10
10.
10.
ඔහාරයිත්වා ගිහිබ්යඤ්ජනානි සංඡන්නපත්තො’ යථා පාරිච්ඡත්තකො, කාසායවත්ථො අභිනික්ඛමිත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
(කෙස්රැවුළු ආදී) ගිහිව්යඤ්ජනයන් බැහැර කොට සැදුණු පත්ර ඇති පරසතුරුකක් සෙයින් කහවත් ඇති වැ, අභිනිෂ්ක්රමණ කොට කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනෙයි.
ඔහාරයිත්වා ගිහිබ්යඤ්ජනානීති ‘ගිහිබ්යඤ්ජනා’ වුච්චන්ති කෙසා ච මස්සු ච’ -පෙ- දීඝදසානි, ඉති වා. ඔහාරයිත්වා ගිහිබ්යඤ්ජනානීති: ගිහිබ්යඤ්ජනානි ඔරොපයිත්වා සමොරොපයිත්වා නික්ඛිපිත්වා පටිප්පස්සම්භිත්වාති ‘ඔහාරයිත්වා ගිහිබ්යඤ්ජනානි,
ඔහාරයිත්වා ගිහිබ්යඤ්ජානානි- ‘ගිහිව්යඤ්ජනයෝ’ : කෙස් ද රවුළු ද ... දික්දාවලු ඇති වස්ත්ර යනාදිය හෝ කියනු ලැබෙති. ඔහාරයිත්වා ගිහි බ්යඤජනානි යනු: ගිහිබ්යඤ්ජනයන් බැහැර කොට මැනැවින් බැහැර කොට බහාතබා දුරු කොට නුයි “ඔහාරයීත්වා ගිහිබ්යඤ්ජනානි’ යනු වේ.
සඤ්ඡන්නපත්තො යථා පාරිච්ඡත්තකොති යථා සො පාරිජත්තකො කොවිළාරො බහලපත්තපලාසො සන්දච්ඡායො.’ එවමෙව සො පච්චෙකසම්බුද්ධො පරිපුණ්ණපත්තචීවරධරොති ‘සඤ්ඡන්නපත්තො’ යථා පාරිච්ඡත්තකො.
සඤ්ජන්නපත්තො යථා පාරිච්ඡත්තකො යනු: යම්සේ ඒ පරසතු නම් වූ කොබළලරුක බොල්පත්පලු ඇත්තේ ඝන සෙවනලු ඇත්තේ වේද, එසෙයින් මැ ඒ පසේ බුදුහු පරිපූර්ණ පාත්රචීවර ධරනුවාහු නුයි ‘සඤ්ඡන්නපත්තො යථා පාරිච්ඡත්තකො’ යනු වේ.
කාසායවත්ථො අභිනික්ඛමිත්වාති: සො පච්චෙකසම්බුද්ධො සබ්බං ඝරාවාසපළිබොධං ඡින්දිත්වා පුත්තදාරපළිබොධං ඡින්දිත්වා ඤාතිපළිබොධං ඡින්දිත්වා මිත්තාමච්චපළිබොධං ඡින්දිත්වා සන්නිධිපළිබොධං ඡින්දිත්වා කෙසමස්සුං ඔහාරෙත්වා’ කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිත්වා අකිඤ්චනභාවං උපගන්ත්වා එකො චරති විහරති ඉරීයති වත්තෙති පාලෙති යපෙති යාපෙතීති ‘කාසායවත්ථො අභිනික්ඛමිත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො’
කාසායවත්ථො අභිනික්ඛමිත්වා යනු: ඒ පසේ බුදුහු හැම ගෘහවාසපළිබොධ සිඳ අඹුදරු පළිබෝධ සිඳ ඥාතිපළිබොධ සිඳ සගයහළු පළිබෝධ සිඳ සන්නිධිපළිබොධ සිඳ කෙස්රවුළු බහා කහවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදි වැ අකිඤ්චනභාවයට (කිසිත් නැති බවට) පැමිණ එකලා වැ හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති වැටෙති රැකෙති යැපෙති යාපනය කෙරෙත් නුයි “කාසායවත්ථො අභිනික්ඛමිත්වා ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
තෙනාහ සො පච්චෙකසම්බුද්ධො:
එයින් වදාළහ. එ පසේබුදුහු:
“ඔහාරයිත්වා ගිහිබ්යඤ්ජනානි සඤ්ඡන්නපත්තො යථාපාරිච්ඡත්තකො, කාසායවත්ථො අභිනික්ඛමිත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති.
“ඔහාරයිත්වා -පො- ඒකෝ චරෙ බග්ගවිසාණප්පො” යි.
තතියො වග්ගො.
තුන් වැනි වර්ගයි.