6
6.
6.
පුත්තං ච දාරං පිතරං ච මාතරං ධනානි ධඤ්ඤානි ච බන්‍ධවානි, හිත්‍වාන කාමානි සකොධිකානි එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.
අඹුදරුවන් ද මව්පියන් ද ධනය ද ධාන්‍ය ද බන්ධුසමූහයා ද යන කාමයන් ස්වකීය අවධි වශයෙන් හැරපියා කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
පුත‍්තං ච දාරං පිතරං ච මාතරන‍්ති: ‘පුත‍්තා’ති චත‍්තාරො පුත‍්තා: අත්‍රජො පුත‍්තො, ඛෙත‍්තජො පුත‍්තො දින‍්නකො පුත‍්තො, අන‍්තෙවාසිකො පුත‍්තො. දාරා වුච‍්චන‍්ති භරියායො. පිතාති යො සො ජනකො, මාතාති යා සා ජනකාති ‘පුත‍්තං ච දාරං පිතරං ච මාතරං’.
පුත්තං ච දාරං පිතරං ච මාතරං- ‘පුත්තා’ යනු: පුත්‍රයෝ සතර දෙනෙකි: ආත්මජපුත්‍ර යැ ක්ෂේත්‍රජපුත්‍ර යැ දින්නක පුත්‍ර යැ අන්තෙවාසිකපුත්‍ර යැ යි. ‘දරා’ යි භාර්‍ය්‍යාවෝ කියනු ලැබෙති. පිතා යනු; යම් ජනකයෙක් වේ ද හේ යැ. මාතා යනු; යම් ජනිකාවක් වූ නම් හෝ යැයි. ‘පුත්තං ච දාරං පිතරං ච මාතරං’ යනු වේ.
ධනානි ධඤ්ඤානි ච බන්‍ධවානීති: ‘ධනානි’ වුච‍්චන‍්ති හිරඤ‍්ඤං සුවණ‍්ණං මුත‍්තා මණි වෙළුරියො සඞ‍්ඛො සිලා පවාළං රජතං ජාතරූපං ලොහිතඞ‍්කො මසාරගල‍්ලං ‘ධඤ‍්ඤානි’ වුච‍්චන‍්ති පුබ‍්බන‍්නං අපරන‍්නං, පුබ‍්බන‍්නං නාම: සාලි වීහි යවො ගොධුමො කඞ‍්ගු වරකො කුද්‍රූසකො අපරන‍්නං නාම: සූපෙය්‍යං. බන්‍ධවානීති චත‍්තාරො බන්‍ධවා: ඤාතීබන්‍ධවාපී බන්‍ධු, ගොත‍්තබන්‍ධවාපි බන්‍ධු, මිත‍්තබන්‍ධවාපී බන්‍ධු, සිප‍්පබන්‍ධවාපී බන්‍ධූති ‘ධනානි ධඤ්ඤානි ච බන්ධවානි’.
ධනානි ධඤ්ඤානි ච බන්ධවානි- ‘ධනානි’ යි කහවුණු රත්රන් මුතු මැණික් වෙරළුමිණි සක් සල පබළු රිදී රන් ලොහිතඞ්ක මැසිරිගල් කියනු ලැබෙත්. ධඤ්ඤානි යි පූර්‍වාන්න අපරාන්න කියනු ලැබෙති. පුබ්බන්න නම්: හැල් යැ වී යැ යව යැ ගොධුම යැ කඞ්ගු යැ. වරා යැ කුරහමු යැ. අපරන්න නම්: සූපයට හිත වූයේ යි. (උඳු මුං ආදිය යි) බන්ධවානි යනු: බන්ධුහුසතර දෙනෙකි: ඥාතිබන්ධුහුදබන්ධුයැ,ගෝත්‍ර බන්ධුහුද බන්‍ධු යැ, මිත්‍රබන්ධුහුද බන්‍ධු යැ, ශිල්පබන්ධුහුද බන්‍ධු නු යි. ‘ධනානි ධඤ්ඤති ව බන්ධවානි’ යනු වේ.
හිත්‍වාන කාමාති සකොධිකානීති ‘කාමා’ති උද‍්දානකො ද‍්වෙ කාමා: වත්‍ථුකාමා ච කිලෙසකාමා ච -පෙ- ඉමෙ වුච‍්චන‍්ති වත්‍ථුකාමා -පෙ- ඉමෙ වුච‍්චන‍්ති කිලෙසකාමා. හිත්‍වාන කාමානීති වත්‍ථුකාමෙ පරිජානිත්‍වා කිලෙසකාමෙ පහාය පජහිත්‍වා විනොදිත්‍වා බ්‍යන‍්තිං කරිත්‍වා අනභාවං ගමෙත්‍වා හිත්‍වාන කාමානි සකොධිකානීති: සොතාපත‍්තිමග‍්ගෙන යෙ කිලෙසා පහීනා තෙ කිලෙසෙ න පුනෙති න පච‍්චෙති න පච‍්චාගච‍්ඡති සකදාගාමිමග‍්ගෙන යෙ කිලෙසා පහීනා-අනාගාමිමග‍්ගෙන යෙ කිලෙසා පහීනා-අරහත‍්තමග‍්ගෙන යෙ කිලෙසා පහීනා, තෙ කිලෙසෙ න පුනෙති න පච‍්චෙති න පච‍්චාගච‍්ඡතීති. ‘හිත්‍වානකාමානි ‘සකොධිකානි එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.
හිත්‍වාන කාමානි සකොධිකානි- ‘කාමා’ යනු: උද්දාන විසින් වස්තු කාමයෝ ද ක්ලේශකාමයෝ දැ යි කාමයෝ දෙදෙනෙකි ... මොහු වස්තුකාමයෝ යි කියනු ලැබෙති ... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. හිත්‍වාන කාමානි යනු: වස්තුකාමයන් පිරිසිඳ දැන ක්ලේශ කාමයන් හැර හැරපියා දුරු කොට විගතාන්ත කොට අනුඅභාවයට පමුණුවා. හිත්‍වාන කාමානි සකොධිකාති යනු: සෝවන් මගින් යම් කෙලෙස් කෙතෙක් ප්‍රහීණ වූහු නම් ඒ කෙලෙසුන් කරා වටාලා නො එයි, පෙරළා නො එයි, ආපසු නො එයි. සෙදගැමි මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූහු නම්-අනගැමි මගින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූහු නම්- රහත්මගින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූහු නම් ඒ කෙලෙසුන් කරා වටාලා නො එයි, පෙරළා නො එයි, ආපසු නො ඒනුයි ‘හිත්‍වාන කාමානි සංකොධිකාති ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
තෙනාහ සො පච‍්චෙකසම‍්බුද‍්ධො:
එයින් වදාළහ. ඒ පසේබුදුහු:
“පුත‍්තං ච දාරං පිතරං ච මාතරං ධනානි ධඤ්ඤානි ච බන්‍ධවානි, හිත්‍වාන කාමානි සකොධිකානි එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.
“පුත්තං ච දාරං -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යි.