යෙදුමෙන් කියවන්න

1

1.

1.

රසෙසු ගෙධං අකරං අලොලො අනඤ‍්ඤපොසී සපදානචාරී, කුලෙ කුලෙ අප‍්පටිබද‍්ධචිත‍්තො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

රසයෙහි ගිජු බව නො කරනුයේ ලොල් නො වූයේ අනෙකක්හු නුපුස්නාසුලු වූයේ ගෙපිළිවෙළින් පිඬුසිඟා වඩනුයේ කුලයෙහි (කෙලෙස් විසින්) නො ලැගි සිත් ඇත්තේ කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.

රසෙසු ගෙධං අකරං අලොලොති ‘රසො’ති: මූලරසො ඛන්‍ධරසො තචරසො පත‍්තරසො පුප‍්ඵරසො ඵලරසො, අම‍්බිලං මධුරං තිත‍්තකං කටුකං ලොණිකං’ ඛාරිකං ලපිලං’ කසාවො සාදුං අසාදුං සීතං උණ‍්හං. සන‍්තෙකෙ සමණබ්‍රාහ‍්මණා රසගිද‍්ධා, තෙ ජිව‍්හග‍්ගෙන රසග‍්ගානි පරියෙසන‍්තා ආහිණ‍්ඩන‍්ති, තෙ අම‍්බිලං ලභිත්‍වා අනම‍්බිලං පරියෙසන‍්ති, අනම‍්බිලං ලභිත්‍වා අම‍්බිලං පරියෙසන‍්ති, මධුරං ලභිත්‍වා අමධුරං පරියෙසන‍්ති, අමධුරං ලභිත්‍වා මධුරං පරියෙසන‍්ති, තිත‍්තකං ලභිත්‍වා අතිත‍්තකං පරියෙසන‍්ති, අතිත‍්තකං ලභිත්‍වා තිත‍්තකං පරියෙසන‍්ති, කටුකං ලභිත්‍වා අකටුකං පරියෙසන‍්ති අකටුකං ලභිත්‍වා කටුකං පරියෙසන‍්ති, ලොණිකං ලභිත්‍වා අලොණිකං පරියෙසන‍්ති, අලොණිකං ලභිත්‍වා ලොණිකං පරියෙසන‍්ති, ඛාරිකං ලභිත්‍වා අඛාරිකං පරියෙසන‍්ති, අඛාරිකං ලභිත්‍වා ඛාරිකං පරියෙසන‍්ති, කසාවං ලභිත්‍වා අකසාවං පරියෙසන‍්ති, අකසාවං ලභිත්‍වා කසාවං පරියෙසන‍්ති, ලපිලං ලභිත්‍වා අලපිලං පරියෙසන‍්ති, අලපිලං ලභිත්‍වා ලපිලං පරියෙසන‍්ති, සාදුං ලභිත්‍වා අසාදුං පරියෙසන‍්ති, අසාදුං ලභිත්‍වා සාදුං පරියෙසන‍්ති, සීතං ලභිත්‍වා උණ‍්හං පරියෙසන‍්ති, උණ‍්හං ලභිත්‍වා සීතං පරියෙසන‍්ති, තෙ යං යං ලභන‍්ති තෙන තෙන න තුස‍්සන‍්ති, අපරාපරං පරියෙසන‍්ති, මනාපිකෙසු රසෙසු රත‍්තා ගිද‍්ධා ගධිතා මුච‍්ඡිතා අජ‍්ඣොපන‍්නා, ලග‍්ගා ලග‍්ගිතා පළිබුද‍්ධා, සා රසතණ‍්හා තස‍්ස පච‍්චෙකබුද‍්ධස‍්ස පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. තස‍්මා සො පච‍්චෙකසම‍්බුද‍්ධො පටිසඞ‍්ඛා යොනිසො ආහාරං ආහාරෙති, නෙව දවාය න මදාය න මණ‍්ඩනාය න විභූසනාය යාවදෙව ඉමස‍්ස කායස‍්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්‍රහ‍්මචරියානුග‍්ගහාය, ඉතිපුරාණං ච වෙදනං පටිහඞ‍්ඛාමි, නවං ච වෙදනං න උප‍්පාදෙස‍්සාමි, යාත්‍රා ච මෙ භවිස‍්සති අනවජ‍්ජතා ච ඵාසුවිහාරො ච. යථා වණං ආලිම‍්පෙය්‍ය යාවදෙව රොපනත්‍ථාය, යථා වා පන අක‍්ඛං අබ‍්භඤ‍්ජෙය්‍ය යාවදෙව භාරස‍්ස නිත්‍ථරණත්‍ථාය, යථා වා පන පුත‍්තමංසං ආහාරං ආහරෙය්‍ය යාවදෙව කන‍්තාරස‍්ස නිත්‍ථරණත්‍ථාය. එවමෙව සො පච‍්චෙකසම‍්බුද‍්ධො පටිසඞ‍්ඛා යොනිසො ආහාරං ආහාරෙති, නෙව දවාය න මදාය න මණ‍්ඩනාය න විභූසනාය යාවදෙව ඉමස‍්ස කායස‍්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්‍රහ‍්මචරියානුග‍්ගහාය, ඉති පුරාණං ච වෙදනං පටිහඞ‍්ඛාමි, නවං ච වෙදනං න උප‍්පාදෙස‍්සාමි,

රසෙසු ගෙධං අකරණං අලොලො- ‘රසො’ යනු: මුල්රස යැ කඳරස යැ පොතුරස යැ පත්රස යැ මල්රස යැ පලරස යැ, ඇඹුල මිහිර තිත්තරස යැ කුළුරස යැ ලුණුරස යැ කරරස යැ (ගිවුළු ආදි) ලපිල රස යැ කසටරස යැ ඉටුරස යැ අනිටුරුස යැ සිහිල්රස යැ උණුරස යි. රසයෙහි ගිජු වූ ඇතැම් මහණ බමුණෝ ඇති. ඔහු දිවගින් අග්‍රරසයන් පිරියෙස් (සොය) මින් ඇවිදුති, ඔහු ඇඹුල ලැබ නො ඇඹුල පිරියෙස්ති (සොයති) නො ඇඹුල ලැබ ඇඹුල පිරියෙස්ති, (ගිතෙල් ඈ) මිහිරිරස ලැබ නොමිහිරිරස පිරියෙස්ති නො මිහිරිරස ලැබ මිහිරිරස පිරියෙස්ති, තිත්තරස ලැබ අතිත්තකරස පිරියෙස්ති, අතිත්තකරස ලැබ තිත්තරස පිරියෙස්ති, කුළුරස ලැබ නො කුළුරස පිරියෙස්ති, නො කුළුරස ලැබ කුළුරස පිරියෙස්ති, ලුණුරස ලැබ ලුණු නැත්ත පිරියෙස්ති, ලුණුනැත්ත ලැබ ලුණුරස පිරියෙස්ති, කරරස ලැබ අබාරිකය (කරරස නැත්ත) පිරියෙස්ති, කරරස නැත්ත ලැබ කරරස පිරියෙස්ති, කසටරස ලැබ කසටරස නැත්ත පිරියෙස්ති, කසටරස නැත්ත ලැබ කසටරස පිරියෙස්ති, ලපිලරස ලැබ ලපිලරස නැත්ත පිරියෙස්ති, ලපිල රස නැත්ත ලැබ ලපිලරස පිරියෙස්ති, ඉටුරස ලැබ අනිටුරස පිරියෙස්ති, අනිටුරස ලැබ ඉටුරස පිරියෙස්ති, සිහිල්රස ලැබ උණුරස පිරියෙස්ති, උණුරස ලැබ සිහිල් රස පිරියෙසිත්. ඔහු යම් යම් රසයක් ලබත්ද ඒ ඒ රසයෙන් තුටු නො වෙති. මනවඩන රසයන්හි ඇලුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු බැස ගත්තාහු ලැගුණාහු ලග්නිත වූවාහු පරිරුද්ධ වූවාහු මතුමත්තෙහි පිරියෙසිත්. ඒ රසතෘෂ්ණාව ඒ පසේබුදුන් විසින් ප්‍රහීණ යැ, උසුන් මුල් ඇත්තී යැ. හිස්සුන් තල්රුකක් සෙයින් අවස්තු කරන ලද යැ. අනු අභාවය කරන ලද යැ ආයති භවයෙහි නූපදනා පියවි ඇත්තී යැ, එයින් ඒ පසේබුදුහු නුවණින් විමසා අහර වළඳති. කෙළි පිණිස නො මැ වළඳති, මද පිණිස-අලඞ්කාර පිණිස - සැරසුම් පිණිස නො වළඳති, යම්තාක් මේ කය පැවැත්ම පිණිස යැපීම පිණිස බඩගිනි වේදනා නැසීම පිණිස බඹසරට අනුග්‍රහ පිණිස වළඳත්. මෙසේ පැරැණි බඩගිනි වේදනා නසමි අලුත් වේදනාත් නූපදවමි මාගේ යැපීම ද වන්නේ යැ අනවද්‍යභාවය ද සුවවිහරණය ද වන්නේ යැ යි. යම්සේ මස්වැඩීම පමණට ව්‍රණය ආලේප කරන්නේ ද, තවද යම්සේ බර ගෙන යන පමණට අක්ෂය තෙල් ගල්වන්නේ ද, තවද යම්සේ කතරමඟ තරණය කරන පමණට පුත්‍රමාංසාහාරය අනුභව කරන්නේ ද, එපරිද්දෙන් මැ පසේ බුදුහු නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට අහර වළඳති, නො මැ කෙළි පිණිස වළඳති ...

යාත්‍රා ච මෙ භවිස‍්සති අනවජ‍්ජතා ච ඵාසුවිහාරො ව ති. රසතණ‍්හං පජහති විනොදෙති බ්‍යන‍්තීකරොති අනභාවං ගමෙති, රසතණ‍්හාය ආරතො විරතො පටිවිරතො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදිකතෙන චෙතසා විහරතීති ‘රසෙසු ගෙධං’. අලොලොති ‘ලොලුප‍්පං වුච‍්චති තණ‍්හා, “යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසලමූලං. “සා ලොලුප‍්පා තණ‍්හා තස‍්ස පච‍්චෙකසම‍්බුද‍්ධස‍්ස පහීනා උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා, තස‍්මා පච‍්චෙකසම‍්බුද‍්ධො අලොලොති ‘රසෙසු ගෙධං අකරං අලොලො.’

මාගේ ජීවිතයාත්‍රාව ද අනවද්‍යතාව ද ඵාසුවිහරණය ද වන්නේ යැ’ යි රසතෘෂ්ණාව දුරු කෙරෙති, බැහැර කෙරෙති, විගතාන්ත කෙරෙති අනභාවයට පමුණුවති. රසතෘෂ්ණාවෙන් දුරු වූවාහු වෙන්වූවාහු වෙසෙසින් වෙන්වූවාහු නික්මුණාහු නික්මැගියාහු වෙසෙසින් මිදුණාහු විසංයුක්ත වූවාහු වන්නාහ, විගතර්‍ම්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කෙරෙත් නුයි ‘රසෙසු ගෙධං’ යනුවේ. අලොලො යනු: ‘ලොලුප්ප’යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එයයි. ඒ ලොලුප්ප සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ඒ පසේබුදුනට ප්‍රහීණ යැ උසුන් මුල් ඇත්තී යැ තාලවස්තුවක් මෙන් කරන ලද අනු අභාවය කරන ලද මත්තෙහි නූපදනා පියවි ඇත්තී යැ, එයින් පසේ බුදුහු ‘අලෝල’වෙත් නුයි ‘රසෙසු ගෙධං අකරං අලෝලො’යනු වේ.

අනඤ‍්ඤපොසී සපදානචාරීති: ‘අනඤ‍්ඤපොසී’ති සො පච‍්චෙකසම‍්බුද‍්ධො අත‍්තානඤ‍්ඤෙව පොසෙති න පරන‍්ති,

අනුඤ්ඤපොසී සපදානවාරි- ‘අනඤ්ඤපෝසී’ යනු: ඒ පසේබුදුහු තමන් මැ පෝෂණය කෙරෙති මෙරමා පෝෂණය නො කෙරෙත් නුයි,

1. “අනඤ‍්ඤපොසීං අඤ‍්ඤාතං දන‍්තං සාරෙ පතිට‍්ඨිතං. ඛීණාසවං වන‍්තදොසං තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති.

1. “තමා විසින් පෝෂණය කළ යුතු අනෙකක්හු නැති දන්නා ලද සත්‍යය ඇති දමනය කළ ඉඳුරන් ඇති නිර්වාණසාරයෙහි පිහිටි වාන්ත වූ ද්වේෂ ඇති ඒ ක්ෂීණස්‍රවයා ‘බ්‍රාහ්මණ’ යයි මම් කියමි”යි.

අනඤ‍්ඤපොසී සපදානචාරීති: සො පච‍්චෙකසම‍්බුද‍්ධො පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ‍්ඩාය පවිසති රක‍්ඛිතෙනෙව කායෙන රක‍්ඛිතාය වාචාය රක‍්ඛිතෙන චිත‍්තෙන උපට‍්ඨිතාය සතියා සංවුතෙහි ඉන්‍ද්‍රියෙහි ඔක‍්ඛිත‍්තචක‍්ඛූ ඉරියාපථසම‍්පන‍්නො, කුලාකුලං අනතික‍්කමන‍්තො පිණ‍්ඩාය චරතීති ‘අනඤ‍්ඤපොසී සපදානචාරී.’

අනඤ්ඤපොසී සපදාචාරී යනු: ඒ පසේ බුදුහු පෙරවරු කාලයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන රක්නාලද කායද්වාරයෙන් යුක්ත වැ රක්නාලද වාග්ද්වාරයෙන් යුක්ත වැ රක්නාලද මනෝද්වාරයෙන් යුක්ත වැ එළඹැසිටි සිහියෙන් යුක්ත වැ සංවර කළ ඉඳුරන් ඇති වැ යට බලාලු ඇස් ඇති වැ පිරිපුන් ඉරියවු ඇති වැ ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙති, කුලයෙන් කුලය නො ඉක්මෙමින් පිඬු පිණිස හැසිරෙත්නුයි ‘අනුඤ්ඤපොසී සපදානචාරී’ යනු වේ.

කුලෙ කුලෙ අප‍්පටිබද‍්ධචිත‍්තොති: ද‍්වීහි කාරණෙහි පටිබද‍්ධචිත‍්තො හොති: අත‍්තානං වා නීචං ඨපෙන‍්තො පරං උච‍්චං ඨපෙන‍්තො පටිබද‍්ධචිත‍්තො හොති, අත‍්තානං වා උච‍්චං ඨපෙන‍්තො පරං නීචං ඨපෙන‍්තො පටිබද‍්ධචිත‍්තො හොති.

කුලෙ කුලෙ අප්පටිබද්ධචිත්තො’- දෙ කරුණෙකින් ඇලුණුසිත් ඇත්තේ වෙයි: තමා හෝ පහත් කොට තබමින් මෙරමා උස් කොට තබනුයේ පිළිබැඳිසිත් ඇති වෙයි. තමා හෝ උස් කොට තබමින් මෙරමා පහත් කොට තබනුයේ පිළිබැඳිසිත් ඇති වෙයි.

කථං අත‍්තානං නීචං ඨපෙන‍්තො පරං උච‍්චං ඨපෙන‍්තො පටිබද‍්ධචිත‍්තො හොති: තුම‍්හෙ මෙ බහූපකාරා, අහං තුම‍්හෙ නිස‍්සාය ලභාමි චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං යෙපි මෙ අඤ‍්ඤෙ දාතුං වා කාතුං වා මඤ‍්ඤන‍්ති, තුම‍්හෙ නිස‍්සාය තුම‍්හෙ සම‍්පස‍්සන‍්තා, යම‍්පි මෙ පොරාණං මාතාපෙත‍්තිකං නාමගොත‍්තං. තම‍්පි මෙ අන‍්තරහිතං, තුම‍්හෙහි අහං ඤායාමි අසුකස‍්ස කුලුපකො අසුකාය කුලුපකොති. එවං අත‍්තානං නීචං ඨපෙන‍්තො පරං උච‍්චං ඨපෙන‍්තො පටිබද‍්ධචිත‍්තො හොති. කථං අත‍්තානං උච‍්චං ඨපෙන‍්තො පරං නීචං ඨපෙන‍්තො පටිබද‍්ධචිත‍්තො හොති: අහං තුම‍්හාකං බහූපකාරො, තුම‍්හෙ මං ආගම‍්ම බුද‍්ධං සරණං ගතා, ධම‍්මං සරණං ගතා, සඞ‍්ඝං සරණං ගතා, පාණාතිපාතා පටිවිරතා, අදින‍්නාදානා පටිවිරතා, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතා, මුසාවාදා පටිවිරතා සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතා. තුම‍්හාකං අහං උද‍්දෙසං දෙමි, පරිපුච‍්ඡං දෙමි, උපොසථං ආචික‍්ඛාමි, නවකම‍්මං අධිට‍්ඨාමි. අථ ච පන තුම‍්හෙ මං උජ‍්ඣිත්‍වා අඤ‍්ඤෙ සක‍්කරොථ ගරුකරොථ මානෙථ පුජෙථාති. එවං අත‍්තානං උච‍්චං ඨපෙන‍්තො පරං නීචං ඨපෙන‍්තො පටිබද‍්ධචිත‍්තො හොති.

කිසෙයින් තමා නීච කොට තබමින් මෙරමා උස් කොට තබනුයේ පිළිබැඳිසිත් ඇති වේ ද යත්: ‘තෙපි මට බොහෝ උපකාර ඇතියව මම් තොප නිසා සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලැබෙමි මේ අන්හු ද දෙන්නට හෝ කරන්නට හෝ සිතත් නම් තොප නිසා තොප බලමින් (දෙන්නට සිතති) මව්පියන් සතු මාගේ යම් පැරණි නාමගොත්‍රයෙක් වී නම් මාගේ ඒ නම්ගොත් ද වැසිණි. තොප නිසා මම් අසුවල්හුගේ කුලුපග යැ, අසෝ තැනැත්තිය ගේ කුලුපග යැ යි ප්‍රකට වෙමි. මෙසෙයින් තමා නීච කෙරෙමින් පරා උසස් කරනුයේ පිළිබැඳි සිත් ඇතියේ වෙයි. කිසෙයින් තමා උසස් කෙරෙමින් පරා නීච කොට තබනුයේ පිළිබැඳි සිත් ඇති වේ ද යත්: මම් තොපට බොහෝ උපකාර ඇතියෙමි තෙපි මා කරා අවුදු බුදුන් සරණ ගියව, දහම් සරණ ගියව, සඟුන් සරණ ගියව, ප්‍රාණවධයෙන් වැළැක්ක වූ යැ අදත්තාදානයෙන්-කාමමිථ්‍යා චාරයෙන්- මෘෂාවාදයෙන්- මදප්‍රමාදයට කාරණ වූ රහමෙර පීමෙන් වැළැක්කවූ යැ. මම් තොපට උද්දේශ දෙමි, පරිපෘච්ඡා දෙමි, පොහොය පවසමි, නවහම්හි පිහිට වෙමි. එතෙකුදු වත් තෙපි මා හැරපියා අනුනට සත්කාර කරව, ගරු කරව, බුහුමන් කරව, පුද කරව යි මෙසේ තමා උස් කොට තබමින් පරා පහත් කොට තබනුයේ පිළිබැඳිසිත් ඇතියේ වේ.

කුලෙ කුලෙ අප‍්පටිබද‍්ධචිත‍්තොති: සො පච‍්චෙකසම‍්බුද‍්ධො කුලපළිබොධෙන අප‍්පටිබද‍්ධචිත‍්තො හොති, ගණපළිබොධෙන අප‍්පටිබද‍්ධචිත‍්තො හොති, ආවාසපළිබොධෙන අප‍්පටිබද‍්ධචිත‍්තො හොති, චීවරපළිබොධෙන අප‍්පටිබද‍්ධචිත‍්තො හොති, පිණ‍්ඩපාතපළිබොධෙන අප‍්පටිබද‍්ධචිත‍්තො හොති, සෙනාසනපළිබොධෙන අප‍්පටිබද‍්ධචිත‍්තො හොති, ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරපළිබොධෙන අප‍්පටිබද‍්ධචිත‍්තො හොතීති-කුලෙ කුලෙ අප‍්පටිබද‍්ධචිත‍්තො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො’.

කුලෙ කුලෙ අප්පටිබද්ධචිත්තො යනු: ඒ පසේබුදුහු කුලපළිබොධයෙන් නො ලැගුණුසිත් ඇත්තාහු වෙති, ගණපළිබොධයෙන් නො ලැගුණුසිත් ඇත්තාහු වෙති, ආවාස පළිබොධයෙන් නො ලැගුණුසිත් ඇත්තාහු වෙති, චීවරපළිබොධයෙන්- පිණ්ඩපාත පළිබොධයෙන්- සෙනාසනපළිබොධයෙන්- ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරපළිබොධයෙන් නො ලැගුණු සිත් ඇත්තාහු වෙත් නුයි ‘කුලෙ කුලෙ අප්පටිබද්ධචිත්තො ඒකෝ චරෙ ඛග්ගවිසාණ කප්පො”යනු වේ.

තෙනාහ සො පච‍්චෙකසම‍්බුද‍්ධො:

එයින් වදාළහ. එ පසේබුදුහු:

“රසෙසු ගෙධං අකරං අලොලො අනඤ‍්ඤපොසී සපදානචාරී, කුලෙ කුලෙ අප‍්පටිබද‍්ධචිත‍්තො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.”

“රසෙසු ගෙධං අකාරං -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.