යෙදුමෙන් කියවන්න

8

8.

8.

සීහො යථා දාඨාබලී පසය‍්හ රාජා මිගානං අභිභුය්‍ය චාරී, සෙවෙථ පන‍්තානි සෙනාසනානි එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

මෘගයනට රජ වූ කේශරසිංහ තෙමේ දළ බල කොට ඇතියේ යම් සේ (කායබලයෙන්) ලාහෙලා හැසිරේද (තේජසින්) අභිභවා හැසිරේ ද, එසෙයින් වනයෙහි දුර සෙනසුන් සෙවුනේ යැ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යි.

සීහො යථා දාඨාබලී පසය‍්හ, රාජා මිගානං අභිභුය්‍ය චාරීති: යථා සීහො මිගරාජා දාඨාබලී දාඨාවුධො සබ‍්බෙ තිරච‍්ඡානගතෙ පාණෙ අභිභුය්‍ය අභිභවිත්‍වා අජ‍්ඣොත්‍ථරිත්‍වා පරියාදියිත්‍වා මද‍්දිත්‍වා චරති විහරති ඉරීයති වත‍්තෙති පාලෙති යපෙති යාපෙති පච‍්චෙකසම‍්බුද‍්ධොපි පඤ‍්ඤාබලී පඤ‍්ඤාවුධො සබ‍්බපාණභුතෙ පුග‍්ගලෙ පඤ‍්ඤාය අභිභුය්‍ය අභිභවිත්‍වා අජ‍්ඣොත්‍ථරිත්‍වා පරියාදියිත්‍වා මද‍්දිත්‍වා විහරති ඉරීයති වත‍්තෙති පාලෙති යපෙති යාපෙතීති ‘සීහො යථා දාඨාබලී පසය‍්හ රාජා මිගානං අභිභුය්‍ය චාරි:’

සිහො යථා දඨාබලී පසය්හ රාජා මිගානං අභිභූය්‍ය චාරි යනු: යම්සේ සිංහ මෘගරාජ දළ බල කොට ඇතියේ දළ අවි කොට ඇතියේ හැම තිරිසන් ගිය සතුන් මැඩ අභිභවා යටපත් කොට හාත්පසින් ගෙන මර්දනය කොට හැසිරේ ද වෙසේ ද ඉරියවු පවත්වා ද වැටේ ද රැකේ ද යැපේ ද යාපනය කෙරේ ද, එසෙයින් පසේ බුදුහු ද නුවණ බල කොට ඇතියාහු නුවණ අවි කොට ඇතියාහු සියලු ප්‍රාණීන් සියලු පුද්ගලයන් ප්‍රඥායෙන් මැඩ අභිභවා යට කොට හාත්පසින් ගෙන මර්දනය කොට හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති වැටෙති රැකෙති යැපෙති යාපනය වෙත්නු යි ‘සීහො යථා දඨාබලී පසස්හ රාජා මිගානං අභිභූය්‍ය චාරී” යනු වේ.

සෙවෙථ පත‍්තානි සෙනාසනානීති: යථා සීහො මිගරාජා අරඤ‍්ඤෙ වනමජ‍්ඣොගහෙත්‍වා චරති විහරති ඉරීයති වත‍්තෙති පාලෙති යපෙති යාපෙති, පච‍්චෙකසම‍්බුද‍්ධොපි අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවති අප‍්පසද‍්දානි අප‍්පනිග‍්ඝොසානි විජනවාතානි මනුස‍්සරාහසෙය්‍යකානි පටිසල‍්ලානසාරුප‍්පානි. සො එකො ගච‍්ඡති, එකො තිට‍්ඨති, එකො නිසීදති, එකො සෙය්‍යං කප‍්පෙති, එකො ගාමං පිණ‍්ඩාය පවිසති, එකො පටික‍්කමති, එකො රහො නිසීදති, එකො චඞ‍්කමං අධිට‍්ඨාති එකො චරති විහරති ඉරීයති වත‍්තෙති පාලෙති යපෙති යාපෙතීති ‘සෙවෙථ පන‍්තානි සෙනාසනානි එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො:

සෙවෙථ පන්තානි සේනාසනානි යනු; යම්සේ සිංහරාජ අරණ්‍යයෙහි වල් වැද හැසිරේ ද වෙසේ ද ඉරියවු පවත්වා ද වැටේ ද රැකේ ද යැපේ ද යාපනය කෙරේ ද, එසෙයින් පසේබුදුහු අල්පශබ්ද වූ අල්පනිර්ඝෝෂ වූ ජනවාත රහිත වූ මිනිසුන් ගේ රහස්‍ය කාරණයට නිසි වූ විවේකයට නිසි වූ වනසෙනසුන් ද වෙනෙහි දුර සෙනසුන් ද වනකෙළවර සෙනසුන් ද ඇසුරු කෙරෙති. ඒ පසේබුදුහු එකලා වැ යෙති, එකලා වැ සිටිති, එකලා වැ හිඳුති, එකලා වැ හොවිති, එකලා වැ ගමට පිඬුසිඟා පිවිසෙති, එකලා වැපෙරළා යෙති, එකලාවැ රහසැ හිඳුති, එකලාවැ සක්මනට බසිති, එකලා වැ හැසිරෙති, වෙසෙති, ඉරියවු පවත්වති, වැටෙති, රැකෙති, යැපෙති, යපනය කෙරෙත් නුයි ‘සෙවෙථ පන්තානි සේනාසනානි ඒකෝ චරෙ ඛග්ග විසාණකප්පො” යනු වේ.

තෙනාහ සො පච‍්චෙකසම‍්බුද‍්ධො:

එයින් වදාළහ. එ පසේ බුදුහු:

“සීහො යථා දාඨාබලී පසය‍්හ රාජා මිගානං අභිභුය්‍ය චාරී, සෙවෙථ පන‍්තානි සෙනාසනානි එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

“සීහො යථා දාඨාඛලී පසය්හ -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණ කප්පො” යි.