යෙදුමෙන් කියවන්න

10

10.

10.

රාගං ච දොසං ච පහාය මොහං සන්‍දාලයිත්‍වාන සඤ‍්ඤොජනානි, අසන‍්තසං ජීවිතසඞ‍්ඛයම‍්හි එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

රාගය ද ද්වේෂය ද මෝහය ද දුරු කොට දස සංයෝජනයන් ප්‍රදාලනය කොට ජීවිතක්ෂයෙහි ත්‍රස්ත නො වනුයේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යි.

රාගං ච දොසං ච පහාය මොහන‍්ති ‘රාගො’ති “යො රාගො සාරාගො -පෙ- අභිජ‍්ඣා ලොභො අකුසල මූලං.” දොසොති “යො චිත‍්තස‍්ස ආඝාතො -පෙ- චණ‍්ඩික‍්කං අසුරොපො අනත‍්තමනතා චිත‍්තස‍්ස”. මොහොති “දුක‍්ඛෙ අඤ‍්ඤාණං -පෙ- අවිජ‍්ජාලඞ‍්ගී මොහො අකුසලමූලං”. රාගං ච දොසං ච පහාය මොහන‍්ති සො පච‍්චෙකසම‍්බුද‍්ධො රාගං ච දොසං ච මොහං ච පහාය පජහිත්‍වා විනොදෙත්‍වා බ්‍යන‍්තීකරිත්‍වා අනභාවං ගමෙත්‍වාති ‘රාගං ච දොසං ච පහාය මොහං.’

රාගඤ්ච දොසඤ්ච පහාය මොහං - “රාගො” යනු: “යම් රාගයෙක් සංරාගයෙක් . . අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. දෝසෝ යනු: “චිත්තයා ගේ යම් ආඝාතයෙක් ... සැඩ බවෙක් නො පිරිපුන් වචන ඇති බවෙක් චිත්තයා ගේ නො සතුටු බවෙක් වේ ද එය යි. මොහො යනු: “දුඃඛසත්‍යයෙහි නො දැනීම යැ ... අවිද්‍යා ලඞ්ගියක් මෝහ අකුශල මූලයෙක් වේ ද එය යි. රාගඤ්ච දොසඤ්ච පහාය මොහං යනු: ඒ පසේබුදුහු රාගය ද ද්වේෂය ද මෝහය ද හැර හැරපියා දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි “රාගඤ්ච දෝසඤ්ච පහාය මොහං”යනු වේ.

සන්‍දාලයිත්‍වාන සඤ‍්ඤොජනානීති: දස සඤ‍්ඤොජනානි’. කාමරාගසඤ‍්ඤොජනං පටිඝසඤ‍්ඤොජනං -පෙ- අවිජ‍්ජාසඤ‍්ඤොජනං, සන්‍දාලයිත්‍වාන සඤ‍්ඤොජනානීති: සංයොජනානි සන්‍දාලයිත්‍වා පදාලයිත්‍වා සංපදාලයිත්‍වා පජහිත්‍වා විනොදෙත්‍වා බ්‍යන‍්තීකරිත්‍වා අනභාවං ගමෙත්‍වාති ‘සන්‍දාලයිත්‍වාන සඤ‍්ඤොජනානි’.

සන්දාලයිත්‍වාන සඤ්ඤොජනානි - සංයෝජන දශයෙකි: කාම රාගසංයොජන යැ ප්‍රතිඝසංයෝජන යැ. . . අවිද්‍යා සංයෝජන යි. සන්‍දාලයිත්‍වාන සංයොජනානි යනු: සංයෝජනයන් සන්‍දාලනය කොට ප්‍රදාලනය කොට සම්ප්‍රදාලනය කොට දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘සන්දාලයිත්‍වාන සඤ්ඤොජනාති”යනු වේ.

අසන‍්තසං ජීවිතසඞ‍්ඛයම‍්භීති: සො පච‍්චෙකසම‍්බුද‍්ධො ජීවිතපරියොසානෙ අසන‍්තාසී අනුත්‍රාසී අනුබ‍්බිග‍්ගො අනුස‍්සඞ‍්කී අනුත්‍රාසො අභීරු අච‍්ඡම‍්භී අනුත්‍රාසි අපලායි පහීනභයභෙරවො විගතලොමහංසො විහරතීති ‘අසන‍්තසං ජීවිතසඞ‍්ඛයම‍්හි එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.’

අසන්තසං ජීවිතසඞ්ඛයම්හි යනු: ඒ පසේ බුදුහු දිවි කෙළවර ත්‍රස්ත නො වන සුල්ලහ උත්‍රස්ත නො වනුවහ උද්වේග නො වනුවහ නො සැක වනුවහ නො තැතිගනුවහ නො බිය සුල්ලහ නො සැලෙනුවහ උත්‍රාස නො වනුවහ නො පලායන සුල්ලෙහ ප්‍රහීණ වූ බිය හා බිය අරමුණු ඇතියහ පහ වූ ලොමුදහ ඇති වැ වෙසෙත් නුයි. “අසන්තසං ජීවිතසඩ්ඛයම්හි ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යනු වේ.

තෙනාහ සො පච‍්චෙකසම‍්බුද‍්ධො:

එයින් වදාළහ. ඒ පසේ බුදුහු:

“රාගං ච දොසං පහාය මොහං සන්‍දාලයිත්‍වාන සඤ‍්ඤොජනානි, න අසන‍්තසං ජීවිතසඞ‍්ඛයම‍්හි එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

“රාගඤව දොසඤච පහාය මොහං -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.