යෙදුමෙන් කියවන්න

7

7.

7.

සීහොව සද‍්දෙසු අසන‍්තසන‍්තා වාතො ව ජාලම‍්හි අසජ‍්ජමානො, පදුමංව තොයෙන අලිප‍්පමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො.

ශබ්දයෙහි කේශරසිංහයකු සෙයින් (අනිත්‍යාදියෙහි) ත්‍රස්ත නො වනුයේ දැලෙහි වාතය සෙයින් (ස්කන්‍ධායතනාදියෙහි) නො ලැගෙනුයේ ජලය හා සමග පියුමක් සෙයින් සියලු භවයෙහි භෝග ලෝභය හා සමග නො තැවැරෙනුයේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේයි.

සීහොව සද‍්දෙසු අසන‍්තසන‍්තොති: යථා සීහො මිගරාජා සද‍්දෙසු අසන‍්තාසී අනුත්‍රාසී, අපරිසන‍්තාසී අනුබ‍්බිග‍්ගො අනුස‍්සඞ‍්කී අනුත්‍රාසො අභීරු අච‍්ඡම‍්භී අනුත්‍රාසී අපලායී, පච‍්චෙකසම‍්බුද‍්ධොපි සද‍්දෙසු අසන‍්තාසී අනුත්‍රාසී අපරිසන‍්තාසී අනුබ‍්බිග‍්ගො අනුස‍්සඞ‍්කී අනුත්‍රාසො අභීරු අච‍්ඡම‍්භී අනුත්‍රාසි අපලායී. පහීනභයභෙරවො විගතලොමහංසො විහරතීති ‘සීහොව සද‍්දෙසු අසන‍්තසන‍්තො’.

සීහොව සද්දෙසු අසන්තසන්තො - යම්සේ සිංහමෘගරාජ ශබ්දයෙහි ත්‍රස්ත නො වන සුලු වූයේ උත්‍රස්ත නො වන සුලු වූයේ හාත්පසින් ත්‍රස්ත නො වන සුලු වූයේ උද්වේග නො වනුයේ නො සැක වූයේ උත්‍රස්ත නො වනුයේ නො බිය වූයේ නො සැලෙනුයේ ත්‍රස්ත නො වනුයේ පලා නො යනුයේ වේ ද, එසෙයින් පසේ බුදුහු ද ශබ්දවිෂයෙහි ත්‍රස්ත නො වන සුලු වූවාහු උත්‍රස්ත නො වන්නාහු හාත්පසින් ත්‍රස්ත නො වනසුලු වූවාහු උද්වේග නො වන්නාහු නො සැක වන්නාහු උත්‍රස්ත නො වන්නාහු නො බිය වන්නාහු නො සැලෙන්නාහු ත්‍රස්ත නො වන්නාහු පලා නො යන්නාහු වෙති. ප්‍රහීණ වූ භය හා භය අරමුණු ඇත්තාහු විගත ලොමහර්ෂ ඇති වැ වාස කෙරෙත් නුයි ‘සීහොව සද්දෙසු අසන්තසන්තො” යනු වේ.

වාතොව ජාලම‍්හි අසජ‍්ජමානොති: වාතො’ති පුරත්‍ථිමා වාතා පච‍්ඡිමා වාතා උත‍්තරා වාතා දක‍්ඛිණා වාතා සරජා වාතා අරජා වාතා සීතා වාතා උණ‍්හා වාතා පරිත‍්තා වාතා අධිමත‍්තා වාතා කාළවාතා වෙරම‍්බවාතා පක‍්ඛවාතා සුපණ‍්ණවාතා තාලවණ‍්ටවාතා විධුපනවාතා. ජාලං වුච‍්චති සුත‍්තජාලං. යථා වාතො ජාලම‍්හි න සජ‍්ජති, න ගණ‍්හාති, න බජ‍්ඣති, න පළිබජ‍්ඣති, එවමෙව ද‍්වෙ ජාලා: තණ‍්හාජාලං ච දිට‍්ඨිජාලං ච -පෙ- ඉදං තණ‍්හාජාලං -පෙ- ඉදං දිට‍්ඨිජාලං. තස‍්ස පච‍්චෙකසම‍්බුද‍්ධස‍්ස තණ‍්හාජාලං පහීනා, දිට‍්ඨිජාලං පටිනිස‍්සට‍්ඨං ‘තණ‍්හාජාලස‍්ස පහීනත‍්තා දිට‍්ඨිජාලස‍්ස පටිනිස‍්සට‍්ඨත‍්තා සො පච‍්චෙකසම‍්බුද‍්ධො රූපෙ න සජ‍්ජති, සද‍්දෙ න සජ‍්ජති -පෙ- දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතබ‍්බෙසු ධම‍්මෙසු න සජ‍්ජති, න ගණ‍්හාති න බජ‍්ඣති න පළිබජ‍්ඣති, නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති ‘වාතොව ජාලම‍්හි අසජ‍්ජමානො.’

වාතොව ජාලම්හි අසජ්ජමානෝ - “වාතො” යනු පෙරදිගින් හමන වාතයෝ යැ අවරදිගින් හමන වාතයෝ යැ. උතුරු දිගින් හමන වාතයෝ යැ. දකුණු දිගින් හමන වාතයෝ යැ. රජස් සහිත වාතයෝ යැ රජස් රහිත වාතයෝ යැ. ශීතවාතයෝ යැ උෂ්ණවාතයෝ යැ. අල්පවාතයෝ යැ අධිමාත්‍ර වාතයෝ යැ. කෘෂ්ණ පක්ෂවාතයෝ යැ. වේරම්බවාතයෝ යැ පක්ෂවාතයෝ යැ. සුපර්ණවාතයෝ යැ තාලවෘන්තවාතයෝ යැ. විධූපනවාතයෝ යි. “ජාල” යි හුයින් කළ දැල කියනු ලැබෙයි. යම්සේ වාතය දැලෙහි නො ලැගේ ද නො ගනී ද නො බැඳේ ද, හාත්පසින් නො බැඳේද එසෙයින් මැ-දැල් දෙකෙකි: තෘෂ්ණාජාලය ද දෘෂ්ටිජාලය දැ යි. . . මේ දෘෂ්ටිජාලය යි. ඒ පසේබුදුනට තෘෂ්ණාජාලය ප්‍රහීණ යැ. දෘෂ්ටිජාලය දුරලන ලද, තෘෂ්ණාජාලය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිජාලය දුරලන ලද වන බැවින් ඒ පසේබුදුහු රූපයෙහි නො ලැගෙති. ශබ්දයෙහි නො ලැගෙති. . . දෘෂ්ට ශ්‍රැත මුත විඥාතව්‍ය ධර්‍මයන්හි නො ලැගෙති නො ගනිති නො බැඳෙති හාත්පසින් නො බැඳෙත් නික්ම ගියාහු බැහැර වූවාහු වෙසෙසින් මිදුණාහු විසංයුක්ත වූවාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වෙසෙත් නුයි “වාතොව ජාලම්හි අසජ්ජමානෝ” යනු වේ.

පදුමංව තොයෙන අලිප‍්පමානොති: ‘පදුමං’ වුච‍්චති පදුමපුප‍්ඵං, ‘තොයං වුච‍්චති උදකං. යථා පදුමපුප‍්ඵං තොයෙන න ලිප‍්පති න පලිප‍්පති න උපලිප‍්පති අලිත‍්තං අපලිත‍්තං අනුපලිත‍්තං. එවමෙව ද‍්වෙ ලෙපා: තණ‍්හාලෙපො ච දිට‍්ඨිලෙපො ච -පෙ- අයං තණ‍්හාලෙපො -පෙ- අයං දිට‍්ඨිලෙපො, තස‍්ස පච‍්චෙකසම‍්බුද‍්ධස‍්ස තණ‍්හාලෙපො පහීනො දිට‍්ඨිලෙපො පටිනිස‍්සට‍්ඨො, තණ‍්හාලෙපස‍්ස පහීනත‍්තා දිට‍්ඨිලෙපස‍්ස පටිනිස‍්සට‍්ඨත‍්තා සො පච‍්චෙකසම‍්බුද‍්ධො රූපෙ න ලිප‍්පති සද‍්දෙ න ලිප‍්පති -පෙ- දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතබ‍්බෙසු ධම‍්මෙසු න ලිප‍්පති න පලිප‍්පති න උපලිප‍්පති, අලිත‍්තො අපලිත‍්තො අනුපලිත‍්තො නික‍්ඛන‍්තො නිස‍්සටො විප‍්පමුත‍්තො විසඤ‍්ඤුත‍්තො විමරියාදීකතෙන චෙතසා විහරතීති ‘පදුමංව තොයෙන අලිප‍්පමානො එකො චරො ඛග‍්ගවිසාණකප‍්පො’

පදුමං ව තොයෙන අලිප්පමානො - “පදුම” යි නෙලුම්මල කියනු ලැබෙයි. “තොය” යි උදකය කියනු ලැබේ යම්සේ නෙලුම් මල දිය හා සමග නො තැවැරේ ද වෙසෙසින් නො තැවැරේ ද හාත්පසින් නො තැවැරේ ද අලිප්ත වූයේ අපලිප්ත වූයේ අනුපලිප්ත වේ ද එසෙයින් මැ ලේපයෝ දෙදෙනෙකි: තෘෂ්ණා ලේපය ද දෘෂ්ටිලේපය ද යි ... මේ දෘෂ්ටිලේප යයි කියනු ලැබේ. ඒ පසේබුදුනට තෘෂ්ණාලේපය ප්‍රහීණයැ දෘෂ්ටිලේපය දුරලන ලද තෘෂ්ණා ලේපය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිලේපය දුරැලූ බැවින් ඒ පසේබුදුහු රූපයෙහි නො ඇලෙති ශබ්දයෙහි නො ඇලෙති . . දෘෂ්ට ශ්‍රැත මුත විඥාතව්‍යධර්මයන්හි නො ඇලෙති, වෙසෙසින් නො ඇලෙති, හාත්පසින් නො ඇලෙති, අලිප්ත වූවාහු අපලිප්ත වූවාහු අනුපලිප්ත වූවාහු නික්ම ගියාහු බැහැර වූවාහු වෙසෙසින් මිදුණහු විසංයුක්ත වූවාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වෙසෙත් නුයි ‘පදුමං ව තොයෙන අලිප්පමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යනුවේ.

තෙනාහ සො පච‍්චෙකසම‍්බුද‍්ධො:

එයින් වදාළහ. එ පසේ බුදුහු:

“සීහොව සද‍්දෙසු අසන‍්තසන‍්තො වාතොව ජාලම‍්හි අසජ‍්ජමානො, පදුමංව තොයෙන අලිප‍්පමානො එකො චරෙ ඛග‍්ගවිසාණකප‍්පො”ති.

“සීහෝ ව සද්දෙසු අසන්තසන්තො -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණ කප්පො” යි.