7
7.
7.
සඞ්ගො එසො පරිත‍්තමෙත්‍ථ සොබ්‍යං අප‍්පස‍්සාදො දුක‍්ඛමෙත්‍ථ භීයො, ගළො එසො ඉති ඤත්‍වා මතිමා එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.
තෙල පස්කම්ගුණය සඞ්ගයෙකි. මෙහි සෞඛ්‍ය (සුඛභාව)ය අල්පයැ, අල්පාස්වාද ඇත්තේ යැ, මෙහි දුක් බොහෝ යැ. තෙල බිලියකගැ යි දැන නුවණැත්තේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
සඞ‍්ගො එසො පරිත‍්තමෙත්‍ථ සොබ්‍යන‍්ති: සඞ‍්ගොති වා බලිසන‍්ති වා ආමිසන‍්ති වා ලග‍්ගන‍්ති වා පළිබොධොති වා පඤ‍්චන‍්නෙතං කාමගුණානං අධිවචනං, පරිත‍්තමෙත්‍ථ සොක‍්ඛ්‍යන‍්ති වුත‍්තං හෙතං භගවතා:
සඞ්ගො එසො පරිත්තමෙත්ථ සොඛ්‍යං - සඞ්ග යැ යි හෝ බඩිශ යැ යි හෝ ආමිෂ යැ යි හෝ ලග්ගන යැ යි හෝ තෙල පස්කම්ගුණයට නමි. පරිත්තමෙත්‍ථ සොඛ්‍යං යනු: තෙල වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින්:
“පඤ‍්චිමෙ භික‍්ඛවෙ කාමගුණා. කතමෙ පඤ‍්ච: චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා රූපා -පෙ- කායවිඤ‍්ඤෙය්‍යා ඵොට‍්ඨබ‍්බා ඉට‍්ඨා කන‍්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො භික‍්ඛවෙ පඤ‍්චකාමගුණා. යං ඛො භික‍්ඛවෙ ඉමෙ පඤ‍්ච කාමගුණෙ පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛං සොමනස‍්සං ඉදං වුච‍්චති කාමසුඛං” අප‍්පකං එතං සුඛං, ඔමකං එතං සුඛං, ථොකං එතං සුඛං, ලාමකං එතං සුඛං, ජත‍්තකං එතං සුඛං, පරිත‍්තකං එතං සුඛන‍්ති, ‘සඞ‍්ගො එසො පරිත‍්තමෙත්‍ථ සොක‍්ඛ්‍යං’.
“මහණෙනි, මේ කාමගුණයෝ පස්දෙනෙකි: කවර පස්දෙනෙක යත්: ඇසින් දත යුතු රූපයෝ ... කයින් දතයුතු ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියස්චහාව ඇති කාමයෙන් යුක්ත වූ ඇලුම් කටයුතු වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. මහණෙනි, මෙ පස්කම්ගුණය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ කාමසුඛ යැ යි කියනු ලැබෙයි. තෙල සුඛය අල්ප යැ තෙල සුඛය පහත් යැ තෙල සුඛය මඳ යැ තෙල සුඛය ලාමක යැ තෙල සුඛය හීන යැ තෙල සුඛය ස්වල්ප නුයි ‘සඞ්ගො එසො පරිත්තමෙත්ථ සොඛ්‍යං’ යනුවේ.
අප‍්පස‍්සාදො දුක‍්ඛමෙත්‍ථ භීයොති “අප‍්පස‍්සාදා කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහූපායාසා ආදීනවො එත්‍ථ භීයො, අට‍්ඨිකඞ‍්ඛලූපමා කාමා වුත‍්තා භගවතා-මංසපෙසූපමා කාමා වුත‍්තා භගවතා-තිණුක‍්කූපමා කාමා වුත‍්තා භගවතා-අඞ‍්ගාරකාසූපමා කාමා වුත‍්තා භගවතා- සුපිනකූපමා කාමා වුත‍්තා භගවතා-යාචිතකූපමා කාමා වුත‍්තා භගවතා-රුක‍්ඛඵලූපමා කාමා වුත‍්තා භගවතා-අසිසූනූපමා කාමා වුත‍්තා භගවතා-සත‍්තිසූලූපමා කාමා වුත‍්තා භගවතා-සප‍්පසිරූපමා කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහූපායාසා ආදීනවො එත්‍ථ භීයො”ති අප‍්පස‍්සාදො දුක‍්ඛමෙත්‍ථ භීයො.
අප්පස්සාදෝ දුක්ඛමෙත්‍ථ භිය්‍යො යනු: කාමයෝ අල්පාස්වාද ඇතියහ. බොහෝ දුක් ඇතියහ බහුපායාස ඇතියහ මෙහි ආදීනව බොහෝ හයි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ ඇටසැකිලි බන්දහ යි වදාරන ලදහ- කාමයෝ මාංශපේශි වැන්නහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ- කාමයෝ තෘණොල්කා (තණහුලක්) වැන්නහ යි භාග්‍යවතුන් විසින් වදාරනලදහ. කාමයෝ අඞ්ගාරකර්පු(අඟුරුවළ) වැන්නහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ සිහිනයක් වැන්නහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ පිරුළුයෙන් අළ දැයක් වැන්නාහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ වෘක්‍ෂඵල වැන්නහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ අසිසූනා (කඩුව හා මස් ලොඹුව) වැන්නහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ සැත්හුල් බන්දහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ සර්‍පශීර්‍ෂ බන්දහ බොහෝ දුක් ඇත්තාහ බොහෝ උපායාස ඇත්තාහ මෙහි ආදීනව බොහෝහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද්දාහු නුයි ‘අප්පස්සාදො දුක්ඛ මෙත්‍ථ භිය්‍යො’ යනු වේ.
ගළො එසො ඉති ඤත්‍වා මතිමාති: ගළොති වා බලිසන‍්ති වා ආමිසන‍්ති වා ලග‍්ගනන‍්ති වා බන්‍ධනන‍්ති වා පළිබොධොති වා පඤ‍්චන‍්නෙතං කාමගුණානං අධිවචනං. ඉතීති පදසන්‍ධි පදසංසග‍්ගො පදපාරිපූරි අක‍්ඛරසමවායො බ්‍යඤ‍්ජනසිලිට‍්ඨතා පදානුපුබ‍්බතාමෙතං ඉතීති. මතිමාති ධීරො පණ‍්ඩිතො පඤ‍්ඤවා බුද‍්ධිමා ඤාණී විභාවි මෙධාවී.
ගළො එසො ඉති ඤත්‍වා මතිමා - ‘ගළ’ යැ හෝ ‘බලිස’ යැ හෝ ‘ආමිස’ යැ හෝ ‘ලග්ගන’ යැ හෝ ‘බන්‍ධන’ යැ හෝ ‘පළිබෝධ’ යැ හෝ තෙලෙ පස්කම් ගුණයනට නමෙකි. ඉති යනු: පදසන්ධි යැ, පදසංසර්ග යැ පදපාරිපූරි යැ, අක්‍ෂර සමවාය යැ, ව්‍යඤ්ජනශ්ලිෂ්ටතායැ, පදානුපූර්‍වතා යැ තෙල ‘ඉති’ යනු මතිමා යනු: දුකෙහි නො සැලෙනුයෙන් ධීර යැ සුවයෙහි නො ඉල්පෙනුයෙන් පණ්ඩිත යැ, මෙලෝ පරලෝ අර්‍ත්‍ථයෙහි කළ පරිචය ඇතියෙන් ප්‍රඥාවත් යැ, ආත්මාර්‍ත්‍ථ පරාර්ථයෙහි නිසලවනුයෙන් බුද්ධිමත් යැ, ගම්භීර උත්තානාර්ත්‍ථයෙහි නොපසුබස්නෙන් ඥානවත් යැ, ගුඪ ප්‍රතිච්ඡන්නාර්ත්‍ථයන් හෙළි කරනුයෙන් විභාවී යැ, නික්ලෙශතායෙන් මොධාවි යැ.
ගළො එසො ඉති ඤත්‍වා මතිමාති: මතිමා ගළොති ඤත්‍වා බලිසන‍්ති ඤත්‍වා. ආමිසන‍්ති ඤත්‍වා ලග‍්ගනන‍්ති’. ඤත්‍වා බන්‍ධනන‍්ති ඤත්‍වා පළිබොධොති ඤත්‍වා ජානිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වාති: ‘ගළො එසො ඉති ඤත්‍වා මතිමා, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො’.
ගළො එසො ඉති ඤත්‍වා මතිමා යනු: නුවණැතියේ (තෙල පස්කම්ගුණ) ගළයෙකැයි දැන බලිසයෙකැයි දැන ආමිෂයෙකැයි දැන ලග්නයෙකැයි දැන බන්‍ධනයෙකැයි දැන පළිබොධයෙකැයි දැන, දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි ‘ගළො එසො ඉති ඤත්‍වා මතිමා, ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
තෙනාහ සො පච‍්චෙකසම‍්බුද‍්ධො.
එයින් කීහ. ඒ පසේ සම්බුදුහු:
“සඞ‍්ගො එසො පරිත්තමෙත්ථ සොඛ්‍යං අප‍්පස‍්සාදො දුක‍්ඛමෙත්‍ථ භීයො, ගළො එසො ඉති ඤත්‍වා මතිමා එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.
“සඞ්ගො එසො -පෙ- ඛග්ගවිසාණකප්පො” යි.