9
9.
9.
මෙත්තං උපෙක්ඛං කරුණං විමුත‍්තිං ආසෙවමානො මුදිතං ච කාලෙ, සබ‍්බෙන ලොකෙන අවිරුජ‍්ඣමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.
යුක්තප්‍රාප්තකාලයෙහි මෛත්‍රිය ද උපේක්‍ෂාව ද කරුණාව ද මෘදුතාව ද යන චතුර්විධ විමුක්තිය සෙවුනේ සියලු ලෝකයා හා සමඟ අවිරොධ වෙමින් කගවෙහෙණහඟක් මෙන් එකලා වැ හැසිරෙන්නේයි.
මෙත‍්තං උපෙක්ඛං කරුණං විමුත‍්තිං ආසෙවමානො මුදිතං ච කාලෙති සො පච‍්චෙකසම‍්බුද‍්ධො මෙත‍්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරති. තථා දුතියං තථා තතියං තථා චතුත්‍ථං, ඉති උද‍්ධමධො තිරියං සබ‍්බධී සබ‍්බත‍්තතාය සබ‍්බාවන‍්තං ලොකං මෙත‍්තාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරති, කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක‍්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන ඵරිත්‍වා විහරතීති ‘මෙත‍්තං උපෙක්ඛං කරුණං විමුත‍්තිං ආසෙවමානො මුදිතං ච කාලෙ’.
මෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං ආසෙවමාතො මුදිතඤ්ච කාලෙ යනු: ඒ පසේබුදුහු මෛත්‍රි සහගත සිතින් එක් දෙසක් ස්පර්‍ශ කොට වෙසෙති, එසෙයින් දෙ වැනි දෙස ද එසෙයින් තෙ වැනි දෙස ද එසෙයින් සිව් වැනි දෙස ද ස්පර්‍ශ කොට වෙසෙති, මෙසේ උඩ යැ යට යැ සරස යැ යන සියලු තැන්හි සර්‍වාත්මතායෙන් සියලු සත්ත්‍වයන් ඇති ලොව මෛත්‍රී සහගත වූ විපුල වූ මහද්ගතවූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක වූ සිතින් ස්පර්‍ශ කොට වෙසෙත් නුයි “මෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං ආදෙසව මානො මුදිතඤ්ච කාලෙ”යනු වේ.
සබ‍්බෙන ලොකෙන අවිරුජ‍්ඣමානොති මෙත‍්තාය භාවිතත‍්තා යෙ පුරත්‍ථිමාය දිසාය සත‍්තා තෙ අප‍්පටිකූලා හොන‍්ති, යෙ පච‍්ඡිමාය දිසාය සත‍්තා-යෙ උත‍්තරාය දිසාය සත‍්තා-යෙ දක‍්ඛිණාය දිසාය සත‍්තා-යෙ පුරත්‍ථිමාය අනුදිසාය සත‍්තා-යෙ පච‍්ඡිමාය අනුදිසාය සත‍්තා-යෙ උත‍්තරාය අනුදිසාය සත‍්තා-යෙ දක‍්ඛිණාය අනුදිසාය සත‍්තා-යෙ හෙට‍්ඨිමාය දිසාය සත‍්තා-යෙ උපරිමාය දිසාය සත‍්තා-යෙ දසසු දිසාසු සත‍්තා තෙ අප‍්පටිකූලා හොන‍්ති, කරුණාය භාවිතත‍්තා-මුදිතාය භාවිතත‍්තා-උපෙක‍්ඛාය භාවිතත‍්තා යෙ පුරත්‍ථිමාය දිසාය සත‍්තා -පෙ- යෙ දසසු දිසාසු සත‍්තා තෙ අප‍්පටිකූලා හොන‍්ති.
සබ්බේන ලොකෙන අවිරුද්ධමානො යනු: මෙත් වැඩු බැවින් පෙරදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද ඔහු අප්‍රතිකූල වූවාහු වෙති, අවරදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද - උතුරු දිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද - දකුණු දිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද - පෙර අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද - අවර අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද උතුරු අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත්ද දකුණු අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද යටදිශායෙහි යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද- උඩ දිශායෙහි යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද- දශ දිශායෙහි යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද ඔහු අප්‍රතිකූල වූවාහු වෙති, කරුණා වැඩු බැවින් මෘදුතා වැඩු බැවින් - උපෙක්ෂා වැඩූ බැවින් පෙරදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද . . . දශදිශායෛහි යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද ඔහු අප්‍රතිකූල වූවාහු වෙත්.
සබ‍්බෙන ලොකෙන අවිරුජ‍්ඣමානොති: සබ‍්බෙන ලොකෙන අවිරුජ‍්ඣමානො අප‍්පටිවිරුජ‍්ඣමානො අනාඝාතියමානො අප‍්පටිහඤ‍්ඤමානොති ‘සබ‍්බෙන ලොකෙන අවිරුජ‍්ඣමානොති එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො’.
සබ්බේන ලොකෙන අවිරුජ්ඣමානො යනු: සියලු ලො වැ සතුන් හා සමග අවිරුද්ධ වන්නාහු අප්‍රතිවිරුද්ධ වන්නාහු නො ගටනු ලබන්නාහු නො නසනු ලබන්නාහු නුයි “සබ්බෙන ලොකෙන අවිරුජ්ඣමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යනු වේ.
තෙනාහ සො පච‍්චෙකසම‍්බුද‍්ධො:
එයින් වදාළහ. ඒ පසේබුදුහු:
“මෙත‍්තං උපෙක්ඛං කරුණං විමුත‍්තිං ආසෙවමානො මුදිතං ච කාලෙ, සබ‍්බෙන ලොකෙන අවිරුජ‍්ඣමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.
“මෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.