යෙදුමෙන් කියවන්න

9

9.

9.

ඔක‍්ඛිත‍්තචක‍්ඛු න ච පාදලොලො ගුත‍්තින්‍ද්‍රියො රක‍්ඛිතමානසානො, අනවස‍්සුතො අපරිඩය‍්හමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

යටබලා හෙලූ ඇස් ඇතියේ නො ද පාදලොල වූයේ රක්නා ලද ඉඳුරන් ඇතියේ රක්නා ලද මනස ඇතියේ (කෙලෙසුන් විසින්) නො තෙත් වූයේ (කෙළෙස් ගිනින්) නො දැවුණේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.

ඔක‍්ඛිත‍්තචක‍්ඛු න ච පාදලොලොති කථං-ඛිත‍්තචක‍්ඛු හොති: ඉධෙකච‍්චො භික‍්ඛු චක‍්ඛුලොලො චක‍්ඛුලොලියෙන සමන‍්නාගතො හොති ‘අදිට‍්ඨං දක‍්ඛිතබ‍්බං දිට‍්ඨං සමතික‍්කමිතබ‍්බ’න‍්ති ආරාමෙන ආරාමං උය්‍යානෙන උය්‍යානං ගාමෙන ගාමං නිගමෙන නිගමං නගරෙන නගරං රට‍්ඨෙන රට‍්ඨං ජනපදෙන ජනපදං දීඝචාරිකං අනවත්‍ථි ත චාරිකං අනුයුත‍්තො හොති රූපදස‍්සනාය, එවං ඛිත‍්තචක‍්ඛු හොති -

ඔක්ඛිත්තචක්ඛු න ච පාදලොලො යනු: කිසෙයින් “ඛිත්තචක්බු’ වේ ද යත්: මෙහි කිසි මහණෙක් (සක්දොර උපන් ලෝභ විසින්) ඇසින් ලොල් වූයේ චක්ෂුර්ලෞල්‍යයෙන් සමන්‍විත වෙයි. නුදුටු රූපාලම්බන දැක්ක යුතු යැ දක්නා ලද්ද ඉක්මවිය යුතු යැ’යි අරමින් අරමට උයනින් උයනට ගමින් ගමට නිගමයෙන් නිගමයට නුවරින් නුවරට රටින් රටට දනව්වෙන් දනව්වට දීර්‍ඝ චාරිකායෙහි නො නිමි චාරිකායෙහි යෙදුණේ රූපදර්‍ශනය පිණිස හැසිරෙයි මෙසේ “ඛිත්තචක්බු’ වෙයි.

අථවා භික‍්ඛු අන‍්තරඝරං පවිට‍්ඨො වීථිං පටිපන‍්නො අසංවුතො ගච‍්ඡති: හත්‍ථිං ඔලොකෙන‍්තො අස‍්සං ඔලොකෙන‍්තො රථං ඔලොකෙන‍්තො පත‍්තිං ඔලොකෙන‍්තො ඉත්‍ථියො ඔලොකෙන‍්තො පුරිසෙ ඔලොකෙන‍්තො කුමාරකෙ ඔලොකෙන‍්තො කුමාරිකායො ඔලොකෙන‍්තො අන‍්තරාපණං ඔලොකෙන‍්තො ඝරමුඛානි ඔලොකෙන‍්තො උද‍්ධං ඔලොකෙන‍්තො අධො ඔලොකෙන‍්තො දිසාවිදිසං විපෙක‍්ඛමානො ගච‍්ඡති, එවම‍්පි ඛිත‍්තචක‍්ඛු හොති.

නොහොත් මහණ ඇතුළුගමට පිවිසියේ වේමඟට පිළිපන්නේ අසංවර වැ යෙයි: ඇතුන් බලමින් අසුන් බලමින් රිය බලමින් පාබලසෙන් බලමින් ස්ත්‍රීන් බලමින් පුරුෂයන් බලමින් කුමරුන් බලමින් කුමරියන් බලමින් ඇතුළු අවුණ (කඩතුළ) බලමින් ගෙදොර බලමින් උඩ බලමින් යට බලමින් දසනුදස බලමින් යෙයි. මෙසේත් “ඛිත්තචක්බු’ වෙයි.

අථවා භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා නිමිත‍්තග‍්ගාහී හොති අනුබ්‍යඤ‍්ජනග‍්ගාහී යත්‍වාධිකරණමෙතං චක‍්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣා දොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං තස‍්ස සංවරාය න පටිපජ‍්ජති, න රක‍්ඛති චක‍්ඛුන්‍ද්‍රියං, චක‍්ඛුන්‍ද්‍රියෙ න සංවරං ආපජ‍්ජති, එවම‍්පි ඛිත‍්තචක‍්ඛු හොති.

නොහොත් මහණ ඇසින් රූපයක් දැක (ක්ලේශවස්තු වූ) නිමිති ගන්නේ වෙයි, (හස්තපාදාදි) ආකාර විසින් ගන්නේ වෙයි, යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත වැ වසන මොහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදී, චක්‍ෂුරින්‍ද්‍රියය නො රකී, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට නො පැමිණෙයි. මෙසේත් ‘ඛිත්තචක්බු’ වෙයි.

යථාවා පනෙකෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සද‍්ධාදෙය්‍යානි භොජනානි භුඤ‍්ජිත්‍වා තෙ එවරූපං විසූකදස‍්සනං අනුයුත‍්තා විහරන‍්ති, සෙය්‍යථීදං: නච‍්චං ගීතං වාදිතං පෙක‍්ඛං අක‍්ඛානං පාණිස‍්සරං වෙතාළං කුම‍්භථූනං සොභනගරකං චණ‍්ඩාලං වංසං ධොවනං හත්‍ථියුද‍්ධං අස‍්සයුද‍්ධං මහිසයුද‍්ධං උසභයුද‍්ධං අජයුද‍්ධං මෙණ‍්ඩයුද‍්ධං කුක‍්කුටයුද‍්ධං වට‍්ටකයුද‍්ධං දණ‍්ඩයුද‍්ධං මුට‍්ඨියුද‍්ධං නිබ‍්බුද‍්ධං උය්‍යොධිකං බලග‍්ගං සෙනාබ්‍යුහං අනීකදස‍්සනං ඉති වා, එවම‍්පි ඛිත‍්තචක‍්ඛු හොති.

තවද යම්සේ ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් කම්පල අදහා දුන් බොජුන් වළඳා ඔවුහු මෙබඳු වූ විසුළු දැකීමෙහි යෙදී වෙසෙති: ඒ මෙසේ යැ: නැටුම් ගැයුම් වැයුම් නළුමුළු භාරතාදිය කියන තැන කස්තල ඝනතාල කුළුතාලම් හෝ මළසිරුරු මන්ත්‍රයෙන් නඟාලීම කළපිඹීම (බුම්මංඩි?) ප්‍රතිභානචිත්‍ර සැඩොලුන්ගේ ඝණදෙවුන්කෙළි වස්කුලල් ඇට දෙවීම් ඇත්පොර අස්පොර මියුපොර වැහැප්පොර ගවපොර බැටළුපොර එළුපොර කුකුළුපොර වටුපොර දඬුපොර මිටුපොර මල්ල පොර යුදපෙරමුණ බල සෙන් ගණන තැන කඳවුරු බලඇණි දැකීම යනු හෝ යැ. මෙසේත් ‘ඛිත්තචක්බු’ වේ.

කථං ඔක‍්ඛිත‍්තචක‍්ඛූ හොති, ඉධෙකච‍්චො භික‍්ඛු න චක‍්ඛුලොලො න චක‍්ඛුලොලියෙන සමන‍්නාගතො හොති, අදිට‍්ඨං දක‍්ඛිතබ‍්බං දිට‍්ඨං සමතික‍්කමිතබ‍්බන‍්ති න ආරාමෙන ආරාමං, න උය්‍යානෙන උය්‍යානං, න ගාමෙන ගාමං, න නිගමෙන නිගමං, න නගරෙන නගරං, න රට‍්ඨෙන රට‍්ඨං න ජනපදෙන ජනපදං, දීඝචාරිකං අනවත්‍ථිතචාරිකං අනනුයුත‍්තො හොති රූපදස‍්සනාය. එවම‍්පි ඔක‍්ඛිත‍්තචක‍්ඛූ හොති.

කිසෙයින් “ඔක්ඛිත්තචක්ඛු’ වේ යැ යත්: මෙසස්නෙහි කිසි මහණෙක් ඇසින් ලොල් නො වූයේ චක්ෂුර්ලෞල්‍යයෙන් යුක්ත නො වූයේ වෙයි: නුදුටු දැය දැක්ක යුතු යැ, දුටු දැය ඉක්මවිය යුතු යැ’යි අරමින් අරමට නොයෙයි, උයනින් උයනට-ගමින් ගමට-නිගමයෙන් නිගමයට-නුවරින් නුවරට- රටින් රටට- දනව්වෙන් දනව්වට රූපදර්‍ශනය පිණිස දීර්‍ඝචාරිකායෙහි නො නිමි චාරිකායෙහි නො යෙදුණේ වෙයි. මෙසේත් ‘ඔක්ඛිත්තචක්බු’ වෙයි.

අථවා භික‍්ඛු අන‍්තරඝරං පවිට‍්ඨො වීථිං පටිපන‍්නො සංවුතො ගච‍්ඡති න හත්‍ථිං ඔලොකෙන‍්තො න අස‍්සං ඔලොකෙන‍්තො න රථං ඔලොකෙන‍්තො න පත‍්තිං ඔලොකෙන‍්තො න ඉත්‍ථියො ඔලොකෙන‍්තො න පුරිසෙ ඔලොකෙන‍්තො න කුමාරකෙ ඔලොකෙන‍්තො න කුමාරිකායො ඔලොකෙන‍්තො න අන‍්තරාපණං ඔලොකෙන‍්තො න ඝරමුඛානි ඔලොකෙන‍්තො න උද‍්ධං ඔලොකෙන‍්තො න අධො ඔලොකෙන‍්තො න දිසාවිදිසං විපෙක‍්ඛමානො ගච‍්ඡති එවම‍්පි ඔක‍්ඛිත‍්තචක‍්ඛූ හොති.

නොහොත් මහණ ඇතුළුගමට පිවිසියේ වීදියට බටුයේ සංවර වැ යෙයි: ඇතුන් නො බලමින් අසුන් නො බලමින් රිය නො බලමින් පාබළ සෙන් නො බලමින් ගෑනුන් නො බලමින් පිරිමින් නො බලමින් කුමරුන් නො බලමින් කුමරියන් නො බලමින් ඇතුළු අවුණු නො බලමින් ගෙදොර නො බලමින් උඩ නො බලමින් යට නො බලමින් දිශාවිදිශා නො බලමින් යෙයි. මෙසේත් “ඔක්ඛිත්තචක්බු’ වෙයි.

අථවා භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා න නිමිත‍්තගාහී හොති නානුබ්‍යඤ‍්ජනග‍්ගාහී යත්‍වාධිකරණමෙතං චක‍්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣාදොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං, තස‍්ස සංවරාය පටිපජ‍්ජති රක‍්ඛති චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජති එවම‍්පි ඔක‍්ඛිත‍්තචක‍්ඛූ හොති.

නොහොත් මහණ ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් නො ගන්නේ අනුව්‍යඤ්ජන වශයෙන් නො ගන්නේ වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවර වැ වසන මොහු අභිධ්‍යා දොම්නස් සංඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදී, චක්‍ෂුරින්‍ද්‍රියය රකි. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. මෙසේත් ‘ඔක්ඛිත්තචක්බු’ වෙයි.

යථාවා පනෙකෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා සද‍්ධාදෙය්‍යානි භොජනානි භුඤ‍්ජිත්‍වා තෙ එවරූපං විසූකදස‍්සනං අනනුයුත‍්තා විහරන‍්ති සෙය්‍යථීදං: නච‍්චං ගීතං වාදිතං -පෙ- අනීකදස‍්සනං ඉති වා, එවම‍්පි ඔක‍්ඛිත‍්තචක‍්ඛූ හොති.

තවද යම්සේ ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් කම්පල හදහා දෙනලද බොජුන් වළඳා ඔහු මෙබඳු විසුළු දස්නෙහි නො යෙදී වෙසෙති: ඒ මෙසේ යැ: නැටුම් ගැයුම් වැයුම් ... බලඇණි දැකීම යනාදිය යි මෙබඳු විසුළු දස්නෙන් වැළැකුණේ වෙයි. මෙසේත් ‘ඔක්ඛිත්තචක්බු’ වේ.

න ච පාදලොලොති කථං පාදලොලො හොති: ඉධෙකච‍්චො භික‍්ඛු පාදලොලො පාදලොලියෙන සමන‍්නාගතො හොති ආරාමෙන ආරාමං උය්‍යානෙන උය්‍යානං ගාමෙන ගාමං නිගමෙන නිගමං නගරෙන නගරං රට‍්ඨෙන රට‍්ඨං ජනපදෙන ජනපදං දීඝචාරිකං අනවත්‍ථිතචාරිකං අනුයුත‍්තො විහරති එවම‍්පි පාදලොලො හොති.

න ච පාදලොලො යනු: කිසෙයින් ‘පාදලොල’ වේ යැ යත්: මෙහි ඇතැම් මහණෙක් පයින් ලොල්වූයේ පාදලෞල්‍යයෙන් සමන්‍විත වූයේ වෙයි: අරමින් අරමට උයනින් උයනට ගමින් ගමට නිගමයෙන් නිගමයට නුවරින් නුවරට රටින් රටට දනව්වෙන් දනව්වට දීර්‍ඝචාරිකායෙහි නොනිමි චාරිකායෙහි යෙදී වාසය කෙරෙයි. මෙසේත් ‘පාදලොල’ වෙයි.

අථවා භික‍්ඛු අන‍්තොපි සඞ‍්ඝාරාමෙ පාදලොලො පාදලොලියෙන සමන‍්නාගතො හොති. න අත්‍ථහෙතු න කාරණහෙතු උද‍්ධතො අවුපසන‍්නචිත‍්තො පරිවෙණතො පරිවෙණං ගච‍්ඡති, විහාරතො විහාරං ගච‍්ඡති, අඩ‍්ඪයොගතො අඩ‍්ඪයොගං ගච‍්ඡති, පාසා තො පාසාදං ගච‍්ඡති, හම‍්මියතො හම‍්මියං ගච‍්ඡති, ගුහාය ගුහං ගච‍්ඡති, ලෙනතො ලෙනං ගච‍්ඡති, කුටියා කුටිං ගච‍්ඡති, කූටාගාරතො කූටාගාරං ගච‍්ඡති, අට‍්ටතො අට‍්ටං ගච‍්ඡති, මාලතො මාලං ගච‍්ඡති උද‍්දණ‍්ඩො උද‍්දණ‍්ඩං ගච‍්ඡති, උද‍්දොසිතතො උද‍්දොසිතං ගච‍්ඡති, උපට‍්ඨානසාලතො උපට‍්ඨානසාලං ගච‍්ඡති, මණ‍්ඩලමාලතො මණ‍්ඩලමාලං ගච‍්ඡති, රුක‍්ඛමූලතො රුක‍්ඛමූලං ගච‍්ඡති. යත්‍ථ වා පන භික‍්ඛූ නිසීදන‍්ති තහිං ගච‍්ඡති. තත්‍ථ එකස‍්ස වා දුතියො හොති, ද‍්වින‍්නං වා තතියො හොති, තිණ‍්ණං වා චතුත්‍ථො හොති. තත්‍ථ බහුං සම‍්ඵප‍්පලාපං පලපති සෙය්‍යථීදං: රාජකථං චොරකථං -පෙ- ඉති භවාභවකථං කථෙති. එවම‍්පි පාදලොලො හොති.

නොහොත් මහණ ඇතුළු සඟරම්හිදු පාදලොල වූයේ පාදලෞල්‍යයෙන් යුක්ත වූයේ වෙයි, ප්‍රයෝජන නැති වැ කාරණ නැති වැ උඩඟු වූයේ නො සන්හුන් සිත් ඇත්තේ පිරිවෙනින් පිරිවෙනට යෙයි, වෙහෙරින් වෙහෙරට යෙයි, අර්ධයෝගයෙන් අර්ධයෝගයට යෙයි, ප්‍රාසාදයෙන් ප්‍රාසාදයට යෙයි, සඳලුගෙයින් සඳලුගෙට යෙයි, ගුහායෙන් ගුහාවට යෙයි, ලෙනින් ලෙනට යෙයි, කිළියෙන් කිළියට යෙයි, කුළුගෙයින් කුළුගෙට යෙයි, අටල්ලෙන් අටල්ලට යෙයි, මහලින් මහලට යෙයි, උද්දණ්ඩ (එක් වහලින් යුතු ගෙ) යෙන් උද්දණ්ඩයට යෙයි, බඩුහලින් බඩුහලට යෙයි, උවටැන්හලින් උවටැන්හලට යෙයි, මණ්ඩලමාලයෙන් මණ්ඩල මාලයට යෙයි, රුක්මුලින් රුක්මුලට යෙයි, යම් තැනෙකැ භික්‍ෂුහු හිඳිත් නම් එහි හෝ යෙයි, එහි එකක්හට හෝ දෙවැන්නා වෙයි, දෙදෙනකු හට හෝ තෙවැන්නා වෙයි, තිදෙනකු හට හෝ සිව්වැන්නා වෙයි. එහි දී බොහෝ නිරර්‍ත්‍ථක කථා පවසයි. ඒ මෙසේ යැ: රාජකථා යැ. චෞරකථා යැ... මෙසෙයින් වෘද්ධි-හානි වේ යැ යන කථා කෙරෙයි. මෙසේත් ‘පාදලොල’ වේ.

න ච පාදලොලොති: සො පච‍්චෙකසම‍්බුද‍්ධො පාදලොලියා ආරතො විරතො පටිවිරතො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා පටිසල‍්ලානාරාමො හොති පටිසල‍්ලානරතො අජ‍්ඣත‍්තං චෙතොසමථමනුයුත‍්තො අනිරාකතජ‍්ඣානො විපස‍්සනාය සමන‍්නාගතො බ්‍රූහෙතා සුඤ‍්ඤාගාරානං ඣායී ඣානරතො එකත‍්තමනුයුත‍්තො සදත්‍ථගරුකොති ඔක‍්ඛිත‍්තචක‍්ඛු න ච පාදලොලො.

න ච පාදලොලො යනු: ඒ පසේ බුදුහු පාදලෞල්‍යයෙන් දුරු වූවාහු වෙන් වූවාහු වෙසෙසින් වෙන්වූවාහු නික්මුණාහු බැහැරවූවාහු මිදුනාහු විසංයෝග වූවාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුතු වැ විවේකයෙහි ඇලුණාහු වෙති, විවේකයෙහි ඇලුණාහු අධ්‍යාත්ම චිත්තසමාධියෙහි ඇලුණාහු බැහැර නො කළ (නො නට) ධ්‍යාන ඇත්තාහු විදර්‍ශනායෙන් යුක්ත වූවාහු ශුන්‍යාගාරභාවනාව වඩන්නාහු ධ්‍යාන කරනසුලු වූවාහු ධ්‍යානයෙහි ඇලුණාහු එකීභාවයෙහි යෙදුණාහු උත්තමාර්‍ත්‍ථ (හෝ ස්වාර්‍ත්‍ථ) ගරුක වූවාහු නුයි ‘ඔක්ඛිත්තචක්බු න ච පාදලොලා’ යනු වේ.

ගුත‍්තින්‍ද්‍රියො රක‍්ඛිතමානසානොති: ‘ගුත‍්තින්‍ද්‍රියො’ති සො පච‍්චෙකසම‍්බුද‍්ධො චක‍්ඛුනා රූපං දිස‍්වා න නිමිත‍්තග‍්ගාහී හොති නානුබ්‍යඤ‍්ජනග‍්ගාහී. යත්‍වාධිකරණ මෙනං චක‍්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣාදොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං තස‍්ස සංවරාය පටිපජ‍්ජති, රක‍්ඛති චක‍්ඛුන්‍ද්‍රියං, චක‍්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජති. සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා-ජිව‍්හාය රසං සායිත්‍වා-කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා-මනසා ධම‍්මං විඤ‍්ඤාය න නිමිත‍්තග‍්ගාහී හොති, නානුබ්‍යඤ‍්ජනග‍්ගාහී. යත්‍වාධිකරණමෙනං මනින්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣාදොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං. තස‍්ස සංවරාය පටිපජ‍්ජති රක‍්ඛති මනින්‍ද්‍රියං මනින්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජතීති ‘ගුත‍්තින්‍ද්‍රියො’ රක‍්ඛිතමානසානොති ගොපිතමානසානොති ‘ගුත‍්තින්‍ද්‍රියො රක‍්ඛිතමානසානො’.

ගුත්තින්ද්‍රියො රක්ඛිතමානසානො - ‘ගුත්තින්ද්‍රියො’ යනු: ඒ පසේ බුදුහු ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් නො ගන්නාහු අනුව්‍යඤ්ජන වශයෙන් නො ගන්නාහු වෙති. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවර කොට වසනුවන් අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරයට පැමිණෙති, චක්‍ෂුරින්‍ද්‍රියය ගෝපනය කෙරෙති, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙති. කනින් ශබ්ද අසා-නැහැයෙන් ගඳ අසා-දිවින් රස විඳ- කයින් පහස් පැහැසැ- මනසින් දහම් දැන නිමිති වශයෙන් නො ගන්නාහු අනුව්‍යඤ්ජන වශයෙන් නො ගන්නාහු වෙති. යම් කරුණකින් මනින්‍ද්‍රියය අසංවර කොට වසනුවන් අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ මනින්‍ද්‍රියයාගේ සංවරයට පැමිණෙති, මනින්‍ද්‍රියය ගෝපනය කෙරෙති, මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙත් නුයි ‘ගුත්තින්ද්‍රිය’ නම් වෙති. ‘රක්ඛිතමානසානො’ යනු: ගෝපනය කළ සිත් ඇත්තාහු නුයි ‘ගුත්තින්ද්‍රියො රක්ඛිතමානසානෝ’ යනු වේ.

අනවස‍්සුතො අපරිඩය‍්හමානොති: වුත‍්තං හෙතං ආයස‍්මතා මහාමොග‍්ගල‍්ලානෙන “අවස‍්සුතපරිසායං ච වො ආවුසො දෙසෙස‍්සාමිං අනවස‍්සුතපරියායං ච, තං සුණාථ සාධුකං මනසි කරොථ භාසිස‍්සාමීති: එවමාවුසොති ඛො තෙ භික‍්ඛු ආයස‍්මතො මහාමොග‍්ගල‍්ලානස‍්ස පච‍්චස‍්සොසුං. ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානො එතදවොච: ‘කථං චාවුසො අවස‍්සුතො හොති: ඉධාවුසො භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා පියරූපෙ රූපෙ අධිමුච‍්චති, අප‍්පියරූපෙ රූපෙ බ්‍යාපජ‍්ජති අනුපට‍්ඨිතකායසති ච විහරති පරිත‍්තචෙතසො, තං ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං යථාභූතං නප‍්පජානාති යත්‍ථස‍්ස තෙ උප‍්පන‍්නා පාපකා අකුසලා ධම‍්මා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති. සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය පියරූපෙ ධම‍්මෙ අධිමුච‍්චති, අප‍්පියරූපෙ ධම‍්මෙ බ්‍යාපජ‍්ජති, අනුපට‍්ඨිතකායසති ච විහරති පරිත‍්තචෙතසො. තං ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤා විමුත‍්තිං යථාභූතං නප‍්පජානාති, යත්‍ථස‍්ස තෙ උප‍්පන‍්නා පාපකා අකුසලා ධම‍්මා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති. අයං වුච‍්චතාවුසො භික‍්ඛු අවස‍්සුතො චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යෙසු රූපෙසු -පෙ- ආවස‍්සූතො මනොවිඤ‍්ඤෙය්‍යෙසු ධම‍්මෙසු. එවං විහාරිං චාවුසො භික‍්ඛුං චක‍්ඛුතො චෙපි නං මාරො උපසඞ‍්කමති ලභෙථෙව’ මාරො ඔතාරං ලභෙථ මාරො ආරම‍්මණං. සොතතො චෙපි නං -පෙ- මනතො චෙපි නං මාරො උපසඞ‍්කමති ලභෙථෙව මාරො ඔතාරං ලභෙථ’ මාරො ආරම‍්මණං.

අනවස්සුතො අපරිඩය්හමානො යනු: මේ කියන ලද මැ යි ආයුෂ්මත් මහමුගලන් තෙරුන් විසින්: ‘ඇවැත්නි, තොපට “අවස්සුත පරියාය (කෙලෙසුන් විසින් තෙත් කරුණ) ද අනවස්සුත පරියාය (කෙලෙසුන් විසින් නො තෙත් කරුණ) ද දෙසමි ඒ අසවු මැනැවින් මෙනෙහි කරවු, කියමි. ‘එසේ යැ ඇවැත්නි’යි ඒ භික්‍ෂුහු ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහමුගලන් තෙරහු මෙය වදාළහ. ඇවැත්නි, කිසෙයින් අවස්සුත (කෙලෙසුන් විසින් තෙත්) වේ ද යත්: ඇවැත්නි, මෙ සස්නෙහි මහණෙක් ඇසින් රූපයක් දැක ප්‍රිය ස්වභාව වූ රූපයෙහි ඇලෙයි, අප්‍රිය ස්වභාවවූ රූපයෙහි ව්‍යාපාදයට පැමිණෙයි, නො එළඹ සිටි කායස්මෘති ඇතියේ ලඝු වූ සිත් ඇති වැ වාස කෙරෙයි, යම් තැනෙක ඔහුට උපන් ලාමක අකුශල ධර්‍මයෝ අනවශේෂ කොට නිරුද්ධ වෙත් ද ඒ චිත්තවිමුක්තිය ප්‍රඥා විමුක්තිය තත් වූ පරිද්දෙන් නො දනියි. කනින් ශබ්ද අසා ... සිතින් දහම් දැන ප්‍රියස්චහාව වූ දහම්හි ඇලෙයි, අප්‍රියස්වභාව වූ දහම්හි ව්‍යාපාදයට පැමිණෙයි, නො එළඹ සිටි කායස්මෘති ඇතියේ ලඝුවූ සිත් ඇති වැ වෙසෙයි, යම් තැනෙක ඔහුට උපන් ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වැ නිරුද්ධ වෙත් ද ඒ චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය තත් වූ පරිද්දෙන් නො දනී. ඇවැත්නි, මේ මහණ චක්‍ෂුර්විඥානයෙන් දතයුතු වූ රූපාලම්බනයෙහි අවස්සුත වූයේ. මනෝවිඥානයෙන් දතයුතු වූ ධර්‍මාලම්බනයෙහි අවස්සුත වූයේ යයි කියනු ලැබේ. ඇවැත්නි, මෙසේ වාස කරන ඒ මහණහු කරා මාර තෙමේ චක්ෂුර්ද්වාරයෙනුදු එළැඹෙයි, ශ්‍රොත්‍රද්වාරයෙනුදු ... මනෝ - ද්වාරයෙනුදු ඔහු කරා මාර තෙමේ එළැඹෙයි, මාර තෙම සිදුරු ලබන්නේ මැ යැ, මාර තෙමේ ප්‍රත්‍යය ලබන්නේ මැ යි.

සෙය්‍යථාපි ආවුසො නළාගාරං වා තිණාගාරාං වා සුක‍්ඛංකොලාපං තෙරො වස‍්සිකං’ පුරත්‍ථිමාය චෙපි නං දිසාය පුරිසො ආදිත‍්තාය තිණුක‍්කාය උපසංකමෙය්‍ය ලභෙථෙව අග‍්ගි ඔතාරං ලභෙථ අග‍්ගි ආරම‍්මණං පච‍්ඡිමාය චෙපි නං දිසාය-උත‍්තරාය චෙපි නං දිසාය-දක‍්ඛිණාය චෙපි නං දිසාය-හෙට‍්ඨිමාය චෙපි නං දිසාය-උපරිමාය චෙපි නං දිසාය යතො කුතොචි චෙපි නං දිසාය පුරිසො ආදිත‍්තාය තිණුක‍්කාය උපසංකමෙය්‍ය ලභෙථෙව අග‍්ගි ඔතාරං, ලභෙථ අග‍්ගි ආරම‍්මණං. එවමෙව ඛො ආවුසො එවං විහාරිං භික‍්ඛුං චක‍්ඛුතො චෙපි නං මාරො උපසඞ‍්කමති, ලභෙථෙව මාරො ඔතාරං ලභෙථ මාරො ආරම‍්මණං. සො තතො චෙපි නං -පෙ- මනතො චෙපි නං මාරො උපසඞ‍්කමති ලභෙථෙව මාරො ඔතාරං, ලභෙථ මාරො ආරම‍්මණං”

ඇවැත්නි, යම්සේ වියැළි කොලපු වූ බොහෝ කල් ඉක්මගිය බට සෙවෙනි ගෙයක් හෝ තණ සෙවෙනි ගෙයක් හෝ වේ ද ඉදින් පුරුෂයෙක් ගිනි ඇවිළගත් තණසුලකින් යුතු වැ පෙරදිගිනුදු ඒ ගෙය කරා පැමිණේ නම් ගින්න සිදුරු ලබා මැ යැ ප්‍රත්‍යය ලබා මැ යැ, පැසිම් දෙසිනුදු ... උතුරු දෙසිනුදු ... දකුණු දෙසිනුදු- යටදෙසිනුදු- උඩදෙසිනුදු- යම්කිසි දෙසකිනුදු පුරුෂයෙක් ආදීප්ත වූ තණසුලකින් යුතු වැ ඒ ගෙය කරා පැමිණේ නම් ගින්න අතුරු ලබා මැ යැ, ගින්න අරමුණු ලබා මැ යැ, එසෙයින් මැ ඇවැත්නි, මෙසේ වාසය කරන මහණහු කරා චක්ෂුද්වාරයෙනුදු මාර තෙමේ පැමිණේ, නම් මාර තෙමේ අතුරු ලබා මැ යැ මාර තෙමේ ප්‍රත්‍යය ලබා මැ යැ ශ්‍රොත්‍රද්වාරයෙනුදු ... මනොද්වාරයෙනුදු ඔහු කරා මාර තෙමේ එළැඹේ නම් මාර තෙමේ අතුරු ලබා මැ යැ මාර තෙමේ අරමුණු ලබා මැ යි.

එවං විහාරිං චාවුසො භික‍්ඛු රූපා අභිභංසු. න භික‍්ඛු රූපෙ අභිභොසි සද‍්දා භික‍්ඛුං අභිභංසු න භික‍්ඛු සද‍්දෙ අභිභොසි, ගන්‍ධා භික‍්ඛුං අභිභංසු න භික‍්ඛු ගන්‍ධෙ අභිභොසි, රසා භික‍්ඛුං අභිභංසු න භික‍්ඛු රසෙ අභිභොසි, ඵොට‍්ඨබ‍්බා භික‍්ඛුං අභිභංසු, න භික‍්ඛු ඵොට‍්ඨබ‍්බෙ අභිභොසි. ධම‍්මා භික‍්ඛුං අභිභංසු න භික‍්ඛු ධම‍්මෙ අභිභොසි. අයං වුච‍්චතාවුසො භික‍්ඛු රූපාභිභූතො’ සද‍්දාභිභූතො ගන්‍ධාභිභූතො රසාභිභූතො ඵොට‍්ඨබ‍්බාභිභූතො ධම‍්මාභිභූතො අභිභංසු නං පාපකා අකුසලා ධම‍්මා සංකිලෙසා පොනොභවිකා සදරා දුක‍්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණීයා, එවං ඛො ආවුසො අවස‍්සුතො හොති.”

තවද ඇවැත්නි, මෙසේ වාසය කරනසුලු භික්‍ෂුහු රූපාලම්බනයෝ මැඩපීහු යැ, මහණ රූපයන් නො මැඩපී යැ, ශබ්දාලම්බනයෝ භික්‍ෂුහු මැඩපීහු යැ, මහණ තෙම ශබ්දාලම්බනයන් නො මැඩපීයැ. ගන්‍ධාලම්බනයෝ භික්‍ෂුහු මැඩපීහු යැ. මහණ තෙමේ ගන්‍ධාලම්බනයන් නො මැඩ පී යැ, රසාලම්බනයෝ භික්‍ෂුව මැඩපීහු යැ, මහණ රසයන් නො මැඩපී යැ. ස්ප්‍රෂ්ටව්‍යයෝ භික්‍ෂුව මැඩපීහු යැ, මහණ ස්ප්‍රෂ්ටව්‍යයන් නො මැඩපී යැ, ධර්‍මාලම්බනයෝ භික්‍ෂුව මැඩපීහු යැ, මහණ නො මැඩපී යැ. ඇවැත්නි, මේ මහණ තෙමේ රූපයන් විසින් මඩනාලද යැ ශබ්දයන් විසින් මඩනා ලද යැ, ගන්‍ධයන් විසින් මඩනා ලද යැ, රසයන් විසින් මඩනාලද යැ, ස්ප්‍රෂ්ටව්‍යයන් විසින් මඩනාලද යැ, ධර්‍මයන් විසින් මඩනාලද යැ, ක්ලේශයනට ප්‍රත්‍යය වූ පුනර්‍භවය ඇති කරන්නා වූ දරථ සහිත වූ දුඃඛ- විපාක වූ ලාමක අකුශල ධර්‍මයෝ ඒ භික්‍ෂුව අභිභවනය කළාහුයැ. ඇවැත්නි, මෙසේ ‘අවස්සුත’ වූයේ වේ.

කථං චාවුසො අනවස‍්සුතො හොති: ඉධාවුසො භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා පියරූපෙ රූපෙ නාධිමුච‍්චති, අප‍්පියරූපෙ රූපෙ න බ්‍යාපජ‍්ජති, උපට‍්ඨිතකායසති ච විහරති අප‍්පමාණචෙතසො, තං ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං යථාභූතං පජානාති යත්‍ථස‍්ස තෙ උප‍්පන‍්නා පාපකා අකුසලා ධම‍්මා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති. සොතෙන සද‍්දං සුත්‍වා -පෙ-මනසා ධම‍්මං විඤ‍්ඤාය පියරූපෙ ධම‍්මෙ නාධිමුච‍්චති, අප‍්පියරූපෙ ධම‍්මෙ න බ්‍යාපජ‍්ජති, උපට‍්ඨිතකායසති ච විහරති අප‍්පමාණචෙතසො, තං ච චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං යථාභූතං පජානාති යත්‍ථස‍්ස තෙ උප‍්පන‍්නා පාපකා අකුසලා ධම‍්මා අපරිසෙසා නිරුජ‍්ඣන‍්ති. අයං වුච‍්චතාවුසො භික‍්ඛු අනවස‍්සුතො චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යෙසු රූපෙසු -පෙ- අනවස‍්සුතො මනොවිඤ‍්ඤෙය්‍යෙසු ධම‍්මෙසු. එවං විහාරිං චාවුසො භික‍්ඛුං චක‍්ඛුතො චෙපි නං මාරො උපසඞ‍්කමති නෙව ලභෙථ මාරො ඔතාරං න ලභෙථ මාරො ආරම‍්මණං, සොතතො චෙපි නං -පෙ- මනතො චෙපි නං මාරො උපසඞ‍්කමති නෙව ලභෙථ මාරො ඔතාරං, න ලභෙථ මාරො ආරම‍්මණං.

ඇවැත්නි, කිසෙයින් අනවස්සුත වේද යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ ඇසින් රූපයක් දැක ප්‍රියස්වභාව රූපයෙහි නො ඇලෙයි, අප්‍රිය ස්වභාවරූපයෙහි (ද්වේෂ විසින්) ව්‍යාපාදයට නො පැමිණෙයි, එළැඹසිටි කාගියාසී ඇති වැ අප්‍රමාණ සිත් ඇති වැ වාස කෙරෙයි. යම් තැනෙක ඔහුට උපන් ඒ ලාමක අකුශලධර්‍මයෝ නිරවශේෂ වැ නිරුද්ධ වෙත් නම් ඒ චිත්තවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඇති සැටියෙන් දැනගනියි. කනින් ශබ්ද අසා...මනසින් දහම් දැන ප්‍රියස්වභාව ධර්‍මයෙහි නො ඇලෙයි, අප්‍රිය ස්වභාව ධර්‍මයෙහි ව්‍යාපාදයට නො පැමිණෙයි, එළඹසිටි කාගියාසී ඇති වැ අප්‍රමාණ සිත් ඇති වැ වාස කෙරෙයි. යම් තැනෙක ඔහුට උපන් ලාමක අකුශලධර්‍මයෝ නිරවශේෂ වැ නිරුද්ධ වෙත් නම් ඒ චිත්ත විමුක්තිය ද ප්‍රඥා විමුක්තිය ද යථාභූතයෙන් දැනගනී. ඇවැත්නි, මේ මහණ චක්‍ෂුර්විඥානයෙන් දතයුතු රූපයෙහි අනවස්සුත යැ ... මනසින් දතයුතු දහම්හි අනවස්සුත යයි කියනු ලැබේ. ඇවැත්නි, මෙසේ වාස කරන ඒ මහණහු කරා චක්ෂුද්වාරයෙනුදු ඉදින් මාර තෙම එළැඹේ නම් මාර තෙම අතුරු නො ලබන්නේ මැයැ, මාර තෙම ප්‍රත්‍යය නො ලබන්නේ මැයි. ශ්‍රොත්‍රද්වාරයෙනුදු ඉදින් ඔහු කරා ... මනොද්වාරයෙනුදු ඉදින් ඔහු කරා මාර තෙම එළැඹේ නම් මාර තෙම අතුරු නොලබන්නේ මැ යැ. මාර තෙම ප්‍රත්‍යය නො ලබන්නේ මැ යි.

සෙය්‍යථාපි ආවුසො කූටාගාරං වා කූටාගාරසාලා වා බහලමත‍්තිකා අද‍්දාවලෙපනා, පුරත්‍ථිමාය චෙපි නං දිසාය පුරිසො ආදිත‍්තාය තිණුක‍්කාය උපසඞ‍්කමෙය්‍ය නෙව ලභෙථ අග‍්ගි ඔතාරං න ලභෙථ අග‍්ගි ආරම‍්මණං, පච‍්ඡිමාය චෙපි නං දිසාය-උත‍්තරාය චෙපි නං දිසාය-දක‍්ඛිණාය චෙපි නං දිසාය-හෙට‍්ඨිමාය චෙපි නං දිසාය-උපරිමාය චෙපි නං දිසාය-යතො කුතොචි චෙපි නං පුරිසො දිසාය ආදිත‍්තාය තිණුක‍්කාය උපසඞ‍්කමෙය්‍ය නෙව ලභෙථ අග‍්ගි ඔතාරං න ලභෙථ අග‍්ගි ආරම‍්මණං. එවමෙව ඛො ආවුසො එවං විහාරිං භික‍්ඛුං චක‍්ඛුතො චෙපි නං මාරො උපසංකමති. නෙව ලභෙථ මාරො ඔතාරං න ලභෙථ මාරො ආරම‍්මණං. සොතතො චෙපි නං -පෙ- මනතො චෙපි නං මාරො උපසංකමති නෙව ලභෙථ මාරො ඔතාරං නලභෙථ මාරො ආරම‍්මණං. එවංවිහාරී චාවුසො භික‍්ඛු රූපෙ අභිභොසි න රූපා භික‍්ඛුං අභිභංසු, සද‍්දෙ භික‍්ඛු අභිභොසි න සද‍්දා භික‍්ඛුං අභිභංසු, ගන්‍ධෙ භික‍්ඛු අභිභොසි, න ගන්‍ධා භික‍්ඛුං අභිභංසු, රසෙ භික‍්ඛු අභිභොසි, න රසා භික‍්ඛුං අභිභංසු, ඵොට‍්ඨබ‍්බෙ භික‍්ඛු අභිභොසි, න ඵොට‍්ඨබ‍්බා භික‍්ඛුං අභිභංසු. ධම‍්මෙ භික‍්ඛු අභිභොසි, න ධම‍්මා භික‍්ඛුං අභිභංසු, අයං වුච‍්චතාවුසො භික‍්ඛු රූපාභිභූ සද‍්දාභිභූ ගන්‍ධාභිභූ රසාභිභූ ඵොට‍්ඨබ‍්බාභිභූ ධම‍්මාභිභූ අභිභූ අනභිභූතො කෙහි චී කිලෙසෙහි අභිභොසි තෙ පාපකෙ අකුසලෙ ධම‍්මෙ සංකිලෙසිකෙ පොනොභවිකෙ සදරෙ දුක‍්ඛවිපාකෙ ආයතිං ජාතිජරාමරණීයෙ. එවං ඛො ආවුසො අනවස‍්සුතො හොතී”ති.

ඇවැත්නි, යම්සේ බොල්මැටි ඇති තෙත්මැටි අලෙව්දුන් කුළුගෙයක් හෝ කූටාගාරශාලාවක් හෝ වේ ද, ඉදින් පුරුෂයෙක් ගිනි ඇවිළගත් තණහුලකින් යුතු වැ පැදුන්දෙසිනුදු ඒ කුටාගාරගාලාව කරා එළැඹේ නම් ගින්න නො මැ අතුරු ලැබෙන්නේ ද ගින්න ප්‍රත්‍යය නො ලැබෙන්නේ ද, ඉදින් පැළදෙසිනුදු එය කරා-ඉදින් උතුරු දෙසිනුදු එය කරා-ඉදින් දකුණුදෙසිනුදු එය කරා- ඉදින් යට දෙසිනුදු එය කරා-ඉදින් උඩදෙසිනුදු එය කරා-ඉදින් යම්කිසි දෙසකිනුදු එය කරා පුරුෂයෙක් ගිනි ඇවිළගත් තණහුලකින් යුතු වැ එළඹේ නම් ගින්න නො මැ අතුරු ලැබෙන්නේ ද, ප්‍රත්‍යය නො ලැබෙන්නේ ද, එසෙයින් මැ ඇවැත්නි, මෙබඳු විහරණ ඇති ඒ මහණහු කරා චක්ෂුර්ද්වාරයෙනුදු ඉදින් මාර තෙම එළැඹේ නම් මාර තෙමේ නො මැ අතුරු ලැබෙන්නේ යැ ප්‍රත්‍යය නො ලැබෙන්නේ යැ, ඉදින් ශ්‍රොත්‍රද්වාරයෙනුදු ඔහු කරා ... මනෝද්වාරයෙනුදු ඔහු කරා ඉදින් මාර තෙම එළැඹේ නම් මාර තෙමේ නො මැ අතුරු ලැබෙන්නේ යැ මාර තෙමේ ප්‍රත්‍යය නො ලැබෙන්නේ මැ යි. තවද ඇවැත්නි, මෙබඳු විහරණ ඇති මහණ තෙම රූපයන් මැඩපී යැ. රූපයෝ මහණහු නො මැඩපූහ. මහණ ශබ්දයන් මැඩපී යැ, ශබ්දයෝ මහණහු නො මැඩපූහ. මහණ තෙම ගන්‍ධයන් මැඩපීයැ, ගන්‍ධයෝ මහණහු නො මැඩපූහ. මහණ තෙම රසයන් මැඩපීයැ, රසයෝ මහණහු නො මැඩපූහ. මහණ තෙම ස්ප්‍රෂ්ටව්‍යයන් මැඩපීයැ, ස්ප්‍රෂ්ටව්‍යයෝ මහණහු නො මැඩපූහ. මහණ තෙම ධර්‍මයන් මැඩපී යැ, ධර්‍මයෝ මහණහු නො මැඩපූහ. ඇවැත්නි මෙ මහණ රූපය මැඩලූයේ යැ, ශබ්දය මැඩලූයේ යැ, ගන්‍ධය මැඩලූයේ යැ, රසය මැඩලූයේ යැ, ස්ප්‍රෂ්ටව්‍යය මැඩලූයේ යැ, ධර්‍මය මැඩලූයේ යයි කියනු ලැබෙයි. කිසි කෙලෙස් කෙනකුන් විසින් නො මඩනා ලද්දේ ‘අභිභූ’ නම් වෙයි. සාංක්ලේශික වූ පුනර්‍භවය ඇතිකරන්නා වූ දරථ සහිත වූ දුඃඛවිපාක ඇති ආයතිභවයෙහි ජාති ජරාමරණ පිණිස පවත්නා වූ ඒ ලාමක අකුශලධර්‍මයන් මැඩලයි. ඇවැත්නි මෙසෙයින් ‘අන්වස්සුත’ වේ නුයි ‘අනවස්සුතො’ යනු වේ.

අනවස‍්සුතො අපරිඩය‍්හමානොති: රාගජෙන පරිළාහෙන අපරිඩය‍්හමානො දොසජෙන පරිළාහෙන අපරිඩය‍්හමානො මොහජෙන පරිළාහෙන අපරිඩය‍්හමානොති ‘අනවස‍්සුතො අපරිඩය‍්හමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො, ‘

අනවස්සුතො අපරිඩය්හමානො යනු: රාගයෙන් උපන් පරිදාහයෙන් නො දැවෙනුයේ ද්වේෂයෙන් උපන් පරිදාහයෙන් නො දැවෙනුයේ මෝහයෙන් උපන් පරිදාහයෙන් නො දැවෙනුයේ නුයි ‘අනවස්සුතො අපරිඩය්හමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.

තෙනාහ සො පච‍්චෙකසම‍්බුද‍්ධො:

එයින් වදාළහ. එ පසේබුදුහු:

“ඔක‍්ඛිත‍්තචක‍්ඛු න ච පාදලොලො ගුත‍්තින්‍ද්‍රියො රක‍්ඛිතමානසානො, අනවස‍්සුතො අපරිඩය‍්හමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

“ඔක්ඛිත්තචක්ඛු -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි