යෙදුමෙන් කියවන්න

5

5.

5.

ඛිඩ‍්ඩං රතිං කාමසුඛං ච ලොකෙ අනලංකරිත්‍වා අනපෙක‍්ඛමානො, විභූසනට‍්ඨානා විරතො සච‍්චවාදී එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

ලෝකයෙහි (කායික වාචසික) ක්‍රීඩාව ද (පඤ්චකාමගුණයෙහි) රතිය ද වස්තුකාමසුඛය ද නො ගැණැ අපේක්‍ෂා නො කරනුයේ විභූෂණ කරුණින් වෙන් වූයේ සත්‍යය කියනසුලු වූයේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.

ඛිඩ‍්ඩං රතිං කාමසුඛං ච ලොකෙති: ‘ඛිඩ‍්ඩා’ති ද‍්වෙ ඛිඩ‍්ඩා කායිකා ච ඛිඩ‍්ඩා වාචසිකා ච ඛිඩ‍්ඩා ච -පෙ- අයං වාචසිකා ඛිඩ‍්ඩා. රතීති අනුක‍්කණ‍්ඨිතාධිවචනමෙතං ‘රතී’ති. කාමසුඛන‍්ති: වුත‍්තං හෙතං භගවතා: “පඤ‍්චිමෙ භික‍්ඛවෙ කාමගුණා. කතමෙ පඤ‍්ච: චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. සොතවිඤ‍්ඤෙය්‍යා සද‍්දා -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යා ගන්‍ධා-ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා රසා-කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො භික‍්ඛවෙ පංචකාමගුණා. යං ඛො භික‍්ඛවෙ ඉමෙ පඤ‍්ච කාමගුණෙ පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං ඉදං වුච‍්චති කාමසුඛං” ලොකෙති. මනුස‍්සලොකෙ’ති ‘ඛිඩ‍්ඩං රතිං කාමසුඛං ච ලොකෙ’.

ඛිඩ්ඩං රතිං කාමසුඛං ච ලෝකෝ- ‘ඛිඩ්ඩා’ යනු: කායික ක්‍රීඩා ද වාචසික ක්‍රීඩා දැ යි ක්‍රීඩා දෙකෙකි ... මේ කායික ක්‍රීඩා යැ... මේ වාචසික ක්‍රීඩා යි. රති යනු: තෙල ‘රති’ යනු අනුත්කණ්ඨාවට නමෙකි. කාමසුඛං යනු: මේ වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින් “මහණෙනි, මේ කාමගුණයෝ පස්දෙනෙකි: කවර පස්දෙනෙකැ යත්: ඇසින් දතයුතු ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රිය ස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ ඇලුම් කටයුතු වූ රූපයෝ යැ. කනින් දතයුතු වූ ....නැහැයෙන් දතයුතු වූ දිවින් දතයුතු වූ කයින් දතයුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රිය ස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ ඇලුම් කටයුතු වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. මහණෙනි මොහු පඤ්චකාම ගුණයෝ යි. මහණෙනි, මේ පස්කම්ගුණය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මෙ කාමසුඛ යයි කියනු ලැබේ. ලෝකේ යනු: මනුෂ්‍යලෝකයෙහි නුයි ‘ඛිඩ්ඩං රතිං කාමසුඛං ච ලෝකේ’ යනු වේ.

අනලංකරිත්‍වා අනපෙක‍්ඛමානොති: ඛිඩ‍්ඩං ච රතිං ච කාමසුඛං ච ලොකෙ අනලංකරිත්‍වා අනපෙක‍්ඛො හුත්‍වා පජහිත්‍වා විනොදෙත්‍වා බ්‍යන‍්තීකරිත්‍වා අනභාවං ගමෙත්‍වා’ති ‘අනලං කරිත්‍වා අනපෙක‍්ඛමානො’

අනලංකාරිත්‍වා අනපෙක්ඛමානො යනු: ලෝකයෙහි කායික වාචසික ක්‍රීඩාව ද පඤ්චකාමගුණයෙහි රතිය ද වස්තුකාමසුඛය ද නො ගුණැ අපේක්‍ෂා රහිත වැ හැරපියා දුරු කොට විගතාන්ත කොට අනුඅභාවයට පමුණුවා නුයි ‘අනලංකරිත්‍වා අනපේක්ඛමානො’ යනු වේ.

විභූසනට‍්ඨානා විරතො සච‍්චවාදීති ‘විභූසා’ති ද‍්වෙ විභූසා අත්‍ථි අගාරියස‍්ස විභූසා අත්‍ථි පබ‍්බජිතස‍්ස විභූසා කතමා අගාරියස‍්ස විභූසා කෙසා ච මස‍්සු ච, මාලා ච ගන්‍ධා ච විලෙපනා ච ආභරණා ච පිළන්‍ධනා ච වත්‍ථං ච සාරසාමනං ච වෙඨනං ච උච‍්ඡාදනං පරිමද‍්දනං නහාපනං සම‍්බාහනං ආදාසං අඤ‍්ජනං මාලාගන්‍ධවිලෙපනං මුඛචුණ‍්ණං මුඛලෙපනං හත්‍ථබන්‍ධනං සිඛාබන්‍ධනං දණ‍්ඩං නාලිකං ඛග‍්ගං ඡත‍්තං ඡත්‍රූපාහනං උණ‍්හීසං මණිං වාලවීජනිං ඔදාතානි වත්‍ථානි දීඝදසානි ඉති වා අයං අගාරියස‍්සං විභූසා.

විභූසනට්ඨානා විරතො සච්චවාදී - ‘විභූසා’ යනු: විභූෂණ (සැරැසුම්) දෙකෙකි: ගිහිගෙවැසිහට සැරැසුමෙක් ඇත, පැවිදිහට සැරැසුමෙක් ඇති, ගිහිගෙවැසිහට සැරැසුම් කවරැ යත්: (කතුරෙන්) හිසකෙස් කැපීම ද (දැළි තබා) රවුළු බෑම ද මල්ගඳවිලෙවුන් ද අබරණ ද පළඳනා ද වස්ත්‍ර ද බඳපට ද (හෝ රසන්දම) හිස්වෙළුම ද සුවඳසුණු ඉළීම ඇඟ මැඩීම (දරුවන්) නැහැවීම සම්බාහනය කැටපත අඳුන මල්ගඳවිලෙවුන මුවසුණු මුඛාලෙප හස්තබන්ධන සිළු බැඳුම සෝලුලීය විසිතුරු බෙහෙසත්නළ කඩු ඡත්‍රය විසිතුරු වහන් නළල්පට සිළුමිණ වල්විදුනා දික්දාවලු ඇති සුදුවත් යනාදිය යි. මේ ගිහිගෙවැසිහට සැරැසුමැ.

කතමා පබ‍්බජිතස‍්ස විභූසා. චීවරමණ‍්ඩනා පත‍්තමණ‍්ඩනා සෙනාසනමණ‍්ඩනා ඉමස‍්ස වා පූතිකායස‍්ස බාහිරානං වා පරික‍්ඛාරානං මණ‍්ඩනා විභූසනා කෙලනා පරිකෙලනා ගෙධිතතා ගෙධිතත‍්තං චාපලතා චාපල්‍යං, අයං පබ‍්බජිතස‍්ස විභූසා.

පැවිදිහට සැරැසුම් කවරැ යත්: චීවරමණ්ඩනය පාත්‍රමණ්ඩනය ශයනාසනමණ්ඩනය මෙ කුණුකය හෝ බාහිර පරිෂ්කාරයන් හෝ මණ්ඩනය සැරසීම කෙලැවීම හාත්පසින් කෙලැවීම කැමැති බව ගිජු බව චපල බව චාපල්‍යය යන මේ පැවිදිහට සැරැසුමි.

සච‍්චවාදීති: සො පච‍්චෙකසම‍්බුද‍්ධො සච‍්චවාදී සච‍්චසන්‍ධො ථෙතො පච‍්චයිකො අවිසංවාදකො ලොකස‍්ස. විභූසනට‍්ඨානා ආරතො විරතො පටිවිරතො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසංයුත‍්තො විමරියාදිකතෙන චෙතසා විහරතීති ‘විභූසනට‍්ඨානා විරතො සච‍්චවාදී එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො’.

සච්චවාදී යනු’ ඒ පසේබුදුහු සත්‍යය කියනසුල්ලහ, සත්‍යයෙන් සත්‍යය ගළපනුවහ, ස්ථිරකථා ඇතියහ, හැදැහියයුතු වචන ඇතියහ, ලොව විසංවාද නො කරනුවහ. විභූෂණකරුණින් දුරු වූවාහු වෙන් වූවාහු අත්‍යර්‍ත්‍ථයෙන් වෙන් වූවාහු නික්මුණාහු බැහැර වූවාහු මිදුණාහු විසංයෝග වූවාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුතු වැ වාස කෙරෙත් නුයි ‘විභූසනට්ඨානා විරතො සච්චවාදී එකොචරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.

තෙනාහ සො පච‍්චෙකසම‍්බුද‍්ධො:

එයින් වදාළහ. ඒ පසේබුදුහු:

ඛිඩ‍්ඩං රතිං කාමසුඛං ච ලොකෙ අනලංකරිත්‍වා අනපෙක‍්ඛමානො විභූසනට‍්ඨානා විරතො සච‍්චවාදී එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

“ඛිඩ්ඩං රතිං -පෙ- ඒකෝ චෙර ඛග්ගවිසාණකප්පො” යි.