යෙදුමෙන් කියවන්න

3

3.

3.

පාපං සහායං පරිවජ‍්ජයෙථ අනත්‍ථදස‍්සිං විසමෙ නිවිට‍්ඨං, සයං න සෙවෙ පසුතං පමත‍්තං එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

අනර්‍ත්‍ථ එළවන (විෂමකායකර්මාදි) විෂමයෙහි බැසගත් පාප මිත්‍රයන් දුරලන්නේ යැ, දෘෂ්ටි විසින් ලැගුණු ප්‍රමත්ත වූවහු (පස්කම් ගුණයෙහි වුහුටු සිත් ඇත්තහු) තෙමේ නො සෙවුනේ යැ, කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.

පාපං සහායං පරිවජ‍්ජයෙථාති: ‘පාපසහායො’ වුච‍්චති “යො සො සහායො දසවත්‍ථුකාය මිච‍්ඡාදිට‍්ඨියා සමන‍්නාගතො’. නත්‍ථි දින‍්නං නත්‍ථි යිට‍්ඨං, නත්‍ථි හුතං, නත්‍ථි සුකටදුක‍්කටානං. කම‍්මානං ඵලං විපාකො, නත්‍ථි අයං ලොකො, නත්‍ථි පරොලොකො, නත්‍ථි මාතා, නත්‍ථි පිතා, නත්‍ථි සත‍්තා ඔපපාතිකා, නත්‍ථි ලොකෙ සමණබ්‍රාහ‍්මණා සම‍්මග‍්ගතා සම‍්මාපටිපන‍්නා යෙ ඉමං ච ලොකං පරං ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තී”ති අයං පාප සහායො. පාපං සහායං පරිවජ‍්ජයෙථාති: පාපං සහායං වජ‍්ජෙය්‍ය පරිවජ‍්ජෙය්‍යා’ති ‘පාපං සහායං පරිවජ‍්ජයෙථ’.

පාපං සහායං පරිවජ්ජයෙථ - යම් මිතුරෙක් දශවස්තුක මිථ්‍යාදෘෂ්ටියෙන් සමන්‍වාගත වූයේ ද දුන් දැයෙහි විපාක නැත. යැදි දැයෙහි විපාක නැත, මහායාගයෙහි විපාක නැත, සුකෘතදුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මව නැත, පියා නැත, ඕපපාතික සත්ත්‍වයෝ නැත, යම් කෙනෙක් මෙලොව ද පරලොව ද තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම් එබඳු සම්‍යග්ගත වූ සම්‍යක් ප්‍රතිපන්න වූ මහණබමුණෝ ලොව නැතැ”යි මිථ්‍යාදෘෂ්ටි සමන්‍වාගත වේ ද, හේ ‘පාපසහාය’ යි කියනු ලැබෙයි. මේ ‘පාපසහාය’ නම් වේ. පාපං සහායං පරිවජ්ජයෙථ යනු: පාප මිත්‍රයා හැරපියන්නේ යැ හාත්පසින් හැර පියන්නේ නුයි “පාපං සහායං පරිවජ්ජයෙථ’ යනු වේ.

අනත්‍ථදස‍්සිං විසමෙ නිවිට‍්ඨන්ති: ‘අනත්‍ථදස‍්සී, වුච‍්චති යො සො සහායො දසවත්‍ථුකාය මිච‍්ඡාදිට‍්ඨියා සමන‍්නාගතො’. නත්‍ථි දින‍්නං නත්‍ථි යිට‍්ඨං -පෙ- යෙ ඉමං ච ලොකං පරං ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තී’ති. විසමෙ නිවිට‍්ඨන‍්ති: විසමෙ කායකම‍්මෙ නිවිට‍්ඨං, විසමෙ වචීකම‍්මෙ නිවිට‍්ඨං, විසමෙ මනොකම‍්මෙ නිවිට‍්ඨං, විසමෙ පාණාතිපාතෙ නිවිට‍්ඨං, විසමෙ අදින‍්නාදානෙ නිවිට‍්ඨං, විසමෙ කාමෙසු මිච‍්ඡාචාරෙ නිවිට‍්ඨං, විසමෙ මුසාවාදෙ නිවිට‍්ඨං, විසමාය පිසුනාය වාචාය නිවිට‍්ඨං, විසමාය ඵරුසාය වාචාය නිවිට‍්ඨං, විසමෙ ව්‍යාපාදෙ නිවිට‍්ඨං, විසමාය මිච‍්ඡාදිට‍්ඨියා නිවිට‍්ඨං, විසමෙසු සඞ‍්ඛාරෙසු නිවිට‍්ඨං, විසමෙසු පඤ‍්චසු කාමගුණෙසු නිවිට‍්ඨං, විසමෙසු පඤ‍්චසු නීවරණෙසු නිවිට‍්ඨං විනිවිට‍්ඨං, සත‍්තං අල‍්ලීනං උපගතං අජ‍්ඣොසිතං අධිමුත‍්තන‍්ති ‘අනත්‍ථදස‍්සිං විසමෙ නිවිට‍්ඨං’.

අනත්‍ථදස්සිං විසමෙ නිවිට්ඨං- යම් මිතුරෙක් දශවස්තුක මිථ්‍යාදෘෂ්ටියෙන් සමන්‍වාගත වේ ද: දුන් දැයෙහි විපාක නැත, යාගයෙහි විපාක නැත. යම් කෙනෙක් මෙලොව ද පරලොවද තුමූ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම් එබඳු සම්‍යග්ගත වූ එබඳු මහණ බමුණෝ ලොව නැතැ”යි මිථ්‍යා දෘෂ්ටියෙන් යුක්ත වූයේ ද හේ ‘අනර්ථදර්ශී’යි කියනු ලැබෙයි. විසමෙ නිවිට්ඨං යනු: විෂම වූ කායකර්‍මයෙහි පිවිසුණු විෂම වූ වාක්කර්‍මයෙහි පිවිසුණු විෂම වූ මනෝකර්මයෙහි පිවිසුණු විෂම වූ ප්‍රාණ වධයෙහි පිවිසුණු විෂම වූ අදත්තාදානයෙහි පිවිසුණු විෂම වූ කාමමිථ්‍යාචාරයෙහි පිවිසුණු විෂම වූ මෘෂා වාදයෙහි පිවිසුණු විෂමවූ පිශුනවචනයෙහි පිවිසුණු විෂම වූ පරුෂවචනයෙහි පිවිසුණු විෂම වූ සම්ඵප්‍රලාපයෙහි පිවිසුණු විෂම වූ අභිධ්‍යායෙහි පිවිසුණු විෂම වූ ව්‍යාපාදයෙහි පිවිසුණු විෂම වූ මිථ්‍යාදෘෂ්ටියෙහි පිවිසුණු විෂම වූ සංස්කාරයන්හි පිවිසුණු විෂම වූ පඤ්චකාමගුණයෙහි පිවිසුණු විෂම වූ පඤ්ච නීවරණයෙහි පිවිසුණු වැදගත් ශක්ත වූ ඇලුණු එළඹුණු බැසගත් අධිමුක්ත වූ නුයි ‘අනත්‍ථදස්සිං විසමෙ නිවිට්ඨං’ යනු වේ.

සයං න සෙවෙ පසුතං පමත‍්තන්ති-‘යොපි කාමෙ එසති ගවෙසති පරියෙසති තච‍්චරිතො තබ‍්බහුලො තග‍්ගරුකො තන‍්නින‍්නො තප‍්පොනො තප‍්පබ‍්භාරො තදධිමුත‍්තො තදධිපතෙය්‍යො සොපි කාමෙ පසුතො’. ‘යොපි තණ‍්හාවසෙන රූපෙ පරියෙසති සද‍්දෙ-ගන්‍ධෙ-රසෙ-ඵොට‍්ඨබ‍්බෙ පරියෙසති තච‍්චරිතො තබ‍්බහුලො තග‍්ගරුකො තන‍්නින‍්නො තප‍්පොනො තප‍්පබ‍්භාරො තදධිමුත‍්තො තදධිපතෙය්‍යො, සොපි කාමපසුතො. යොපි තණ‍්හාවසෙන රූපෙ පටිලභති සද‍්දෙ-ගන්‍ධෙ-රසෙ-ඵොට‍්ඨබ‍්බෙ පටිලභති තච‍්චරිතො තබ‍්බහුලො තග‍්ගරුකො තන‍්නින‍්නො තප‍්පොනො තප‍්පබ‍්භාරො තදධිමුත‍්තො තදධිපතෙය්‍යො, සොපි කාමපසුතො’. ‘යොපි තණ‍්හාවසෙන රූපෙ පරිභුඤ‍්ජති සද‍්දෙ-ගන්‍ධෙ-රසෙ-ඵොට‍්ඨබ‍්බෙ පරිභුඤ‍්ජති තච‍්චරිතො තබ‍්බහුලො තග‍්ගරුකො තන‍්නින‍්නො තප‍්පොනො තප‍්පබ‍්භාරො තදධිමුත‍්තො තදධිපතෙය්‍යො, සොපි කාමපසුතො’. යථා කලහකාරකො කලහපසුතො, කම‍්මකාරකො කම‍්මපසුතො, ගොචරෙ චරන‍්තො ගොචරපසුතො, ඣායී ඣානපසුතො, එවමෙව යො කාමෙ එසති ගවෙසති පරියෙසති තච‍්චරිතො තබ‍්බහුලො තග‍්ගරුකො තන‍්නින‍්නො තප‍්පොනො තප‍්පබ‍්භාරො තදධිමුත‍්තො තදධිපතෙය්‍යො, සොපි කාමපසුතො. යොපි තණ‍්හාවසෙන රූපෙ පරියෙසති -පෙ- යොපි තණ‍්හාවසෙන රූපෙ පටිලභති -පෙ- යොපි තණ‍්හාවසෙන රූපෙ පරිභුඤ‍්ජති, සද‍්දෙ- ගන්‍ධෙ-රසෙ-ඵොට‍්ඨබ‍්බෙ පරිභුඤ‍්ජති, තච‍්චරිතො කබ‍්බහුලො තග‍්ගරුකො තන‍්නින‍්නො තප‍්පොනො තප‍්පබ‍්භාරො තදධිමුත‍්තො තදධිපතෙය්‍යෙ සොපි කාමපසුකො. පමත‍්තන‍්ති: පමාදො වත‍්තබ‍්බො: කායදුච‍්චරිතෙ වා වචීදුච‍්චරිතෙ වා මනොදුච‍්චරිතෙ වා පඤ‍්චසු කාමගුණෙසු වා චිත‍්තස‍්ස වොස‍්සග‍්ගො වොස‍්සග‍්ගානුප‍්පදානං කුසලානං ධම‍්මානං භාවනාය අසක‍්කච‍්චකිරියතා අසාතච‍්චකිරියතා අනවට‍්ඨිතකිරියාතා ඔලීනවුත‍්තිතා නික‍්ඛිත‍්තඡන්‍දතා නික‍්ඛිත‍්තධුරතා අනාසෙවනා අභාවනා අබහුලීකම‍්මං අනධිට‍්ඨානං අනනුයොගො පමාදො. ‘යො එවරූපො පමාදො පමජ‍්ජනා පමජ‍්ජිතත‍්තං, අයං වුච‍්චති පමාදො. සයං න සෙවෙ පසුතං පමත‍්තන‍්ති: පසුතං න සෙවෙය්‍ය පමත‍්තං ච සයං න සෙවෙය්‍ය, සාමං න සෙවෙය්‍ය, න නිසෙවෙය්‍ය, න සංසෙවෙය්‍ය න පටිසංසෙවෙය්‍ය න ආචරෙය්‍ය න සමාචරෙය්‍ය න සමාදාය වත‍්තෙය්‍යාති ‘සයං න සෙවෙ පසුතං පමත‍්තං එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො’.

සයං න සෙවෙ පසුතං පමත්තං - ‘පසුතං’ යනු: යමෙකුත් කාමයන් එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙරේ ද එහි සරනුයේ එය බහුල කොට ඇතියේ එය ගරු කොට ඇතියේ එයට නැමුණේ අතිශයින් නැමුණේ එයට බර වූයේ එහි අධිමුක්ත වූයේ එය අධිපති කොට ඇතියේ වේ නම් හෙ ද කාමයෙහි ‘පසුත’ වෙයි. යමෙකුත් තෘෂ්ණා වශයෙන් රූපයන් පර්‍ය්‍යෙෂණ කෙරේ ද ශබ්දයන්- ගන්‍ධයන්- රසයන්- ස්ප්‍රෂ්ටව්‍යයන් පර්‍ය්‍යෙෂණ කෙරේද, එහි සරනුයේ එය බහුල කොට ඇත්තේ එය ගුරුකොට ඇත්තේ එයට නැමුණේ අතිශයින් නැමුණේ එයට බැහිල් වූයේ එහි අධිමුක්ත වූයේ එය අධිපති කොට ඇත්තේ වේ නම් හෙ ද කාමයෙහි ‘පසුත’ වෙයි. යමෙකුත් තෘෂ්ණා වශයෙන් රූපයන් ලබා ද ශබ්දයන්ගන්ධයන්-රසයන්-ස්ප්‍රෂ්ටව්‍යයන් ලබා ද, එහි සරනුයේ එය බහුල කොට ඇත්තේ එය ගුරු කොට ඇත්තේ තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්හාර තද්ධිමුක්ත වූයේ එය අධිපති කොට ඇතියේ වේ නම් හෙ ද කාමයෙහි ‘පසුත’ වෙයි. යමෙකුත් තෘෂ්ණා වශයෙන් කාමයන් පරිභෝග කෙරේ ද, ශබ්දයන්- ගන්‍ධයන්- රසයන්- ස්ප්‍රෂ්ටව්‍යයන් පරිභෝග කෙරේ ද තත්චරිත තද්බහුල තද්ගරුක තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්භාර තදධිමුක්ත තදධිපති වේ නම් හෙ ද කාමයෙහි ‘පසුත’ වෙයි. යම්සේ කලහ කරනුයේ ‘කලහපසුත’ නම් වේ ද, කර්මකරනුයේ ‘කම්මපසුත’ නම් වේ ද, ගෝචරයෙහි සරනුයේ ‘ගොචරපසුත’ නම් වේද, ධ්‍යාන කරනුයේ ‘ඣ්‍යාන පසුත’ නම් වේ ද එපරිද්දෙන් මැ යමෙක් කාමයන් එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙරේ නම් තච්චරිත තද්බහුල තද්ගරුක තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්භාර තදධිමුක්ත තදධිපති වේ නම් හෙ ද කාමයෙහි ‘පසුත’ නම් වෙයි. යමෙකුත් තෘෂ්ණා වශයෙන් රූපයන් පර්‍ය්‍යෙෂණ කෙරේ ද ... යමෙකුත් තෘෂ්ණා වශයෙන් රූපයන් ලබා ද .... යමෙකුත් තෘෂ්ණා වශයෙන් රූපයන් පරිභෝග කෙරේ ද, ශබ්දයන් - ගන්‍ධයන් - රසයන් - ස්ප්‍රෂ්ටව්‍යයන් පරිභෝග කෙරේ ද, තච්චරිත තද්බහුල තද්ගරුක තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්භාර තදධිමුක්ත තදධිපති වේ නම් හෙ ද කාමයෙහි ‘පසුත’ නම් වෙයි. පමත්තං යනු: ‘පමාද’ ය කියයුතු වෙයි: කාය දුශ්චරිතයෙහි හෝ වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පස්කම්ගුණයෙහි හෝ සිත බැස ගැනීමෙක් පුනපුනා බැසගැනීමෙක් කුසල්දහම් වැඩීමෙහි නො සකසා කරන බවෙක් සතතයෙන් නො කරන බවෙක් නිරතුරු නො කරන බවෙක් ලීනවෘත්ති ඇති බවෙක්. බහාතැබූ වීර්‍ය්‍යච්ඡන්ද ඇති බවෙක් බහාතැබූ වීර්‍ය්‍යධූර ඇති බවෙක් ආසේවන නො කිරීමෙක් නො වැඩීමෙක්. පුනපුනා නො වැඩීමෙක් නො පිහිටීමෙක්. නො යෙදීමෙක් ප්‍රමාදයෙක් වේ ද මෙබඳු යම් ප්‍රමාදයෙක් ප්‍රමාද අයුරෙක් ප්‍රමාද වූ බවෙක් වේ ද මේ ප්‍රමාද යයි කියනු ලැබේ. සයං න සෙවෙ පසුත පමත්තං යනු: ලැගුණහු (පසුතයා) නො සෙවුනේ යැ ප්‍රමාද වූවහු ද තෙමේ සේවනය නො කරන්නේ යැ නිසේවන නො කරන්නේ යැ සංසේවන නො කරන්නේ යැ පුනපුනා සේවනය නො කරන්නේ යැ ඇසිරි නො කරන්නේ යැ මැනැවින් ඇසිරි නො කරන්නේ යැ සමාදන් කොට ගෙන නො පවත්නේ නුයි ‘සයං න සෙවෙ පසුතං පමත්තරං එකොචරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.

තෙනාහ සො පච‍්චෙකසම‍්බුද‍්ධො:

එයින් වදාළහ. ඒ පසේ බුදුහු:

“පාපං සහායං පරිවජ‍්ජයෙථ අනත්‍ථදස‍්සිං විසමෙ නිවිට‍්ඨං, සයං න සෙවෙ පසුතං පමත‍්තං එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

“පාපං සහායං -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.