙහි නො දැන්මෙක් දුක්ඛනිරෝධයෙහි නො දැන්මෙක් දුක් නිරුද්ධ කරන පිළිවෙත්හි නො දැන්මෙක් ඉදංප්‍රත්‍යතා ප්‍රත්‍යතීත්‍යසමුත්පන්නධර්මයන්හි නො දැන්මෙක්, මෙබඳු වූ යම් නො දැන් මෙක් නො දැක්මෙක් අනවබෝධයෙක් අනනුබෝධයෙක් අප්‍රතිවේධයෙක් නො වැදගැන්මෙක් නො බැසගැන්මෙක් සම වැ නො බැලීමෙක් ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙක් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් දුර්මේධ්‍යයෙක් බාල බවෙක් අසම්‍යග්ඥානයෙක් මෝහයෙක් ප්‍රමෝහයෙක් සම්මොහයෙක් අවිද්‍යායෙක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපය්‍යුත්ථානයෙක් අවිද්‍යා පරිඝයෙක් මෝහ අකුශල මූලයෙක් වේ ද එය යි. ඒ පසේ බුදුන් විසින් මකුබව ද කසට ද මෝහය ද වමාරනලදහ මැනැවින් වමාරනලදහ වටාලා නූපදනා අයුරින් බැහැර කරන ලදහ ප්‍රහීණයහ මුලුසුන් කරනලදහ සන්හිඳුවන ලදහ ප්‍රතිප්‍රශ්‍රබ්ධයහ යළි උපදනට නො නිසි කරන ලදහ නුවණ ගින්නෙන් දවන ලද නුයි ඒ පසේ බුදුහු “නිම්මක්ඛ නිද්ධන්ත කසාව මෝහ” නම් වෙත්.

නිරාසසො සබ‍්බලොකෙ භවිත්‍වාති “ආසා” වුච‍්චති තණ‍්හා, යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං” සබ‍්බලොකෙති: සබ‍්බඅපාය ලොකෙ සබ‍්බ මනුස‍්සලොකෙ සබ‍්බ දෙවලොකෙ සබ‍්බබන්‍ධලොකෙ සබ‍්බධාතුලොකෙ සබ‍්බආයතනලොකෙ. නිරාසසො සබ‍්බලොකෙ භවිත්‍වාති සබ‍්බලොකෙ නිරාසසො භවිත්‍වා. නිත‍්තණ‍්හොභවිත්‍වා, නිප‍්පිපාසො භවිත්‍වාති ‘නිරාසසො සබ‍්බලොකෙ භවිත්‍වා එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.’

නිරාසසො සබ්බලොකෙ භවිත්‍වා යනු: ‘ආසා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක්..... අභිධ්‍යායෙක් ලෝභ අකුශල මූලයෙක් වේ ද එය යි. සබ්බලොකෙ යනු: හැම අපායලෝකයෙහි හැම මනුෂ්‍යලෝකයෙහි හැම දිව්‍යලෝකයෙහි හැම ස්කන්‍ධලෝකයෙහි හැම ධාතුලෝකයෙහි හැම ආයතනලෝකයෙහි. නිරාසසො සබ්බලොකෙ භවිත්‍වා යනු: සියලු ලෝකයෙහි ආශා නැති වැ තෘෂ්ණා නැති වැ පිපාසා නැති වැ නුයි ‘නිරාසසො සබ්බලොකෙ භවිත්‍වා ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යනු වේ.

තෙනාහ සො පච‍්චෙකසම‍්බුද‍්ධො:

එයින් වදාළහ. ඒ පසේ බුදුහු:

“නිල‍්ලොලුපො නික‍්කුහො නිප‍්පිපාසො නිම‍්මක‍්ඛො නිද‍්ධන‍්තකසාවමොහො, නිරාසසො සබ‍්බලොකෙ භවිත්‍වා එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

“නිල්ලොලුපො -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.