8
8.
8.
සන්දාලයිත්වාන සඤ‍්ඤොජනානි ජාලංව භෙත්‍වා සලිලම‍්බුචාරී, අග‍්ගීව දඩ්ඪං අනිවත‍්තමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.
දියෙහි දැල බිඳ ගිය මසකු සෙයින් සංයෝජනයන් පළා, දැවුණු තැනට පෙරළා නො එන ගින්නක් සෙයින් (මාර්‍ගඥානයෙන් දැවුණු කෙලෙසුන් කරා පෙරළා නො එමින්) කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
සන්‍දාලයිත්‍වාන සඤ‍්ඤොජනානීති: දස සඤ‍්ඤොජනානි’. කාමරාගසඤ‍්ඤොජනං පටිඝසඤ‍්ඤොජනං මානසඤ‍්ඤොජනං දිට‍්ඨිසඤ‍්ඤොජනං විචිකිච‍්ඡාසඤ‍්ඤොජනං සීලබ‍්බතපරාමාසසඤ‍්ඤොජනං භවරාගසඤ‍්ඤොජනං ඉස‍්සාසඤ‍්ඤොජනං මච‍්ඡරියසඤ‍්ඤොජනං අවිජ‍්ජාසඤ‍්ඤොජනං, සන්‍දාලයිත්‍වාන සඤ‍්ඤොජනානීති: දසසඤ‍්ඤොජනානි දාලයිත්‍වා සන්‍දාලයිත්‍වා පජහිත්‍වා විනොදෙත්‍වා බ්‍යන‍්තිං කරිත්‍වා අනභාවං කමෙත්‍වාති ‘සන්‍දාලයිත්‍වාන සඤ‍්ඤොජනානි’.
සන්දාලයිත්‍වාන සඤ්ඤොජනානි යනු: සංයෝජනයෝ දස දෙනෙකි: කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයෝජන යැ මානසංයෝජන යැ දෘෂ්ටිසංයෝජන යැ විචිකිත්සාසංයොජන යැ ශිලව්‍රතපරාමර්ශසංයොජන යැ භවරාගසංයොජන යැ ඊර්‍ෂ්‍යාසංයෝජන යැ මාත්සර්‍ය්‍ය සංයෝජන යැ අවිද්‍යා සංයෝජන යි. සන්දාලයිත්‍වාන සඤ්ඤොජනානි යනු: දශසංයෝජනයන් පළා මොනොවට පළා හැරපියා දුරු කොට විගතාන්ත කොට අනු අභාවයට පමුණුවා නුයි ‘සන්දාලයිත්‍වාන සඤ්ඤොජනානි’ යනු වේ.
ජාලංව භෙත්‍වා සලිලම‍්බුචාරීති ‘ජාලං’ වුච‍්චති සුත‍්තජාලං. සලිලං’ වුච‍්චති උදකං, ‘අම‍්බුචාරී’ වුච‍්චති මච‍්ඡො, යථා මච‍්ඡො ජාලං භින්‍දිත්‍වා සම‍්භින්‍දිත්‍වා දාලයිත්‍වා පදාලයිත්‍වා සම‍්පදාලයිත්‍වා චරති විහරති ඉරීයති වත‍්තෙති පාලෙති යපෙති යාපෙති, එවමෙව ද‍්වෙ ජාලා: තණ‍්හා ජාලං ච දිට‍්ඨිජාලං ච -පෙ- ඉදං තණ‍්හාජාලං -පෙ- ඉදං දිට‍්ඨිජාලං. තස‍්ස පච‍්චෙකසම‍්බුද‍්ධස‍්ස තණ‍්හාජාලං පහීනං, දිට‍්ඨිජාලං පටිනිස‍්සට‍්ඨං, තණ‍්හාජාලස‍්ස පහීනත‍්තා දිට‍්ඨිජාලස‍්ස පටිනිස‍්සට‍්ඨත‍්තා සො පච‍්චෙකසම‍්බුද‍්ධො රූපෙ න සජ‍්ජති, සද‍්දෙ න සජ‍්ජති -පෙ- දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතබ‍්බෙසු ධම‍්මෙසු න සජ‍්ජති, න ගණ‍්හාති න බජ‍්ඣති න පළිබජ‍්ඣති. නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො, විමරියාදීකතෙන චෙතසා විහරතීති ‘ජාලංව භෙත්‍වා සලිලම‍්බුචාරී’.
ජාලංච හෙත්‍වා සලිලම්බුවාරි- ‘ජාලං’ යි හූදැල කියනු ලැබෙයි. ‘සලලං’ යි ජලය කියනු ලැබෙයි. ‘අම්බුවාරි” යි මත්ස්‍යා කියනු ලැබෙයි. යම්සේ මත්ස්‍ය තෙම දැල බිඳ සිදුරු කොට පළා හිරා හිරිහිරිකොට සෙරෙයි වෙසෙයි ඉරියව් පවත්වා ද වැටේ ද පාලනය කෙරේ ද රැකේ ද යාපනය කෙරේද එසෙයින් මැ, තෘෂ්ණාජාලද දෘෂ්ටිජාලදැයි ජාල දෙකෙකි. ... මේ තෘෂ්ණාජාල යැ. මේ දෘෂ්ටිජාල යි. ඒ පසේබුදුන් විසින් තෘෂ්ණා ජාලය ප්‍රහීණ යැ දෘෂ්ටිජාලය දුරලනලද, තෘෂ්ණාජාලය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිජාලය දුරලන ලද වන බැවින් ඒ පසේබුදුහු රූපයෙහි නො ඇලෙති ශබ්දයෙහි නොඇලෙති ගන්‍ධයෙහි නො ඇලෙති ... දෘෂ්ට ශ්‍රැත මුතවිඥාතව්‍ය ධර්‍මයන්හි නො ඇලෙති නො ගනිති නො බැඳෙති ප්‍රතිබද්ධ නො වෙති (එයින්) නික්මුණාහු බැහැර වූවාහු මිදුණාහු වෙන් වූවාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කෙරෙත් නුයි ‘ජාලංච හෙත්‍වා සලිලම්බුවාරි’ යනු වේ.
අග‍්ගීව දඩ‍්ඪං අනිවත‍්තමානොති: යථා අග‍්ගී තිණකට‍්ඨුපාදානං දහන‍්තො ගච‍්ඡති අනිවත‍්තන‍්තො. එවමෙව තස‍්ස පච‍්චෙකසම‍්බුද‍්ධස‍්ස සොතාපත‍්තිමග‍්ගෙන යෙ කිලෙසා පහීනා තෙ කිලෙසෙ න පුනෙති, න පච‍්චෙති න පච‍්චාගච‍්ඡති. සකදාගාමිමග‍්ගෙන-අනාගාමිමග‍්ගෙන-අරහත‍්තමග‍්ගෙන යෙ කිලෙසා පහීනා තෙ කිලෙසෙ න පුනෙති, න පච‍්චෙති න පච‍්චාගච‍්ඡතීති ‘අග‍්ගීව දඩ්ඪං අනිවත‍්තමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො’
අග්ගීව දඩ්ඪං අනිවත්තමානො යනු: යම්සේ ගින්න තෘණකාෂ්ට පටන් කොට දවමින් නො නැවැතැ යේ ද එසෙයින් මැ ඒ පසේ බුදුන් විසින් සෝවන් මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහාණය කරන ලද වෙත් ද ඒ කෙලෙසුන් කරා වටාලා නො එති පෙරළා නො එති ආපසු නො එති සෙදගැමි මගින් - අනගැමි මඟින්- රහත්මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහාණය කරන ලද වෙත් ද ඒ කෙලෙසුන් කරා වටාලා නො එති පෙරළා නො එති ආපසු නො එත් නුයි. “අග්ගීච දඩ්ඪං අනිවත්තමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
තෙනාහ සො පච‍්චෙකසම‍්බුද‍්ධො:
එයින් වදාළහ. ඒ පසේබුදුහු:
“සන්‍දාලයිත්‍වාන සඤ‍්ඤොජනානි ජාලංව භෙත්‍වා සලිලම‍්බුචාරී අග‍්ගිව දඩ‍්ඪං අනිවත‍්තමානො, එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.
‘සන්දාලයිත්‍වාන -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.