යෙදුමෙන් කියවන්න

4

4.

4.

බහුස‍්සුතං ධම‍්මධරං භජෙථ මිත‍්තං උළාරං පටිභානවන‍්තං, අඤ‍්ඤාය අත්‍ථානි විනෙය්‍ය කඞ‍්ඛං එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

බහුශ්‍රුත වූ ධර්‍මධර වූ උදාර වූ වැටහෙන නුවණ ඇති මිත්‍රයකු භජනය කරන්නේ යැ. (ආත්මාර්‍ත්‍ථාදි) අර්‍ත්‍ථයන් දැන කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.

බහුස‍්සුතං ධම‍්මධරං භජෙථංති බහුස‍්සුතො හොති මිත‍්තො සුතධරො සුත සන‍්නිචයො, යෙ තෙ ධම‍්මා ආදිකල්‍යාණා -පෙ- සාත්‍ථං සව්‍යඤ‍්ජනං කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං අභිවදන‍්ති, තථා රූපාස‍්ස ධම‍්මං බහුස‍්සුතා හොන‍්ති ධතා වචසා පරිචිතා, මනසානුපෙක‍්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා. ධම‍්මධරන‍්ති: ධම‍්මං ධාරෙන‍්තං සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථං උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං. බහුස‍්සුතං ධම‍්මධරං භජෙථාති බහුස‍්සුතං ච ධම‍්මධරං ච මිත‍්තං භජෙය්‍ය සංභජෙය්‍ය සෙවෙය්‍ය නිසෙවෙය්‍ය සංසෙවෙය්‍ය පටිසෙවෙය්‍යා’ති ‘බහුස‍්සුතං ධම‍්මධරං භජෙථ’.

බහුස්සුතං ධම්මධරං භජෙථ යනු: ඇසූ පිරූ තැන් ධරන ඇසූපිරූ තැන් රැස් වූ මිත්‍ර තෙම බහුශ්‍රුත වෙයි. යම් ධර්‍ම කෙනෙක් ආදිකල්‍යාණ වූවාහු ...... අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍ය ප්‍රකාශ කෙරෙත් ද එබඳු වූ ධර්‍මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ධරනලද්දාහු වචනයෙන් ප්‍රගුණ කරන ලද්දාහු මනසින් පුනපුනා බලනලද්දාහු දෘෂ්ටියෙන් මොනොවට ප්‍රතිවේධ කරන ලද්දාහු වෙති. ධම්මධරං යනු: සූත්‍ර ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අද්භූතධර්‍ම වෙදල්ල යන දහම් දරන, බහුස්සුතං ධම්මධරං භජෙථ යනු: බහුශ්‍රුත වූ ද ධර්‍මධර වූ ද මිත්‍රයකු භජනය කරන්නේ යැ මොනොවට භජනය කරන්නේ යැ සේවනය කරන්නේ යැ නොයෙක් අයුරින් සේවනය කරන්නේ යැ මොනොවට සේවනය කරන්නේ යැ පුනපුනා සේවනය කරන්නේ නුයි ‘බහුස්සුතං ධම්මධරං භජෙථ’ යනු වේ.

මිත‍්තං උළාරං පටිභානවන‍්තන‍්ති උළාරො හොති මිත‍්තො සීලෙන සමාධිනා පඤ‍්ඤාය විමුත‍්තියා විමුත‍්තිඤාණදස‍්සනෙන. පටිභානවන‍්තන‍්ති: තයො පටිභානවන‍්තො පරියත‍්තිපටිභානවා පරිපුච‍්ඡාපටිභානවා අධිගමනපටිභානවා, කතමො පරියත‍්තිපටිභානවා: ඉධෙකච‍්චස‍්ස බුද‍්ධවචනං පරියාපුතං හොති සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ලං.

මිත්තං උළාර පටිභානවන්තං යනු: ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් විමුක්තියෙන් විමුක්තිඥාන දර්‍ශනයෙන් මිත්‍ර තෙම උදාර වෙයි. පටිභාන වන්තං යනු: පර්‍ය්‍යාප්තිප්‍රතිභාන ඇත්තේ යැ පරිපෘච්ඡාප්‍රතිභාන ඇත්තේ යැ අධිගමප්‍රතිභාන ඇත්තේයැයි ප්‍රතිභානවත්හු තිදෙනෙකි. පර්‍ය්‍යාප්ති ප්‍රතිභාන ඇත්තේ කවරැ යත්: මෙසස්නෙහි ඇතැමකු විසින් සූත්‍ර ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අද්භූතධර්‍ම වෙදල්ල යන බුද්ධවචනය පිරිවහන ලද වෙයි. ඔහට පර්‍ය්‍යාප්ති නිසා වැටහෙයි. මේ පර්‍ය්‍යාප්ති ප්‍රතිභාන ඇත්තේ වෙයි.

කතමො පරිපුච‍්ඡා පටිභානවා: ඉධෙකච‍්චො පරිපුච‍්ඡිතා’පි හොති, අත්‍ථෙව, ඤායෙ ච ලක‍්ඛණෙ ච කාරණෙ ච ඨානාඨානෙ ච. තස‍්ස පරිපුච‍්ඡං නිස‍්සාය පටිභාති, අයං පරිපුච‍්ඡා පටිභානවා.

පරිපෘච්ඡා ප්‍රතිභාන ඇත්තේ කවරැ යත්: මෙ සස්නෙහි ඇතැමෙක් අර්‍ත්‍ථයෙහි ද න්‍යායයෙහි ද ලක්‍ෂණයෙහි ද කාරණයෙහි ද ස්ථානාස්ථානයෙහි ද (ගැටපද) පිළිවිස්නේ වෙයි. ඔහට පිළිවිසීම නිසා වැටහෙයි මේ පරිපෘච්ඡාප්‍රතිභාන ඇත්තේ යි.

කතමො අධිගමපටිභානවා ඉධෙකච‍්චස‍්ස අධිගතා හොන‍්ති චත‍්තාරො සතිපට‍්ඨානා චත‍්තාරො සම‍්මප‍්පධානා චත‍්තාරො ඉද‍්ධිපාදා පඤ‍්චින්‍ද්‍රියානි පඤ‍්චබලානි සත‍්තබොජ‍්ඣඞ‍්ගා අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො චත‍්තාරෙ අරියමග‍්ගා චත‍්තාරි සාමඤ‍්ඤඵලානි චතස‍්සො පටිසම‍්භිදායො ඡ අභිඤ‍්ඤායො. තස‍්ස අත්‍ථො ඤාතො ධම‍්මො ඤාතො නිරුත‍්ති ඤාතා. අත්‍ථෙ ඤාතෙ අත්‍ථො පටිභාති, ධම‍්මෙ ඤාතෙ ධම‍්මො පටිභාති, නිරුත‍්තියා ඤාතාය නිරුත‍්ති පටිභාති. ඉමෙසු තීසු ඤාණං පටිභානපටිසම‍්භිදා. සො පච‍්චෙකසම‍්බුද‍්ධො ඉමාය පටිභානපටිසම‍්භිදාය උපෙතො සමුපෙතො උපගතො සමුපගතො උපපන‍්නො සම‍්පන‍්නො සමන‍්නාගතො. තස‍්මා පච‍්චෙක සම‍්බුද‍්ධො පටිභානවා. යස‍්ස පරියත‍්ති නත්‍ථි පරිපුච‍්ඡා නත්‍ථි අධිගමො නත්‍ථි, කිං තස‍්ස පටිභායිස‍්සතීති ‘මිත‍්තං උළාරං පටිභානවන‍්තං’.

අධිගම ප්‍රතිභාන ඇත්තේ කවරැ යත්: මෙ සස්නෙහි ඇතැමකු විසින් සතර සීවටන් සතර සම්‍යක්ප්‍රධානය සතර සෘද්ධිපාදය පඤ්චේන්‍ද්‍රියය පඤ්චබලය සප්තබෝධ්‍යඞ්ගය ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය සතර ආර්‍ය්‍යමාර්‍ගය සතර ශ්‍රාමණ්‍යඵලය සිව් පිළිසිඹියා, ෂඩභිඥා අධිගම කරන ලද වෙති. ඔහු විසින් අර්‍ත්‍ථ (හේතුඵල) ය දන්නා ලද යැ ධර්‍මය (හේතුව) දන්නා ලද යැ නිරුක්ති දන්නා ලද යැ. අර්‍ත්‍ථය දත් කලැ අර්‍ත්‍ථය වටහයි ධර්‍මය දත් කලැ ධර්‍මය වටහයි- නිරුක්තිය දත් කලැ නිරුක්තිය වටහයි. මෙතුන් කරුණෙහි ඥානය ‘ප්‍රතිභාන ප්‍රතිසංවිත්’ නම් වෙයි. ඒ පසේබුදුහු මේ ප්‍රතිභාන ප්‍රතිසංවිඥානයෙන් උපෙතයහ සමුපෙතයහ එළඹසිටියහ. සංයුක්තයහ නො වෙනස් වූහ පරිපූර්‍ණයහ සමන්ව ගතයහ. එයින් පසේ බුදුහු ප්‍රතිභානවත්හ. යමක්හට පර්‍ය්‍යාප්ති නැද්ද, පරිපෘච්ඡා නැද්ද, අධිගම නැද්ද, ඔහුට කුමක් වැටහෙන්නේ ද නුයි ‘මිත්තං උළාරං පටිභානවන්තං’ යනු වේ.

අඤ‍්ඤාය අත්‍ථානි විනෙය්‍ය කඞ‍්ඛන‍්ති: අත‍්තත්‍ථං අඤ‍්ඤාය පරත්‍ථං අඤ‍්ඤාය උභයත්‍ථං අඤ‍්ඤාය දිට‍්ඨධම‍්මිකත්‍ථං අඤ‍්ඤාය සම‍්පරායිකත්‍ථං අඤ‍්ඤාය-පරමත්‍ථත්‍ථං අඤ‍්ඤාය අභිඤ‍්ඤාය, ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා කඞ‍්ඛං විනෙය්‍ය පටිවිනෙය්‍ය පජහෙය්‍ය විනොදෙය්‍ය බ්‍යන‍්තීකරෙය්‍ය අනභාවං ගමෙය්‍යා’ති ‘අඤ‍්ඤාය අත්‍ථානි විනෙය්‍ය කඞ‍්ඛං එකොචරෙ ඛග‍්ග විසාණ කප‍්පො.’

අඤ්ඤාය අත්‍ථාති විනෙය්‍ය කඞ්ඛං යනු: ආත්මාර්‍ත්‍ථය දැන පරාර්‍ත්‍ථය දැන උභයාර්‍ත්‍ථය දැන දෘෂ්ටධාර්මිකාර්‍ත්‍ථය දැන සාම්පරායිකාර්‍ත්‍ථය දැන පරමාර්ත්‍ථාර්ථය දැන වෙසෙසින් දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්‍රකට කොට සැකය දුරලන්නේ යැ වෙසෙසින් දුරලන්නේ යැ. හරනේ යැ හැරපියන්නේ යැ විගතානන කරන්නේ යැ අනු අභාවයට පමුණුවන්නේ නුයි ‘අඤ්ඤාය අත්‍ථානි විනෙය්‍ය කඞ්ඛං ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යනු වේ.

තෙනාහ සො පච‍්චෙකසම‍්බුද‍්ධො:

එයින් වදාළහ. ඒ පසේබුදුහු:

බහුස‍්සුතං ධම‍්මධරං භජෙථ මිත‍්තං උළාරං පටිභානවන‍්තං, අඤ‍්ඤාය අත්‍ථානි විනෙය්‍ය කඞ‍්ඛං එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

“බහුස්සුතං ධම්මධරං -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණ්කප්පො” යි.