8
8.
8.
සීතං ච උණ‍්හං ච ඛුදං පිපාසං වාතාතපෙ’ ඩංසසිරිංසපෙ ච,’ සබ‍්බානිපෙතානි අභිසම‍්භවිත්‍වා එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.
සිහිලස ද උණුසුම ද සාපවස් ද වා - අවු- වැසි - මදුරුවන් හා සපුන්ද යන තෙල සියල්ල මැඩ ගෙන කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනෙම්.
සීතං ච උණ‍්හං ච ඛුදං පිපාසන‍්ති: ‘සීත’න‍්ති ද‍්වීහි කාරණෙහි සීතං හොති: අබ‍්භන‍්තරධාතුකොපවසෙන වා සීතං හොති, බහිද‍්ධා උතුවසෙන වා සීතං වා හොති. උණ‍්හන‍්ති ද‍්වීහි කාරෙණෙහි උණ‍්හං හොති: අබ‍්භන‍්තරධාතුකොපවසෙන වා උණ‍්හං හොති, බහිද‍්ධා උතුවසෙන වා උණ‍්හං හොති, ඛුදා වුච‍්චති ඡාතකො, පිපාසා වුච‍්චති උදකපිපාසාති. ‘සීතං ච උණ‍්හං ච ඛුදං පිපාසං.’
සීතඤ්‌ච උණ්‌හඤ්‌ච ඛුදං පිපාසං, - ‘සීතං’ යනු: දෙ කරුණෙකින් ශීත වෙයි: ඇතුළත ධාතුකෝප වශයෙන් හෝ ශීත වෙයි: පිටත ඍතු වශයෙන් හෝ ශීත වේ. උණ්හං යනු: දෙ කරුණෙකින් උෂ්ණ වෙයි: ඇතුළත ධාතුකෝප වශයෙන් හෝ උෂ්ණ වෙයි, පිටත ඍතු වශයෙන් හෝ උෂ්ණ වේ. බුදා යි සාය කියනු ලැබෙයි. පිපාසා යි පැන් බොනු කැමැත්ත කියනු ලැබේ නුයි “සීතඤ්‌ච උණ්‌හඤ්‌ච ඛුදං පිපාසං, -’ යනු වේ.
වාතාතපෙ ඩංසසිරිංසපෙ චාති ‘වාතා’ති පුරත්‍ථිමා වාතා පච‍්ඡිමා වාතා උත‍්තරා වාතා දක‍්ඛිණා වාතා සරජා වාතා අරජා වාතා සීතා වාතා උණ‍්හා වාතා පරිත‍්තා වාතා අධිමත‍්තා වාතා කාළවාතා’ වෙරම‍්බවාතා පක‍්ඛවාතා සුපණ‍්ණවාතා තාලපණ‍්ණවාතා විධුපනවාතා. ආතපො වුච‍්චති සුරියසන‍්තාපො. ඩංසා වුච‍්චන‍්ති පීඞ‍්ගලමක‍්ඛිකා. සිරිංසපා වුච‍්චන‍්ති අහීති ‘වාතාතපෙ ඩංසසිරිංසපෙ ච.’
වාතාතපෙ ඩංසසරීසපෙ ච - ‘වාතා’ යනු: පෙරදිග වාතයෝ යැ පැළදිග වාතයෝ යැ උතුරුදිග වාතයෝ යැ දකුණුදිග වාතයෝ යැ රජස් සහිත වාතයෝ යැ රජස් රහිත වාතයෝ යැ ශීතවාතයෝ යැ උෂ්ණ වාතයෝ යැ මඳපවන් යැ අධිකවාතයෝ යැ කාලවාතයෝ යැ වේරම්බ වාතයෝ යැ පියාපත් පවන යැ ගුරුළුපවන යැ තල්පත්වන යැ (වල්විදුනා ආදියෙන් සලන) විධූපන වාතයෝ යි. ‘ආතප’ යි සූර්යසන්තාපය කියනු ලැබෙයි. ‘ඩංස’ යි ඇට මැස්සෝ කියනු ලැබෙති. ‘සිරිසංපා’ යි සර්‍පයෝ කියනු ලැබෙත් නුයි ‘වාතාතපෙ ඩංසසරීසපෙ ච’ යනු වේ.
සබ‍්බානිපෙතානි අභිසම‍්භවිත්‍වාති, අභිභවිත්‍වා අජ‍්ඣොත්‍ථරිත්‍වා පරියාදියිත්‍වා මද‍්දිත්‍වාති සබ‍්බානි පෙතානි අභිසම‍්භවිත්‍වා එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො’.
සබ්‌බානිපෙතානි අභිසම්‌භවිත්‌වාති යනු: අභිභවනය කොට වතුරුවා හාත්පසින් මැඩගෙන නුයි ‘සබ්‌බානිපෙතානි අභිසම්‌භවිත්‌වාති එකොචරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
තෙනාහ සො පච‍්චෙකසම‍්බුද‍්ධො:
එයින් වදාළහ ඒ පසේ බුදුහු:
“සීතං ච උණ‍්හං ච ඛුදං පිපාසං වාතාපෙ ඩංසසිරිංසපෙ ව, සබ‍්බානි පෙතානි අභිසම‍්භවිත්‍වා එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.
“සීතඤ්‌ච උණ්‌හඤ්‌ච -පෙ- එකොචරෙ ඛග්ගවිසාණකප්පො” යි